සුමාත්‍රා

ෆේස්බුක්

පාරුපාලම තැනීමට පෙර ගමනාගමනය පිණිස මෙන්ම භාණ්ඩ, ද්‍රව්‍ය, ප්‍රවාහනය සඳහාද ඔරු, පාරු, අඟුලු, පාද, ආදිය බහුලව භාවිතකෙරිණ. මෙනිසා මෙතැන පහලින් කැලණි ගඟෙහි පාරුපාලම අටවා තිබුනද දිනකට යම් කාලපරාසයක් ජලයාත්‍රා ගමන් සඳහා පාරුපාලම ඉවත් කර ඉඩදෙනු ලැබීය.

සුමාත්‍රා
භූගෝල විද්‍යාව
පිහිටීමගිනිකොණදිග ආසියාව
ඛණ්ඩාංක0°00′N 102°00′E / 0.000°N 102.000°E / 0.000; 102.000
දූපත් සමූහයමහා සුන්දා දිවයින්
භූමි ප්‍රමාණය අනුව ස්ථානය6 වැනියා
පරිපාලනය
ඉන්දුනීසියාව
ජනවිකාසනය
ජනගහනය50,365,538
පාරු සේවා -  කොටුවේ සිට කැලණිගඟ දක්වා ඇළ(ටිකිරිකුමාරයාවිසින් තැනවූ ඇළ) පසුව සාන්තසෙබස්තියන්ඇළ ලෙස භාවිතකළ පෘතුගීසීන්ගෙන් අනතුරුව, හා ඕලන්ද ඇළ හෙවත් ‘කැනල් රොව්’ ලෙස හැඳින්වූ මේ ඇළ සංවර්‍ධනයකර එයද ඔවුන්ගේ ප්‍රයෝජනයට යොදා ගැනින. [මෙහි වපසරිය එදාට වඩා අද බෙහෙවින් පටුවී ඇත.] මෙය ලන්දේසි යුගයේදී සිට භාණ්ඩ ප්‍රවාහනය සඳහා බහුලව භාවිත කරනුලැබීය. කැලණිගඟෙහි ඉහල ‍දෙසින් එන සහ, පුත්තලම දෙස සිට පාරුඇළ ඔස්සේ කැලණිගඟට පැමිණෙන ඔරු, පාරු, ආදිය තොටළඟින් දකුණු දිශාවට වූ මෙම ඇළට ඇතුළුවී කොළඹ කොටුව දෙසට පැමිණුනි. ඇළ මඟෙහි එදෙසට ගමන් කරන විට සන්තබස්තියමකන්ද ප්‍රදේශයේ ජල මට්ටම් පාලන උපක්‍රමික ද්විත්ව දොරටුවක් මධ්‍යයෙන් යාමට සිදුවීම  මෙහි විශේෂත්වයකි. කොළඹවිල සහ කැලණි ගඟ අතර ජලමට්ටම් අතර වෙනස, ප්‍රවාහනයේදී බාධාවක් නොවනු පිණිසද, කොළඹකොටුවට යන ජලමගෙහි ආරක්ෂක උගුලක් ලෙසද, ලන්දේසීන් විසින් මෙය නිමවනු ලැබ තිබේ. (බේරේ දෙස ජලමට්ටම ඉහලින් පිහිටන හෙයින්, කැලණිගඟ දෙස සිට යන යාත්‍රාවක්, මෙතැන එදෙසින් ඇති දොරටුව ඇර, දොරටුදෙක මධ්‍ය ප්‍රදේශයට ඇතුළුකර කැලණිගඟ දෙස දොරටුවවසනු ලැබේ. ඉක්බිතිව බේරේ දෙසින් දොරටුව විවෘතකර, දිය මට්ටම නැඟුනුපසු යාත්‍රාව බේරේ දෙසට යැවේ. බේරේ දෙසින් එන යාත්‍රාවක්ද මෙතුලට ගෙන බේරේ දෙස දොරවසා ජල මට්ටම පහත් වීමට කැලණිගඟ දෙස දොරටුව විවරකර අනතුරුව එදෙසට යැවීම මෙම උපක්‍රමයයි.) [දෙමටගොඩ පහළ ගංවතුර පාලනයට මෙතැන පොම්පාගාරයක්ද සකසා තිබේ. සාන්තසෙබස්තියන් දොරටුව ස්ථානය අද පාලනය ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගිනි.] 
 තවද කොළඹ වට (දෙමටගොඩ ඇළ , කිඳ ඇළ, කිරුළපනඇළ , වැල්ලවත්තඇළ, ඔස්සේ ඇළ මාර්ගය)හා බැහැර ප්‍රදේශ(කොළඹ - පුත්තලමඇළ මාර්ගය, වැල්ලවත්ත - කළුතර ජල මාර්ගය, ආදී..) කරාද ජලමාර්ග තුලින් ප්‍රවාහන පහසුකම් යොදා ගැනිණ.
  දහනවවන සියවස අග කාලය තෙක්, වැල්ලවත්ත කජු, දං, ඇඹුල්පේර ආදී ඇළබඩ කැලෑ ස්වභාවයෙන් යුත් තුන් පැත්තකින් ඔරු-පාරු ගමන් කෙරෙන පැහැදිලි දියෙන් පිරි ඇළවල් වලින්, හා බටහිරින් මුහුදින් වටවූ, වතුපිටි කුඹුරු පොකුණු වලවල්, සහිතවූ ග්‍රාමීය පෙදෙසක් විය. මේ හරහා මුහුදට සමාන්තර අයුරින් ගාලුපාර වැටී තිබිණ. [මෙහි දැන් දැකිය හැකි මහාමාර්‍ග පෙර කුඩා පාරවල්ය].  බෙලිකටු,ගල්මල් පුළුස්සා හුණු සෑදීම මෙහි වූවන්ගේ පාරම්පරික වෘත්තිය වීය [අදද කුඩා පිරිසක් මෙම ව්‍යාපාරයේ නියැලෙති]. පෙර කාලයේ අසල මුහුදින් අමුද්‍රව්‍ය ලබාගත්තද, පසු කාලීනව කළුතර ප්‍රදේශයේ  මුහුදින් ඒවා ලබාගෙන, කළුගඟ බොල්ගොඩ වේරැස්ගඟ ඔස්සේ වැල්ලවත්ත ඇළ තෙක් පාරුවෙන් ගෙන ඒම[ඕලන්ද යුගයේ සිට භාවිතවූ මෙම ඇළමඟින් මොරටුවේ දැව කර්‍මාන්තයද දියුණුවට පත්විය.] සිදු කළහ. කොළඹට දියහුණු, අළුහුණු සැපැයූවෝ ඔවුහුය.
   කොළඹවිලෙහි ඔරු පැදීම් පුහුණු සමාජය (Colombo Rowing Club) ඇරැඹියේ 1864දීය [මෙය ආසියාවේ පැරණිතම ක්‍රීඩා සමාජයයි].
  පෘතුගීසි සමයේ Grande Passar (‘ග්‍රැන්ඩෙ පාසා’), ලන්දේසි යුගයේදී Passo Grande(‘පාසෝ ග්‍රාන්දේ’) නැතහොත්  Groote Pas (‘ගෲටෙ පාස්’) යනුවෙන් හඳුන්වමින් තිබූ  තොටුපළ වන, පසුව පාලම් පාදය යොදා තිබුනු ඉක්බිතිව පාරුපාලම සකසනලද ස්ථානය සහිත කැලණි ගඟේ නාගලගම තොට(තොටළඟ) ඇතුලත් ප්‍රදේශය පසුව Grandpass විය.
 ආණ්ඩුව තොටුපොළ රේන්දයන්දී තිබූ හෙයින් මෙහිදීද කරත්ත, වාහන ආදිය එගොඩ මෙගොඩ වීමේදී තොටුපොළ පාළම්බද්දක් අයකරන ලදී.
  ‘පාරුපාලම’ ලෙස හැඳින්වූ, නාගලගම වීදිය කැලණි ගඟ හරහා පෑලියගොඩට යාවූ, ඔරු 21ක් පළල අතට එකට සම්බන්ධ කරමින්, ඒමත දැවයෙන් පාලම කොටස් තුනකට, අඩි499ක දිගකින් යුතුව සකසනලද, මෙය 1822දී නිමැවූ වග කියැවෙයි.
 නාගලගම කැලණි ගඟ තොටළඟ අද්දර භූමිය සහ ප්‍රදේශය වර්ෂා කාලයන්හිදී ගංවතුරට යටවන සාරවත් නිම්නයකි. වැලි ගොඩ දැමීමද මෙහි බහුලව සිදුවූ වාණිජ කාර්යයකි. දියේ ගිලී වැලි කූඩය පුරවා ගොඩගෙන ඒමෙන්ද, අඟුළු පහුරු යොදා ගනිමින්ද, වැලි ගොඩ දැමීම කරණලදී.
   ග්‍රීක අයෝනික වාස්තු ශිල්ප ශෛලියට අනුව ගාලුමුවදොර ඉඳිකළ රාජ්‍ය මන්ත්‍රණ සභා ගොඩනැගිල්ල[වත්මන් ජනාධිපති ලේකම් කාර්යාලයය ගොඩනැගිල්ල] 1930දී විවෘත විය. මෙහි යෙදීම සඳහා විශේෂිත රෝසපැහැ කළුගල් රුවන්වැල්ලේ ගල්වලෙහි සිට ගාලුමුවදොර තෙක් ප්‍රවාහනය කෙරුණේ කැලණි ගඟ, සන්තබස්තියම ඇළ, බේරේ ජලාශය, ඔස්සේ පහුරු මතිනි.

(උපුටාගැනීම- rohanajayakody.blogspot.com)

සුමාත්‍රා යනු බටහිර ඉන්දුනීසියාවේ පිහිටි දූපතකි. මෙය ඉන්දුනීසියාවට සම්පූර්ණයෙන්ම අයිති දූපත් අතරින් විශාලතම දූපත ද (මීට වඩා විශාල බෝර්නියෝ සහ නව ගිනියා දූපත් ඉන්දුනීසියාව සහ තවත් රටවල් අතර බෙදී පවතී), ලෝකයෙන් 6 වැනියට විශාලතම දූපත ද වෙයි. සුමාත්‍රාවේ විශාලතම නගරය මේඩාන් වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=සුමාත්‍රා&oldid=353994" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි