විකිපීඩියා:තෝරාගත් සංවත්සර/ජනවාරි 7

ජනවාරි 7: නත්තල (ජූලියානු දින දසුන);

  • 1610 - ගැලී‍ලියෝ ගැලිලි විසින් ඔහුගේ විසි ගුණයක බලයක් සහිත කුඩා දුරදර්ශකය යොදා ගෙන සඳ මතුපිට ආවට පිළිබඳ කළ නිරීක්ෂණය පිළිබඳ පළමු වරට ලිපියක් ලියන ලදී.
  • 1785 - ප්‍රංශ ජාතික ජීන් පියර් බ්ලන්චර්ඩ් සහ ඇමරිකානු චිකිත්සක සහ වෛද්යෝ ජෝන් ජෙෆ්රිස් එක්ව ප්‍රථම ගුවන්තරණය උණුසුම් ගුවන් බැලුනයක් ආධාරයෙන් එංගලන්තයේ සිට ප්‍රංශයට සිදුකිරීම. මෙය පළමු ඡාත්‍යන්තර පියාසැරියයි.
  • 1832 - ලංකාවේ ප්‍රථම ඉංග්‍රීසි පුවත්පත වන ද කලම්බු ජර්නල් පුවත්පත ආරම්භ කිරීම.
  • 1839 - ලුවිස් ඩගියුරේ විසින් සිය ඡායාරුපකරණ ක්‍රමවේදය පිළිබඳ පළමු නිවේදනය නිකුත් කිරීම.
  • 1839 - බි‍්‍රතාන්‍ය පාලකයන් විසින් මෙරට මුඩු බිම් අක්කරය සිලිං පහ බැගින් වු මිලකට අලෙවි කරනු ලැබීම.
  • 1927 - මුල්වරට අත්ලාන්තික් සාගරය හරහා ( නිව්යෝර්ක් හා ලන්ඩන් අතර) ට‍්‍රාන්ස් අත්ලාන්තික් වාණිජ දුරකථන සේවය ආරම්භ කිරීම.
  • 1930 - ෆ්රැන්සියම් මුලද්‍රව්‍ය සොයා ගැනීම. මෙය ස්වභාවික වශයෙන් අවසානයට හමුවූ මුලද්‍රව්‍යයි. මෙය බෙහෙවින් ක්ෂාර වූ ලෝහ පරමාණුවකි. පරමාණුක අංකය 87 වේ.
  • 1973 - දේශපාලනඥයෙකු මෙන්ම සුප‍්‍රකට සාහිත්‍යධරයෙකු වු අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතාගේ අභාවය.
  • 1976 - ජැමෙයිකාවේ පවත්වන ලද අතුරු කමිටුව අන්තර්ජාතික මුදල් ක‍්‍රමයෙහි අතුරු ප‍්‍රතිසංස්කරණ නිම කළහ.
  • 1976 - අන්තර්ජාතික මුදල් අරමුදලේ සලාක වැඩි කිරීම. විනිමය අනුපාතික ක‍්‍රමය සහ රන්වල කාර්යය පිළිබඳ මෙහි දී එකඟත්වයක් ඇති කර ගන්නා ලදී.
  • 1990 - ජලය, වාතය, ගොඩබිම හා ශබ්ද දුෂණය නොවන බවට බලපත්‍රයක් ලබා ගෙන පරිසරයේ කුමන හෝ කටයුත්තක් කළ යුතු යැයි නීති පැනවීම.
  • 2006 - හිටපු ඇමතිනී විමලා කන්නනගරගේ අභාවය.

තවත් සිදුවීම්: ජනවාරි 6 ජනවාරි 7 ජනවාරි 8