මෝහේ රන්ග් දෝ ලාල්

ශ්‍රේයා ඝෝෂාල් ගායනා කළ ගීතය

"මෝහේ රන්ග් දෝ ලාල්" (හින්දි: मोहे रंग दो लाल) යනු 2015 බ්ලොක්බස්ටර[1] බොලිවුඩ් චිත්‍රපටයක් වන බාජිරාඕ මස්තානි තුළ අන්තර්ගත ගීතයකි. මෙම ගීතය නිර්මාණය කරන ලද්දේ සංජේ ලීලා භන්සාලි විසිනි. එය ගායනා කරන්නේ ශ්‍රේයා ඝෝෂාල් සහ පණ්ඩිත් බිර්ජු මහාරාජ් විසිනි.[2] මෙහි පද රචනය සිදුකරන ලද්දේ සිද්ධාර්ත්-ගරීමා විසිනි.[3] ගීතයේ වීඩියෝවෙහි දීපිකා පඩුකෝන් සහ රන්වීර් සිං රංගනයේ යෙදෙයි. සිය නර්තනය සඳහා පඩුකෝන් කථක් නර්තනය පුහුණු වූයේ මෙහි නර්තන රචනය ද සිදුකළ පණ්ඩිත් බිර්ජු මහාරාජ් වෙතිනි.[4] මෙම චිත්‍රපටය දෙමළ සහ තෙලිඟු භාෂාවලින් හඬකැවුණු අතර, මෙම ගීතය දෙමළෙන් "පෝදෛ නිරතෛ තා" යනුවෙන් ද,[5] තෙලිඟු බසින් "මීරා චිට්ටචෝරා" ලෙස ද[6] මුදාහැරුණේ 2015 දෙසැම්බර් 15 දින ය. මෙම ගීතයේ ප්‍රභේද ත්‍රිත්වයටම ශ්‍රේයා ඝෝෂාල් සහ පණ්ඩිත් බිර්ජු මහාරාජ් සිය හඬ මුසුකළහ. මෙම ගීතය MTV අන්ප්ලග්ඩ් වාරය 6 තුළ දී ඝෝෂාල් විසින් නැවත ගායනා කොට ඇත.

"මෝහේ රන්ග් දෝ ලාල්"
දීපිකා පඩුකෝන් නිරූපිත ගීතයේ ප්‍රවර්ධන රුවක්
ගීතය ගයන්නේ ශ්‍රේයා ඝෝෂාල්සහ පණ්ඩිත් බිර්ජු මහාරාජ්
බාජිරාඕ මස්තානි (ධ්වනිපථය) ඇල්බමයෙනි
භාෂාවහින්දි
මුදාහැරුණේ24 නොවැම්බර් 2015 (2015-11-24)
පටිගත කළේවාව් ඇන්ඩ් ෆ්ලටර් ස්ටූඩියෝ, මුම්බායි
ගණයහින්දුස්තානි සම්භාව්‍ය, සුගම්, ෆිල්මි
දිග3:52
ලේබලයඊරෝස් නව්
ගීතරචක(යන්)සිද්ධාර්ත්-ගරීමා
Producer(s)
බාජිරාඕ මස්තානි (ධ්වනිපථය) track listing
  1. "දීවානි මස්තානි"
  2. "ආයත්"
  3. "මල්හාරි"
  4. "මෝහේ රන්ග් දෝ ලාල්"
  5. "අල්බේලා සජන්"
  6. "අබ් තෝහේ ජානේ නා දූන්ගි"
  7. "පිංගා"
  8. "ආජ් ඉබාදත්"
  9. "ෆිටූරි"
  10. "ගජානනා"
සංගීත වීඩියෝ
"මෝහේ රන්ග් දෝ ලාල්" යූ ටියුබ් වෙත

ඇගයුම් සංස්කරණය

වර්ෂය සම්මාන උළෙල නිර්දේශිතයා ප්‍රවර්ගය ප්‍රතිඵලය
2016 ෆිල්ම්ෆෙයාර් සම්මාන පණ්ඩිත් බිර්ජු මහාරාජ් හොඳම නර්තන රචනය දිනාගති[7]
2016 GiMA සම්මාන ශ්‍රේයා ඝෝෂාල් හොඳම පිළිවැයුම් ගායිකාව නිර්දේශිත[8]
2016 මිර්චි සංගීත සම්මාන ශ්‍රේයා ඝෝෂාල් වසරේ ගායිකාව දිනාගති[9]
සංජේ ලීලා භන්සාලි, සිද්ධාර්ත්–ගරීමා හොඳම රාග ආභාසය ලද ගීතය නිර්දේශිත[10]
2016 ටයිම්ස් ඔෆ් ඉන්ඩියා චිත්‍රපට සම්මාන ශ්‍රේයා ඝෝෂාල් හොඳම පිළිවැයුම් ගායිකාව දිනාගති[11]
2016 සී සිනෙ සම්මාන ශ්‍රේයා ඝෝෂාල් හොඳම පිළිවැයුම් ගායිකාව දිනාගති[12]
පණ්ඩිත් බිර්ජු මහාරාජ් හොඳම නර්තන රචනය නිර්දේශිත[13]
සිද්ධර්ත්-ගරීමා හොඳම පද රචකයා

මේවාත් බලන්න සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

  1. "Bajirao Mastani declared Blockbuster". DekhNews. සම්ප්‍රවේශය 7 February 2016.
  2. ""Mohe Rang Do Laal" song details". iTunes. සම්ප්‍රවේශය 25 November 2015.
  3. "Mohe Rang Do Laal Lyricist". Eros International. සම්ප්‍රවේශය 25 November 2015.
  4. "Bajirao Mastani: Deepika Padukone took Kathak dance lessons from Pandit Birju Maharaj for "Mohe Rang Do Laal"". TheHansIndia.com. සම්ප්‍රවේශය 12 January 2016.
  5. "Mohe Rang Do Laal: Tamil Version". Saavn. සම්ප්‍රවේශය 15 December 2015.
  6. "Mohe Rang Do Laal: Telugu Version". Saavn. සම්ප්‍රවේශය 15 December 2015.
  7. "Full list of winners of the 61st Britannia Filmfare Awards". Filmfare. 15 January 2016. 16 March 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 May 2016.
  8. "GIMA: Film Nominees 2016". Global Indian Music Academy Awards. 30 March 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 March 2016.
  9. "8th Mirchi Music Awards: Complete list of winners". The Times of India. 1 March 2016. 19 April 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 May 2016.
  10. "Mirchi Music Awards 2015 Nominations". Mirchi Music Awards. 30 March 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 May 2016.
  11. "TOIFA 2016: 'Bajirao Mastani' Bags 6 Awards, Celebs Have a Rocking Night". India-West. 21 March 2016. 22 May 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 April 2016.
  12. Prashar, Chandni (21 February 2016). "Zee Cine Awards: Complete List of Winners". NDTV. 2 March 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 March 2015.
  13. "Zee Cine Awards 2016: Shreya Ghoshal and Remo D'Souza bag nominations for "Deewani Mastani"". Daily News and Analysis. 18 February 2016. 22 May 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 May 2016. {{cite news}}: Cite has empty unknown parameter: |1= (help)

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=මෝහේ_රන්ග්_දෝ_ලාල්&oldid=415450" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි