මෙයද බලන්න: මුහුදු ආහාර

මාළු යනු මානවයන් ඇතුළු බොහෝ ජීවී විශේෂයන් විසින්පරිභෝජනය කරන්නාවූ ආහාරයකි. "මාළු" යන වචනය සත්වයාට මෙන්ම උගෙන් පිළියෙල කෙරෙන්නාවූ ආහාරයටද භාවිතා වේ. වාර්තාගත ඉතිහාසය තුල මානවයන්ට වැදගත් ප්‍රෝටීන් ප්‍රභවයක් ලෙසින් මාළු පැවැතිණි.

එළවළු සහ ඖෂධ පැලෑටි සමග පිළිගැන්වෙන මාළු.

වචනය සංස්කරණය

සමහරක් භාෂා වල, මාළුවා යන සත්වයා සහ උගෙන් පිළියෙල කරගන්නාවූ ආහාරයට භාවිතා කරන්නාවූ වචන අතර වෙනස් කම් ඇත (ඉංග්‍රීසියෙන් මෙම කරුණ සත්‍ය වන්නේ ඌරු මස් වලට භාවිතා වන පෝක් යන වචනය සහ හරක් මස් වලට භාවිතා කරන බීෆ් යන වචනයේදී වන අතර කුකුළු මස් වලට භාවිතා කරන චිකන් හිදී එසේ නොවේ). ස්පාඤ්ඤ වැනි භාෂා සත්‍ය වශයෙන්ම මෙම වෙනස හුවා දක්වන අතර (පෙස් යන පදය සත්වයාට හා පෙස්කාඩෝ යන පදය ආහාරයට) ඉංග්‍රීසි හෝ ප්‍රංශ වැනි අනෙකුත් භාෂා එසේ නොකරන අතර, මුහුදෙහි හෝ ගංගා වල ජීවත් වන සජීවි මාළු මෙන්ම ආහාර ලේඛනයෙහි සිටින මාළු සඳහාද භාවිතා කරන්නේ එකම පදයකි. සිංහලයෙන්ද, සත්වයාට හා ආහාරයට එකම පදයක්, එනම් මාළු යන්න භාවිතා වේ.

පිළියෙල කෙරුම සංස්කරණය

මුහුදු ආහාර විවිධාකාර වලින් පිළියෙල කර ගත හැක. එය ඉවීමෙන් තොරව (අමුවෙන්) පරිභෝජනය කල හැක(උදා. ෂෂිමි).

"https://si.wikipedia.org/w/index.php?title=මාළු_(ආහාරය)&oldid=311526" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි