විකිපීඩියා:තෝරාගත් සංවත්සර/ජූනි 25
ජූනි 25: මොසැම්බික් රාජ්‍යයේ නිදහස් දිනය (1975)
- 1788 – වර්ජිනියාව එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කළ 10වැනි ප්‍රාන්තය වෙයි.
- 1935 – කොලොම්බියාව සහ සෝවියට් සංගමය අතර නිල රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇරඹේ.
- 1950 – කොරියානු යුද්ධය ඇරඹේ.
- 1975 – ඉන්දීය අගමැතිනී ඉන්දිරා ගාන්ධි එරට හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි.
- 1993 – කැනඩාවේ ප්‍රථම සහ එකම අග්‍රාමාත්‍යවරිය වූ කිම් කැම්බල් (සේයාරුව) දිවුරුම් දෙයි.
- 2024 – යෝජිත මුල්‍ය පනත් කෙටුම්පතකට විරෝධය පළ කරමින් කෙන්යානු අරගලකරුවන් එරට පාර්ලිමේන්තුවට කඩා වදියි.