ආජ් ඉබාදත්

ජාවෙඩ් බෂීර්ගේ ගීතය

"ආජ් ඉබාදත්" (හින්දි: मेरे मौला) යනු 2015 බ්ලොක්බස්ටර[1] බොලිවුඩ් චිත්‍රපටයක් වන බාජිරාඕ මස්තානි තුළ අන්තර්ගත ගීතයකි. මෙම ගීතය නිර්මාණය කරන ලද්දේ සංජේ ලීලා භන්සාලි විසිනි. එය ගායනා කරන්නේ ජාවෙඩ් බෂීර් විසිනි.[2] මෙහි පද රචනය සිදුකරන ලද්දේ ඒ. එම් ටුරාස් විසිනි.[3] ගීතයේ වීඩියෝවෙහි ‍රන්වීර් සිං සහ දීපිකා පඩුකෝන් රංගනයේ යෙදෙයි. මෙම චිත්‍රපටය දෙමළ සහ තෙලිඟු භාෂාවලින් හඬකැවුණු අතර, මෙම ගීතය දෙමළෙන් "ප්‍රාර්ථනෛ" යනුවෙන් ද,[4] තෙලිඟු බසින් "නාටෝ මුඛා මුඛි" ලෙස ද[5] මුදාහැරිණි. දෙමළ සහ තෙලිඟු ප්‍රභේද සඳහා ජාවෙඩ් අලි, අරුන් ඉන්ග්ලේ, ශ්‍රේයාස් පුරණික්, ශෂී සුමන් සහ මණි අයියර් ගායනයෙන් දායක වූහ.

"ආජ් ඉබාදත්"
රන්වීර් සිං සහ දීපිකා පඩුකෝන් නිරූපිත ගීතයේ ප්‍රවර්ධන රුවක්
ගීතය ගයන්නේ ජාවෙඩ් බෂීර්
බාජිරාඕ මස්තානි (ධ්වනිපථය) ඇල්බමයෙනි
භාෂාවහින්දි
පටිගත කළේවාව් ඇන්ඩ් ෆ්ලටර් ස්ටූඩියෝ, මුම්බායි
ගණයෆිල්මි
දිග4:45
ලේබලයඊරෝස් නව්
ගීතරචක(යන්)ඒ. එම්. ටුරාස්
Producer(s)
බාජිරාඕ මස්තානි (ධ්වනිපථය) track listing
  1. "දීවානි මස්තානි"
  2. "ආයත්"
  3. "මල්හාරි"
  4. "මෝහේ රන්ග් දෝ ලාල්"
  5. "අල්බේලා සජන්"
  6. "අබ් තෝහේ ජානේ නා දූන්ගි"
  7. "පිංගා"
  8. "ආජ් ඉබාදත්"
  9. "ෆිටූරි"
  10. "ගජානනා"
සංගීත වීඩියෝ
"ආජ් ඉබාදත්" යූ ටියුබ් වෙත

මෙහි දෙමළ ප්‍රභේදයේ පද රචනය මදන් කාර්කි විසින් ද, තෙලිඟු ප්‍රභේදයේ පද රචනය රාමජෝගයියා සාස්ත්‍රි විසින් ද සිදුකරන ලදී.

ඇගයුම් සංස්කරණය

වර්ෂය සම්මාන උළෙල නිර්දේශිතයා ප්‍රවර්ගය ප්‍රතිඵලය
2016 මිර්චි සංගීත සම්මාන "ආජ් ඉබාදත්" වසරේ හොඳම රාග ආභාසය ලද ගීතය නිර්දේශිත[6]

මේවාත් බලන්න සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

  1. "Bajirao Mastani declared Blockbuster". DekhNews. සම්ප්‍රවේශය 7 February 2016.
  2. "Bajirao Mastani (Original Motion Picture Soundtrack) - Sanjay Leela Bhansali". iTunes Store. 24 November 2015. සම්ප්‍රවේශය 13 October 2017.
  3. "Aaj Ibaadat Lyricist". Eros International. සම්ප්‍රවේශය 13 October 2017.
  4. "Aaj Ibaadat: Tamil Version". Saavn. සම්ප්‍රවේශය 13 October 2017.
  5. "Aaj Ibaadat: Telugu Version". Saavn. සම්ප්‍රවේශය 13 October 2017.
  6. "8th Mirchi Music Awards: Complete list of winners". The Times of India. 1 March 2016. 19 April 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 May 2016.

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ආජ්_ඉබාදත්&oldid=408620" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි