රන්වීර් සිං (1985 ජුලි 6 දින රන්වීර් සිං බව්නානි නමින් උපත ලැබීය) ඔහු ඉන්දියානු නළුවකු වන අතර බොලිවුඩ් හි තම රංගන දායකත්වය ලබා දෙයි. ඔහු ඉන්දියාවේ මුම්බායිහි, තුල උපත ලද අතර, රන්වීර් සිං හට කුඩා අවධියේ සිට නාට්‍යකරුවකු වීමේ ආශාව පැවතුණි.කෙසේ වෙතත් සිය පාසල් අවධිය තුලදි අවධානය යොමු කරන ලද්දේ රංගනය පිළිබදව කිසිසේත්ම අදාල නොවන අංශයක් වන නිර්මාණාත්මක ලිවීම උදෙසාය. ඔහු සිය ශාස්ත්‍රවේදී උපාධිය ඉන්දියානු විශ්ව විද්‍යාලයෙන්( බ්ලුමින්ටන් ), තුලදි හැදැරු අතර;සිං ආපසු රංගනය කෙරෙහි කැමැත්තක් දැක්වු අතර සහ නැවත ඉන්දියාවට පැමිණි පසු,ඔහු ඉන්දියානු  චිත්‍රපට කර්මාන්තයේ මගපෙන්වනු ලබන භූමිකා කෙරෙහි තම අවධානය යොමු කිරිමට පටන් ගන්නා ලදි.

රන්වීර් සිං
රන්වීර් සිං 2012 ආරම්භයේදී ලූතෙරා චිත්‍රපටියේදි
උපත
රන්වීර් සිං බව්නානි

6 ජූලි 1985 (1985-07-06) (වයස 38)
මුම්බායි, මහාරාෂ්ඨප්‍රාන්තය, ඉන්දියාව
ජාතිකත්වයඉන්දියානු
රැකියාවනාට්‍යකරුවා
සක්‍රීය වසර2010
ඥාතීන්

2010 වසරේදී සිං සිය කුසලතා පරීක්‍ෂවට ලක්කරන ලද්දේ මගපෙන්වනු ලබන භූමිකාවක් වන යෂ් රාජ් චිත්‍රපට කර්මාන්තය තුලදී නිශ්පාදනය කරනු ලැබූ බෑන්ඩ් බාජා බාරත් හිදි වන අතර එහිදි ඔහු තේරි පත්විය. මෙම ප්‍රේමාන්විත නාඩගම සකස් කරන ලද්දේ විවාහ උත්සව සකස් කරන ලෝකය පිළිබදවය. ඵහිදී සිංගේ චරිතයට අවශ්‍ය වුයේ බ්ට්ටෝ ශර්මා නම් ආදර්ශමත් දිල්ලිවාසියකු පිළිබදවය. එම චිත්‍රපටයේ අධ්‍යක්‍ෂකවරයා වු, මනීශ් ශර්මා, ඔහුව දිල්ලි විශ්වවිද්‍යාලය වෙත යොමු කරන ලද්දේ එම චිත්‍රපට නිශ්පාදනය කරන අවධියේදීය, එසේම සිංගේ චරිතය ඔහුගේ මහත් ප්‍රසාදය දිනා ගැනිමට සමත් විය. බෑන්ඩ් බාජා බාරත් චිත්‍රපටය ප්‍රචාරණය කල පසු එය තිරණාත්මක ලෙසින් වාණිජ මට්ටමින් සාර්ථකත්වයට පත් විය, ඒ සමගම සිං නිරූපණය කරන බිට්ටෝ නම් චරිතය රසිකයාගේ  ප්‍රශංසාවට පාත්‍ර විය. ඔහු 56 වැනි ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලහි හොදම නවක පිරිමි නළුවා ට හිමි සම්මානය ඔහු දිනා ගන්නා ලදි. බෑන්ඩ් බාජා බාරත් චිත්‍රපටයෙන් පසු සිං නව චිත්‍රපට චරිත අත්හදා බලන ලදි. උදාහරණ ලෙස ඔහු ලේඩීස් වෝස් රිකී බාල් 'චිත්‍රපටයේ කපටි චිත්‍ර ශිල්පියෙකු ලෙස ද වෙනත් චිත්‍රපට ගණනාවක් උදෙසා විවිධ අධ්‍යක්‍ෂකවරු සමග ද සම්බන්ධ විය.


ජීවිත කථාව සහ වෘත්තිය සංස්කරණය

1985–2007: පෙර දිවි පෙවත සහ ආරම්භය සංස්කරණය

 
සිං සිය ප්‍රථම කළා උපාධිය හැදැරු ඉන්දියානු විශ්ව විද්‍යාලය( බ්ලුමින්ටන් )

රන්වීර් සිං,රන්වීර් සිං බර්වානි නමින් 1985 ජුලි 6 දින ඉන්දියාවේ මොම්බායේදී උපත ලැබීය. ඔහුගේ දෙවන පාර්ශවයේ නෑදෑයෝ වුයේ ඉන්දිය නාට්‍යකරුවකු වන අනිල් කපූර්ගේ දියණියන් දෙදෙනා වන සෝනම් කපූර්, නිශ්පාදිකා රියා කපූර් සහ ඔහුගේ බිරිද වන සුනීතා කපූර් වේ. සිං ඔහුගේ දෙවන පාර්ශවයේ නෑදෑයන් වුයේ විවාහයට පෙර සුනීතා කපූර් බර්වානි පරපුරට අයත් සාමාජිකයකු වන බැවිනි. සිං හට සෑම විටම අවශ්‍ය වුයේ නාට්‍යකරුවකු විමටය. ඔහු සිය පාසල් ජිවිතයට ඇතුලත් වු දා පටන් ක්‍රිඩා සහ විවාද තරග උදෙසා සහභාගි විය. දිනක් ඔවුන් උපන්දින සාදයකට සහභාගි වු අවස්ථාවේදී, ඔහුගේ මිත්තනිය පැවසූවේ රංගනයක් ඉදිරිපත් කරමින් ඇයව සතුටු කරවන ලෙසය. සිං එකවරම තණකොළ සහිත පිට්ටනියට පැන 1991 දී බොලිවුඩයේ තිරගත වු ක්‍රියාදාම චිත්‍රපටයක් වන හම් (චිත්‍රපටය)හි ගීතයක් වන " චුම්මා චුම්මා " නැමති ගීතයට රංගනය දක්වන ලදි.එම අවස්ථාවේ ඔහු තම රංගනය ඉදිරිපත් කිරීමේ සතුට භුක්ති විදි අතර රංගනය හා නර්ථනය උදෙසා ආශාවක්ද ඇති කර ගන්නා ලදි."මා හට කුඩා අවධියේ සිටම නාට්‍යකරුවකු වීමේ ආශාව පැවතුණි. මා දැනසිටියා මා හට ප්‍රාසාංගික කලාව උදෙසා යමක් සිදු කල හැකි බව සහ විවිධාකාර රංගනයන් සිදු කිරිමෙන් මා සතුටට පත් විය. මා විවිධාකාර දක්ශතා වලින් යුතු දරුවකු වු අතර රූපවාහිණිය නැරඹීම තුලින් බොලිවුඩය පිළිබදව අවකාශය ලබා ගත්තා" ඔහු ප්‍රකාශ කරන ලදි. කෙසේ වෙතත් ඔහු මොම්බායේ එච් ආර් වාණිජ හා ආර්ථ්ක විද්‍යාලයෙහි කණිෂ්ඨ සිසුවකු වු අවධියේදී ඔහු හට අවධාරණය වුයේ චිත්‍රපට කර්මාන්තය කඩා බිද දැම්ම පහසු කාරණාවක් නොවන බවය, එසේම බොහෝ පුද්ගලයන් හට ආවරණය නොවූ අංශ පවතින බැවින් ඔවුන් බොලිවුඩය තුලින් ප්‍රාථමික අවස්ථා උදාකරගන්නා බවයි.ඔහු සිය අවධානය යොමු රංගනය පිලිබදව කිසිසේත්ම අදාල වන්නේ නැති ඔහුගේ දෙවන ලැදිකමක් දක්වන නිර්මාණාත්මක ලිවිම උදෙසා වේ.එම නිසා ඔහු ඇමරිකාවට පිටත් වුයේ සිය ශාස්ත්‍රවේදී උපාධිය ඉන්දියානු විශ්ව විද්‍යාලය( බ්ලුමින්ටන්) හීදී ලබා ගැනිම උදෙසාය.

එහිදි ඔහු තිරණය කරන ලද්දේ සිය අධ්‍යපනයට අමතරව රංගනය විශයක් ලෙස හැදෑරිය යුතු බවය. ප්‍රථම දිනයේදී උපදේශකතුමා ඔහුට සුදානම් නොවු අවස්ථාවකදී රංගනයක් ඉදිරිපත් කරන ලෙස කියා සිටියේය. එහිදී සිං අවබෝධ කර ගන්නා ලද්දේ ප්‍රාසාංගික කලාව සහ රංගනය ඔහුට අවශ්‍ය  වන බව සහ ඔහුගේ ප්‍රේක්‍ෂකාගාරය වුයේ කුඩා ළමුන් වේ. සිය උපාධිය හමාර කරගත් විගස ඔහු 2007 වසරේදී මොම්බායට පැමිණි විගස සිං රුකියාව වශයෙන් ප්‍රචාරණ ආයතනයක පිටපත් කරුවකු වශයෙන් කටයුතු කරන ලද්දේ නියෝජිත ආයතන වන O&M සහ JWT ආයතන වලය. පසුව ඔහු සහාය අධ්‍යක්‍ෂකවරයකු ලෙස කටයුතු කල අතර පසුව රංගනය ඔහු හට වැදගත් වු බැවින් ඔහු එයින් ඉවත් විමට තීරණය කලේය. ඔහු සිය ආයෝජන කළඹ අධ්‍යක්‍ෂකවරු හට ලබා දිමට තීරණය කරන ලදි.ඔහු වරෙක මෙසේ ප්‍රකාශ කරන ලදි, "මාගේ අභිලාශය වනුයේ චිත්‍රපට තුල දැවැන්ත චරිතයක් නිරූපණය කිරීම වන නිසා මම ප්‍රචාරණ දැන්විම්, ගීත සදහා වීඩියෝ පට, රූපවාහිණී පෙළගැස්වීම් උදෙසා සහභාගී වීම ප්‍රතික්ෂේප කරන ලදි, එසේම මට දැනුනේ පිරිපුන් මනසකින් යුතුව කටයුතු කිරිම වඩා වැදගත් බවය. නැතහොත් එය සූදු කෙලීමක් වන අතර මම එම අවස්ථාවන් මගේ ජීවිතයෙන් ඉවත් කෙරුවේය." ඊළග අවුරුදු තුන ඇතුලතදී සිං අධ්‍යක්‍ෂකවරයාගේ කාර්යාලයට ගොස් සිය ඡායාරූප පෙන්වා රංගනයක් සිදු කිරීමට අවස්ථාවක් ලබා දෙන මෙන් ඉල්ලා සිටියේය. එහිදි ඔහුට විවිධ කුසලතා ඇගයීමේ පර්යේෂණ වලට සහභාගි වීමට සිදු විය. එසේ වුවද ඔහු හට කදිම අවස්ථාවක් ලැබුනේ නැත. මන්ද මෙම අදාල මාස දෙක තුල ඔහුට අවස්ථාවක් ලැබුනේ උප චරිත සදහා පමණක් වන බැවිනි. "සෑම දෙය තුලින්ම සතුට නූපදවයි. ඒවා මා නිශ්ප්‍රභා කරන ලදි. මා හට මෙය අවස්ථාවක් වුයේ මා විසින් සිදු කරන සමහර ක්‍රියාවන් හරිද වැරදිද යන්න අවබෝධ කර ගැනීමටය".

2008–10: චිත්‍රපට සදහා මංගලාවතරණය සහා සාර්ථකත්වය සංස්කරණය

 
සිං "බෑන්ඩ් බාජා බාරත් චිත්‍රපටයේ" ප්‍රචාරණ අවස්ථාවේදී

වසර තුනහමාරකට පසු එනම් 2010 ජනවාරි මාසයේදී සිංගේ කුසලතා පරික්ෂාවට අවස්ථාවක් ලැබු අතර එහිදී යෂ් රාජ් චිත්‍රපට YRF සමාගමේ නවක නළුවන් තේරීමේ අංශයේ ප්‍රධානියා වන ශානු ශර්මා ඔහු හට අවස්ථාවක් ලබා දීමට කටයුතු කරන ලදි.ඔවුන් ප්‍රකාශ කරන ලද්දේ මෙම චරිතය චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් වන අතර එය බෑන්ඩ් බාජා බාරත් නම් වු චිත්‍රපටයට අදාල බවය,මෙම චිත්‍රපටය ප්‍රේමාන්විත නාඩගමක් වන අතර එය සකස් කරන ලද්දේ විවාහ උත්සව සැලසුම් කරන ලෝකය පිළිබදවය. සිංගේ කුසලතා ඇගයීමේ පරීක්‍ෂණයේදී යෂ් චොප්රා මහතා ඉදිරියේදී රංගන අවස්ථා දෙකක් ඉදිරිපත් කරන ලෙස ඔහු ඉල්ලා සිටියේය. සිං පැවසුවේ " මා එම අවස්ථාවේදි පුදුමයට පත් වුයේ යෂ් චොප්රා මහතා ඉදිරියේ නවකයන් වීරයන් නොවන නිසාය. කෙසේ වෙතත් මා දැන සිටියා ඔවුන් නිතිගරුක වන බවත් මෙය මා හට ලැබූ අනගිම හා විශාලතම කුසලතා ඇගයීමේ අවස්ථාව මෙය වු බවය." ආධිත්‍ය චොප්රා මහතා වයි ආර් එෆ් YRF ආයතනයේ උප සභහපති වන අතර, පසුව ඔවුන් කුසලතා පරික්‍ෂණයේ වීඩියේ පටය පරීක්ෂා කරනු ලැබු අතර සිංගේ රංගනය සිතට කාවැදුනු නිසා ඔවුන් තීරණය කරන ලද්දේ සිං බිට්ටෝ ශර්මා නැමති චරිතයට සුදුසු බවය. කෙසේ වෙතත් චිත්‍රපට අධ්‍යක්‍ෂකවරයා වු මනීශ් ශර්මා හට තවදුරටත් සිංගේ රංගනය කෙරෙහි විශ්වාසය තබා ගත යුතු නිසා ඔහු තවත් කුසලතා පරීක්‍ෂණ කිහිපයකට ඉදිරි සති දෙක තුලදි සහභාගි වීමට සිදු වු අතර අවසානයේදී සිය පුර්ණ විශ්වාසය දිනා ගත්තේය. නැවත ශර්මා මුණගැසුණු අතර ශර්මා ඔහුගේ චරිතයේ වෙනස් මුහුණුවරයන් හදුනා ගැනිමට උත්සාහ කරන ලදි. එහිදී ඔහුගේ නර්ථන කුසලතාවය, හැගිම්බර අවස්ථා වලට මුහුණ දීම, අනෙකුත් නාට්‍යකරුවන් සමග දෙබස් කීම, කැමරාවට මුහුණදීම හා රචකයාට අනුගාමිවීම වැනි අවස්ථාවන්ය. මෙම සති දෙකක පරීක්‍ෂණයෙන් පසු ඔහු බිට්ටෝගේ චරිතයට සුදුසුකම් ලද අතර ඔහු සිය රංගනය දක්වන්නේ අනුෂ්කා ශර්මා නැමති නිලිය සමගය.

බෑන්ඩ් බාජා බාරත් චිත්‍රපටයේ රූගත කිරීම් 2010 පෙබරවාරි මස ආරම්භයේදී සිදුකරන අතර නිකුත් කිරිම් සිදු කරන ලද්දේ 2010 දෙසැම්බර් මස 10 දිනය.සිංගේ විස්තර කිරීමට අනුව බිට්ටෝ ශර්මාගේ චරිතය යනු" ඔහු දිල්ලි විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයකු වන අතර ඔහු අධ්‍යාපනය උදෙසා අලස සිසුවකු වු අතර ඒ පිළිබදව මද උනන්දුවක් දක්වයි. ඔහු සෑම විටම මෝඩයකු ලෙස සිය පාසලේ යහථවන් සමග කටයුතු කරයි. ඔහු නිදහස් චරිතයක් වු අතර සිය අනාගතය හෝ රුකියාව පිළිබදව අවබෝධයක් ඔහු තුල නොවීය". ශර්මා මහතා මෙම කථා වස්තුව ඉදිරිපත් කල අවස්ථාව වන විටත් බිට්ටෝගේ චරිතය උදෙසා කෙසේ රගපැම සිදු කල යුතුද යන්න පූර්ව සැලසුමක් සිදු කර තිබුණි. එසේ වුවද ශර්මා තම විශේෂ අවධානය යොමු කලේ සිං විසින් රගපාන දිල්ලි පිරිමි ළමයාගේ චරිතය උදෙසාය. කෙසේ වෙතත් බිට්ටෝගේ චරිතය හොදින් නිරූපණය කිරිමට තරම් ඔහු දිල්ලි වාසියකුගේ ජිවිත රටාව කෙබදුද යන්න නොදැන සිටියේය. එම කාරණාව නිසා අධ්‍යක්‍ෂකතුමා ඔහුව චිත්‍රපටයේ නිශ්පාදනය කරන අවධියේදි දිල්ලි විශ්වවිද්‍යාලය වෙත යොමු කරන ලදි. එහිදි සිං එම විශ්ව විද්‍යාලයේ සිසුන් සමග කුථපග වි තමන්ගේ මෙම චරිතය අගනා ලෙස ඉදිරිපත් කිරිම උදෙසා දිල්ලි වාසියකුගේ චරිතය කෙසේ ඉදිරිපත් කල යුතුද යන්න අවබෝධය ලබා ගන්නා ලදි."මා හට බිට්ටෝ නම් චරිතයට වඩාත් විවෘත සිත් ගන්නා සුථ පුද්ගලයකු හමු විය.දිනක් ඔහු මා හ ට මුණගැසුණු අතර ඔහුගේ කථා විලාශය, පුරසාරම් දෙඩිම, ඇදුම් පැළදුම් විලාශය මගින් මා අවබෝධ කර ගත්තේ මොහු බිට්ටෝගේ චරිතයට බෝහෝ සෙයින් සමාන බවය. එම නිසා මම ඔහුව දින කිහිපයක් අධ්‍යනය කල අතර ඔහුගේ චරිත විලාශය මා හට වැලදගත් අතර ඔහු අයුරින් බිට්ටෝගේ චරිතය නිරූපණය කිරීමට කටයුතු කරන ලදි.බිට්ටෝ නම් චරිතයට අදාල වු ආකල්ප හා බලය ඔහු තුල පැවතියේය. මොහුගේ චරිතය මා හට බිට්ටෝගේ චරිතය නිරූපණය කිරිමට සූදානම් විමේදී වඩා වැදගත් විය".

"එය තවම නිමා නොවිය. මම මෙම චිත්‍රපටය ප්‍රචාරණය කිරීමෙන් පසුව  යහපත් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වුවා.එසේම ප්‍රේක්‍ෂකයාගේ අති විශාල  ප්‍රතිචාරයක් ලබා ගැනිමට හැකිවිය. මම කවදාවත් නොසිතූ ලෙස වෙනස් විය. "

—සිං "බෑන්ඩ් බාජා බාරත්" චිත්‍රපටයේ  සාර්ථකත්වය පිළිබදව අවධාරණය කරයි.

චිත්‍රපටයේ නිරූපණය කිරිම් 2010 වසරේ සැප්තැම්බර් මස අවසන් වු අතර පසු නිශ්පාදන ප්‍රවර්ධන වැඩසටහන් ඔක්තෝම්බර් මාසයේදී ආරම්භ කරන ලදි. සිං එම චිත්‍රපටයේ ප්‍රචාරණ වැඩසටහන් විශාල සංඛ්‍යාවකට සිය සහාය නළුවන් හා  අධ්‍යක්ෂකවරු සමග සහභාගි වු අතර දිනක් ඔවුන් ඉන්දියානු විශ්ව විද්‍යාලය දිල්ලියේදි වාර්ශික උත්සවයකටද සහභාගි විය. බෑන්ඩ් බාජා බාරත් චිත්‍රපටයේ ප්‍රචාරණ පෙර, සමහර විශේෂඥයන් මේ චිත්‍රපටයේ සාර්ථකත්වය පිළිබදව දෙගිඩියාවෙන් සිටියහ, මන්ද පසුගිය කාල වකවානුවේ යෂ් රාජ් චිත්‍රපට උදෙසා මධ්‍යම ප්‍රමාණයේ ප්‍රතිචාර ලැබු හෙයිනි. ඒ පුරුෂ නාට්‍යකරුවන්ගේ හිගතාවය නිසා සහ අනුශ්කා ශර්මා විසින් පමණක් මගපෙන්වනු ලබන භුමිකා නිරූපණය කල අතර සමහර චරිත " ඒවන විටත් අමතක වු " සමහර නළුවන් නිරූපණය කල බැවිනි. කෙසේ වෙතත් බෑන්ඩ් බාජා බාරත් චිත්‍රපටය ප්‍රචාරණය කල පසු ඉතාමත් ජනප්‍රිය ලෙස වාණිජ මට්ටමින් සාර්ථක විය. සිං නිරූපණය කල බිට්ටෝගේ චරිතය ජනප්‍රිය වන්නට විය. තරාන් ආදර්ශ් නැමති බොලිවුඩ් හුංගම නැමති රේඩියෝ නාලිකාවේ පුද්ගලකු විසින් කියා සිටියේ " නවක නළු රන්විර් මෙම චිත්‍රපටයේ දිවි යොත බවය. ඊට අමතරව මෙම තරුණයා තම චරිතය කාන්තිමත් කිරීමට ඔහු නිරායාසයෙන් සමත් විය. ඔහු අවංක හා කෝමල චරිතයක් විය. ඔහු ඔබවද නොදැනුවත්ව හැගීම්බර අවස්ථා වලදී ග්‍රහණය කර ගත් අතර හොදින් ඉදිරිපත් කරයි. ඔහු සතුව පවතින දක්ෂතාවය ඔබගේ සැලකිල්ලට ලක් වෙති". නික්ත් කස්මි නැමති ද ටයිම්ස් ඔෆ් ඉන්දියා නැමති පුවත් පතේ වාර්තා කරුවකු තම තක්සේරුවට අනුව තරු පහෙන් තුනක් මෙම චිත්‍රපටය උදෙසා ලබා දෙන බවය. ඔහු අවධාරණය කරන ලද්දේ " ඔබ බෑන්ඩ් බාජා බාරත් චිත්‍රපටය නැරඹු විට සිය ආදරය දිනා ගැනිමට සමත් වන අතර තම හදවතට දැනෙන, ඔබගේ ආකර්ශණය දිනා ගැනිමට සමත් වන අතර.... ඔහු ඥාණවන්තව තම චරිතය නිරූපණය කරන අතර දෙදෙනාගේම යුගල චරිතය සිත් දිනා ගැනීමට සමත් වෙයි". එන්ඩීටීවී නාලිකාවේ නියෝජිතයකු වන අනූපමා චොප්රාද එක හා සමාන තක්සේරුවක් ලබා දුන් අතර ඇය ප්‍රකාශ කරන ලද්දේ "නවක නළුවකු වන රන්විර් එම අදක්ෂයාගේ චරිතය හොදින් නිරූපණය කල අතර ඔහූ හොද හදවතක් ඇති අලස කුඩා ගමක ජිවත් වන පුද්ගලයකි වන අතර ඔහු අනෙකුත් චරිත මෙන් නොව වෙනස් පුද්ගලයකු විය. ඉන්දියාවේ බොක්ස් ඔෆිස් ජාලය නිරූපණය කරන්නේ මෙම චිත්‍රපටය සති තුනක් තුලදී ඉන්දියානු කෝටි 21.44 දළ වශයෙන් ඉපයු අතර සාර්ථක වු බවය. 56 වැනි ෆිල්ම් ෆෙයාර් සම්මාන උලළෙහි සිං හොදම නවක නළුවා ට හිමි සම්මානය දිනා ගත්තේය.

2011–වර්ථමාන හා ඉදිරි කටයුතු සංස්කරණය

ගොනුව:Ranveer singh and anushka sharma.jpg
සිං බෑන්ඩ් බාජා බාරත් හා ලේඩීස් වෝස් රිකි බාල්  චිත්‍රපටයේ නිලි අනුශ්කා ශර්මා සමග

බෑන්ඩ් බාජා බාරත් චිත්‍රපටය සිදුකරගෙන යන අතරතුරදී සිය දෙවන චිත්‍රපටය වන ලේඩීස් වෝස් රිකි බාල් චිත්‍රපටය හට අත්සන් කලේය.එය චොප්රා මහතාගේ නිශ්පාදනයක් වන අතර මනීශ් ශර්මාගේ අධ්‍යක්‍ෂණයක් වේ.මෙම චිත්‍රපටයෙන් විග්‍රහ කරන සිංගේ චරිතය සාමාන්‍ය පුද්ගලයකු වන රිකීගේ චරිතය වන අතර ගැහැණු ළමයින් රවටන අතර අවසානයේ තමා හට සුදුසු සහකාරිය තෝරා ගන්නා කථා පුවතකි. මෙය හට නැගි එන නාට්‍යකරුවන් වන අනුශ්කා ශර්මාපර්නීති චොප්රාදීපානිකා ශර්මා හා ආදිත් ශර්මා සමග 2011 අප්‍රේල්  මාසය තුලදී දිල්ලියේදී නිශ්පාදනය කිරීමට පටන් ගන්නා ලදි.සිංගේ චරිතයට අනුව විවිධ මුහුණුවරයන් චිත්‍රපටය තුල නිරූපණය කරන අතර උදාහරණ ලෙස සතුටු  ගෙනදෙන වදන් ඇති විනෝදාත්මක අප්‍රසන්න වැනි පැතිකඩයන්ය. "මෙහිදි මම වෙනස් මුහුණුවරයක් ගන්නා චරිතයක් උදෙසා දායක වන අතර මා තුලින්ම හොදින් නිරූපණය කිරීමට පෙලඹුණි. මෙම චිත්‍රපටයේ අනෙකුත් සගයකු මෙහි පිටපත කියවු පසු මා හට අඩුපාඩු රහිතව විස්තර කරන ලදී." මෙම චිත්‍රපටය 2011  දෙසැම්බර් 9  දින තිරගත කල පසු බොලිවුඩ් හුංගම නැමති රේඩියෝ නාලිකාවේ තරාන් ආදර්ශ් නැමත්තාද ටයිම්ස් ඔෆ් ඉන්දියා නැමති පුවත් පතේ වාර්තා කරුවකු වු නික්ත් කස්මි නැමති පුවත් පතේ වාර්තා කරුවකු තම තක්සේරුවට අනුව  තරු පහෙන් තුනක් මෙම චිත්‍රපටය උදෙසා ලබා දෙන බවය. ආදර්ශ් පවසන ආකාරයට "ලේඩීස් වෝස් රිකි බාල් චිත්‍රපටය ශිෂ්ඨ ගමනක් ගමන් කරයි. මෙය කාලයට අනුකූල වන අතර  මෙම චිත්‍රපටය සුදුසුකම් ලබනවා තරු තක්සේරුව උදෙසාත්.මෙහි කැපී පෙනෙන තාරකාවන් වනුයේ රන්වීර් හා අනුශ්කා වේ. මන්ද ඔවුන් ප්‍රේක්‍ෂකයාගේ දැඩිව සිත් දිනා ගන්නා බැවිනි". නික්ත් පවසන ආකාරයට මෙය හාසය දනවන චිත්‍රපටයක් නොවන අතර, උසස්කමක් නැති නොපියන අතර ප්‍රධාන නලුවන් යුගලය කැපී පෙනෙයි.මන්ද ඒ සදහා අගනා චරිත නිරූපණයන්ගේ අනුග්‍රහය දක්වන බැවිනි. මෙහිදි කාන්තා නියෝජනයන් යෝග්‍ය ලෙස සිදුකරන අතර රන්වීර්ද හොදින් තම චරිතය නිරූපණය කරයි. මෙහිදී සනී, දේවීන්, ඉන්බාල්, රිකි වැනි එකිනෙක වෙනස් චරිත නිරූපණය කරති. වාණිජ මට්ටමින් ලේඩීස් වෝස් රිකි බායි චිත්‍රපටය මිශ්‍ර ප්‍රථිපල ලැබු අතර පළමු දිනයේදි අඩු ආදායම් වාර්තා වු අතර පසුව වාර්තා ගත ලෙස ඉහළ යන ලදි. මෙම චිත්‍රපටය ආරම්භයේදී කෝර් 4.75  ඉපයිමට සමත් විය.


ලේඩීස් වෝස් රිකි බාල් චිත්‍රපටයේ පසු නිශ්පාදන කටයුතු සිදු කරගෙන යන අතර තුර සිං ඔහුගේ තෙවන චිත්‍රපටය වන ලූතෙරා චිත්‍රපටයේ වැඩ භාරගැනිම සිදු කරන ලදි. මෙම චිත්‍රපටය තුලින් 1950 වසරේදි තිබු ආදර කථාවක් නිරූපණය කරන අතර මෙහි තිර රචනය හා අධ්‍යක්‍ෂණය කරන ලද්දේ වික්‍රමආදිත්‍ය මොට්වානි නැමති පුද්ගලයා විසින් වන අතර සිං සමග කාන්තා චරිතය නිරූපනය කරන ලද්දේ සෝනක්ෂි සිංහාවේ. මෙම චිත්‍රපටය නිශ්පාදනයට පෙළඹුනේ ඕ. හෙන්රි මහතාගේ කෙටිකථාවක් වන ද ද ලාස්ට් ලීෆ් නම් නිශ්පාදනය ඇසුරෙනි. ලූතෙරා චිත්‍රපටයයේ රූගතකිරීම් 2012 අගෝස්තු මස අවසන් වු පසු අතර 2013 ජූලි 3 දින තිරගත වීමට නියමිතය.ඒ අතර තුර ද ටයිම්ස් ඔෆ් ඉන්දියා අවධාරණය කෙරේ, සිං 2009 දී තිරගත වු තෙලිගු චිත්‍රපටයක් වන මගදීර්හි කැපී පෙනෙන චරිතයක් නිරූපණය කරන බවය. පාලන නිශ්පාදකයා වන විකාස් බායි සහ අධ්‍යක්‍ෂක අභිනම් කාශ්‍යප පවසන පරිදි එය 17 වන සියවසෙන් පසු තිරගත වන ඓතිහාසික ආදර අන්දරයක් වන බවය. මෙම චිත්‍රපටය උදෙසා ඇස්තමේන්තු කල අයවැය කෝර් 50 වේ. සිං හට තවත් අවස්ථාවක් ලැබුනේ සංජය ලීලා බන්සාලි මහතා විසින් නිශ්පාදනය කරන ලද රාම් ලීලා චිත්‍රපටය වන අතර සිං සමග දීපිකා පදුකෝන් රංගනයෙන් දායක වේ. බංසාලි විසින් සිං ගේ "බෑන්ඩ් බාජා බාරත්" රංගනය පිළිබදව පුදුමයට පත් වු අතර ඔහු සිංව තම චිත්‍රපටය උදෙසා සම්බන්ධ කර ගැනීමට තීරණය කරන ලදි. එහි රූපගත කිරීම් 2012 ජුලි මස ආරම්භ කර ලදි. අධ්‍යක්‍ෂක ශාඩ් අලී මහතා දිල් කිල් නැමති චිත්‍රපටයට සිංව තෝරාගත් අතර මෙය ප්‍රේමවෘත්තාන්තයක් වන අතර අලී මහතා පවසන පරිදි "මෙම චිත්‍රපටය හදවත වශි කරන ප්‍රධාන පුරුෂ චරිතය සිං නිරූපණය කරන අතර අප සියලු දෙනාගේ අවධානය දිනා ගනියි".

රංගනයෙන් දායක වු චිත්‍රපට ලැයිස්තුව සංස්කරණය

වසර චිත්‍රපටය චරිතය සටහන
2010 බෑන්ඩ් බාජා බාරත් බෑන්ඩ් බාජා බාරත් හොදම නවක පිරිමි නඑවා  හිමි සම්මානය
2011 ලේඩීස් වෝස් රිකි බාල් රිකි බාල්
2013 ලූතෙරා රාජා පසු නිශ්පාදනය
2013 රාම් ලීලා
2013 ගුන්ඩේ
2014 දිල් කිල් පුර්ව-නිශ්පාදනය

සම්මාන හා නාම යෝජනා සංස්කරණය

වසර සම්මාන වර්ගය චිත්‍රපටය ප්‍රථිපල
2011 අප්සරා චිත්‍රපට හා රූපවාහිණී නිශ්පාදකයන්ගේ සංසදයේ සම්මානය හොදම නවක පිරිමි නළුවා බෑන්ඩ් බාජා බාරත් දිනාගති
බිග් ස්ටාර් එන්ටර්ටේන්මන්ට් සම්මානය හාස්‍යජනක නළුවාට හිමි සම්මානය-පුරුෂ නිර්දේශිත
ෆිල්ම් ෆෙයාර් සම්මානය හොදම නවක පිරිමි නළුවා දිනාගති
අන්තර්ජාතික ඉන්දියානු චිත්‍රපට විද්‍යාලයේ සම්මානය වසරේ හොදම යුගල නළුවා- පුරුෂ
හොදම යුගල නළුවා (අනුශ්කා ශර්මා සමග)
රන් සිංහ සම්මානය ජනප්‍රියම නවක පිරිමි නළුවා
ජුරියේ ජනප්‍රියම නවක පිරිමි නළුවා(අනුශ්කා ශර්මා සමග)
තිරයේ හොදම තරුවට හිමි සම්මානය හොදම නවකයා පිරිමි
ස්ටාර්ඩස්ට් සම්මානය අනාගතයේ සුපිරි තරුව-පිරිමි
හොදම නළුවා– ප්‍රේමාන්විත/විකට නිර්දේශිත
සී සයින් සම්මානය හොදම නවක පිරිමි නළුවා දිනාගති

යොමුව සංස්කරණය

ඉංග්‍රීසි ලිපිය

"https://si.wikipedia.org/w/index.php?title=රන්වීර්_සිං&oldid=355968" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි