විකිපීඩියා:තෝරාගත් සංවත්සර/නොවැම්බර් 11

නොවැම්බර් 11: පොදු රාජ්‍ය මණ්ඩලයේ සැමරෙන රණවිරු අනුස්මරණ දිනය ;

  • 1918ජර්මනිය සහ මිත්‍ර හමුදා අතර පළමු ලෝක යුද්ධය අවසන් කිරීමට සටන් විරාම ගිවිසුමක් අත්සන් කරන ලද්දේ ප්‍රංශයේ දුම්රිය මාර්ගයකදීය (සේයාරුව).
  • 1947ඩී.එස්. සේනානායක බ්‍රිතාන්‍යය සමඟ ආරක්ෂක, විදේශ කටයුතු සහ රාජ්‍ය නිලධාරීන් පිළිබඳ ගිවිසුම් 3කට අත්සන් තැබීය.
  • 1984එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින්, ශ්‍රී ලංකාවේ මුලතිව් දිස්ත්‍රික්කයේ ඩොලර් ෆාම් ගම්මානයේ සිටි 33 දෙනෙකු ඝාතනය කිරීම.
  • 1987එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින්, ශ්‍රී ලංකාවේ මඩකලපුව දිස්ත්‍රික්කයේ කල්කුඩා ගම්මානයේ සිටි 7 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම.
  • 1995ශ්‍රී ලංකාවේ කොම්පඤ්ඤ වීදිය දුම්රියපල ආසන්නයේ එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින්, බෝම්බයක් පුපුරුවා හරිමින් කුඩා දරුවන් 15 දෙනෙකු සහ හමුදා සෙබළුන් දෙදෙනෙක් මරා දැමීම.
  • 2000ඔස්ට්‍රියාවේ කප්රුන් නුවරහි ඇල්පයින් උමං මාර්ගයක කේබල් කාර් රථයක් ගිනි ගැනීමෙන් 155 දෙනෙක් මිය ගියහ.
  • ජෝර්ජ් බ්ලේක් (උ. 1922· ලතා වල්පොල (උ. 1933· ලියනාඩෝ ඩිකැප්‍රියෝ (උ. 1974)
    තවත් සිදුවීම්: නොවැම්බර් 10නොවැම්බර් 11නොවැම්බර් 12