ලෙමියුල් ගලිවර් යනු, 1726 වසරෙහිදී පළමුවෙන් ප්‍රකාශයට පත් කෙරුණු, ජොනතන් ස්විෆ්ට් විසින් ලියැවුනු නවකතාවක් වූ ගලිවර්ස් ට්‍රැවල්ස් හී මනඃකල්පිත කතානායක සහ පොතේගුරු වෙයි.

ගලිවර්ස් ට්‍රැවල්ස් හී පළමු සංස්කරණයෙහි, ලෙමියුල් ගලිවර් එහි කර්තෘ බව වන බවක් සඳහන් වූ අතර, ලෙමියුල් ගලිවර්ගේ ව්‍යාජ ආල්ඛ්‍ය චිත්‍රයක් එහි විය.
ලිලිපුට්වරුන් විසින් ගලිවර් අල්ලා ගෙන සිටි අයුරු (නිදර්ශනය ජේ.ජේ. ග්‍රැන්විල් විසිනි).
ලෙමියුල් ගලිවර් විසින් බ්‍රොබ්ඩින්නැග්හී රජු බැහැ දුටු අයුරු (1803), කලාව පිළිබඳ මෙට්‍රොපොලිටන් කෞතුකාගාරය

ගලිවර්ස් ට්‍රැවල්ස් තුල සංස්කරණය

ස්විෆ්ට්ගේ නවකතාව පරිදී, ඔහුගේ පියාගේ කුඩා වතුයායක් පිහිටි නොටිංහැම්ෂයර් හිදී 1661 දී පමණ ගලිවර් උපත ලද මුත්, ගලිවර් පවුලේ සම්භවය ඔක්ස්ෆර්ඩ්ෂයර් හීදී විය. එම්මැනුවෙල් ශාස්ත්‍රාලය, කේම්බ්‍රිජ් හී වසර තුනක් (1675-1678 පමණ) ඔහු අධ්‍යයන කටයුතු වල යෙදුනු අතර, එයින් නික්මුනේ ලන්ඩනයෙහි කීර්තිමත් ශල්‍ය වෛද්‍යවරයෙකුගේ ආධුනිකයෙක් වීමට වූ අතර, වසර සතරකට පසුව (1678-1682 පමණ), ප්‍රමුඛ ලන්දේසි විශ්වවිද්‍යාලයක් සහ වෛද්‍ය විද්‍යාලයක් වූ ලෙයිඩන් විශ්වවිද්‍යාලයෙහි අධ්‍යයනය සඳහා ඔහු පිටත්ව ගියේය. යාත්‍රණය සහ ගණිතය පිළිබඳවද අධ්‍යයනය ලද ඔහු, 1685 දී පමණ විශ්වවිද්‍යාලයෙන් පිටව ගියේය.

නවකතාවෙහි සවිස්තර ලෙසින් දැක්වෙන වික්‍රමාන්විත මුහුදු ගමන් වල යෙදීමට පෙර, ලවැන්තය ( 1685-1688 පමණ) වෙතද ඉන්පසුව නැගෙනහිර ඉන්දීය කොදෙව් සහ බටහිර ඉන්දීය කොදෙව් (1690-1696 පමණ) වෙතද ඔහු සංචාරය කර ඇත. මෙම සංචාරයන් අතරතුර, ලන්ඩන මේස් වෙළෙන්දෙකුගේ දුවණියක වූ මේරි බර්ටන් මෙනෙවිය හා ඔහු විවාහ වී (1688 පමණ) ඇත. ඔහුගේ අධ්‍යාපනය සහ සංචාරයන් අතරතුරදී, "උච්ච සහ අවඛ ලන්දේසි, ලතින්, ප්‍රංශ, ස්පාඤ්ඤ, ඉතාලි සහ, පොදු භාෂාව" පිළිබඳව ඔහු කිසියම් දැනුමක් ලබාගන්නා අතර, ඔහු පසුව පවසා සිටින්නේ, යම් තරමකට ග්‍රීක බස තේරුම් ගැනීමටත්, " (පෘතුගීසී) බස මැනවින් තේරුම් ගැනීමටත්" ඔහුට හැකි බවය.

ගලිවර්ගේ අපූර්ව චාරිකා ඇරඹෙන්නේ 1699 වසරෙහිදී වන අතර, තාපසයෙකුගේ පුද්ගලත්වයකට ඔහු පත් කරමින්, වසර 1715 දී නිමා වෙයි. එංගලන්තයට අවසන් වරට පැමිණීමෙන්, වසර පහකට පසුව, එනම් 1720 හෝ 1721 දී ඔහුගේ මතක සටහන් ග්‍රන්ථකරණය කල බවක් ඔහු පවසා සිටියි. ගලිවර්ස් ට්‍රැවල්ස් හී 1726 සංස්කරණයෙහි ආමුඛ චිත්‍රයෙහි, වයස 58 (එනම් 1719 පමණ) හි පසුවන ගලිවර්ගේ ව්‍යාජ නිරේඛණයක් දැක්වුණි. කෘතියෙහි සංශෝධිත අනුවාදයක් සඳහා ඇතුලත් කෙරුණු හා ගලිවර් විසින්ම ලියන ලද්දේ යැයි පැවසෙන අති‍රේඛ සංඥාපනයක් සඳහා, 1727 අප්‍රේල් 2 යන ව්‍යාජ දිනය යොදා ඇති අතර, ඒ වන විට ගලිවර් 65 හෝ 66 වියැතිව සිටියා විය යුතුය. පොතෙහි පැරණිතම සංස්කරණ තුල, එහි කර්තෘ ලෙසින් ගලිවර් දැක්වුණු අතර, එකල බොහෝ දෙන ඔහු සත්‍ය පුද්ගලයෙකු බවට විශ්වාස කළහ. එංගලන්ත සභාවේ පූජක‍යෙකු වූ ස්විෆ්ට්, ඔහුගේ කෘති ප්‍රකාශයට පත් කලේ, නිර්නාමික ‍ලෙසින් හෝ ආරූඨනාමික හෝ ලෙසිනි.

"https://si.wikipedia.org/w/index.php?title=ලෙමියුල්_ගලිවර්&oldid=364857" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි