මාලු වල රසදිය
රසදිය අඩංගු මාළු විශේෂයෙන් ගැබ්ගෙන ඇති කාන්තාවන්, කිරි දෙන මව්වරුන් සහ කුඩා දරුවන් ට ඉතා අහිතකරය.මසුන්ගේ හා ඉස්සන් කකුළුවන් වැනි බාහිර කවච ඇති ජලජ ජීවීන් තුලද බහුලව රසදිය අඩංගුවේ. මෙතිල් රසදිය ඉතා විෂ සහිත කාබනික සංයෝගයකි. රසදිය ප්‍රධාන වශයෙන්ම මිනිස් සිරුරට ඇතුලු වන්නේ මසුන් සහ වෙනත් මුහුදු ආහාර මගිනි..ඉතා විෂ සහිත බැර ලෝහයක් වන රසදිය මිනිහාට සතුන්ට මෙන්ම මුලු පරිසර පද්ධතියටම හානිදායකය.[1][2]
පාලිත පරිසරයක් තුල ඇතිකරන මසුන් තුල උවද රසදිය අඩංගු විය හැක.පාලිත පරිසරයක් තුල ඇති කරන මුහුදු ජීවීන්ට ලබාදෙන ආහාර තුල රසදිය අඩංගුවිය හැක.ශාක සහ සත්ව ප්ලවාංග පරිභෝජනය කරන මත්ස්‍යයන් හරහා මෙන්ම දිය යට අවසාදිත වැනි ආහාර නොවන ප්‍රභවයන් හරහා රසදිය පැමිණිය හැක.
මාලු නිෂ්පාදනවල විවිධ ප්‍රමාණවලින් බැර ලෝහ අඩංගු බව පෙන්වා දී ඇත, විශේෂයෙන් රසදිය සහ බැර ලෝහ මෙන්ම වෙනත් ජල දූෂක ආහාර දාම ඹස්සේ මසුන්ගේ සිරුරට ඇතුල්වේ. කෙළවල්ලා, මෝරා, තලපතා, සැමන් සහ බොහෝ විලොපික මසුන් සහ බොහෝ කාලයක් ජීවත්වන මසුන් තුල ඉහල මට්ටමක රසදිය අඩංගුවේ. [3] ආහාර දාමවල ඉහල පුරුක් සහ උග්‍ර විලොපිකයන් වන ඩොල්පින් තල්මසුන් වැනි මුහුදු ක්ෂීරපායින් තුලද ඉහල ප්‍රතිශතවලින් රසදිය හා වෙනත් බැර ලෝහ පවතී.
ජෛව එක්රැස්වීම
සංස්කරණයමිනිස් සිරුරට රසදිය ඇතුලුවන ප්‍රධානම ක්‍රමය වන්නේ මසුන් ආහාරයට ගැනීමය.[4] රසදිය සහ මෙතිල් රසදිය ඉතා සුලු ප්‍රමානවලින් මුහුදු ජලයේ පවතී. ඈල්ගී මගින් මුහුදු ජලයේ දියවී ඇති රසදිය උරාගනී.මෙසේ රසදිය උරාගත් ඇල්ගී ශාක භක්ශක මසුන් ආහාරයට ගනී එමගින් ඇල්ගීවල පැවති රසදිය ශාකභක්ශක මසුන්ගේ සිරුරට ඇතුලුවේ.ශාකභක්ශක මසුන්ව ආහාරයට ගන්නා මසුන්ට ආදී වශයෙන් ආහාර දාමය ඹස්සේ ඉහල පුරුක් වෙත රසදිය ගලා යයි.අනෙකුත් බැර ලෝහද මෙ ආකාරයෙන්ම ආහාර දාම ඹස්සේ ගමන් කරයි.[5] මෙතිල් රසදිය ජලයේ අද්‍රාව්‍ය නිසා සතුන්ගේ සිරුරෙන් බැහැරව නොයයි.එනිසා රසදිය සත්ව පටක .තුල තැන්පත්වේ.[6] ආහාර දාම වල ඉහල පුරුක්වල සිටින මසුන් වැඩි කාලයක් ජීවත්වන මසුන් සමකාසන්න ජලජ පරිසරවල සිටින මසුන් තුල ඉහල සාන්ද්‍රණයකින් යුත් රසදිය අඩංගුවේ.[7] වයස්ගත මසුන් තුල ඉහල ප්‍රතිශත වලින් රසදිය අඩංගුවේ.[7] විලොපික මසුන් මුහුදු ලිහිණියන් මුහුදු රාජාලියන් වැනි මාංශභක්ෂක සතුන්ගේ සිරුරු තුලද ඉහල රසදිය මට්ටමක් තිබිය හැක.
ජලජ රසදිය දූෂණය
සංස්කරණයරසදිය ජලජ පරිසරයට එක්වන ප්‍රධාන ක්‍රම තුනක් ඇත.ඒවා නම් ගිනිකඳු සහ භූතාප සහ මිනිස් ක්‍රියාකාරකම් ය.මේ අතරින් මානව ක්‍රියාකාරකම් වර්ථමානයේ ඉතා ඉහල අගයක් ගනී. [8]
මානව ක්‍රියාකාරකම් අතර ෆොසිල ඉන්දන දහනය, සිමෙන්ති නිෂ්පාදනය, ඛනිජ තෙල් නිස්සාරණය, ඛනිජ කැණීම් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය සායනික අපද්‍රව්‍ය සහ වෙනත් අපද්‍රව්‍ය ජලයට මුදා හැරීම දැක්විය හැක.[8] 2010 වසරේ සිදු කරන ලද අද්‍යනයන්ට අනුව මානව ක්‍රියාකාරකම් නිසා පරිසරයට නිකුත්වී ඇති රසදිය ප්‍රමාණය මෙක්ට්‍රික් ටොන් 1,960 ඉක්මවයි.මෙ අතරින් වැඩිම රසදිය ප්‍රමාණයක් පරිසරයට එක්වී ඇත්තේ ෆොසිල ඉන්දන දහනයෙනි.[8]
අවසානයේ මත්ස්‍යයන් තුළට ඇතුළු වන රසදියවලින් වැඩි ප්‍රමාණයක් (ඇස්තමේන්තුගත 40%ක්) ගල් අඟුරු දහන බලාගාර සහ ක්ලෝරීන් නිෂ්පාදන කම්හල්වලින් නිකුත්වී ඇත. [9] එක්සත් ජනපදයේ රසදිය දූෂණය වීමේ ප්‍රධානතම ප්‍රභවය ගල් අඟුරු ඉන්ධන බලාගාරය. [10] ගල් අගුරු වල රසදිය අඩංගු වන අතර විදුලිය නිපදවීම සඳහා එය දහනය කරන විට රසදිය දුමාරයක් ලෙස වායුගෝලයට මුදා හැරේ. පසුව මේවා වර්ෂා ජලය සමග ජල මූලාශ වලට එකතුවේ. [9]
පසේ අඩංගු රසදිය ශාක වලට අවශෝෂණය කර ගන්නා බැවින් ලැව් ගිනි සහ දර දහනයේදී රසදිය වාතයට එකතුවේ.පසුව වර්ෂා ජලය සමග නැවත පොළව මතුපිටට පැමිණේ.මෙම රසදිය ගංගා ඇළ දොළ ඹස්සේ ගලාවිත් අවසානයේ මහ සයුරට එක්වේ. 2008 වසරේ සිදු කරන ලද අධ්‍යනයන්ට අනුව ටොන් 3,700 පමණ රසදිය ප්‍රමාණයක් ගංගා ඹස්සේ මුහුදට එක්වනබව සොයාගෙන ඇත.[8] මෙසේ සයුරට එක්වන රසදිය යම් ප්‍රමාණයක් මෙතිල් රසදිය බවට පත්වේ.[8]
ගෝලීය වෂයෙන් වැඩිම රසදිය ප්‍රමාණයක් පරිසරයට මුදා හරින්නේ ඇමරිකා එක්සත් ජනපදය විසිනි.එය ගෝලීය මට්ටමෙන් 50% ක් පමණවේ.[11] ඝානාව වැනි රටවල් රන් නිස්සාරණයේදී වැඩිම රසදිය ප්‍රමාණයක් මුදාහරින රටකි.[12]
රසදිය බොහෝ විට ගල් අඟුරු බලාගාරවලින් පිටකරන අතර ඔක්සිකරණය වූ රසදිය බොහෝ විට දහන යන්ත්‍රවලින් නිකුත්වේ. තෙල්වලින් ක්‍රියාත්මක වන බලාගාර ද පරිසරයට රසදිය එක්කරයි. [1] එබැවින් රසදිය පරිසරයට මුදාහරින ප්‍රධාන මූලාශ්‍රය වන්නේ බලශක්ති කර්මාන්තයයි .
ජලජ රසදිය දූෂණය
සංස්කරණයජලජීවී වගාව හෙවත් පාලිත තත්වයන් යටතේ ජලජ ජීවීන් ඇති කිරීමේදීද එම ජීවීන්ට දෙන ආහාර වල රසදිය අඩංගු විය හැක.ආහාර වලින් පමණක් නොව මසුන් ගේ සිරුරු තුලට ආස්‍රැතිය මගින්ද ජලයේ දියවී ඇති රසදිය හා වෙනත් බැරලෝහ ඇතුලුවේ.පාලිත පරිසර තත්ව යටතේ ඇතැම් මසුන් සහ ඉස්සන් කකුළුවන් වැනි අපෘෂ්ටවංශින් ද මිනිස් ආහාර පිනිස ඇති කරයි.
හවායි සමුද්‍රීය පර්යේෂණ ආයතනයේ(Hawaii Institute of Marine Biology) අධ්‍යන වාර්ථාවන්ට අනුව මුහුදු ජීවීන් තුල රසදිය ඊයම් ආසනික් වැනි බැර ලෝහ ඉහුලව අඩංගුවේ.
රසදිය මිරිදිය ජලය තුලත් අඩංගුවේ.කර්මාන්තශාලා වලින් පරිසරයට මුදාහරින අපද්‍රව්‍ය තීන්ත ආරෝග්‍යශාලා වලින් ඉවතලන සායනික අපද්‍රව්‍ය ඉලෙක්ට්‍රොනික අප ද්‍රව්‍ය ජල මුලාශ්‍ර වලට මුදා හැරේ.[7] මෙම රසදිය බැක්ටීරියා මගින් මෙතිල් රසදිය බවට හරවයි.ආහාර දාම ඹස්සේ ඉහළ පුරුක් වෙත ගමන් කරන්නේ මෙම මෙතිල් රසදියයි.[7]
සෞඛ්ය බලපෑම් සහ ප්රතිඵල
සංස්කරණයඅසමාන බලපෑම්
සංස්කරණයමත්ස්යයන්ගේ රසදිය අන්තර්ගතය සියලු දෙනාට එකසේ බලපාන්නේ නැත. ඇතැම් ජනවාර්ගික කණ්ඩායම් මෙන්ම කුඩා දරුවන් ද මෙතිල් රසදිය විෂ වීමෙන් පීඩා විඳීමට වැඩි ඉඩක් ඇත.මසුන් වැඩිපුර ආහාරයට ගන්නා පුද්ගලයන්ට රසදිය මගින් ඇති කරන අහිතකර විපාක බහුලය ඇමරිකා එක්සත් ජනපදයේ ස්වදේශික ඇමරිකානුවන්, ආසියානු, පැසිෆික් දූපත් වැසියන් වැනි මසුන් බහුලව අනුභව කරන පෙදෙස්වල හඳුනා ගන්නා ලද කාන්තාවන්ගෙන් නිර්දේශිත රසදිය මාත්‍රාව ඉක්මවා රසදිය පැවති බව සොයාගෙන ඇත. [13] උතුරු අත්ලාන්තික් සාගරයේ ෆාරෝ දූපත් වල ළමුන් සම්බන්ධයෙන් කරන ලද අධ්‍යයනයකින් පෙන්නුම් කළේ ගර්භණී සමයේදී මව්වරුන් තල්මසුන්ගේ මස් අනුභව කිරීමෙන් ඹවුන්ගේ දරුවන්ට ස්නායු ආබාධ ඇති වන බවයි [14] ( ෆාරෝ දූපත්වල තල්මසුන් බලන්න). 2020 NBER පත්‍රිකාවක් මගින් සොයාගෙන ඇත්තේ කොලොම්බියාවේ වෙරළබඩ ප්‍රදේශයේ රසදිය ප්‍රමාණය වැඩි කාලවලදී උපත ලබන දරුවන් තුල අධ්‍යාපනික හැකියාව සහ ක්‍රියාශ්‍රීලී බව අඩු බවයි සොයාගෙන ඇත.රසදිය බහුල මසුන් ආහාරයට ගන්නා දරුවන්ට බුදධි වර්ධනය අඩුවීම ස්නායු ආබාධ ඇතිවීම ආදී විවිධ සංකූලතා ඇතිවන බව පරික්ෂණ මගින් තහවුරු කරඇත . [15]
නියාමනය සහ සෞඛ්යය
සංස්කරණයවිවිධ අධ්‍යයනයන් මගින් මත්ස්‍යයන් තුළ එකතු වී ඇති රසදිය සාන්ද්‍රණය ඉහළ මට්ටමක පවතින බව පෙන්වා දී ඇති අතර, සිද්ධීන් බොහෝ විට වාර්තා නොවන අතර මසුන්ගේ රසදිය මානව විෂ සහිත සහසම්බන්ධ කිරීමේ දුෂ්කරතාවයක් ඇති කරයි. පාරිසරික ගැටළු පුළුල් පරාසයක ප්‍රදේශ ආවරණය කරයි, නමුත් කර්මාන්තශාලා හෝ ඉදිකිරීම් ප්‍රදේශ මගින් පරිසරයට මුදා හරින දූෂක සමඟ සම්බන්ධ වන අවස්ථා පරිසරයට පමණක් නොව මිනිස් යහපැවැත්මට ද බලපාන මහජන සෞඛ්‍ය ගැටලු ඇති කරයි. නිශ්චිත ප්‍රමාණයකින් හෝ මාත්‍රාවකින් මිනිස් සිරුරට විෂ සහිත ද්‍රව්‍ය කාලයත් සමඟ කිසිදු රෝග ලක්ෂණයක් ඇති නොකර ශරීරයයේ තිබිය හැකිය. රසදිය යනු යම් කාල පරිච්ඡේදයක් තුළ ශරීරය එය සමුච්චය වන විට ක්ෂණික ශාරීරික රෝග ලක්ෂණ ඇති කරන විශේෂිත විෂකි.
එක්සත් ජනපදයේ, පාරිසරික ආරක්ෂණ ඒජන්සිය මිනිස් රුධිරයේ ඇති රසදිය ප්‍රමාණය මාරාන්තික සෞඛ්‍ය ප්‍රතිවිපාක ඇති කිරීමට හැකිබව පෙන්වාදේ. [16] දරු ප්‍රසූතියේ කාන්තාවන්ගේ රුධිර රසදිය සාන්ද්‍රණය විශ්ලේෂණය කිරීමෙන් මෙතිල් රසදිය (MeHg) වලට නිරාවරණය වීම ප්‍රධාන වශයෙන් මසුන් පරිභෝජනය හරහා සිදුවන බව ලේඛනගත කර ඇත. [17] ගැබිනි කාන්තාවන් සහ කුඩා දරුවන්ට විශේෂයෙන් අමු මාළු ආහාරයට ගැනීම නිරදේශනොකරයි. [18]
එක්සත් ජනපදයේ, EPA මගින් මිනිසුන්ට මාරාන්තික නොවන රසදිය මට්ටම් පිළිබඳ උපදෙස් සපයයි. මෙතිල් රසදිය ඉහළ මට්ටමකට නිරාවරණය වීමේ රෝග ලක්ෂණ අතරට බාධා වූ පෙනීම, ශ්‍රවණය සහ කථනය, ස්නායු ආබාධ සහ මාංශ පේශි දුර්වලතාවය දැක්විය හැක. වෛද්‍ය අධ්‍යයනයන් මත්ස්‍ය පරිභෝජනය සහ සෞඛ්‍ය ගැටලු අතර සහසම්බන්ධය පරීක්ෂා කර ඇත. ඇමරිකානු අධ්‍යයනයන් මගින් මත්ස්‍ය පරිභෝජනය සහ ළමා සංවර්ධනය කෙරෙහි එහි බලපෑම පිළිබඳ සාක්ෂි ඉදිරිපත් කර ඇත. මානව ක්‍රියාකාරකම් සාගර ජීවීන් තුළ එකතු වන රසදිය මුදා හරින බව දිගු අධ්‍යයනයන් ගෙන් සනාථ වේ. [19]මත්ස්‍ය පරිභෝජනය පිළිබඳ ගැටළු විසඳීම, මිනිස් සිරුරේ රසදිය ප්‍රභවයන් හඳුනා ගැනීමට සෞඛ්‍ය නිලධාරීන් විසින්සිදු කරයි. විශේෂයෙන් ස්වදේශික ඇමරිකානු ගෝත්‍රිකයන් රසදිය අධික ලෙස නිරාවරණය වීමකට ගොදුරු වේ. එක්සත් ජනපදයේ මෙම ස්වදේශික ජනයා රටේ වෙනත් ඕනෑම කණ්ඩායමකට වඩා රසදිය විෂ වීමෙන් හා රෝගාබාධවලින් පීඩා විඳින බව අධ්‍යයනයන් විසින් පෙන්වාදී ඇත. මෙයට හේතුව ඹවුන් මසුන් වැඩිපුර ආහාරයට එක්කර ගැනීමයි. [20]
රසදියවලට නිරාවරණය වන දරුවන් විශේෂයෙන් වැඩිහිටියන්ට වඩා අහිතකර ප්‍රතිවිපාකයනට ගොදුරුවේ. [21] මෙතිල් රසදිය නිසා දරුවන්ගේ වරධනය බාලවීම මොළයේ වර්ධනය බාලවීම සංජානන ආබාධ ස්නායු ආබාධ වැනි දිගු කාලීන ප්‍රතිවිපාක වලට භාජනයවේ. [21] රසදිය නිසා තරුණයන්ට සිදුවන හානිය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී විශෙෂයෙන් ගර්භනී කාන්තාවන්ට ඇතිවන බලපෑම ඉතා ඉහලය.පූර්ව ප්‍රසව අවදියේ මෙතිල් රසදිය නිසා දරුගැබේ වර්ධනය අඩාල වීම ශාරීරික සහ මානසික ආබාධ සහිත දරුවන් බිහිවීම සිදුවිය හැක.එසේම වකුගඩු අකර්මන්‍ය වීම පිළිකා වැනි රෝග වැඩිහිටියන්ට ඇතිවේ [22]
ආර්ථික වශයෙන් ගත්තල වෙළඳපොළෙන් මාළු මිලදී ගැනීමේ හැකියාව මත රසදිය නිරාවරණයේ වෙනසක් ඇති බවක් නොපෙනේ. කෙසේ වෙතත් ආර්ථික ශක්තිය වැඩි ප්‍රද්ගලයින් ආහාර දාම වල ඉහල පුරුක් නියෝජනය කරන ලොකු මාලු වැඩිපුර මිලදී ගනී.මෙම මසුන් තුල රසදිය මට්ටම ඉහලය [23]
ජාතිය අනුව
සංස්කරණයසමහර රටවල සංස්කෘතික වෙනස්කම් ඇති අතර එය වැඩි මත්ස්‍ය පරිභෝජනයට තුඩු දෙන අතර එම නිසා මුහුදු ආහාර මෙතිල්ර් රසදිය වලට නිරාවරණය විය හැකිය. ඝානාවේ, දේශීය ජනගහනය සාම්ප්‍රදායිකව විශාල මාළු ප්‍රමාණයක් පරිභෝජනය කරන අතර එමඟින්ඹවුන්ගේ රුධිරගත රසදිය මට්ටම ඉතා ඉහල අගයක් ගනී. ඇමසෝනියානු ද්‍රෝණියේ වැසි සමයේදී ශාකභක්‍ෂක මත්ස්‍යයන් අනුභවය බහුලය. එය සමස්ත ආහාර ප්‍රමාණයෙන් 72.2% පමණවේ.ශාක භක්ෂක මසුන් උවද අධිකව ආහාරයට ගැනීම මගින් සිරුරට එක්වන මෙතිල් රසදිය මට්ටම වැඩිකරයිඇමසන් වනාන්තරයේ දිනපතා මාළු අනුභව කරන මිනිසුන්ගේ හිසකෙස්වල රසදිය අන්තර්ගතය වැඩි බව අධ්‍යන මගින් පෙන්වාදී ඇත.එම නිසා ඹවුන් අතර තට්ටය පෑදීම බහුලව දක්නට ලැබේ.
මෑත ඉතිහාසයේ රසදිය විෂ වීමේ බරපතලම සිද්ධිය වාර්තා වූයේ 1950 හේදී ජපානයේ මිනමාටා නගරයෙන් ය. මිනමාටා විෂ වීම මගින් පෙන්නුම් කෙරෙන්නේ ප්‍රසව හා පශ්චාත් ප්‍රසවෙ කාලය තුල මෙතිල් රසදිය ඉහළ මට්ටමකට නිරාවරණය වීම බරපතල ස්නායු ආබාධ ඇති කළ බවයි. මිනමාටා රෝගීන් මානසික රෝග වලට ගොදුරුවීම නිදන් ගත ස්නායු ආබාධ ඇතිවීම දක්නට ලැබුණි.
මිනමාටා රෝගය
සංස්කරණය1950 ගණන් වලදී, ජපානයේ කියුෂු දූපතේ මිනමාටා මුහුදු වෙරළේ වැසියන් සතුන්ගේ අමුතු හැසිරීම් දුටුවේය. බළලුන් වෙව්ලීම, අමුතු ආකාරයෙන් නැටීම සහ කෑගැසීම් පෙන්නුම් කළහ. වසර කිහිපයක් ඇතුළත, මෙය අනෙකුත් සතුන් තුළ නිරීක්ෂණය විය; කුරුල්ලෝ අහසින් වැටීම වැනි අසාමාන්‍ය සිදුවීම් වාරථා විය..පසුව මිනිසුන් තුලද අසාන්‍යතා වාර්ථා වීමත් සමග මේ පිළිබද පර්යේෂණ ආරම්භ විය. විශේෂයෙන් මසුන් බහුලව ආහාරයට ගන්නා පුද්ගලයන් තුල රෝග ලක්ෂණ නිරීක්ෂණය විය. 1956 දී පමණ මිනිස් රෝග ලක්ෂණ පෙනෙන්නට පටන් ගත් විට පරීක්ෂණයක් ආරම්භ විය. 1957 දී මසුන් ඇල්ලීම නිල වශයෙන් තහනම් කරන ලදී. වයිනයිල් ක්ලෝරයිඩ් වැනි ප්ලාස්ටික් නිපදවන පෙට්‍රෝ රසායනික සමාගමක් වන චිසෝ කෝපරේෂන් දශක ගණනාවක් තිස්සේ බැර ලෝහ අපද්‍රව්‍ය මුහුදට මුදා හරින බව සොයා ගන්නා ලදී. ඔවුන් තම සංස්ලේෂණයේදී උත්ප්‍රේරක ලෙස රසදිය සංයෝග භාවිතා කළහ. මිනිසුන් 5,000 ක් පමණ මිය ගිය අතර සමහර විට 50,000 ක් දෙනා තුල රසදිය විෂ වීම ඇතිවූ බව විශ්වාස කෙරේ. ජපානයේ මිනමාටා හි රසදිය විෂ වීම දැන් මිනමාටා රෝගය ලෙස හැඳින්වේ.
දූෂණය මට්ටම්
සංස්කරණයවඩාත්ම දූෂිත මාළු විශේෂ
සංස්කරණයමාළු පරිභෝජනයෙන් අනතුරුදායක මට්ටම විශේෂ සහ ප්රමාණය මත රඳා පවතී. සමුච්චිත රසදිය මට්ටම් ඉහළ යාමේ හොඳම පුරෝකථනය ප්‍රමාණයයි. මැකෝ මෝරා වැනි මෝරුන්ගේ රසදිය ඉතා ඉහළ මට්ටමක පවතී. නිව් ජර්සි වෙරළබඩ මත්ස්‍යයන් පිළිබඳ කරන ලද අධ්‍යයනයකින් පෙන්නුම් කළේ නියැදි මසුන්ගෙන් තුනෙන් එකක රසදිය මට්ටම් මිලියනයකට කොටස් 0.5 ට වඩා වැඩි බවත්, මෙම මාළු නිතිපතා ආහාරයට ගන්නා පාරිභෝගිකයින්ට සෞඛ්‍ය ගැටලුවක් ඇති කළ හැකි මට්ටමක් පවතින බව දකුණු ඉතාලිය අවට ජලයෙන් අල්ලා ගන්නා ලද වෙළඳපල මසුන් පිළිබඳ තවත් අධ්‍යයනයකින් හෙළි වූයේ, නිසැකවම, වැඩි මාළු බර මාළු ශරීර පටකවල ඇති අතිරේක රසදිය සඳහා හේතු වන බවයි. තවද, මාළු කිලෝග්‍රෑමයකට රසදිය මිලිග්‍රෑම් වලින් මනිනු ලබන සාන්ද්‍රණය මාළු ප්‍රමාණය සමඟ ක්‍රමයෙන් වැඩිවේ. ඉතාලියේ වෙරළට ඔබ්බෙන් වූ ඇන්ග්ලර් මත්ස්‍යයන් කිලෝග්‍රෑමයකට රසදිය මිලිග්‍රෑම් 2.2 ක් තරම් ඉහළ සාන්ද්‍රණයකින් හමු වූ අතර, එය කිලෝග්‍රෑමයකට රසදිය මිලිග්‍රෑම් 1 ක නිර්දේශිත සීමාවට වඩා වැඩි ය. වාර්ෂිකව, ඉතාලිය එහි මසුන්ගෙන් තුනෙන් එකක් පමණ අල්ලා ගන්නේ ඇඩ්‍රියාටික් මුහුදෙන්, මෙම ඇන්ග්ලර්ෆිෂ් හමු විය.
යම් ආකාරයකට ගොදුර පරිභෝජනය කරන මත්ස්‍යයන් තුළ අනෙකුත් විශේෂවලට වඩා රසදිය සාන්ද්‍රණය බෙහෙවින් වැඩි විය හැක. චීනයේ වෙරළට ඔබ්බෙන් ඇති ග්‍රාස් කාප්, බිග්හෙඩ් කාප් වලට වඩා අභ්‍යන්තර රසදිය රඳවා තබා ගනී. මෙයට හේතුව වන්නේ බිග්හෙඩ් කාප් පෙරහන් පෝෂක වන අතර තණකොළ කාප් නොවේ. මේ අනුව, බිග්හෙඩ් කාප් කුඩා ප්ලවාංග විශාල ප්‍රමාණයක් අනුභව කිරීමෙන් මෙන්ම මෙතිල් රසදිය සැලකිය යුතු ප්‍රමාණයක් එකතු කරන අවසාදිත උරා ගැනීමෙන් වැඩි රසදිය එකතු කරයි.
- ^ a b Park, K. S.; Seo, Y.-C.; Lee, S.J.; Lee, J.H. (2008). "Emission and Speciation of Mercury from various Combustion Sources". Powder Technology. 180 (1–2): 151–156. doi:10.1016/j.powtec.2007.03.006.
- ^ US EPA, OCSPP (2015-09-03). "Health Effects of Exposures to Mercury". www.epa.gov (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2022-12-27.
- ^ Nutrition, Center for Food Safety and Applied (2022-02-25). "Mercury Levels in Commercial Fish and Shellfish (1990-2012)". FDA (ඉංග්‍රීසි බසින්).
- ^ [United States Environmental Protection Agency United States Environmental Protection Agency]. Washington, D.C. December 1997 http://www.epa.gov/ttn/oarpg/t3/reports/volume3.pdf.
{{cite book}}
:|archive-date=
requires|archive-url=
(help); Check|chapter-url=
value (help); Missing or empty|title=
(help)CS1 maint: location missing publisher (link) - ^ Croteau, M.; Luoma, S. N.; Stewart, A. R (2005). "Trophic transfer of metals along freshwater food webs: Evidence of cadmium biomagnification in nature". Limnol. Oceanogr. 50 (5): 1511–1519. Bibcode:2005LimOc..50.1511C. doi:10.4319/lo.2005.50.5.1511.
- ^ Cocoros, G.; Cahn, P. H.; Siler, W. (1973). "Mercury concentrations in fish, plankton and water from three Western Atlantic estuaries" (PDF). Journal of Fish Biology. 5 (6): 641–647. Bibcode:1973JFBio...5..641C. doi:10.1111/j.1095-8649.1973.tb04500.x. 2014-02-11 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී.
- ^ a b c d "Mercury: What it does to humans and what humans need to do about it". IISD Experimental Lakes Area. 2017-09-23. සම්ප්‍රවේශය 2020-07-13.
- ^ a b c d e "Global Mercury Assessment 2013: Sources, Emissions, Releases and Environmental Transport" (PDF). UNEP Chemicals Branch, Geneva, Switzerland. 2013. 2014-04-01 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 18 Apr 2014.
- ^ a b March 10; Menon, 2016 Shanti (10 March 2016). "Mercury Guide". NRDC (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2022-07-27.
{{cite web}}
: CS1 maint: numeric names: authors list (link) - ^ Dean, Cornelia (2009-08-20). "Mercury Found in Every Fish Tested, Scientists Say". The New York Times (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). ISSN 0362-4331. සම්ප්‍රවේශය 2022-07-27.
- ^ "Mercury and Air Toxics Standard". US EPA. 21 Dec 2011. 27 March 2014 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 7 April 2014.
- ^ Adimado, A (2002). "Mercury in Human Blood, Urine, Hair, Nail, and Fish from the Ankobra and Tano River Basins in Southwestern Ghana". Bulletin of Environmental Contamination and Toxicology. 68 (3): 339–46. Bibcode:2002BuECT..68..339A. doi:10.1007/s001280259. PMID 11993807. ProQuest 18913728.
- ^ Wallace, Sharon D. (7 Sep 2012). "Using Information Technology to Reduce a Health Risk: Effect of a Mercury Calculator on Consumer Fish Choices and Test of a Model for Technology Acceptance by Fish Consumers": 5. 2014-05-07 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 8 Apr 2014.
{{cite journal}}
: Cite journal requires|journal=
(help) - ^ "Mercury in Fish". Obstetrics & Gynecology. 115 (5): 1077–1078. May 2010. doi:10.1097/AOG.0b013e3181db2783.
- ^ Rosenzweig, Mark R; Villagran, Rafael J. Santos (2020). "Is Fish Brain Food or Brain Poison? Sea Surface Temperature, Methyl-mercury and Child Cognitive Development". Working Paper Series. doi:10.3386/w26957.
{{cite journal}}
: Cite journal requires|journal=
(help) - ^ Jorgensen, Budtz; Grandjean, P; Weihe, P (2007). "amounts". Environmental Health Perspectives. 115 (3): 323–327. doi:10.1289/ehp.9738. PMC 1849938. PMID 17431478.
- ^ Weiss, Davidson. "Children" (PDF).
- ^ "Eating Fish: What Pregnant Women and Parents Should Know". www.fda.gov. FDA. 1 August 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 1 May 2018.
- ^ Oken, Emily; Bellinger, D. C. (2008). "Fish Consumption Effects". Current Opinion in Pediatrics. 20 (2): 178–183. doi:10.1097/MOP.0b013e3282f5614c. PMC 2581505. PMID 18332715.
- ^ O'neill, Catherine. "Natives". 2016-03-04 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.
- ^ a b Landrigan, Philip; Rauh, Virginia A.; Galvez, Maida P. (2010). "Environmental Justice and the Health of Children". Mount Sinai Journal of Medicine. 77 (2): 178–187. doi:10.1002/msj.20173. PMC 6042867. PMID 20309928.
- ^ Burger, Joanna; Gochfeld, Michael (2011). "Mercury and Selenium Levels in 19 Species of Saltwater Fish from New Jersey as a Function of Species, Size, and Season". Science of the Total Environment. 409 (8): 1418–1429. Bibcode:2011ScTEn.409.1418B. doi:10.1016/j.scitotenv.2010.12.034. PMC 4300121. PMID 21292311.
- ^ Burger, Joanna (Mar 2005). "Mercury in Commercial Fish: Optimizing Individual Choices to Reduce Risk". Environmental Health Perspectives. 113 (3): 266–271. doi:10.1289/ehp.7315. JSTOR 3436038. PMC 1253750. PMID 15743713.
එක්සත් ජනපද රජයේ විද්‍යාඥයන් විසින් රසදිය දූෂණය වීම සඳහා රට වටා ඇති ජලධාරා 291 ක මාළු පරීක්‍ෂා කළහ. එක්සත් ජනපද අභ්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව විසින් කරන ලද අධ්‍යයනයට අනුව පරීක්‍ෂා කරන ලද සෑම මාළුවකම රසදිය ඔවුන් සොයා ගත්හ. ඔවුන් හුදකලා ග්‍රාමීය ජල මාර්ගවල මසුන්ගේ පවා රසදිය සොයා ගත්හ. පරීක්‍ෂා කරන ලද මසුන්ගෙන් සියයට 25ක රසදිය මට්ටම් තිබුණේ එක්සත් ජනපද පරිසර ආරක්ෂණ ඒජන්සිය විසින් නිතිපතා මාළු අනුභව කරන පුද්ගලයින් සඳහා තීරණය කරන ලද ආරක්‍ෂිත මට්ටමට වඩා ඉහළ අගයක් ගනී.
2012 දී යුරෝපීය ආහාර සුරක්ෂිතතා අධිකාරිය (EFSA) යුරෝපීය රටවල් 20 කට අධික ආහාරවල රසායනික දූෂකයන් පිළිබඳව වාර්තා කළේය. සියලුම වයස් කාණ්ඩවල ආහාර වේලෙහි මෙතිල්මර්කරි සඳහා මූලික වශයෙන් වගකිව යුත්තේ මාළු මස් සහ මාළු නිෂ්පාදන බව ඔවුහු තහවුරු කළහ.
මේකත් බලන්න
සංස්කරණය- රෝග විනිශ්චය බුධ: මුදල්, දේශපාලනය සහ විෂ
- සාගරයේ රසදිය දූෂණය
- ටූනා වල රසදිය
- ආරක්ෂිත වරාය සහතික කළ මුහුදු ආහාර
- තල්මසුන් මස්