මහනුවර මහ නගර සභාව යනු ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම නගරය සහ කඳුකරයේ අගනුවර වන මහනුවර සඳහා වන පළාත් පාලන ආයතනයයි. සභාව 1865 මහ නගර ආඥාපනත යටතේ පිහිටුවන ලද අතර ප්‍රථම වරට රැස්වූයේ 1866 දීය.[1] මහ නගර සභාව ශ්‍රී ලංකාවේ දෙවන පැරණිතම සහ විශාලතම පළාත් පාලන අධිකාරිය වේ. එහි තේරී පත් වූ නියෝජිත සංඛ්‍යාව 41 කි.

මහනුවර යනු නගරාධිපති කවුන්සිල ආණ්ඩු ක්‍රමයක් සහිත වරලත් නගරයකි. වසර පහකට වරක් පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයෙන් මහනුවර නගරාධිපතිවරයා සහ මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගනු ලැබේ. පරිපාලනයේ ප්‍රධානියා නාගරික කොමසාරිස්වරයා වන අතර, එය සමන්විත වන දෙපාර්තමේන්තු 16 හි දෛනික මෙහෙයුම් හසුරුවයි.

මහනගර සභාව මගින් මලාපවහන, මාර්ග කළමනාකරණ සහ අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන අතර, ජලය, විදුලිය සහ දුරකථන උපයෝගිතා සේවා සම්බන්ධයෙන් සභාව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ලංකා විදුලිබල මණ්ඩලය සහ දුරකථන සේවා සපයන්නන් සමඟ සම්බන්ධ වේ.

2011-2015 කාලය හැර අනෙකුත් සෑම විටම කවුන්සිලයේ පාලනය එක්සත් ජාතික පක්ෂය සතුවේ.

රැස්වීම් ස්ථානය සංස්කරණය

මහනුවර මහනගර සභාව සහ මහනුවර නගරාධිපති නිල කාර්යාලය ස්ථාපනය කොට තිබෙන ප්‍රධාන මූලස්ථාන ගොඩනැගිල්ල එකල දුනුවිල වලව්ව ලෙස හඳුන්වනු ලැබූ අතර මෙම ගොඩනැගිල්ල 1870 වසරේදී මහනුවර මහනගර සභාව විසින් සිය නගර ශාලාව පිහිටුවීම පිණිස අයත් කර ගත් බව සඳහන් වෙයි.

ව්‍යුහය සංස්කරණය

2018 වසරේ දී එම සභාවේ මන්ත්‍රී ධුර සංඛ්‍යාව 41 දක්වා වැඩි වූ අතර එම වසරේ පැවති පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු පක්ෂය බවට පත් විය.

කොට්ඨාශ සංස්කරණය

මැතිවරණ හා පරිපාලන කටයුතු සඳහා සභාව කොට්ඨාශ 22 කට බෙදා ඇත.

  1. යටිවාවල
  2. සෙංකඩගල
  3. ගාලේවත්ත
  4. මාවිල්මඩ
  5. මහවැලිඋයන
  6. වටපුළුව
  7. වට්ටාරන්තැන්න
  8. මාපනාවතුර
  9. අනිවත්ත දොඩම්වල
  10. අස්ගිරිය
  11. පූර්ණවත්ත බටහිර
  12. මහයියාව
  13. අරුප්පල
  14. බූවැලිකඩ
  15. අම්පිටිය
  16. මල්වත්ත
  17. දෙයියන්නේවල
  18. කටුකැලේ
  19. සුදුහුම්පොල
  20. මුල්ගම්පල
  21. බෝවල
  22. ගැටඹේ

යොමු කිරීම් සංස්කරණය

  1. ". Kandy City ". 2010-09-25 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2010-10-24.
"https://si.wikipedia.org/w/index.php?title=මහනුවර_මහනගර_සභාව&oldid=555824" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි