ජයකොඩිගේ දෝන ධනුක බිමල් ජයකොඩි (උපත: ජුනි 21),[2] ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නළුවෙකි. ඉතා බහුවිධ නළුවෙකු වන ජයකොඩි බොහෝ නාට්‍යමය චරිත සඳහා ප්‍රසිද්ධියක් උසුලන අතර චිත්‍රපට උළෙලවල සම්මාන නාමයෝජනා සඳහා බොහෝ අවස්ථාවල ලක්විය.[3][4][5]

බිමල් ජයකොඩි
Bimal Jayakody
උපත
ජයකොඩිගේ දෝන ධනුක බිමල් ජයකොඩි

21 ජූනි
රැකියාවනළුවා, ගායකයා
සක්‍රීය වසර2000–වර්තමාන
කලත්‍රයා(යන්)සුජානි මේනකා (m. 2007)[1]
ඥාතීන්ගීතා කාන්ති ජයකොඩි (නැන්දා)
රත්න ලාලනී ජයකොඩි (නැන්දා)
සම්පත් තෙන්නකෝන් (මාමා)
පබෝදා සංදීපනී (ඥාති සහෝදරිය)

Personal life සංස්කරණය

ජයකොඩි පවුලේ වැඩිමලා ලෙස උපත ලැබූ අතර, ඔහුගේ පියා ප්‍රාදේශීය දේශපාලනඥයකු මෙන්ම නළුවකු ද වේ. ඔහුගේ සහෝදරයා සංගීතඥයෙක්. ශ්‍රී ලාංකේය ටෙලිනාට්‍ය සහ චිත්‍රපට නිළියක් ද වන ඔහුගේ බිරිඳ සුජානි මේනකා ඔහුට මුණගැසුණේ 2000 වසරේ “රම්‍යා සුරම්‍යා” ටෙලි නාට්‍යයේදීය.[6] They married in 2007

ඔහුගේ පියාගේ සහෝදරියන් දෙදෙනා - ගීතා කාන්ති ජයකොඩි සහ රත්න ලාලනී ජයකොඩි ද ශ්‍රී ලාංකේය සිනමාවේ, රංග කලාවේ සහ රූපවාහිනියේ සම්මානනීය නිළියන් වේ. ජනප්‍රිය නිළි පබෝදා සංදීපනී ගීතා කාන්තිගේ දියණියයි.[7] රත්න ලාලනී විවාහ වී සිටියේ නළුවෙකු වන සම්පත් තෙන්නකෝන් සමඟයි.[8]

පෞද්ගලික ජීවිතය සංස්කරණය

ජයකොඩි ප්‍රධාන වශයෙන්ම රූපවාහිනී නළුවෙකි, ඔහු විවිධ මාදිලියේ රූපවාහිනී කතාමාලා රාශියකට දායක විය.[9] රූපවාහිනිය හැරුණු විට ඔහු "අපහු එන්න බා" වැනි වේදිකා නාට්‍ය කිහිපයක ද රඟපෑවේය.[10]

ජයකොඩි සිය සිනමා දිවිය ආරම්භ කළේ 2006 වසරේදී සුළු චරිතයක් වුවද "අලි පැටියෝ ඔයයි මමයි" චිත්‍රපටියෙනි.[11] ඉන් පසුව ඔහු සිනමාවේ ‘‘සංක්‍රාන්ති’’,[12] ‘‘ගාමණී’’,[13] ‘‘අබා’’, ‘‘සිරි පැරකුම්’’, ‘‘සක්කරං’’ වැනි අවස්ථා රැසක ප‍්‍රමුඛ සහ විචාරක පැසසුමට ලක්වූ චරිත රාශියක රඟපෑවේය. 2008 දී ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රථම ඩිජිටල් චිත්‍රපටය වන "හෙටවත් මත ආදරය කරන්න" හි රඟපෑවේය. මෙම චිත්‍රපටය 2008 පෙබරවාරි 14 වැලන්ටයින් දිනයේ Dialog Television හි Citi Hitz Satellite චිත්‍රපට නාලිකාව හරහා විකාශය විය.[14]

ගායන දිවිය සංස්කරණය

ජයකොඩි 2014 දී ඔහුගේ පළමු ගීතය "ඔබ ආයේ දවස" නිකුත් කළේය.[15]

චිත්‍රපටකරණය සංස්කරණය

වසර චිත්‍රපටිය චරිතය කරුණු
2006 අලි පැටියෝ ඔයයි මමයි
2007 සංක්‍රාන්ති
2008 අබා
2008 පුතුනි හඹා ගියා'
2009 පායා එන්න හිරුසේ
2010 ඉර හඳ ඉල්ලා
2010 ස්තූතියි නැවත එන්න
2010 බඹර වලල්ල
2011 මහින්දාගමනය දික්කඳ සෙනවි
2014 සිරි පැරකුම්
2015 ඇඩ්‍රස් නෑ පොලිස් පරීක්ෂක
2016 සක්කාරං සුභේ
2016 ආදරණීය කතාවක් උවිඳු

ටෙලිනාට්‍යය සංස්කරණය

  • පබළු
  • සඳා

සම්මාන සංස්කරණය

ඔහු 2012 වසරේ රයිගම් ටෙලීස් හි හොඳම නළුවාට හිමි සම්මානය "සැනකෙළියයි මායා" චිත්‍රපටයේ රංගනය උදෙසා දිනා ගන්නා ලදි.[16] ඔහු දේශීය වේදිකා නාට්‍ය උළෙලවල් සහ රූපවාහිනී උත්සවවලදී සම්මාන කිහිපයකදී හොඳම සහය නළුවා සඳහා ද නිර්දේශ වී ඇත.

රයිගම් ටෙලීස් සංස්කරණය

වර්ෂය නිර්දේශිත පුද්ගලයා/කෘතිය සම්මානය ප්‍රතිඵලය
2012 සෙනකෙලියයි මායා හොඳම නළුවා දිනාගති

References සංස්කරණය

  1. "Chat with Sujani". Sarasaviya. 31 අගෝස්තු 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 17 නොවැම්බර් 2017.
  2. "Need good understanding for better family life". Hiru FM. සම්ප්‍රවේශය 24 මාර්තු 2017.
  3. "Bimal Jayakodi NFC". National Film Corporation. සම්ප්‍රවේශය 24 මාර්තු 2017.
  4. "Air Flash at Iranamadu". Sri Lanka Air Force. සම්ප්‍රවේශය 24 මාර්තු 2017.
  5. "Nominated Popular Film Actress 2014". Hiru Golden Film Awards. සම්ප්‍රවේශය 24 මාර්තු 2017.
  6. "නිවැරදිම තීරණේ විවාහය – Chat With Bimal Jayakodi". Gossip Lanka. සම්ප්‍රවේශය 24 මාර්තු 2017.
  7. "Pabodha : 'I'll quit after marriage'". Sunday Times. සම්ප්‍රවේශය 25 අප්‍රේල් 2019.
  8. "My drama school was the SLBC". methinksatnation. 12 දෙසැම්බර් 2013. සම්ප්‍රවේශය 25 අප්‍රේල් 2019.
  9. "මම සුජානිට රගපාන්න එපා කිව්වේ නෑ – Bimal Jayakody". Gossip Lanka. සම්ප්‍රවේශය 24 මාර්තු 2017.
  10. "NO RETURN "APAHU HARENNA BA"". Youth Create. 24 මාර්තු 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 24 මාර්තු 2017.
  11. "BIMAL JAYAKODI". Cinema.lk. සම්ප්‍රවේශය 24 මාර්තු 2017.
  12. "The Tender Trap (Sankranthi) Room for maturity". The Sunday Observer. සම්ප්‍රවේශය 24 මාර්තු 2017.
  13. "Rear Admiral (Dr) Sarath Weerasekera's debut cinema creation 'GAMANI' in cinemas island-wide". Ada Derana. සම්ප්‍රවේශය 25 පෙබරවාරි 2017.
  14. "Lanka's first digital film on show". Sunday Times. සම්ප්‍රවේශය 12 දෙසැම්බර් 2019.
  15. "Oba Aye Dawasaka". Hiru FM. සම්ප්‍රවේශය 24 මාර්තු 2017.
  16. "Raigam Tele'es 2011 award winners". Sarasaviya. 12 සැප්තැම්බර් 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 ජූලි 2019.

External links සංස්කරණය



මූලාශ්‍ර සංස්කරණය

අවවාදයයි: "ජයකොඩි, බිමල්" පෙරනිමි සුබෙදුම් යතුර විසින් ‍පූර්ව පෙරනිමි සුබෙදුම් යතුර වූ "Jayakody, Bimal" අතික්‍රමණය කරයි.

"https://si.wikipedia.org/w/index.php?title=බිමල්_ජයකොඩි&oldid=592710" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි