මෛත්‍රී බුදුන් වහන්සේ
මෛත්‍රී බුදුන් වහන්සේ වත්මන් කල්පය වන භද්‍ර කල්පයේ පස්වන සහ අවසාන සම්මා සම්බුදුන් වනු ඇත.
මෛත්‍රී බුදුන් වහන්සේ | |
---|---|
Senior posting | |
පූර්වප්‍රාප්තිකයා | ගෞතම බුදුරජාණන් වහන්සේ |
පවුල | |
කලත්‍රයා | චන්දමුඛී දේවිය |
දෙමව්පියෝ | සුබ්‍රහ්ම බමුණා (පියා) බ්‍රහ්මවතී බැමිණිය (මව) |
දරුවෝ | බ්‍රහ්මවර්ධන කුමරු |
බෝධි සත්ත්ව අවධිය
සංස්කරණයමෛත්රී බුදුන් වහන්සේගේ ඊට පෙර භවයන් මෛත්‍රී බෝධිසත්ව ලෙස හැඳින්වේ.
විවරණ සහා ගෞතම බුදුන් හා බැඳුනු සිදුවීම්
සංස්කරණයඅවසන් වරට නියත විවරණ ලැබීම
සංස්කරණය"මෛත්‍රී බෝසතාණන් වහන්සේ අවසන් වරට නියත විවරණ ලබන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගෙන්ය. එලෙස අවසන් වරට නියත විවරණ ලැබීමත් සමඟම උන්වහන්සේගේ පාරමිතා පිරීම අවසන් වන අතර බුද්ධත්වය ලැබීම සඳහා කල යුතු සියලුම කෘත්‍යයන් ඉටු කර අවසන් වේ."
මෙසේ සදහන් වී තිබුණේ ත්‍රිපිටකයේය
මෛත්‍රි බොසතුන් හා ගෞතම බොසතුන්ගේ පලමු හමුවීම
සංස්කරණයමෛත්රි සහා ගෞතම බොදිසත්වයො දෙදෙනෙක් හමුවුනේ සෙරවාණිජ ජාතක කතාවේය. මඟ මාණවකයා වූ මෛත්‍රි බොදිසත්වයො පාරුව පදින හබල්කරුවා වුහ. ගෞතම බොදිසත්වයො පාරුව තුල සිටින පුද්ගලයා වුහ. මේ කතාව පිලිබදව නොඇසූ කතා ගණනාවක් පන්සිය පනස් ජාතක පොත් වහන්සේ වගෙම භාවණායොගි භික්ශුණ් වහන්සෙලාද ප්‍රකාශ කොට ඇත.[1]
ගෞතම බුදුන් වහන්සේ සංකස්ස පුරයෙදි මෛත්‍රි බොසතුන්ට විවරණ ලබා දීම
සංස්කරණයබුදුන් වහන්සේගේ මව වූ මහාමායා දේවිය කළුරිය කිරීමෙන් පසුව උපත ලබන්නේ තව්තිසා දිව්‍ය ලෝකයේ මාතෘ දිව්‍ය රාජයා ලෙස වේ. බුදුරජාණන් වහන්සේ සත්වැනි වස් කාලය ගත කරන්නේ මාතෘ දිව්‍ය රාජයා ප්‍රධාන දෙවියන්ට අභිධර්මය දේශනා කරමිනි.
වස් තුන් මාසය අවසන් වූ පසු උන්වහන්සේ "දේවාවරෝහණය" (දෙවියන්ගේ පෙරහරින් වැඩම කිරීම )ලෙස නම් කරන ඒ උත්සව දිනයේදී දෙව්ලොව සිට සංකස්ස පුරයට වැඩම කලේය. මෙහිදී බුදුරජාණන් වහන්සේ දෙව්ලොව සිට මිහිමතට පා තැබුවේ රන් හිණිමඟකිනි.
එකල මෛත්‍රී බෝධිසත්වයෝ සංකස්ස පුරයේ සිරිවඩ්ඪන (සුදත්ත)[3] නම් කෙළෙඹි පුත්‍රයකුව සිටින්නාහ. දේවාවරෝහණ අවස්ථාවේ සිදුවන ගෞතම බුදුරජාණන් වහන්සේගේ සහ සැරියුත් මහ රහතන් වහන්සේගේ විචිත්‍ර ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කර, ඉන්පසු ස්වයංව ඔහු සියලු ගිහි සැප සම්පත් හැර දමා ගෞතම බුද්ධ ශාසනයේ මෛත්‍රි නමින් මහණ වන්නේය.
මෙසේ පැවිදි දිවිය ගත කරන උන්වහන්සේට දිනක් ඉතා වටිනා සිවුරු දෙකක් පූජා පිණිස ලැබුණි. උන්වහන්සේ එම සිවුරු දෙක තම ප්‍රයෝජනය පිණිස නොගෙන, බුදුරජාණන් වහන්සේට එක සිවුරකුත්, මහා සංඝයාට තව සිවුරකුත් පුජා කෙරිණි. එකල්හි මෙවැනි කඨින පින්කමක් අප කිසිදිනක දැක නොමැත යනුවෙන් දම් සෙනෙවි සැරියුත් මහා රහතන් වහන්සේ ඇතුලු මහා සංඝයා බුදුන් වහන්සේට ප්‍රකාශ කරද්දි, මේ මෛත්‍රි ලෙස පැවදි වී සිටින උත්තමයාණන් වහන්සේ කවුද ලෙස මහා සංඝයා ප්‍රශ්ණ කරද්දි, බුදුන් වහන්සේ ධර්ම දේශනාවක් තුලින්ම මේ මහා බද්‍ර කල්පයේ සම්බුද්ධ සාසනයකුත් දන් දී මෛත්‍රි නමින්ම ලොකේට පහල වෙන මහා විර්යයවන්ත අවසන් බොසතාණන් වහන්සෙ ලෙස නියත විවරණය ගෞතම බුදුන් වහන්සේ මෛත්‍රි බොසතුන් වහන්සේට අවසාන නියත විවරණය ලබා දුන් සෙක.
මෙලොව පහල වීම
සංස්කරණයසියලුම පාරමිතා පුරා අවසන් වූ මෛත්‍රී බෝසතාණන් වහන්සේ මේ වන විට වාසය කරන්නේ තුසිත දිව්‍ය ලෝකයේය (අවුරුදු 2500ක් පැරණි ඉතිහාස සහා ධර්ම කාරණා දැක්වෙන ධර්ම ග්රන්ථයක් වූ ත්‍රිපිටකයේ සදහන් වෙන කරුණකි), නමුත් විටින් විට මනු ලොවට එනවා පැය දෙකකට දිව්‍යලොකෙන්, එනම් අවුරුදු 100කට මනුශ්ශ ලොකෙන්. මෛත්‍රී බෝසතාණන් වහන්සේ නැවත මෙලොව බුද්ධත්වය ලබන්නේ මිනිස් ආයුෂ අසූ දහසක් වන කල්හිය.
එකල්හි බරණැස් නුවර ධන ධාන්‍යයෙන් ආඪ්‍ය වූ කේතුමතී නම් නගරයක් වන්නේය. සංඛ නම් වූ සක්විති රජ කෙනෙක් ඒ නගරය පාලනය කරන්නේය. ඔහුට අර්ථයෙන් ධර්මයෙන් අවවාද අනුශාසන කරන සුබ්‍රහ්ම නම් වූ පුරෝහිත බ්‍රාහ්මණයෙක් සිටින්නේය. එකල්හී සුබ්‍රහ්ම නම් බමුණාට දාව බ්‍රහ්මවතී බැමිණියගේ කුස තුල මෛත්‍රී බෝසතාණන් වහන්සේ ගැබ්ගනී.
කුමාර විය සහ ගිහි ගෙයින් නික්මීම (අභිනිෂ්ක්‍රමණය)
සංස්කරණයඋන්වහන්සේ ගිහිගෙයි අවුරුදු දහ අට දහසක් සිටින්නේය. අවසන තම අග බිසව බ්‍රහ්මවර්ධන නම් පුත්කුමරු බිහි කරන දිනයේදී සතර පෙර නිමිති දැක් ගිහි ගෙය පිළිබඳව කලකිරී සියලු සැප සම්පත් හැර දමා උතුම් වූ නිර්වාණ සුවය සොයා යන්නේය.
සතර පෙර නිමිති දැක ගිහිගෙය හැර යන උන්වහන්සේ පැවිදි බිමට ඇතුලත් වී පැවිදි බවට සුදුසු පරිදි වූ යම් දුකක් වේද එය අනුභව කරමින්, මාලිගාවේ උඩු මහලේ වැඩ හිද, උතුම් වූ බුද්ධත්වය ලබා ගැනීමට වෙහෙසෙති. එසේ වෙහෙසෙමින චන්ද්‍රමුඛී (ආශ්චර්යයා) නම් අග බිසව දෙන කිරිපිඬු දානය වළඳා, අහස් ගව්වට කෙස් වැටිය කපා අධිශ්ඨානකොට, බුද්ධත්වයට විර්යය වඩන්න පටන් ගනි, මෙසේ වඩන විට සතියක් ඇතුලතදී සියලු කෙලෙසුන් නසා උතුම් බුද්ධත්වයට පැමිණෙන බවද සදහන්; මේ අවස්ථාවේදි බුද්ධත්වය ලබන විට, තමන්ගේ සිටු මාලිග්ය අහස්ගව්වට පැන නගති, සෙරවාණිජ ජාතකයේදි කල පින්කමෙන් බොසතුන් වහන්සේ නමක්ව එගොඩ කරපු මහා පින්කමේ වෙගයට වඩා දසගුණයක වෙගයෙන් නාග ශ්‍රී බෝධී මූලයට පැමිණෙති, මේ අසිරිය දැකබලා ගන්න, අහසේ ගමන් කරන මාලිගාව, විශාල පිරිසක් පලවෙනි ධර්ම දේශනයට පැමිණෙන බව සදහන් වේ, ගෞතම බුදුන් වහන්සේට පස්වග තව්සන් සිටියත්, මෛත්‍රි බුදුන් වහන්සේට ලක්ශ ගණනක පිරිසක් ප්රාථ්තනා කර සිටින බවද සදහන්ය.
තවද, මෛත්‍රි බුදුන් වහන්සේ, මාරයා සිතන්නටත් පෙර, මාර සෙනාව හැරෙන්නටත් පෙර උන්වහන්සේ සියලු කෙලෙසුන් නසා උතුම් බුද්ධත්වයට පැමිණෙන බවද සදහන්ය.
බුද්ධ ශාසනය
සංස්කරණයමෛත්රි බුදුන් වහන්සේගේ වසර අසු දහස තීරණය වන්නේ බුදු වීමෙන් පසුවයි, එකට ප්‍රධානතම හෙතුව වෙන්නේ, අපේ ගෞතම බුදුන් වහන්සේ අවුරුදු 120ක් ආයුශ වැළදීමට ඉඩ අවස්ථාව තිබියදි අවුරුදු 80කින් පිරිණිවන් පැම නිසාය, ඉතුරු ආයුශ ගණන මෛත්‍රි බොදිසත්වයානන් වහන්සේගේ අවසන් කාලයෙ වැඩි දියුණු වී උන්වහන්සේට බුදු වෙන්න පෙර අවුරුදු අසුදහස ප්‍රමාණාත්මක කාලයෙන් අඩු වෙන්නේ නැත, ගිහිගෙය සිටිම උන්වහන්සේට කැමති කලක් වාසය කර බුද්ධත්වයට පත් වී හැකි බවයි සදහන් වෙන්නේ, එනමුත් මෛත්‍රි බුදුන් වහන්සේ අවුරුදු අසු දහසම වැඩ සිටින බවත්, ගෞතම බුදුන් වහන්සේ අවුරුදු 80ක් වැඩ සිඳ උන්වහන්සේ මෙපැමණ අසූදහසක් ධර්මස්කන්දය දේශනා කලානම්, මෛත්‍රි බුදුන් වහන්සේ අවුරුදු අසු දහසක් වැඩ සිටින හෙයින් කොපමණක් ධර්මස්කන්දයක් උන්වහන්සේ දේශනා කරාවිද නොදනි, ඒ තරමටම මහා ධර්මස්කන්ද රැසක් ලොකෙට එලි පෙහෙලි වෙන කාලයක් වේ. ඒ නිසා ඔබට උන්වහන්සේව දැක බලාගැනීමට අවශ්‍යනම් "සබ්බ පාපස්ස අකරනං කුසලස්ස උපසම්පදා" යන ගාථාවේ එන සියලු පව් අකුසල් වලින් බැහැරව වැඩිපුර කුසල් සහා පින් කර ගෙන තව්තිසාවට යැමට උත්සහා කරන්න, එසෙත් නොමැතිනම් නිවන් දැකීමට උත්සහා ගන්න(මෙය පෙර වෙසු භාවණායොගි භික්ශුණ් වහන්සෙලා සදහන් කර තිබු බව පැරණි සෙල් ලිපිවල සදහන් වේ).
තවද, මෛත්‍රි බොසතාණැන් වහන්සේගේ අසූ මහා ශ්‍රාවකයන් අනෙක් කිසිම සම්බුද්ධ සාසනයක වගේ නොව, ප්‍රභල ශාවක රත්නයන් උන්වහන්සෙට පහල වෙති, නුග රුක් සෙවනේ දස අතට පැතිරයන කේශයන් සේ, උන්වහන්සේට ශ්‍රාවකයන් දස දෙනෙකුගෙන් ආරක්ශාව පෙරුම් පුරණ කාල සීමාවෙදි උන්වහන්සේට උපකාර කරති. මැත කාලයේ සිට මෛත්‍රි බුදුන් වහන්සේගේ සම්බුද්ධ රාජ්‍යයට ඇති කාලය විසි අසංඛ කල්ප ලක්ශයක් යැයි අනුමාණ කරති, එය වෙනස් වෙන්නේ මෛත්‍රි බොදිසත්වයො සහා අග්‍ර ශාවක පදවි පතාගෙන එන අය පෙරුම් පුරණ කාල සීමාව අනුවයි.
මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක වන්නේ අසෝක සහ බ්‍රහ්මදේව යන මහා රහතන් වහන්සේලාය[5]
මෙහිදි අග්‍රශාවක විශේයෙද දුර්ලභ සිද්ධින් ගණනාවක් සිද්ද වෙනවා, එයත් අති දුර්ලභ කාරණාවක් මෛත්‍රි බුදුන්වහන්සේගේ සසුන තුල සිදු වෙන දුර්ලභ සිද්ධින්ය. ඒ අනුව මෙලොකෙට පහල වූ බුදු රජාණන් වහන්සෙලාගෙන් ප්‍රභලම අග්‍ර ශාවක දෙනම පහල වීමට නියමිතව තිබෙන්නෙ මෛත්‍රි සම්බුද්ධ රාජ්‍යයේ බව ලංකාවේ වෙසු භාවණායොගි රිශිවරු සදහන් කරති.. එකට ප්‍රධානතම හෙතුව බොසතාණන් වහන්සේ සම්බුද්ධ රාජ්‍යය දන් දීම නිසා බවත් වැඩි කාලයක් පෙරුම්පිරුමට අග්‍ර ශාවක දෙනමටත් සිද්ධ වෙන නිසාය.
අග්‍ර උපස්ථායක සහ ධර්ම භාණ්ඩාගාරික වන්නේ සීහ නම් තෙරුන් වහන්සේ නමකි. බුදුන් වහන්සෙගේ බුද්ධකාය අසූ අට රියනකි. ආයුෂ අසූ දහසකි. අවුරුදූ අසු දහසක් ධර්ම ප්‍රචාරයෙහි යෙදී සත්වයෝ සසර සැඩ පහරින් එතෙර කරවා අවසානයේදි උන්වහන්සේ පිරිනිවන් පාන්නේය. එතෙකින් මේ මහා භද්‍ර කල්පය නිමාවට පත් වෙයි.
මේ සියලු දෙවල් දැකබලා ගන්න නම් ඔබ බොහො පින් කරගත යුතුය
පන්ලක්ශ දොලොස්දාස් හත්සිය විසි නමයක් බුදුවරු පහල වී ගිය කාලයත් අවසන් වෙනවා, එවැනිම කාලයක් බලන් ඉන්න සිද්ධ වෙනවා තව බුදුවරයෙක් ලොකෙට පහල වෙන්න. ඒ කාලයට අප කියනවා බුද්ධ ශුණ්‍ය කාලය, ඒ බුද්ධ ශූණ්‍ය කාලයේ බුදුවරයෙක් ලොකෙට පහල වෙන්නේ නැත අති දිර්ඝ කාලයක් ඔබට බලන් ඉන්න වෙනවා මෛත්‍රි බුදුන් වහන්සේ මග හැරුණොතින්.
මෛත්‍රි බුදුන් වහන්සේ දකින අය සහා නොදකින අය
සංස්කරණයඋන්වහන්සේගේ සසුන අවුරුදු අසු දහසක් දිවෙනවා, ඒ නිසා මෛත්‍රි බුදුන් වහන්සේව හම්බුවෙන්න තිරිසෙනෙක් පවා කුඹියෙකු පවා නිවන් දකිනකන් උන්වහන්සේ රැදි සිටිනවා, පව් කර්ම ගෙවා එනකන් උන්වහන්සේ රැදි සිටිනවා, ඊටත් වඩා පව්කරපු අය තමයි බුදුන් වහන්සෙව හම්බු වෙන්නේ නැත්තේ, ඒ මෙවැනි අයයි..
"අවුරුදු 2100දි සිදුවෙන දරුණු මහා විනාශයෙන්[6] පසුව, ලොකේ රාගය උග්‍ර අතට පත් වෙනවා සහොදර සහොදරියන්ව මතක නැති වෙනවා, අම්මව තත්තා අයියා අක්කා අමතක වී ගොස් සියලූම රාගාදි කෙල්ශධර්මයන් වැඩි වෙන්න පටන් ගන්නවා, එවැනි අයට මෛත්‍රි බුදුන් වහන්සේ හමු වෙන්නේ නැත.මෙයද වර්ථමාණයේ සදහන් කරුණක් වන්නේමය, ඒ වගෙම බුදුන් වහන්සේ කොසොල් මහා රජුගේ සිහින දහසයේ දේශනාවේ සදහන් වෙන කරුණකි.
තවද මෛත්‍රි බුදුන් වහන්සේව හම්බු නොවෙන කොට්ටාසය තමයි ගෞතම බුදුන් වහන්සේට අගෞරව කරමින් ධර්මය විකෘත්ති කරමින් යන බොසත් චරිත බුද්ධ චරිත වෙනස් කරමින් ලොකේට කීම තූල සිදුවෙන දරුණු මහා විනාශය කරන පුද්ගලයන් මෛත්‍රි බුදුන් හමු වෙන්නේ නැත, ගෞතම බුදුන් වහන්සේගේ නම පවා වෙනස් කරපු අයටද එලෙසමය.
සංඝ බෙද ඇති කරපු අයට මෛත්‍රි බුදුන් හමු වෙන්නේ නැත, මව පියා ඝහතනය කරපු අයට්ද හමු වෙන්නේ නැති බවයි පොත් වල සදහන් වෙන්නේ.
මෛත්‍රි බුදුන් හමු වෙන්නේ දවස් හතක් එක දිග්ට මහා දන් දීපු, නොකඩවා බුදුන් වහන්සේට දන් පැන් පිදු අය සිල් රැකපු අය සමාධිය වඩපු අයට මෛත්‍රි බුදුන් හමු වෙන බවද සදහන්ය.
මෛත්‍රි බොසතුන් බුද්ධත්වය සදහා පෙරුම් පුරණ කාලය
සංස්කරණයසාමන්යයෙන් බොසතුන් වහන්සේ නමක් පෙරුම් පුරන්නේ පාරමිතා දහයයි, නමුත් පාරමිතාවන් දහනමයක් පෙරුම් පුරණව මෙ විර්යයන් වහන්සේ, මෛත්‍රි බොසතුන් සහා ගෞතම බොසතුන් නියත විවරණ ගන්නේ මේ ලොකෙට බුදුවරු 250 ක් පහල වු පසුවයි, පන්ලක්ශ දොලොස්දාස් හත්සිය විසි අටක් පසු කොට, ගෞතම බුදුන් වහන්සේට තම සාසනයද පුජා කොට ගෞතම බුදුන් වහන්සේ වගේ දෙගුණයකින් උන්වහන්සේ පෙරුම් පුරන්න පටන් ගනි, ගෞතම බුදුන් වහන්සේ එක්වාරයක් පැමිනෙන විට මෛත්‍රි බොසතාණන් වහන්සේ දෙපාරක් මනුශ්ශ ලොකෙට පැමිනෙනවා පෙරුම් පුරන්න, එකම පාරමිතාව දෙපාරක් පෙරුම් පුරණ නිසා අසීමීත විර්යයක් උන්වහන්සේ විසින් උදාකරගන්නවා, ඒ විතරක් නෙමෙ ගෞතම බුදුන් වහන්සේ සහා මෛත්‍රි බොසතාණන් වහන්සේ සසරේ පෙරුම් පුරණකොට ගෞතම බොසතාණන් වහන්සේත් මෛත්‍රි බොසතාණන් වහන්සේත් මේ ඊලඟ සම්බුද්ධ රාජ්‍යය පිලිබදව උන්වහන්සෙලා දෙනම විවිධ ආකාරයේ පින්කම් එක එක ආත්ම වලදි උන්වහන්සේ කර තිබෙනව, උන්වහන්සේ විර්යය අධික වගේම ගෞතම සම්මා සම්බුද්ධ සාසනයත් දන් දි ආ නිසා උන්වහන්සේ ප්‍රඤඤාව අතිනුත් අග්‍ර උන්වහන්සේ නමක්, ලෙහෙසි පහසු බොසතාණන් වහන්සේ නමක් නොවේය අනාගතයේ පහල වෙන්නේ. පින්කම් කොට උන්වහන්සෙව සසරේ හම්බු වෙන්න මහා පින්කම් කොට ප්රාථ්තනා කරන සෙක්වා. තවද කියනවනම් මෛත්‍රි බොසතාණන් වහන්සේ හො මෛත්‍රි බුදුන් වහන්සේ, පන්ලක්ශ දොලොස්දාස් හත්සිය විසි අටක බොසතාණන් වහන්සෙලා හා බුදුන් වහන්සෙලා අතර සුවිශේශ බොසතාණන් වහන්සේ නමක් සහා බුදුවරයෙක්, මේ බුදුන්වහන්සෙවත් අතහැරගන්නවනම් ඔබ කොතරම් පව් ගොඩක් සසරේ කරගෙන ඇත්ද? තවම කාලය තිබේ. මෛත්‍රි බුදුන් වහන්සේ පැමිනෙන්න තව විසි අසංඛ කල්ප ලක්ශයක් යැයි සදහන් වේ.
බොසතාණන් වහන්සේට පින් අනුමොදන් කරාට කමක් නැත, ඔබට යමක් කරගෙන මිස, ඒ නිසා මෛත්‍රි බොසතාණන් වහන්සේ උන්වහන්සෙගේ අග්‍ර ශාවකයො, තෘතිය ශ්‍රාවක, ධර්ම භාණ්ඩාගාරික වගේ මහා ශ්‍රාවකයො දෙපාර දෙපාර පෙරුම් පිරිය යුතුය උන්වහන්සේත් සමගම. එ නිසා ඔබත් පින් කුසල් කරගන්න, බත් ඇටයක් බුදුන් වහන්සේට පුජා කර ඇත්නම් මෛත්‍රි බොසතාණන් වහන්සේ සිහිකොට සහා ගෞතම බුදුන් වහන්සේ සිහිකොට, මෛත්‍රි බුදුන් වහන්සේ ඔබව සොයා එනවා සසරෙන් එගොඩ කරන්න, ඒ නිසයි උන්වහන්සේ මෙතරම් විර්යය අධික බුදුවරයෙක් ලෙස කර්මවිශයේ සටහන් වෙන්නේ.
බොදිසත්වයො රැගත් පුන්කළසෙහි තෙරුම
සංස්කරණයඔබ බොහො මෛත්‍රි බොදිසත්ව පිලිම වල දැක ඇති උන්වහන්සේ කළයක් රැගනවිත් සිටින ආකරය. මේ කළය ඔබට දැකගන්නට ලැබෙන්නේ, අප මහා ගෞතම බුදුන් වහන්සේ, ආනන්ද හාමුදුරුවො, මෛත්‍රි බොදිසත්වයො සහා රහතුන් වහන්සෙලා කිහිප නමක් සමග විශාලා මහනුවරදි තුන්බිය නසන වෙලාවේදි රතන සුත්‍රය සජ්ජායනා කිරිමෙන් අනතුරුව විශාලා මහනුවරටම පිරිත් පැන් ඉසිනු ලැබුවේය. ඉන් අනතුරුව ධර්ම භාණ්ඩාගාරික අනන්ද තෙරුන් බුදුන් වහන්සේගේ ප්‍රශ්න කර සිටියා පිරිත් පැන් කොපමණ ඉස්සත් ඉවර නොවි කළය මත පැන් රැදෙන බවය, ඉන් අනතුරුව ගෞතම බුදුන් වහන්සේ ආනන්ද තෙරුන්ට දේශනා කරනවා ඒ පැන් බද්‍ර කල්පයේ අවසන් සම්බුද්ධ රාජ්‍යය කරා එලබෙන මෛත්‍රි බොදිසත්වයාණන් වහන්සේට පුජා පිණිස බුද්ධ අධිශ්ඨානයකින් රැදෙන පැන්ය. ඒ නිසා ඒ පැන් කළය මෛත්‍රි බොදිසත්වයාණන් වහන්සේටම බාර දෙනු මැන ලෙස ගෞතම බුදුන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සෙට දේශනා කර, මෛත්‍රි බොදිසත්වයාණන් වහන්සේගේ ගමණට බාදා කරන යම් කෙනෙක් වෙ නම් ඒ ගමණට බාදා කරන සියලුම පිරිස් දමණය කිරිම සදහා උන්වහන්සේට ඒ පිරිත් පැන් කළය බාර දෙන මෙන් බුදුන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේට සැළ කර සිටි සෙක. [7]
මූලාශ්‍ර
සංස්කරණය- කේතුමතී රාජධානිය - කොටුගොඩ ධම්මාවාස හිමි රචිත
- මෛත්‍රි ගෞතම බොසතාණන් වහන්සෙලාගේ ආගිය කතා පටිගත වූ දේශනා
- සද්ධර්මරතනාකරය/පරිච්ඡෙද 5-6
- අශ්චර්‍යයමත් ශ්‍රි සද්ධර්මය - ත්‍රිපිටක මූලාශ්‍ර සහා සුත්‍ර දේශනා අසුරෙන්.
- අනාගත බුද්ධ වංශය
- පන්සියපනස් ජාතක පොත
බාහිර සබැඳි
සංස්කරණය- ^ "ගෞතම මෛත්‍රි සාසනය මාරු වෙන විට බොදිසත්වයාණන් වහන්සේ කතාකරපු වචන".
- ^ "Kelaniya Raja Maha Viharaya".
- ^ "නොඇසු සත්‍ය සොයා - මෛත්‍රි බොදිසත්වයාණන් වහන්සේගේ ආත්මභාවයක් වන සුද්ධත්ත සිටුවරයාගේ ඔබ නොඇසූ කතාව".
- ^ "නොඇසු සත්‍ය සොයා - අනාගතයේ මෛත්‍රි බුදුන් බුදුවන අකාරය සම්පුර්ණ කොටස".
- ^ "අනාගත බුද්ධ වංශය - කේතුමතී රාජධානිය".
- ^ "නොඇසු සත්‍ය සොයා - අවු 2100දී ලොකයේ සිදුවෙන මහා දරුණු විනාශය".
- ^ මේ කාරණා තෙරවාදි ධර්ම දේශනා කිහිපයකින් උපුටා ගන්නා ලද බව මෙයින් සනාථ කරමි
මෙම ලිපිය කිසිම අන්තර්ගතයට අදාළ ප්‍රවර්ගයකට එකතු කොට නොමැත. අදාළ විෂයය පිලිබඳව ඔබ දැනුවත් නම්, ප්‍රවර්ගකරණයට දායකවීමට කාරුණික වන්න. එමගින් මෙය , අංකුර ලිපි ප්‍රවර්ගවලට අමතරව වෙනත් සමජාතීය පිටු සමඟ ලැයිස්තුගත වනු ඇත. (2024 ජූලි) |