සයනොබැක්ටීරියා
සයනොබැක්ටීරියා යනු බැක්ටීරියා මෙන් ප්‍රාග් න්‍යෂ්ටික ඒක සෛලීය සංවිධානයක් ඇති ජීවීන් වෙයි. මින් සමහරක් ඝනාවාසීව ජීවත් වන අතර, එවන් සමහර ඝනාවාස පියවි ඇසින්ද දැකගත හැකිවේ.
පරිසරය
සංස්කරණයසියළුම සයනොබැක්ටීරියාවන් පාහේ කරදිය, මිරිදිය සහ කිවුල්දිය වැනි ජලජ පරිසර තුල ජීවත් වෙයි. මින් සමහර සාමාජිකයින් තෙතමනය සහිත පස, තෙතමනය සහිත ශාක පොතු, අයිස් හා උණුදිය උල්පත් ආශ්‍රිත පරිසර තුලද දැකගත හැකිවේ.
කාබනික ද්‍රව්‍ය බහුල ජලජ පරිසරවල, සයනොබැක්ටීරියාවන් බහුලය.
ව්‍යුහය
සංස්කරණයසයනොබැක්ටීරියාවන් සියළුදෙනාම ඒක සෛලීය ප්‍රාග් න්‍යෂ්ටිකයෝ වෙති. ඉන් සමහර සාමාජිකයෝ සූත්‍රිකාමය ස්වරූපයක් සහිතයි. එවන් සූත්‍රිකාමය සයනොබැක්ටීරියාවන් තුල වර්ණක රහිත හෙටරොසිස්ට නම්, වර්ධක සෛල වලට වඩා විශාල ව්‍යුහ පවතී. හෙටරොසිස්ට මගින් නයිට්‍රිජන් තිරකිරීම සිදු කරයි. සයනොබැක්ටීරියා කිසිදු සාමාජිකයෙකු කෂිකා නොදරයි.
සමහර සාමාජිකයින් සතුව සංචිත ආහාර සහිත දැඩි ව්‍යුහයන් දැකි ගත හැකිවේ. ඒවා ඒකයිනීට (Akinets) ලෙස හඳුන්වයි. අහිතකර කාල තරණය සඳහා ඒකයිනීට, සයනොබැක්ටීරියාවන්ට වැදගත් වෙයි.
සෛල බිත්තිය මියුරීන් වලින් තැනී ඇත. ඊට පිටතින් පෙක්ටීන් වලින් තැනුනු නානුමය ආවරණයක් පවතියි.
පෝෂණය
සංස්කරණයසියළුම සාමාජිකයින් ප්‍රභා-ස්වයංපෝෂීන් වෙයි. ස්වායු ශ්වසනය සිදුකරයි. ප්‍රභාසංස්ලේෂණය මගින් කාබනික ආහාර සංස්ලේෂණය කර ගනියි. ප්‍රභාසංස්ලේෂක වර්ණක ලෙස ක්ලෝරොෆිල්-a, කැරොටින්, සැන්තොෆිල්, ෆයිකොසයනීන්, ෆයිකොඑරිත්‍රීන් ඇත.මෙම වර්ණක සෛල ප්ලාස්ම පර්යන්තයේ වූ ප්‍රභාසංස්ලේෂක සූස්තර මත පි්හිටා තිබේ. සයනොබැක්ටීරියාවන් සතුව හරිතලව නොමැත
සංචිත ආහාර
සංස්කරණයසයනොබැක්ටීරියාවන්ගේ සංචිත ආහාරය වන්නේ සයනොපිසීය පිෂ්ඨය වෙයි. ඒවා සෛල ප්ලාස්මය තුල සංචය කරයි.
ප්‍රජනනය
සංස්කරණයසයනොබැක්ටීරියාවන්ගේ ලිංගික ප්‍රජනනයක් තවමත් සොයා ගෙන නැත. අලිංගික ප්‍රජනන ක්‍රම කිහිපයක් පමණක් පෙන්වයි.
- ද්වි කණ්ඩනය
- සෛලය දෙකට බෙදී යාම මගින් නව සාමාජිකයින් බිහිවීම.
- කඩ කඩ වීම
- සූත්‍රිකාකාර සාමාජිකයන්ගේ දේහය ඕනෑම තැනකින් කඩවීම මගින් නව සාමාජිකයින් බිහිවීම.
- හෝමගෝනියා මගින්
- සූත්‍රිකාකාර සාමාජිකයන්ගේ දේහයේ බෙදුම්මඩල් ඇති ස්ථාන වලින් බෙදී යාම (එසේ බෙදී ගිය කොටස් හෝමගෝනියා ලෙස හැඳින්වෙයි) මගින් නව සාමාජිකයින් බිහිවීම.