මානව ගුදය
මානවයන්ගේ ගුදය යනු, ගුද මාර්ගය බාහිරට විවෘත වන ස්ථානය වෙයි. ගුදයෙහි ප්‍රාථමික කෘත්‍යය වන සිරුරෙන් මල පහ කිරීම සිදු කිරීමෙහිදී, චක්‍රපිධාන විිසින් අසූචි පිටකිරීම පාලනය කරයි. මේවා නම් අභ්‍යන්තර ගුදමය චක්‍රපිධානය සහ බාහිර ගුදමය චක්‍රලිධානය වන අතර, සාමාන්‍යයෙන් විවරයෙහි සංකුංචනය පවත්වා ගෙන යෑමට සහ සාමාන්‍ය කායිකමය ක්‍රියාකාරත්වය සඳහා අවශ්‍ය පරිදී එය ලිහිල් කිරීමට භාවිතා කරනු ලබන වෘත්තාකාර පේශීන් වෙති. අභ්‍යන්තර චක්‍රපිධානයෙහි ක්‍රියාකාරත්වය අනිච්ඡානුග ලෙසින් සිදු වන අතර බාහිර චක්‍රපිධානයෙහි ක්‍රියාකාරත්වය ඉච්ඡානුග එනම් ස්වෙච්ඡාවෙන් සිදු වෙයි. යෝනි මාර්ගයට හෝ වෘෂණ කෝෂයට හෝ පසුපසින් පිහිටා ඇති අධෝභගයට පසුපසින් ගුදය පිහිටා ඇත.
ගුදය | |
---|---|
හඳුන්වන | |
TA | A05.7.05.013 |
FMA | FMA:15711 |
Anatomical terminology |
ගුද සංසර්ගය හා සමගින්, ගුදය විසින් ලිංගිකත්වයෙහි කිසියම් භූමිකාවක් රඟදැක්විය හැකි බව පෙනෙයි. ගුද සංසර්ගය වෙත ආකල්ප විවිධ වන අතර සමහර රටවල එය නීතිවිරෝධි වෙයි. [1] ගුදය බොහෝ විට සිරුරෙහි තහනම් කොටසක් ලෙසින් සැලකෙන අතර,[1] සාමාන්‍යයෙන් අශ්ලීල අවවහර පද වෙතින් හැඳින්වෙයි (නිදසුනක් වශයෙන් සිංහලයෙහි පුක යන පදය දැක්විය හැක). සම්භාවී ආසාදන සහ පිළිකා ආදී වෙනත් තත්ත්වයන් සඳහා ගුදය අඩවියක් වෙයි.[උපහරණ ඇවැසිය] ගුදය සඳහා සිංහලයෙහි සාම්ප්‍රදායික සුසීලාචාර පර්යාය පදය වූයේ මූලය (නිදසුන් වශයෙන් අර්ශස් රෝගයට මූලගාය යන නම වැහැරෙයි) වුවද මෙම සුලාපය වර්තමානයෙහි විරල ලෙසින් ව්‍යවහාර වන අතර වෛද්‍යමය පදය පුළුල් ලෙසින් භාවිතා වෙයි.
- ^ a b "ඒනල් සෙක්ස්, ඩිෆයින්ඩ්". Discovery.com. ජූනි 13, 2002 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය ජූලි 23, 2013.