ලක්ෂ්මි දේවාලය, ඛජුරාහෝ
ලක්ෂ්මී දේවාලය (දේවනගරි: लक्ष्मी मंदिर) යනුවෙන් හැඳින්වෙන්නේ විෂ්ණු දෙවියන්ගේ බිසව වන ලක්ෂ්මී දෙවඟන වෙනුවෙන් පුදකළ දෙවොලකි.
ලක්ෂ්මි දේවාලය | |
---|---|
මූලික තොරතුරු | |
පිහිටීම | ඛජුරාහෝ |
භූගෝලීය ඛණ්ඩාංක | 24°51′7.7″N 79°55′20″E / 24.852139°N 79.92222°Eඛණ්ඩාංක: 24°51′7.7″N 79°55′20″E / 24.852139°N 79.92222°E |
අනුබැඳියාව | හින්දු ආගම |
දිස්ත්‍රික්කය | ඡතර්පූර් |
ජනපදය | මධ්‍ය ප්‍රදේශ් |
රට | ඉන්දියාව |
මෙම ව්‍යූහය ඉන්දියාවේ ලෝක උරුම අඩවියක් වන ඛජුරාහෝ ස්මාරක සමූහයට අයත් එක් ස්මාරකයකි.
පිහිටීම
සංස්කරණයමෙම දේවාලය පිහිටියේ ඛජුරාහෝවේ බටහිර දේවාල සමූහය තුළ ය. දේවාල සංකීර්ණය තුළ මෙය පිහිටියේ වරාහ දේවාලයට උතුරිනි.[1] එසේම එය ලක්ෂ්මණ දේවාලයට මුහුණලා ඉදිකොට ඇත.
ඛජුරාහෝ යනු ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ඡතර්පූර් දිස්ත්‍රික්කයේ පිහිටි කුඩා ගම්මානයකි.
ගෘහනිර්මාණ ශිල්පය
සංස්කරණයදේවාල ගොඩනැගිල්ල ඉදිකොට ඇත්තේ සමචතුරස්‍ර හැඩැති වේදිකාවක් (චබුතාරා) මත ය.[1] මෙහි කුඩා ගර්භගෘහයක් දැකගත හැක.[1]
මෙහි පැති සහ පසුපස බිත්තිවල කිසිදු ප්‍රතිමාවක් දක්නට නොලැබේ.[1]
ආශ්‍රේයයන්
සංස්කරණය- ^ a b c d Image:Lakshmi Temple
බාහිර සබැඳි
සංස්කරණය- ම.ප්‍ර. සංචාරක වෙබ්අඩවිය, මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්ත සංචාරක කර්මාන්තයේ නිල වෙබ්අඩවිය, ඛජුරාහෝ
- ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව, භෝපාල් කොට්ඨාසය, ඛජුරාහෝ නාමාවලි පිටුව - ඡතර්පූර්
ලක්ෂ්මි දේවාලය ඛජුරාහෝ හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.