ලේපිට මහ-කෑරලා
ලේපිට මහ-කෑරලා | |
---|---|
පිරිමි පක්ෂියෙක්; කෝඨගිරි, ඉන්දියාව | |
ගැහැනු බටහිර ඝාට්ස් ලේපිට මහ-කෑරලා (C. l. socialis); සිර්සි, කර්ණාටක (ඉන්දියාව) | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Animalia |
Phylum: | Chordata |
වර්ගය: | Aves |
උපවර්ගය: | Neornithes |
අධෝවර්ගය: | Neognathae |
Superorder: | Neoaves |
ගෝත්‍රය: | Piciformes |
කුලය: | Picidae |
උපකුලය: | Picinae |
Tribe: | Megapicini |
ගණය: | ' Chrysocolaptes' |
විශේෂය: | ''C. guttacristatus '' |
ද්වීපද නාමය | |
Chrysocolaptes guttacristatus (ටිකල්, 1833)
|
ලේපිට මහ-කෑරලා (Chrysocolaptes guttacristatus) හෙවත් රන්පිට මහ-කෑරලා, මහ රන්-පිට කෑරලා හෝ Malherbe's golden-backed woodpecker යන නම්වලින් හැඳින්වෙන්නේ කෑරල් විශේෂයකි. පුළුල් වශයෙන් මෙම පක්ෂීන් ඉන්දියානු උපමහාද්වීපය, දකුණු චීනය තෙක් නැගෙනහිර පෙදෙස්, මලය අර්ධද්වීපය, සුමාත්‍රා, බටහිර හා මධ්‍යම ජාවා සහ ඊසානදිග බෝර්නියෝ ප්‍රදේශවලින් හමුවේ.
වර්ගීකරණය
සංස්කරණයමෑතකාලීන වර්ගීකරණ සාක්ෂි අනුව[1] මෙම විශේෂය පහත විශේෂවලට භේදනය කළ යුතු බැව් පෙනීගොස් ඇත:
- ලේපිට මහ-කෑරලා, (C. guttacristatus) (C. lucidus යන්න භේදනයක් නොව කාණ්ඩයක් ලෙස ගෙන ඇත)
- රත්පිට මහ-කෑරලා, (C. stricklandi); ශ්‍රී ලංකාව.
- ජාවා මහ-කෑරලා (C. strictus); නැගෙනහිර ජාවා, බාලි සහ කැන්ජියන් දූපත්
- ලුසොන් මහ-කෑරලා (C. haematribon); උතුරු පිලිපීනයේ ලුසොන්, පොලිලෝ, කැටන්ඩුවානේස් සහ මැරින්ඩුක්.
- කහ-මූණත් මහ-කෑරලා (C. xanthocephalus); නීග්රෝස්, ගුයිමාරාස්, පැනේ සහ ටිකාඕ පිලිපීන දූපත්
- පඬු-තිත් සහිත මහ-කෑරලා (C. lucidus); බොහොල්, ලෙයිටේ, සමාර්,බිල්රාන්, පැනාඕන්, මින්ඩැන්ඩෝ, බසිලාන් සහ සමාල් පිලිපීන දූපත්.
- රතු-හිසැති මහ-කෑරලා (C. erythrocephalus); බැලබැක්, පැලවාන්, බුසුවංගා සහ කැලමියන් පිලිපීන දූපත්
විස්තරය
සංස්කරණයලේපිට මහ-කෑරලා දිගින් 33 cm පමණ වන විශාල කෑරලෙකි. දර්ශීය කෑරල හැඩයෙන් යුත් මෙම පක්ෂීන්‍ට ඍජු සිළුවක් සහ දිගු ගෙලක් ඇත. උපවිශේෂ අතර වර්ණ ප්‍රභේදනයේ පුළුල් විවිධත්වයක් දැකගත හැක. බොහෝවිට මෙම පක්ෂීන්ගේ සලකුණු නොමැති රන්-කහ සිට අඳුරු දුඹුරු පැහැය දක්වා වන පිටක් සහ පියාපත් පිහිටයි. නිතඹ රතු පැහැති අතර, වල්ගය කළු පැහැති ය. පහළ පෙදෙස් අඳුරු සලකුණු සහිත සුදු (ඉරි හෝ පටි) හෝ ලා දුඹුරු පැහැති ය. හිස සුදු පැහැයට හුරු අතර, අඳුරු රටාවකින් යුක්ත විය හැක. නොඑසේනම් එය කහ, දුඹුරු හෝ රතු පැහැ විය හැක. ඍජු උල්වූ හොටය දිගු (හිසට වඩා දිගු ය) අතර, දිගු පාද ඇඟිලි සතරකින් යුත් යුගඅංගුලික පාදයකි. (ඇඟිලි දෙකක් ඉදිරියටත්, දෙකක් පසුපසටත් යොමුවූ) පාද ප්‍රධාන වශයෙන්ම අළු පැහැති ය. ඇසෙහි තාරා මණ්ඩලය සුදු පැහයේ සිට කහ පැහැය දක්වා විය හැක.[2]
පරිණත පිරිමි ලේපිට මහ-කෑරලුන් හට සැමවිටම පාහේ රතු සිළුවක් ඇත. ගැහැනු පක්ෂීන්ගේ උපවිශේෂ අනුව වර්ණය වෙනස්වන සිළුව්ක ඇත. උදාහරණයක් වශයෙන් දැක්වුවහොත් සුදු ලප සහිත කළු පැහැති, කහ හෝ ලා පැහැ ලප සහිත දුඹුරු වැනි ස්වරූපයක් ගත හැක. ලාබාල පක්ෂීන් ද ගැහැනු පක්ෂීන් සේම අඳුරු සිළුවක් දරන අතර, තාරා මණ්ඩලය දුඹුරු පැහැති ය.[2]
සමාන විශේෂ
සංස්කරණයසුදු-සහ-කළු-හිසැති ලේපිට මහ-කෑරල් උපවිශේෂ පා ඇඟිලි තුවන් දරන ඇතැම් Dinopium කෑරල් විශේෂවලට සමානත්වයක් පෙන්වයි. නමුත් ඔවුන් සමීප සම්බන්ධයක් නොදක්වයි. රත්-කෑරලා (D. benghalense) සහ පොදු රත්-කෑරලා (D. javanense) මෙන් නොව, ලේපිට මහ-කෑරලාගේ අඳුරු උඩුරැවුල් තීරු සුදු (මේ නිසා ඈතට නොපෙනේ) තීරුවලින් වෙන්වී ඇත. නමුත් stricklandi විශේෂයේ හැර, ඔවුන්ගේ පසුපස ගෙල සුදු (කළු නොවේ) පැහැති ය. ශ්‍රී ලංකාවේ පක්ෂීන් තුළ ද Dinopium විශේෂවල මෙන් අඳුරු පැහැය ගෙල තෙක් නොවිහිදේ. ශ්‍රී ලංකාවෙන් බැහැරව හමුවන කළු-සහ-සුදු-හිසැති මහ-කෑරලුන්ගේ ගෙලවල් පාර්ශ්විකව කළු පැහැයෙන් සීමා වූ සුදු පැහැ ගෙලකින් සමන්විත ය. නමුත් Dinopium විශේෂවල ඇත්තේ කළු ගෙලක් සහ ඉහළ පිටුපස පෙදෙසකි. ඔවුන්ගේ ගෙලෙහි සිහින් සුදු තීරු දැකගත හැක. මෙම කෑරලුන් ප්‍රමාණයෙන් කුඩා අතර, හිසට වඩා කෙටි හොටයක් සහ අඳුරු තාරා මණ්ඩලයකින් යුක්ත ය.[2]
විශාල සහ කුඩා විශේෂයන්ගේ පිල්කළඹ තුළ සිදුවූ අභිසාරී පරිණාමය සෙසු කෑරලුන් තුළ ද දැකගත හැක. නිදසුන් ලෙස උතුරු ඇමරිකානු සිහින් පිහාටු සහිත කෑරලා ("Picoides" pubescens) සහ සලෝම කෑරලා ("P." villosus), නිවර්තන ඇමරිකානු දුම්වන්-දුඹුරු කෑරලා ("P." fumigatus) සහ ඇතැම් Veniliornis නැතහොත් පළලිරි කෑරලා (V. lignarius) සහ දාම් වැනි කෑරලා (V. mixtus) මෙන්ම ඇතැම් දකුණු ඇමරිකානු Piculus සහ "Picoides" විශේස දැක්විය හැක. මෙම කිසිදු පක්ෂියකු සමූහවාසී වශයෙන් ගැවසෙන බවක් වාර්තා වී නොමැත. ඔවුන්ගේ ප්‍රමාණයෙන් වෙනස්කම් සහ වාසස්ථාන අභිරුචි හේතුවෙන් එතරම් තරගකාරීත්වයක් ඇති නොවේ. මේ නිසා අනුකරණය පිළිබඳ සාමාන්‍ය සාධක වලංගු නොවන බැව් පෙනේ.[3]
පරිසරය
සංස්කරණයමෙම කෑරල් විශේෂය විවෘත වනාන්තර වාසස්ථාන සමග සම්බන්ධයක් දක්වයි. උදාහරණ වශයෙන් හිමාලයානු පාකඳු හෝ බටහිර ඝාට්ස් දැක්විය හැක. මෙම විශේෂය කඩොලාන වනාන්තරවල ද හමුවේ. මෙම විශේෂය මීට සමාන පෙනුමක් ඇති පොදු රත්-කෑරලා (Dinopium javanense) සමග සැසඳීමේ දී ඇතැම් වනාන්තර ප්‍රභේද සඳහා අනුවර්තනය වී ඇති බැව් පෙනේ. මේ අනුව ප්‍රදේශයේ ප්‍රමුඛව පවතින වනාන්තර වර්ගය අනුව, C. lucidus ඇතැම්විට වඩා වැඩියෙන් (උදා. තායිලන්තයේ) හෝ වඩා අඩුවෙන් (උදා. මැලේසියා අර්ධද්වීපය තුළ) D. javanenseට සාපේක්ෂව ව්‍යාප්ත වී පැවතිය හැක. නිදසුනක් ලෙස මැලේසියානු කඩොලාන වනාන්තර තුළ ලේපිට මහ-කෑරලා උසැති Avicennia alba ශාකවල ලැගීමට කැමැත්තක් දක්වන බැව් සොයාගෙන ඇත. නමුත් පොදු රත්-කෑරලා එම විශේෂය කෙරෙහි මෙන්ම Bruguiera parviflora සහ Sonneratia alba ශාක සඳහා ද විශේෂත්වයක් නොදක්වයි.[2]
සෙසු කෑරලුන් සේම, ලේපිට මහ-කෑරලා ද උගේ හොටය ගස්වලින් ආහාර සාරා සොයාගැනීමට යොදාගනියි. උගේ යුගඅංගුලික (zygodactyl) පාද සහ රළු වල්ගය ආධාරයෙන් ගස්වල කඳට එදිරිව රැඳී සිටීමට උත්සාහ දරයි. දිගැති දිව ඉදිරියට විදීම මගින් දැව කොටස් අතර සැඟවී සිටින ආත්‍රොපෝඩාවන් ගොදුරු කරගනියි. ප්‍රදාන වශයෙන්ම කුඩා අපෘෂ්ඨවංශීන් මත යැපුණ ද, ලේපිට මහ-කෑරලුන් මල් පැණි උරාබීමට ද ප්‍රිය කරයි. ඔවුහු ගස්වල බෙණයක් තුළ සුදු පැහැ බිත්තර තුනක් හෝ හතරක් දමති.[4]
ව්‍යාප්ත වී සිටින ප්‍රදේශවල පුළුල්ව හමුවන ලේපිට මහ-කෑරලා IUCN ආයතනය විසින් අඩු අවදානමක් යොමු වූ විශේෂයක් ලෙස ප්‍රවර්ගීකරණය කොට ඇත.[5]
පාදක සටහන්
සංස්කරණයආශ්රේයයන්
සංස්කරණය- {{{assessors}}} (2008). Chrysocolaptes lucidus. In: IUCN 2008. IUCN Red List of Threatened Species. Downloaded on 20 May 2009.
- Grimmett, Richard; Inskipp, Carol, Inskipp, Tim & Byers, Clive (1999): Birds of India, Pakistan, Nepal, Bangladesh, Bhutan, Sri Lanka, and the Maldives. Princeton University Press, Princeton, N.J.. ISBN 0-691-04910-6
- Collar, N.J. 2011. Species limits in some Philippine birds including the Greater Flameback Chrysocolaptes lucidus. Forktail number 27: 29-38
- Moore, William S.; Weibel, Amy C. & Agius, Andrea (2006): Mitochondrial DNA phylogeny of the woodpecker genus Veniliornis (Picidae, Picinae) and related genera implies convergent evolution of plumage patterns. Biol. J. Linn. Soc. 87(4): 611–624. PDF fulltext
- Noske, Richard A. (1991): Field identification and ecology of the Greater Goldenback Chrysocolaptes lucidus in Malaysia. Forktail 6: 72-74. PDF fulltext
- Rasmussen, Pamela C. & Anderton, John C. (2005): Birds of South Asia – The Ripley Guide. Lynx Edicions, Barcelona. ISBN 84-87334-67-9
- Weibel, Amy C. & Moore, William S. (2005): Plumage convergence in Picoides woodpeckers based on a molecular phylogeny, with emphasis on convergence in downy and hairy woodpeckers. Condor 107(4): 797–809. (HTML abstract)