මීරිගම යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කය තුල පිහිටා තිබෙන නගරයකි. එය කොළඹ සිට කිලෝමීටර 57 ක හා, මීගමුව සිට කිලෝමීටර 34 ක දුරින් පිහිටා තිබේ.

මීරිගම
Mirigama
නගරය
රට ශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත, ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූ ඩී.එස්. සේනානායක මහතාගේ උපන්බිම වන්නේද මීරිගමයි.

මීට අමතරව සිංහ රෙජිමේන්තු හමුදා පුහුණු කඳවුර සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත්, ප්‍රධාන රේඩාර්පළ පිහිටුවා තිබෙන්නේද මීරිගම තුල වෙයි.

මීරිගම ධාවන පථයසංස්කරණය

මීරිගම ඉදිකොට තිබෙන, සුපිරි ධාවන පථය (Super Race Track), මෝටර්සයිකල් හා කාර් ධාවන තරඟ පැවැත්වීම සඳහා භාවිතා කරනු ලැබේ. කිලෝමීටර 1.4 ක් දිග හා මීටර් 30 ක් පළල මීරිගම ධාවන පථය, අක්කර 11 ක පමණ විහිදුණු භූමි ප්‍රමාණයක ඉදිකොට තිබෙයි.[1]

සංචාරක ආකර්ෂණසංස්කරණය


ප්‍රදේශයේ පිහිටි පාසල්සංස්කරණය

  • ඩඩ්ලි සේනානායක ආදර්ශ මහා විද්‍යාලය.
  • ශ්‍රි විිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිමලවංශ කණිෂ්ඨ විද්‍යාලය
  • ඩී.එස්.සේනානායක මධ්‍ය මහා විද්‍යාලය.
  • බණ්ඩාරනායක විද්‍යාලය, මීරිගම.
  • කන්දගමුව මහා විද්‍යාලය.
  • හේනේපොල කණිෂ්ඨ විද්‍යාලය.
  • බෝතලේ කණිෂ්ඨ විද්‍යාලය.
  • කීනදෙනිය මහා විද්‍යාලය.
  • තවලම්පිටිය මහ විද්‍යාලය.

වෙබ් පිටුසංස්කරණය

සමාජ මාධ්‍ය කණ්ඩායමසංස්කරණය

ආශ්‍රිතසංස්කරණය

  1. "ඩ්‍රීම්ස් බිකම් අ රියැලිටි". නේෂන්.එල්කේ. සම්ප්‍රවේශය 21 මැයි 2014.

බාහිර සබැඳිසංස්කරණය

ඛණ්ඩාංක: 7°14′29″N 80°7′57″E / 7.24139°N 80.13250°E / 7.24139; 80.13250

"https://si.wikipedia.org/w/index.php?title=මීරිගම&oldid=459755" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි