පිංගා (ගීතය)

ශ්‍රේයා ඝෝෂාල් සහ වෛශාලි ම්හාඩේ ගායනා කළ ගීතය

"පිංගා" (හින්දි: पिंगा) යනු 2015 බ්ලොක්බස්ටර[1] බොලිවුඩ් චිත්‍රපටයක් වන බාජිරාඕ මස්තානි තුළ අන්තර්ගත ගීතයකි. මෙම ගීතය නිර්මාණය කරන ලද්දේ සංජේ ලීලා භන්සාලි විසිනි. එය ගායනා කරන්නේ ශ්‍රේයා ඝෝෂාල් සහ වෛශාලි මාදේ විසිනි.[2] මෙහි පද රචනය සිදුකරන ලද්දේ සිද්ධාර්ත්-ගරීමා විසිනි.[3] ගීතයේ වීඩියෝවෙහි දීපිකා පඩුකෝන් සහ ප්‍රියංකා චොප්රා රංගනයේ යෙදෙයි. මෙහි නර්තන රචනය සිදුකරන ලද්දේ රෙමෝ ඩි'සූසා විසිනි.[4] මෙම චිත්‍රපටය දෙමළ සහ තෙලිඟු භාෂාවලින් හඬකැවුණු අතර, මෙම ගීතය දෙමළෙන් "මිනාදි මින්නල්" යනුවෙන් ද,[5] තෙලිඟු බසින් "බංගාරි පෝරි" ලෙස ද[6] මුදාහැරිණි. මෙහි හින්දි ප්‍රභේදය 2015 නොවැම්බර් 16 දින නිකුත් කෙරිණි. මෙම ගීතයේ ප්‍රභේද ත්‍රිත්වයටම ශ්‍රේයා ඝෝෂාල් සිය හඬ මුසුකළා ය. දෙමළ ප්‍රභේදය සඳහා ඇයට අමතරව නීති මෝහන්, දීප්ති රෙගේ, අර්චනා ගෝරේ සහ ප්‍රගති ජෝෂි ගායනයෙන් දායක වූහ. එසේම තෙලිඟු ප්‍රභේදය සඳහා ඝෝෂාල් සමග නීති මෝහන්, මයුරි පත්වර්ධන්, අර්චනා ගෝරේ සහ ප්‍රගති ජෝෂි දායක වූහ.

"පිංගා"
දීපිකා පඩුකෝන් සහ ප්‍රියංකා චොප්රා නිරූපිත ගීතයේ නිල කවරය
ගීතය ගයන්නේ ශ්‍රේයා ඝෝෂාල් සහ වෛශාලි මාදේ
බාජිරාඕ මස්තානි (ධ්වනිපථය) ඇල්බමයෙනි
භාෂාවහින්දි
මුදාහැරුණේ16 නොවැම්බර් 2015 (2015-11-16)
පටිගත කළේවාව් ඇන්ඩ් ෆ්ලටර් ස්ටූඩියෝ, මුම්බායි
ගණයලාවණි, ෆිල්මි
දිග4:16
ලේබලයඊරෝස් නව්
ගීතරචක(යන්)සිද්ධාර්ත්-ගරීමා
Producer(s)
බාජිරාඕ මස්තානි (ධ්වනිපථය) track listing
  1. "දීවානි මස්තානි"
  2. "ආයත්"
  3. "මල්හාරි"
  4. "මෝහේ රන්ග් දෝ ලාල්"
  5. "අල්බේලා සජන්"
  6. "අබ් තෝහේ ජානේ නා දූන්ගි"
  7. "පිංගා"
  8. "ආජ් ඉබාදත්"
  9. "ෆිටූරි"
  10. "ගජානනා"
සංගීත වීඩියෝ
"පිංගා" යූ ටියුබ් වෙත

මෙහි දෙමළ ප්‍රභේදයේ පද රචනය මදන් කාර්කි විසින් ද, තෙලිඟු ප්‍රභේදයේ පද රචනය රාමජෝගයියා සාස්ත්‍රි විසින් ද සිදුකරන ලදී.

ඇගයුම් සංස්කරණය

වර්ෂය සම්මාන උළෙල නිර්දේශිතයා ප්‍රවර්ගය ප්‍රතිඵලය
2016 GiMA සම්මාන පිංගා හොඳම චිත්‍රපට ගීතය නිර්දේශිත[7]
2016 මිර්චි සංගීත සම්මාන වෛශාලි මාදේ වසරේ නැගී එන ගායිකාව විචාරක තේරීම නිර්දේශිත[8]
2016 සී සිනෙ සම්මාන ශ්‍රේයා ඝෝෂාල්, වෛශාලි මාදේ හොඳම පිළිවැයුම් ගායිකාව නිර්දේශිත[9]
රෙමෝ ඩි'සූසා හොඳම නර්තන රචනය නිර්දේශිත[10]

මේවාත් බලන්න සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

  1. "Bajirao Mastani declared Blockbuster". DekhNews. සම්ප්‍රවේශය 7 February 2016.
  2. "Pinga (From "Bajirao Mastani") - Single by Sanjay Leela Bhansali, Shreya Ghoshal & Vaishali Made on iTunes". iTunes Store. 16 November 2015. සම්ප්‍රවේශය 28 December 2015.
  3. "Pinga Lyricist". Eros International. සම්ප්‍රවේශය 11 October 2017.
  4. "Sanjay Leela Bhansali gets Remo D'Souza to shed his urban choreographer image with 'Pinga'". Times of India. සම්ප්‍රවේශය 11 October 2017.
  5. "Pinga: Tamil Version". Saavn. සම්ප්‍රවේශය 11 October 2017.
  6. "Pinga: Telugu Version". Saavn. සම්ප්‍රවේශය 11 October 2017.
  7. "GIMA: Film Nominees 2016". Global Indian Music Academy Awards. 30 March 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 March 2016.
  8. "8th Mirchi Music Awards: Complete list of winners". The Times of India. 1 March 2016. 19 April 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 May 2016.
  9. Prashar, Chandni (21 February 2016). "Zee Cine Awards: Complete List of Winners". NDTV. 2 March 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 March 2015.
  10. "Zee Cine Awards 2016: Shreya Ghoshal and Remo D'Souza bag nominations for "Deewani Mastani"". Daily News and Analysis. 18 February 2016. 22 May 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 12 October 2017. {{cite news}}: Cite has empty unknown parameter: |1= (help)

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=පිංගා_(ගීතය)&oldid=415451" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි