බැක්ටීරියා
කාලීන ව්‍යාප්තිය: ආකියානු හෝ ඊට පෙර – වර්තමානය
එස්චිරිචියා කෝලයි බැසිලයේ පරිලෝකන ඉලෙක්ට්‍රෝන ක්‍ෂුද්‍රසටහනක්
විද්‍යාත්මක වර්ගීකරණය
වංශ[1]
  • ග්‍රෑම් ධන බැක්ටීරියා/භාහිර පටලයක් රහිත

Actinobacteria (high-G+C)
Firmicutes (low-G+C)
Tenericutes (no wall)

  • ග්‍රෑම් ඍණ බැක්ටීරියා/භාහිර පටලයක් සහිත

Aquificae
Deinococcus-Thermus
FibrobacteresChlorobi/Bacteroidetes (FCB group)
Fusobacteria
Gemmatimonadetes
Nitrospirae
PlanctomycetesVerrucomicrobia/Chlamydiae (PVC group)
Proteobacteria
Spirochaetes
Synergistetes

  • කාණ්ඩගත නොවූ

Acidobacteria
Chloroflexi
Chrysiogenetes
සයනොබැක්ටීරියා
Deferribacteres
Dictyoglomi
Thermodesulfobacteria
Thermotogae

ජීවීන් බෙදා ඇති රාජධානි පහෙන් පළමුවැන්න වන මොනෙරා රාජධානියට අයත් වන, ප්‍රාග් න්‍යෂ්ටික සෛලීය සංවිධානයක් ඇති ක්‍ෂුද්‍රජීවීන් වේ. ඇන්ටනී වැන් ලියුවෙන්හුක් විසින් ප්‍රථමවරට නිරීක්‍ෂණය කොට සොයාගන්නා ලදී.

අයත්වන ජීවීන් සංඛ්‍යාව අනූව මිහිතලය මත ජීවත් වන විශාලතම සජීවී කාණ්ඩය වේ.

පරිසරය

සංස්කරණය

මිරිදිය, කරදිය, භෞමික පරිසරයේ පස (වියලි හා තෙතමනය සහිත), වායව පරිසරය (කිලෝමීටර 6 ක් පමණ තෙක් ඉහල වායුගෝලය දක්වා), වෙනත් ජීවීන්ගේ (ශාක හා සතුන්) සජීවී හෝ මල දේහයන් තුල හෝ මත, සත්වයින්ගේ බහිස්ස්‍රාවී ද්‍රව්‍ය වල වැනි මිහිතලයේ ජීවීන් දක්නට ලැබෙන සෑම පරිසරයකම පාහේ බැක්ටීරියාවන් දක්නට ලැබෙයි.

මීට අමතරව වෙනත් ජීවීන්ට ජීවත් වීමට අපහසු පරිසර වන උණුදිය උල්පත්, හිම තට්ටු, ගිනි කඳු, පෙට්‍රල් හා ඩීසල් වැනි හයිඩ්‍රොකාබන තුලද බැක්ටීරියාවන් ජීවත් වෙයි. බැක්ටීරියාවන් යනු සාර්ව ව්‍යාප්තික ජීවීන් කාණ්ඩයකි.

  • නමුත් නිරෝගී සතුන්ගේ රුධිරයේ හා පේෂිවල බැක්ටීරියාවන් දැකගත නොහැකිය.

ව්‍යුහය

සංස්කරණය

බැක්ටීරියාවන්ගේ දේහය 0.1 mmට වඩා කුඩා බැවින් පියවි ඇසට දර්ශනය නොවේ. දර්ශීය බැක්ටීරියාවක් මයික්‍රොමීටර 25 - 5 පමණ විශාල වෙයි. ඒක සෛලීය හෝ ගණාවාසී ලෙස ජීවත් වේ.

බැක්ටීරියාවන් සතුව සංවිධානය වූ න්‍යෂ්ටියක් සහ පටලමය ඉන්ද්‍රයිකා රහිත දේහයක් පවතින බැවින්, ප්‍රාග් න්‍යෂ්ටිකයෝ ලෙස හැඳින්වෙයි. ඔවුන් සතු ඉන්ද්‍රයිකා ලෙස 70s රයිබොසෝම පවතියි. න්‍යෂ්ටික ද්‍රව්‍ය ලෙස හිස්ටෝන ප්‍රෝටීන රහිත, එනම් ව්‍යාජ චක්‍රීය DNA අණුවක් පිහිටයි. සමහර බැක්ටීරියාවන්ගේ ප්ලාස්ම පටලයේ අවතලන ලෙස මීසසෝම ඇත.

සෛල බිත්තිය ප්‍රධාන ලෙසම සෙලියුලෝස් රහිත මියුරීන් (පෙප්ටිඩොග්ලයිකැන්) වලින් සෑදී තිබෙයි. ඇතැම් බැක්ටීරියාවන් සතුව සෛල බිත්තියට පිටතින්, පොලිසැකරයිඩ වලින් නිර්මාණය වූ නානුමය ආවරණයක් (ප්‍රාවරය) පවතියි.

ප්‍රභාසංස්ලේෂණය සිදුකරන බැක්ටීරියා ක්ලෝරොෆිල්-a නෙදරණ අතර, ඒ වෙනුවට බැක්ටීරියෝ ක්ලෝරොෆිල් නැමැති වර්ණකය දරයි. චලනය සඳහා ඇතැම් බැක්ටීරියාවන් සතුව කශිකා (භාහිර පටලයකින් ආවරණය නොවූ) සහ පිලයි පවතී. සමහර බැක්ටීරියාවන්ට නයිට්‍රිජන් තිර කිරීමේ හැකියාවද පවතියි.

දර්ශීය බැක්ටීරියාවකගේ ව්‍යුහය

සංස්කරණය
 
දර්ශීය බැක්ටීරියාවකගේ ව්‍යුහය
  1. පිලයි
  2. ප්ලැස්මිඩ
    ප්‍රතිජීවක ආදියට ඔරොත්තු දීමේ හැකියාව ඇතිකිරීම වැනි නොනැසී පැවතීමට ආධාර කිරීම.
  3. රයිබොසෝම (70s)
    ප්‍රෝටීන සංස්ලේෂණය
  4. සෛල ප්ලාස්මය
  5. ප්ලාස්ම පටලය
  6. සෛල බිත්තිය
  7. ප්‍රාවරය
  8. නියුක්ලොයිඩය (චක්‍රීය DNA)
    ආවේණික ලක්ෂණ තැම්පත් කර ගැනීම. ඒවා ඉදිරි පරම්පරාවට ගෙනයාම.
  9. කෂිකාව
    චලනයට දායක වීම

වර්ගීකරණය

සංස්කරණය

බැක්ටීරියාවන් අතර පරිණාමික බන්දුතා හඳුනාගැනීම අපහසු නිසා ස්වභාවික වර්ගීකරණයක් දැක්විය නොහැකි වේ. එබැවින් බැක්ටීරියාවන්, හැඩය, සංඛ්‍යාව, කෂිකා වල පිහිටීම, පෝෂණ ආකාරය සහ ශ්වසන ආකාරය අනූව වර්ගීකරණය කෙරේ.

හැඩය අනූව

සංස්කරණය

තනි බැක්ටීරියා සෛලයක හැඩය අනූව ප්‍රධාන ආකාර 3 කි.

  • කොකුසාකාර (ගෝලාකාර)
  • බැසිලස් (දණ්ඩාකාර)
  • ස්පිරිලුම් (සර්පිලාකාර)
    • විබ්‍රියෝස/කොමා - සර්පිලාකාර බැක්ටීරියා වල අසම්පූර්ණ තනි සර්පිලයක් සහිත බැක්ටීරියා මේ නමින් හඳුන්වයි.

සෛල සංඛ්‍යාව සහ සෛල ඇසිරී ඇති රටාව අනූව

සංස්කරණය
 
සෛල සංඛ්‍යාව සහ සෛල ඇසිරී ඇති රටාව අනූව බැක්ටීරියාවන්ගේ විවිධත්වය

කොකුසාකාර බැක්ටීරියා

සංස්කරණය
  • Monococcus
කොකුසාකාර බැක්ටීරියාවන් තනි තනිව සිටින විට
  • Diplococcus
කොකුසාකාර බැක්ටීරියාවන් යුගල බැගින් සිටින විට
  • Streptococcus
කොකුසාකාර බැක්ටීරියාවන් රේඛීය දාමයක් ලෙස සිටින විට
  • Tetracoccus
කොකුසාකාර බැක්ටීරියාවන් හතර බැගින් සිටින විට
  • Staphylococcus
කොකුසාකාර බැක්ටීරියාවන් අක්‍රමවත් ඝනාවාස සහිතව සිටින විට
  • Sarcina
කොකුසාකාර බැක්ටීරියාවන් ඝනකයක හැඩයකින් සිටින විට

බැසිලස් ආකාර බැක්ටීරියා

සංස්කරණය
  • Diplobacillus
බැසිලස් ආකාරයේ බැක්ටීරියාවන් යුගල බැගින් සිටින විට
  • Streptobacillus
බැසිලස් ආකාරයේ බැක්ටීරියාවන් රේඛීය දාමයක් ලෙස සිටින විට

කෂිකා වල පිහිටීම අනූව

සංස්කරණය
 
කෂිකා වල පිහිටීම අනූව බැක්ටීරියාවන්ගේ විවිධත්වය

ඒක රෝමී

සංස්කරණය

A - සෛලයේ එක් කෙලවරක පමණක් කෂිකාවක් පැවතීම.

ගුච්ඡ රෝමී

සංස්කරණය

B - සෛලයේ එක් කෙලවරක පමණක් කෂිකා කිහිපයක් පිහිටා තිබීම.

ද්වි රෝමී

සංස්කරණය

C - සෛලයේ එක් කෙලවරකට එක බැගින් දෙකෙලවරේ කෂිකා දෙකක් පැවතීම.

පරි රෝමී

සංස්කරණය

D - සෛලයේ මුලු දේහය පුරාම තැන් තැන් වලින් කෂිකා පැවතීම.

උභය රෝමී

සංස්කරණය

සෛලයේ එක් කෙලවරකට කෂිකා කිහිපයක් බැගින් දෙකෙලවරේම කෂිකා පැවතීම.

පෝෂණ ක්‍රමය අනූව

සංස්කරණය

පෝෂණ ක්‍රම අනූව බැක්ටීරියාවන් අධික විවිධත්වයක් පෙන්වයි.

පෝෂණ ක්‍රමය අනූව වර්ගීකරණය
ස්වයංපෝෂී ප්‍රභාස්වයංපෝෂී

කාබනික ආහාර සංස්ලේෂණය කිරීම සඳහා සූර්යාලෝක ශක්තිය භාවිතා කරයි.

රසායනික ස්වයංපෝෂී

කාබනික ආහාර සංස්ලේෂණය කිරීම සඳහා රසායනික ශක්තිය භාවිතා කරයි.

විෂමපෝෂී ප්‍රභාවිෂමපෝෂී

කාබනික ආහාර සංස්ලේෂණය කිරීම සඳහා සූර්යාලෝක ශක්තියත්, කාබනික අමුද්‍රව්‍යත් භාවිතා කරයි.

රසායනික විෂමපෝෂී

කාබනික ආහාර සංස්ලේෂණය කිරීම සඳහා රසායනික ශක්තියත්, කාබනික අමුද්‍රව්‍යත් භාවිතා කරයි.

  • මෘතෝපජීවී
  • පරපෝෂී
  • සහජීවී

සංචිත ආහාර

සංස්කරණය

බැක්ටීරියාවන්ගේ සංචිත ආහාර වන්නේ ග්ලයිකොජන්, වොලියුටීන් හා තෙල් බිංදු වේ. ඒවා සෛල ප්ලාස්මයේ ගබඩා කරයි.

ශ්වසන ආකාරය අනූව

සංස්කරණය
ශ්වසන ආකාරය අනූව වර්ගීකරණය
අනිවාර්ය ස්වායු බැක්ටීරියා

ඔක්සිජන් සහිත තත්ව යටතේ පමණක් ජීවත් වෙයි. ඔක්සිජන් නොමැති වූ විට මියයයි.

අනිවාර්ය නිර්වායු බැක්ටීරියා

නිර්වායු තත්ව යටතේ පමණක් ජීවත් වෙයි. ඔක්සිජන් ලැබීම මගින් මොවුන් මියයයි.

වෛකල්පිත නිර්වායු බැක්ටීරියා

සාමාන්‍ය ඔක්සිජන් සහිත තත්ව යටතේ ජීවත් වෙයි. නමුත් තාවකාලික ලෙස නිර්වායු තත්ව යටතේ පවා ජීවත් වීමේ හැකියාව පවතියි.

ක්ෂුද්‍ර වාතකාමී බැක්ටීරියා

ඉතා අඩු ඔක්සිජන් සහිත තත්ව යටතේ පමණක් ජීවත් වෙයි. අධික ඔක්සිජන් සහිත තත්වයක්, මොවුන්ට අහිතකර වේ.

ප්‍රජනනය

සංස්කරණය

බැක්ටීරියාවන් සතුව අලිංගික හා ලිංගික ප්‍රජනන ක්‍රම සතුවෙයි.

අලිංගික ප්‍රජනනය

සංස්කරණය
  • ද්වි ඛණ්ඩනය -

    බැක්ටීරියාවන්ගේ ප්‍රධානතම අලිංගික ප්‍රජනන ක්‍රමය මෙයයි. මොවුන් ප්‍රාග් න්‍යශ්ටිකයින් බැවින් අනූනන විභාජනයක් සිදු නොවේ. ඒ වෙනුවට සරල විභාජනයෙන් සෛලය බෙදීම සිදුවේ. මෙහි අධික සීඝ්‍රතාවයක් ඇත. (හිතකර තත්ව යටතේදී මිනිත්තු 20 - 30 කාලයක් තුල ද්විඛණ්ඩන ක්‍රියාවලිය සිදුවේ.)

  • අංකුරණය
  • කඩ කඩ වීම

සමහර බැක්ටීරියාවන් සෙක්ස්පිලයි (sexpilli) මගින් එකිනෙකා වෙත සම්බන්ධ වී සිය න්‍යෂ්ටික ද්‍රව්‍ය හුවමාරු කර ගනියි. නමුත් මෙය සූ න්‍යෂ්ටිකයින්ගේ ජන්මාණු හාවීමෙන් සිදුවන ආකාරයේ ලිංගික ප්‍රජනනයක් නොවේ.

මේවාද බලන්න

සංස්කරණය

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ "Bacteria (eubacteria)". Taxonomy Browser. සම්ප්‍රවේශය 2008-09-10.
"https://si.wikipedia.org/w/index.php?title=බැක්ටීරියා&oldid=657298" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි