යොන්ගින් දේජංගුම් උද්‍යානය

දකුණු කොරියාවේ යොන්ගින් හි එළිමහන් චිත්‍රපට පසුතලය

යොන්ගින් දේජංගුම් උද්‍යානය (හංගුල්용인 대장금 파크; lit. යොන්ගින් දේ ජං ගුම් උද්‍යානය), හෙවත් මින් පෙර එම්බීසී ඩ්‍රාමියා (හංගුල්MBC 드라미아), යනුවෙන් හැඳින්වූයේ දකුණු කොරියාවේ ග්යොංගි පළාතේ යොන්ගින් නගරයේ පිහිටි, මුන්හ්වා විකාශන සංස්ථාවට අයත් එළිමහන් චිත්‍රපට පසුතලයකි.

යොන්ගින් දේජංගුම් උද්‍යානය
(හංගුල්용인 대장금 파크)
පිහිටීමයොන්ගින්, ග්යොංගි, දකුණු කොරියාව
ඛණ්ඩාංක37°07′16″N 127°20′13″E / 37.121202°N 127.337052°E / 37.121202; 127.337052ඛණ්ඩාංක: 37°07′16″N 127°20′13″E / 37.121202°N 127.337052°E / 37.121202; 127.337052
තේමාවසම්ගුක්
ගොර්යෝ
ජොසොන්
හිමිකරුමුන්හ්වා විකාශන සංස්ථාව
විවෘතජුනි 21, 2011 (2011-06-21)
පෙර හැඳින්වූ නම්MBC ඩ්‍රාමියා (හංගුල්MBC 드라미아)
භූමි ප්‍රමාණය2,500,000 square metres (250 ha)
වෙබ්අඩවියdjgpark.imbc.com
තත්ත්වයක්‍රියාකාරී

පසුබිම සංස්කරණය

2005 දී නිර්මාණය වූ මෙය,[1] 2,500,000m² ක වපසරියකින් යුක්ත ය.[2] ඉන් සැබෑ පසුතල ඇත්තේ 165,000 m2 භූමි ප්‍රමාණයක ය.[3] මෙම සංකීර්ණය තුළ සම්ගුක්, ගොර්යෝ සහ ජොසොන් යුගවල ගොඩනැගිලි අනුකරණය කරමින් තැනූ ස්ථිර පසුතල දක්නට ලැබේ. මෙය හල්ල්‍යු උදෙසා ක්‍රියාකාරී ස්ථානයක් ද වේ.[4] මෙහි නාමය වන එම්බීසී ඩ්‍රාමියා යන්න නිර්මාණය කොට ඇත්තේ “drama" සහ "utopia" යන වදන් සංයුක්ත කිරීමෙනි. මූන් එම්බ්‍රසිං ද සන්, දොං යි සහ ක්වීන් සොන්දොක් වැනි ඓතිහාසික නාට්‍ය මාලා රූගත වූයේ මෙහි ය.[5]

2011 ජූනි 21 දින මෙම සංකීර්ණය ප්‍රථම වරට නරඹන්නන් සහ සංචාරකයන්ට විවෘත කෙරිණි.[3] මෑතක දී, එනම් 2015 දී ප්‍රවර්ධන හේතූන් මත මෙම උද්‍යානය යොන්ගින් දේජංගුම් උද්‍යානය ලෙස නම්කෙරුණේ එම්බීසී නාලිකාවේ 2003 ඓතිහාසික නාට්‍යයක් වූ දේ ජං ගුම් හි ප්‍රධාන චරිතය ආශ්‍රයෙනි.[6]

යොන්ගින් එම්බීසී දේජංගුම් උද්‍යානයෙහි රූගත කළ වැඩසටහන් සංස්කරණය

පහත රූපවාහිනී කතාමාලා රූගත කෙරුණේ යොන්ගින් එම්බීසී දේජංගුම් උද්‍යානයේ ය:[7]

වෙනත් භාවිතා සංස්කරණය

සංගීත වීඩියෝ සංස්කරණය

  • Stray Kids - “Double Knot (ඉංග්‍රීසි ප්‍රභේ.)” Performance Video (2020)
  • Agust D (බීටීඑස් සුගා) - Daechwita (2020)

ගැලරිය සංස්කරණය

මේවාත් බලන්න සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

  1. "MBC Dramia". Korea Tourism Organization. සම්ප්‍රවේශය 2014-01-12.
  2. "Introduction". MBC Dramia. January 12, 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2014-01-12.
  3. 3.0 3.1 "Shooting scenes in Gyeonggi Province". Gyeonggi Women’s Information Webzine Woori. 2012-07-05. January 12, 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2014-01-12.
  4. "Yongin MBC Dramia". KOBIZ. සම්ප්‍රවේශය 2014-01-12.
  5. "Beyond Seoul: 19 reasons to explore Korea". CNN Travel. 2012-03-16. සම්ප්‍රවේශය 2014-01-02.
  6. "Must-Visit Places for 'The Sun and The Moon' Fanatics". MWAVE. 2012-03-19. සම්ප්‍රවේශය 2014-01-12.
  7. "Dramas Shot in Dramia". MBC Dramia. සම්ප්‍රවේශය 2016-01-17.

බාහිර සබැඳි සංස්කරණය

  Yongin Daejanggeum Park හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත