ලක්ෂ්මණ දේවාලය, ඛජුරාහෝ

ලක්ෂ්මණ දේවාලය යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ඡතර්පූර් දිස්ත්‍රික්කයේ ඛජුරාහෝ නගරයේ පිහිටි හින්දු දේවාලයකි. මෙය ඉදිකරන ලද්දේ යශෝවර්මන් නැමැති චන්දේල පාලකයා විසිනි.[2] මෙම දේවාලය විෂ්ණු දෙවියන්ගේ ස්වරූපයක් ලෙස සැලකෙන වෛකුන්ත විෂ්ණු වෙනුවෙන් පුද කොට ඇත.[1] ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම දේවාලය ජාතික වැදගත්කමක් සහිත ස්මාරකයක් ලෙස වර්ගීකරණය කොට ඇත. මෙම දේවාලය අයත් වන ඛජුරාහෝ ස්මාරක සමූහය යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙස නම් කොට තිබේ.[3]

ලක්ෂ්මණ දේවාලය
ඛජුරාහෝවේ ලක්ෂ්මණ දේවාලය
ඛජුරාහෝවේ ලක්ෂ්මණ දේවාලය
ලක්ෂ්මණ දේවාලය, ඛජුරාහෝ is located in මධ්‍ය ප්‍රදේශ්
ලක්ෂ්මණ දේවාලය, ඛජුරාහෝ
මධ්‍ය ප්‍රදේශ් තුළ පිහිටීම
ලක්ෂ්මණ දේවාලය, ඛජුරාහෝ is located in ඉන්දියාව
ලක්ෂ්මණ දේවාලය, ඛජුරාහෝ
ලක්ෂ්මණ දේවාලය, ඛජුරාහෝ (ඉන්දියාව)
මූලික තොරතුරු
පිහිටීමඛජුරාහෝ[1]
භූගෝලීය ඛණ්ඩාංක24°51′7.7″N 79°55′18.1″E / 24.852139°N 79.921694°E / 24.852139; 79.921694ඛණ්ඩාංක: 24°51′7.7″N 79°55′18.1″E / 24.852139°N 79.921694°E / 24.852139; 79.921694
අනුබැඳියාවහින්දු ආගම
දිස්ත්‍රික්කයඡතර්පූර්[1]
ජනපදයමධ්‍ය ප්‍රදේශ්
රටඉන්දියාව
ගෘහනිර්මාණ විස්තර
නිර්මාපකයශෝවර්මන්,[1] (චන්දේල පාලක)

පිහිටීම සංස්කරණය

මෙම දේවාලය පිහිටියේ ඛජුරාහෝ දේවාල සංකීර්ණයේ බටහිර දේවාල සමූහය තුළ ය.[1] ඛජුරාහෝ යනු ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ඡතර්පූර් දිස්ත්‍රික්කයේ පිහිටි කුඩා ගම්මානයකි.

ගෘහනිර්මාණ ශිල්පය සංස්කරණය

මෙය පංචායතන[1] ප්‍රභේදයෙන් යුතු සන්ධාර[1] දේවාලයක් වේ. සම්පූර්ණ දේවාල සංකීර්ණයම ඉදි කොට ඇත්තේ “ජගති” නම් වූ උසැති වේදිකාවක් මත ය. (පින්තූරය බලන්න) මෙම දේවාල ගොඩනැගිල්ල හින්දු දේවාල වාස්තු විද්‍යාව තුළ එන සියලුම මූලික අංගවලින් සමන්විත ය. එහි ප්‍රවේශ ද්වාරමණ්ඩපයක්[1] (අර්ධ මණ්ඩප), මණ්ඩපයක්,[1] මහා මණ්ඩපයක්,[1] අන්තරාලයක් සහ ගර්භගෘහයක් දක්නට ලැබේ.

ඛජුරාහෝවේ සෙසු දේවාල මෙන් නොව මෙහි ගර්භගෘහයේ බිම් සැලැස්ම (ඉහළින් බැලූ විට) පංචරථ ස්වභාවයෙන් යුක්ත ය. එහි ශිඛරය කුඩා උරුශෘංග සමූහයක් එක්වීමෙන් නිර්මාණය වී ඇත. (පින්තූරවල දේවාලයේ මුදුන, එනම් ශිඛරය බලන්න)

දේවාලයේ බිත්ති අලංකාර ගරාදි වැටවල් සහිත සඳලුතල ආකාරයේ කවුළුවලින් සමන්විත ය.

දේවාලයේ පිටත බිත්තියේ ප්‍රතිමාවලින් සමන්විත කැටයම් තීරු දෙකක් දැකගත හැක. (රූපයේ දේවාලයේ පිටත බිත්තිය බලන්න) මෙම කැටයම් අතර ‍දිව්‍යමය රූ, පෙම් යුවළවල් සහ ශෘංගාරාත්මක දර්ශන අන්තර්ගත වේ.

ගර්භගෘහයේ දොරකඩ සාඛා (සිරස් පනේල) හතකින් සමන්විත ය.[1] එහි මධ්‍ය පනේලයේ විෂ්ණු දෙවියන්ගේ විවිධ ජන්මයන් නිරූපණය කොට කොට ඇත. උඩළිපතෙහි මධ්‍යයේ බ්‍රහ්ම සහ විෂ්ණු පිරිවරා සිටින ලක්ෂ්මී දේවියගේ රුව දැකගත හැක.[1] දෙවොලේ ගර්භගෘහයෙහි අත් සතරක් සහිත විෂ්ණු ප්‍රතිමාවක් තැන්පත් කොට ඇත.

ප්‍රතිමාවක් සංස්කරණය

ප්‍රධාන දේව ප්‍රතිමාව සංස්කරණය

දේවාලයේ ගර්භගෘහයේ දක්නට ඇති ප්‍රධාන දේව ප්‍රතිමාව හිස් තුනක් සහ අත් සතරක් සහිත වෛකුන්ත විෂ්ණුගේ ප්‍රතිමාවකි.[1]

මෙම ප්‍රතිමාවේ මධ්‍යයේ ඇති හිස මිනිස් හිසකි.[1] දෙපස ඇති හිස් මගින් වල් ඌරකු[1] (වරාහ සංකේතවත් කෙරෙන) සහ සිංහ[1] (නරසිංහ සංකේතවත් කෙරෙන) හිස් නිරූපණය වේ.

ලක්ෂ්මණ දේවාලයෙන් ශෘංගාරාත්මක කාමසූත්‍ර දර්ශන ඇතුළත් ප්‍රතිමා ගණනාවක් හමුවේ. මින් ප්‍රතිමා බොහෝමයක් ඇදවැටී ඇත. වර්තමානයේ ඉන් කිහිපයක් පමණක් දක්නට ලැබේ.

පිටත බිත්තියේ ප්‍රතිමා සංස්කරණය

දේවාලය ඇතුළත ඇති ප්‍රතිමා සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

  1. 1.00 1.01 1.02 1.03 1.04 1.05 1.06 1.07 1.08 1.09 1.10 1.11 1.12 1.13 1.14 1.15 1.16 1.17 "Archaeological Survey of India (ASI) - Lakshmana Temple". Archaeological Survey of India (ASI). සම්ප්‍රවේශය 21 March 2012. {{cite web}}: |first= missing |last= (help)
  2. http://whc.unesco.org/en/list/240
  3. "World Heritage Day: Five must-visit sites in India".

බාහිර සබැඳි සංස්කරණය