එස්. එස්. රාජමෞලි

ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂක සහ තිර රචක

එස්. එස්. රාජමෞලි (උපන් නාමය කෝඩුරි ශ්‍රීසෛල ශ්‍රී රාජමෞලි)[2] යනුවෙන් හැඳින්වෙන්නේ ප්‍රධාන වශයෙන්ම තෙලිඟු සිනමාව සම්බන්ධයෙන් කටයුතු කරන ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු සහ තිර රචකයෙකි. මුඛ්‍යධාරා මාධ්‍ය තුළ කටයුතු කළ ද, ඔහුගේ චිත්‍රපට සුවිශේෂීභාවයට පත්ව ඇත්තේ ඒවායේ ඇති තාක්ෂණික උපායයන් සහ කුසලතාව නිසාවෙනි.[3][4][5][6] ඔහු ප්‍රචලිතව ඇත්තේ මගධීරා (2009), ඊගා (2012), කොටස් දෙකකින් යුත් බ්‍රසල්ස් අන්තර්ජාතික මනඃකල්පිත චිත්‍රපට උළෙලේ ප්‍රදර්ශනය කෙරුණු බාහුබලි: ද බිගිනිං (2015) සහ බ්‍රිතාන්‍ය චිත්‍රපට ආයතනයේ දී මංගල දර්ශනය ඇරඹි බාහුබලි 2: ද කන්ක්ලූෂන් (2017)[7][8] වැනි අධි ෆැන්ටසි සෙලියුලොයිඩ් නිර්මාණ හේතුවෙනි. මින් බාහුබලි චිත්‍රපට ද්විත්වය ලොවපුරා සර්වකාලීන ඉහළම ආදායම ලබන ඉන්දියානු බහුභාෂා චිත්‍රපට මාලාව බවට පත්වූයේ ආසන්න වශයෙන් INR1900 කෝටි (US$300 මිලියන)ක ඉහළම ආදායමක් උපයා ගනිමිනි.[9][10][11][12] එම තෙලිඟු චිත්‍රපට මාලාවේ පළමු කොටස හොඳම වෘත්තාන්ත චිත්‍රපටය සඳහා ජාතික චිත්‍රපට සම්මානය හිමි කරගත් අතර, ඇමරිකානු විද්‍යා ප්‍රබන්ධ, ෆැන්ටසි සහ සංත්‍රාස චිත්‍රපට පිළිබඳ ඇකඩමිය වෙතින් ලබාදෙන හොඳම ෆැන්ටසි චිත්‍රපටය සඳහා සැටර්න් සම්මානය සඳහා ද නිර්දේශ විය.[13]

එස්. එස්. රාජමෞලි
උපත
කෝඩුරි ශ්‍රීසෛල ශ්‍රී රාජමෞලි

රායිචූර්, කර්ණාටක
නිවහනහයිදරාබාද්, තෙලංගානා
වෙනත් නම්ජක්කණ්ණා‍, නන්දි
රැකියාවඅධ්‍යක්ෂක, තිර රචක, තිරනාට්‍ය රචක
උපන් නගරයකොව්වූර්, බටහිර ගෝදාවරී දිස්ත්‍රික්කය, ආන්ධ්‍රා ප‍්‍රදේශ්
කලත්‍රයා(යන්)රාමා රාජමෞලි[1]
දරුවන්2
දෙමව්පියන්(s)කේ. වී. විජයේන්ද්‍ර ප්‍රසාද්
සම්මානපද්ම ශ්‍රී (2016)
වෙබ් අඩවියss-rajamouli.com

ඔහුගේ සෙසු නිර්මාණ අතරට ක්‍රීඩා නාට්‍යමය චිත්‍රපටයක් වන ස්යේ සහ ඉන්දියාවේ අන්තර්ජාතික චිත්‍රපට උළෙලේ දී මුඛ්‍යධාරා අංශයෙන් තිරගත වූ සමාජ ගැටලු චිත්‍රපටයක් වන වික්‍රමාර්කුඩු වැනි චිත්‍රපට අයත් ය.[14] ඔහුගේ උද්වේග නාට්‍යමය චිත්‍රපට වූ මරියාද රාමණ්ණා, වික්‍රමාර්කුඩු සහ ඡත්‍රපති සාර්ථක ප්‍රතිචාර සමගින් නොයෙකුත් ඉන්දියානු භාෂාවලින් ප්‍රතිනිර්මාණය විය.[15][16] රාජමෞලි විසින් සම්මාන ගණනාවක් හිමි කරගෙන ඇති අතර, එයට ජාතික චිත්‍රපට සම්මාන දෙකක්, ෆිල්ම්ෆෙයාර් සම්මාන ‍තුනක්, ප්‍රාන්ත නන්දි සම්මාන තුනක්, IIFA සම්මානයක් සහ 2012දී ලද ස්ටාර් වර්ල්ඩ් ඉන්ඩියාහි "වසරේ විනෝදාස්වාදකයා" යන සම්මාන ඇතුළත් ය.[17][18] 2016දී, ඔහුට ඉන්දියාවේ සිව්වන ඉහළම සිවිල් ගෞරව සම්මානය වූ පද්ම ශ්‍රී සම්මානය පිරිනැමුණේ කලා ක්ෂේත්‍රයෙන් ඔහුගේ දායකත්වය අගය කරමිනි.[19][20]

පෞද්ගලික දිවිය සංස්කරණය

රාජමෞලි උපත ලැබූයේ කර්ණාටකයේ රායිචූර්හි ය. කෙසේනමුත්, ඔහුගේ ස්වදේශික භූමිය වන්නේ ආන්ධ්‍රා ප්‍රදේශ්හි බටහිර ගෝදාවරී දිස්ත්‍රික්කයේ කොව්වූර් ය. ඔහු IVවන පන්තිය දක්වා කොව්වූර්හි අධ්‍යාපනය ලද අතර, එතරන් සිට අන්තර්මධ්‍ය පන්තිය තෙක් එලූරුහි අධ්‍යාපනය ලැබුවේ ය. ඔහුගේ පියා සහ සොහොයුරා ද චිත්‍රපට කර්මාන්තයේ නියැළුණු අය වූහ. මේ නිසා මඳ කාලයකට ඔහු කෝටගිරි වෙන්කටේස්වරා රාඕ සමග සහාය සංස්කාරකවරයකු ලෙස කටයුතු කළේ ය. ඔහු රාමා සමග විවාහ වූ අතර ඔවුනට දරුවන් දෙදෙනෙකි. එම දරුවන් දෙදෙනා වන්නේ රාමාගේ කලින් විවාහයේ දරුවා වන එස්. එස්. කාර්තිකේයා සහ පසුව ඔවුන් හදාගත් දියණියක වන එස්. එස්. මයූඛා ය. මේ දරුවන් දෙදෙනාම ඔහුගේ ජීව විද්‍යාත්මක දරුවන් නොවේ. ඔහු අදේවවාදියෙකි.[21]

වෘත්තිය සංස්කරණය

අන්තර්ජාතික පිළිගැනීම සංස්කරණය

රාජමෞලිගේ 2012 අත්හදාබැලීමේ ෆැන්ටසි චිත්‍රපටයක් වූ, ඊගා ලේ’එස්ට්‍රේන්ජ් චිත්‍රපට උළෙලේ දී විචාරක පැසසුමට භාජනය විය.[22][23][24] මෙහි දෙමළ ප්‍රභේදය වූ නාන් ඊ 10වන චෙන්නායි අන්තර්ජාතික චිත්‍රපට උළෙලේ දී ප්‍රදර්ශනය කෙරිණි.[25][26] මෙහි තෙලිඟු ප්‍රභේදය 8වන වාර්ෂික ටොරන්ටෝ ආෆ්ටර් ඩාර්ක් චිත්‍රපට උළෙලේ දී වඩාත් නියම චිත්‍රපටය, හොඳම විශේෂ ප්‍රයෝග, හොඳම ප්‍රහසනය, හොඳම සටන්, සමූහයක් සමග නැරඹිය හැකි හොඳම චිත්‍රපටය, හොඳම සංස්කරණය, හොඳම දුෂ්ටයා සහ හොඳම වීරයා සම්මාන හිමි කරගත්තේ ය.[27] තෙලිඟු ප්‍රභේදය 2013 කෑන්ස් චිත්‍රපට උළෙල, 16වන ෂැංහයි ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ පැනොරාමා අංශය සහ පුචොන් අන්තර්ජාතික මනඃකල්පිත චිත්‍රපට උළෙලේ දී ප්‍රදර්ශනය කෙරිණි.[28][29][30] බ්‍රසීලයේ ෆැන්ටාස්ටෝආ චිත්‍රපට උළෙලේ දී මෙම චිත්‍රපටයට හොඳම කලා අධ්‍යක්ෂණය සම්මානය හිමි විය.[31] මැඩ්‍රිඩ් අන්තර්ජාතික චිත්‍රපට උළෙලේ දී මෙය හොඳම චිත්‍රපටය, හොඳම සිනෙමාරූපකයා, හොඳම විශේෂ ප්‍රයෝග, හොඳම සංගීත නිර්මාපකයා, හොඳම සංස්කාරක සහ හොඳම සහාය නළුවා ඇතුළු සම්මාන හයක් දිනාගත්තේ ය.[32]

2015දී, ඔහු විසින් බාහුබලි: ද බිගිනිං අධ්‍යක්ෂණය කළ අතර, මෙය දෙවන ගෝලීය ඉහළම සර්වකාලීන දළ ආදායම ලබන ඉන්දියානු චිත්‍රපටය බවට පත් විය. එසේම මෙය ඉන්දියාව තුළ ඉහළම සර්වකාලීන දළ ආදායම වාර්තා කළ චිත්‍රපටය ද වේ.[33][34][35][36] මෙම වීරකථා චිත්‍රපටය නිර්මාණය කිරීම පිළිබඳ ඉන්දියානු සිනමාව වසර 100ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් සංජීව් භාස්කර් විසින් අධ්‍යක්ෂණය කළ BBC වාර්තා වැඩසටහනට ද ඇතුළත් කෙරිණි.[37][38][39] චිත්‍රපටය රූගත කෙරුණේ ඇරී ඇලෙක්සා XT කැමරාවක් භාවිතයෙන් වන අතර, මෙය රාජමෞලි විසින් ඩිජිටල් කැමරාවක් භාවිතයෙන් රූගත කළ පළමු චිත්‍රපටය ද විය.[40][41] රාජමෞලිගේ නිර්මාණ The Hollywood Reporter, The Guardian, සහ The Huffington Post මගින් ඇගයීමට ලක් කරන ලදී.[42][43] මෙම චිත්‍රපටය ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස්හි විද්‍යා ප්‍රබන්ධ, ෆැන්ටසි සහ සංත්‍රාස චිත්‍රපට ඇකඩමියේ 42වන සැටර්න් සම්මාන උළෙලේ ප්‍රවර්ග හතරකින් නිර්දේශ විය.[44] බාහුබලි: ද බිගිනිං චිත්‍රපටය බුසන් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ විවෘත සිනමා ධාරාවෙන්, හේග් ඉන්සියානු චිත්‍රපට උළෙල,[45] ස්පාඤ්ඤයේ සිට්ගේස් චිත්‍රපට උළෙල,[46] ප්‍රංශයේ යුටෝපියේල්ස් චිත්‍රපට උළෙල,[47] තායිවානයේ තායිපේහි ගෝල්ඩන් හෝර්ස් චිත්‍රපට උළෙල,[48] එස්තෝනියාවේ ටැලීන් බ්ලැක් නයිට්ස් චිත්‍රපට උළෙල,[49] පැරීසියේ ලේ’එස්ට්‍රේන්ජ් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල,[50] පෝලන්තයේ ෆයිව් ෆ්ලේවර්ස් චිත්‍රපට උළෙල,[51] හොනලුලුහි හවායි අන්තර්ජාතික චිත්‍රපට උළෙල, බෙල්ජියමේ බ්‍රසල්ස්හි බ්‍රසල්ස් අන්තර්ජාතික මනඃකල්පිත චිත්‍රපට උළෙල,[52][53] සහ කෑන්ස් චිත්‍රපට උළෙලේ දී ප්‍රදර්ශනය කෙරිණි.[54][55]

මුඛ්‍යධාරාව සංස්කරණය

 
අජේ දේව්ගන්, නානි සහ රාජමෞලි මක්ඛි (ඊගාහි හින්දි හඬකැවූ ප්‍රභේදය) විශේෂ තිරගත වීම් අවස්ථාවේ දී (2012)

කේ. රාඝවේන්ද්‍ර රාඕගේ මගපෙන්වීම යටතේ ඊනාඩු රූපවාහිනිය වෙනුවෙන් රාජමෞලි තෙලිඟු සෝප් ඔපෙරා අධ්‍යක්ෂණය කිරීම ඇරඹී ය. ඔහු විසින් රූගත කළ පළමු තෙලිඟු චිත්‍රපටය වූයේ 2001දී තිරගත වූ Student No.1 චිත්‍රපටයයි. ඔහුගේ Jr. NTR දැවැන්ත සාර්ථකත්වය ලැබී ය. රාජමෞලිට සිය දෙවන චිත්‍රපටය තිරගත කිරීමට වසර දෙකක් ගතවූ අතර, සිංහාඩ්රි නම් එම චිත්‍රපටය බ්ලොක්බස්ටරයක් විය. Student No.1 සහ සිංහාඩ්රි අතර වසර දෙකක කාලය තුළ රාජමෞලි මලයාලම් සුපිරි තරුවක වූ මෝහන්ලාල් සමග සිය ප්‍රථම මිත්‍යා චිත්‍රපටය නිර්මාණය සැලසුම් කළ නමුත් එය ක්‍රමයෙන් අතපසු විය.[56] 2015දී, පසුව බාහුබලිහි කලා අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ සහාය කලා අධ්‍යක්ෂක මනු ජගත් විසින් අත්හැර දැමූ මෝහන්ලාල් ව්‍යාපෘතියට තමන් නිර්මාණය කළ දළ සටහන් කිහිපයක් මුදාහළේ ය.[57] රාජමෞලිගේ තෙවන චිත්‍රපටය වූ ස්යේහි ප්‍රධාන චරිත නිරූපණය කළේ නිතින් සහ ජෙනීලියා ඩි’සූසා විසිනි. රග්බි ක්‍රීඩාව පාදක කරගත් මෙම චිත්‍රපටය ටොලිවුඩයේ එම ප්‍රභේදයේ පළමු චිත්‍රපටය විය. මෙම චිත්‍රපටය රාජමෞලි සහ කේ. කේ. සෙන්තිල් කුමාර් එක්ව කටයුතු කළ ප්‍රථම අවස්ථාව ද විය.[58] ඔහුගේ ඊළඟ නිර්මාණය වූ ඡත්‍රපති තුළින් රාජමෞලි ප්‍රේක්ෂක හැඟීම් පුබුදුවාලීමට සමත් විය. මෙහි එම්. එම්. කීරවානිගේ සංගීත නිර්මාණය සහ සෙන්තිල් කුමාර්ගේ සිනෙමාරූපණය චිත්‍රපටයේ සාර්ථකත්වයට ඉවහල් විය.

සිය ඊළඟ චිත්‍රපටය වූ වික්‍රමාර්කුඩු තුළ රාජමෞලි රවිතේජා සමග කටයුතු කළේ ය. මෙම චිත්‍රපටය දැවැන්ත සාර්ථකත්වයක් ලද අතර, එය හින්දි බසින් රවුඩි ‍රතෝර් ලෙස ප්‍රතිනිර්මාණය වූයේ ප්‍රභූ දේවා සහ අක්ෂේ කුමාර් ප්‍රධාන චරිත නිරූපණය කරමිනි. දෙමළ බසින් මෙය සිරුතෛ ලෙස ප්‍රතිනිර්මාණය වූ අතර, මෙහි කන්නඩ ප්‍රතිනිර්මාණය වූ වීර මදාකාරිහි ප්‍රධාන චරිතය නිරූපණය කළේ සුදීප් විසිනි.[59] අනතුරුව ඔහු සමාජ-ෆැන්ටසි චිත්‍රපටයක් වූ යමඩොංගා චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ය. මෙය විචාරක පැසසුමට ලක් විය. ඔහුගේ ඊළඟ චිත්‍රපටය වූයේ එතෙක් තෙලිඟු සිනමාවේ දැවැන්තම චිත්‍රපටය වූ මගධීරා චිත්‍රපටයයි. රාම් චරන් තේජා විසින් ප්‍රධාන චරිත නිරූපණය කළ මගධීරා තෙලිඟු සිනමාවේ ඉහළම ආර්ථික සාර්ථකත්වයක් ලද චිත්‍රපට අතුරින් එකකි.[60] මෙම චිත්‍රපටය වෙනුවෙන් ඔහු හොඳම අධ්‍යක්ෂක සඳහා නන්දි සම්මානය සහ හොඳම අධ්‍යක්ෂක සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය - තෙලිඟු යන සම්මාන හිමි කරගත්තේ ය. මෙම චිත්‍රපටය හොඳම නර්තන රචනය සඳහා ජාතික චිත්‍රපට සම්මානය ද හිමි කරගත්තේ ය.[61] ඔහුගේ ප්‍රහසන සංත්‍රාස චිත්‍රපටක් වූ මරියාද රාමණ්ණා (2010) හින්දි බසින් "සන් ඔෆ් සර්දාර්" ලෙස ප්‍රතිනිර්මාණය විය.[62][63] මා ටීවී නාළිකාවේ ජනප්‍රිය වැඩසටහනක් වන මී ස්ටාර් වැඩසටහනේ දී රාජමෞලි පැවසූයේ තමන් අධ්‍යක්ෂණය කළ සියලු චිත්‍රපට අතුරින් තමන් පෞද්ගලිකව වඩාත්ම ප්‍රිය කරන චිත්‍රපටය මරියාද රාමණ්ණා බවයි.[64] ඉන්දියානු චිත්‍රපට ඉතිහාසය තුළ ඔහු මහා අධ්‍යක්ෂකවරයකු ලෙස සැලකේ.

චිත්‍රපට නාමාවලිය සංස්කරණය

වර්ෂය නියම ප්‍රතිනිර්මාණ හඬකැවීම්
තේමාව භාෂාව තේමාව භාෂාව තේමාව භාෂාව
2001 ස්ටුඩන්ට් නො. 1 තෙලිඟු ස්ටුඩන්ට් නම්බර් 1 දෙමළ ආජ් කා මුජ්රිම් හින්දි
2003 සිංහාඩ්රි තෙලිඟු ගජේන්ද්‍රා දෙමළ යම්රාජ් ඒක් ‍ෆෞලාඩ් හින්දි
කන්ටීරවා කන්නඩ සිංහාඩ්රි මලයාලම්
2004 ස්යේ තෙලිඟු ආර් පාර් - ද ජජ්මන්ට් ඩේ හින්දි
Challenge මලයාලම්
කලුගු දෙමළ
2005 ඡත්‍රපති තෙලිඟු ඡත්‍රපති කන්නඩ චන්ද්‍රමෞලි දෙමළ
රිෆියුජී බෙංගාලි හුකුමත් කි ජුන්ග් හින්දි
ඡත්‍රපති මලයාලම්
2006 වික්‍රමර්කුඩු තෙලිඟු රවුඩි රඨෝර් හින්දි ප්‍රතිඝාට් හින්දි
සිරුතෛ දෙමළ වික්‍රමාතිත්‍යා මලයාලම්
වීර මදාකාරි කන්නඩ වික්‍රම් සිං රථෝද් IPS භෝජ්පූරි
බික්‍රම් සිංහා බෙංගාලි
උල්තා පට්ලා 69 බෙංගාලි
(බංගලාදේශ)
Action Jesmine බෙංගාලි
(බංගලාදේශ)
2007 යමදොංගා තෙලිඟු ලෝක් පර්ලෝක් හින්දි
යම්රාජා ඔරියා
2009 මගධීරා තෙලිඟු යොද්ධා – ද වොරියර් බෙංගාලි මාවීරන් දෙමළ
මගධීරා හින්දි
ධීරා – ද වොරියර් මලයාලම්
2010 මරියාද රාමණ්ණා තෙලිඟු සන් ඔෆ් සර්දාර් හින්දි
වල්ලවනුක්කු පුල්ලුම් ආයුධම් දෙමළ
ඉවන් මරියාදරාමන් මලයාලම්
ෆාන්ඩේ පෝරියා බෝගා කාන්ඩේ රේ බෙංගාලි
මරියාදේ රාමණ්ණා කන්නඩ
2012 ඊගා/නාන් ඊ තෙලිඟු, දෙමළ ඊචා මලයාලම්
මක්ඛි හින්දි
2015 බාහුබලි: ද බිගිනිං තෙලිඟු, හින්දි බාහුබලි: ද බිගිනිං හින්දි
මලයාලම්
ප්‍රංශ
ජර්මන්
2017 බාහුබලි 2: ද කන්ක්ලූෂන් තෙලිඟු, දෙමළ බාහුබලි 2: ද කන්ක්ලූෂන් හින්දි
මලයාලම්
ප්‍රංශ
ජර්මන්

සම්මාන සහ නිර්දේශ සංස්කරණය

ජාතික චිත්‍රපට සම්මාන
ෆිල්ම්ෆෙයාර් සම්මාන
නන්දි සම්මාන
1වන අයිෆා උත්සවම්
සිනේමා සම්මාන

ආශ්‍රේයයන් සංස්කරණය

  1. Gallery – Events – Chatrapati 100 Days Function. CineGoer.com. Retrieved on 21 October 2015.
  2. "SS Rajamouli on Baahubali 2: The Conclusion, being an atheist and his love for cinema". Firstpost. 27 April 2017. සම්ප්‍රවේශය 1 May 2017.
  3. "Rajinikanth gets Padma Vibhushan; Padma Shri for Priyanka, Ajay Devgn". 25 January 2016.
  4. Shekhar. (7 January 2013) SS Rajamouli voted Best Telugu Director of 2012 – Filmibeat සංරක්ෂණය කළ පිටපත 2013-12-03 at the Wayback Machine. Entertainment.oneindia.in. Retrieved on 2015-10-21.
  5. Kumar, Anuj (18 October 2012). "Flight of imagination". The Hindu. Chennai, India.
  6. "60th National Film Awards Announced" (PDF) (Press release). Press Information Bureau (PIB), India. සම්ප්‍රවේශය 18 March 2013.
  7. "Bahubali-2 To Be Screened At British Film Institute". 1 March 2017.
  8. "Baahubali 2 premiere: Queen Elizabeth II will watch it before anybody else in India?". 28 February 2017.
  9. "Bahubali 2 Becomes Highest Grosser Of All Time In Five Days - Box Office India". www.boxofficeindia.com.
  10. "Why Business Of Dubbed Tamil Telugu Not Included - Box Office India". www.boxofficeindia.com.
  11. "Top GROSS Numbers - Hindi And All Languages - Box Office India". www.boxofficeindia.com.
  12. "Is Baahubali 2 a Hindu film? Dissecting religion, folklore, mythology in Rajamouli's epic saga".
  13. "63rd National Film Awards" (PDF) (Press release). Directorate of Film Festivals. 28 March 2016. සම්ප්‍රවේශය 28 March 2016.
  14. "Directorate of Film Festival" (PDF). iffi.nic.in.
  15. South director SS Rajamouli wants to direct Aamir Khan – Express India සංරක්ෂණය කළ පිටපත 15 ඔක්තෝබර් 2014 at the Wayback Machine
  16. 'SOS' director wants SS Rajamouli to see his film – The Times of India සංරක්ෂණය කළ පිටපත 2013-11-14 at the Wayback Machine. Articles.timesofindia.indiatimes.com (17 November 2012). Retrieved on 2015-10-21.
  17. In conversation with S.S.Rajamouli on The Front Row. YouTube. 28 December 2012.
  18. "60th National Film Awards Announced" (PDF) (Press release). Press Information Bureau (PIB), India. සම්ප්‍රවේශය 18 March 2013.
  19. "Baahubali director SS Rajamouli to receive Padma Shri Award".
  20. "Padma Awards 2016: Rajinikanth, Priyanka Chopra, Ujjwal Nikam,Saina Nehwal, Sania Mirza, SS Rajamouli and others honoured". International Business Times, India Edition. 25 January 2016.
  21. "SS Rajamouli on Baahubali 2: The Conclusion, being an atheist and his love for cinema". 27 April 2017.
  22. "L'ETRANGE 2012: Review of EEGA". Quietearth.us. 17 October 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 21 October 2012.
  23. "Eega Screened at a French Film Festival". chitraloka.com. සම්ප්‍රවේශය 25 August 2012.
  24. "Eega Gains International Recognition". cinemamama.com. සම්ප්‍රවේශය 21 July 2012.
  25. "Rajamouli's Eega to be screened at Chennai Film Festival". 123telugu.com. සම්ප්‍රවේශය 5 November 2012.
  26. "Rajamouli's 'Eega' wins National Awards". 123telugu.com. 18 March 2013. සම්ප්‍රවේශය 18 March 2013.
  27. "Rajamouli's Eega continues to win awards". The Times of India. 3 November 2013. සම්ප්‍රවේශය 4 November 2013.
  28. "SS Rajamouli's Eega to be screened at Cannes, Shanghai film festivals". bollywoodlife.com. 15 May 2013. සම්ප්‍රවේශය 15 May 2013.
  29. "'Makkhi' Review: Revenge comes in all sizes!". Zeenews.india.com. සම්ප්‍රවේශය 13 October 2012.
  30. Eega to be screened at Cannes!. 123telugu.com. Retrieved on 21 October 2015.
  31. "Ravinder Reddy Wins Big in Brazil". indiaglitz.com. 10 August 2013. සම්ප්‍රවේශය 11 August 2013.
  32. Shiva Prasad (16 May 2013). "After Cannes; Eega heads to Madrid & Korea". The Times of India. සම්ප්‍රවේශය 16 May 2013.
  33. Cain, Rob (14 August 2015). "Oops... 'PK' Is Not Actually India's Top-Grossing Movie Ever". Forbes.
  34. 'Baahubali' Zooms Past 'Dhoom', Now India's All Time #3. Forbes.com (10 August 2015). Retrieved on 2015-10-21.
  35. India's most expensive film? | regional movies සංරක්ෂණය කළ පිටපත 2018-12-26 at the Wayback Machine. Hindustan Times (15 July 2013). Retrieved on 2015-10-21.
  36. Rajamouli's Bahubali is India’s costliest film? – The Times of India. Timesofindia.indiatimes.com (13 July 2013). Retrieved on 2015-10-21.
  37. "Rajamouli-Prabhas new movie budget". The Times of India. 14 October 2012. සම්ප්‍රවේශය 23 February 2013.
  38. "Baahubali's team gets a rare honour". The Times of India. 21 May 2014. සම්ප්‍රවේශය 19 July 2014.
  39. "Rajamouli's Bahubali finds place in BBC's documentary". The Hans India. 22 May 2014. සම්ප්‍රවේශය 19 July 2014.
  40. "Rajamouli goes digital for Bahubali". The Times of India. 26 June 2014. සම්ප්‍රවේශය 19 July 2014.
  41. "'Baahubali' movie release date". IndiaGlitz. 17 June 2014. සම්ප්‍රවේශය 23 June 2014.
  42. Tsering, Lisa (13 July 2015). "'Bahubali': Film Review". සම්ප්‍රවේශය 1 August 2015.
  43. McCahill, Mike. "Baahubali: The Beginning review – fantastic bang for your buck in most expensive Indian movie ever made". the Guardian. සම්ප්‍රවේශය 1 August 2015.
  44. "'Baahubali: The Beginning' Review: A Giddy Spectacle, If Somewhat Uneven". The Huffington Post. සම්ප්‍රවේශය 1 August 2015.
  45. "Busan: Final 'Baahubali' Aims to Be Bigger, More Emotional". Variety. සම්ප්‍රවේශය 22 October 2015.
  46. "Sitges Film Festival » Baahubali – The Beginning". sitgesfilmfestival.com. සම්ප්‍රවේශය 22 October 2015.
  47. "BAAHUBALI : THE BEGINNING | Utopiales • International Festival of science fiction of Nantes". www.utopiales.org. සම්ප්‍රවේශය 2015-11-10.
  48. "2015 台北金馬影展 Taipei Golden Horse Film Festival | 巴霍巴利王:創始之初". www.goldenhorse.org.tw. සම්ප්‍රවේශය 2015-11-10.
  49. "Baahubali: The Beginning — Special Screenings — Black Nights Film Festival Nov 13 - 29 nov 2015". 2015.poff.ee. සම්ප්‍රවේශය 2015-11-13.
  50. "L'Étrange Festival — XXIe édition — Du 3 au 13 septembre 2015 - Baahubali: The Beginning". www.etrangefestival.com. සම්ප්‍රවේශය 2015-12-06.
  51. "Festiwal Filmowy Pięć Smaków — Bahubali: Początek". www.piecsmakow.pl. සම්ප්‍රවේශය 2015-12-06.
  52. "Baahubali To Be Screened At Brussels International Fantastic Film Festival". FitnHit.com.
  53. "BAAHUBALI-THE BEGINNING - 2015 HIFF Fall Festival". program.hiff.org. සම්ප්‍රවේශය 2015-11-15.
  54. "Baahubali: The Beginning team heads to Cannes". The Indian Express. 9 May 2016.
  55. "'Baahubali' nominated for Saturn Awards in five categories". The Indian Express. 27 February 2016.
  56. Years back S.S Rajamouli planned a movie with Mohanlal – Malayalam Movie News. Indiaglitz.com (25 July 2015). Retrieved on 21 October 2015.
  57. Mohanlal SS Rajamouli team’s dropped film’s sketches came out from Manu Jagat. Onlookersmedia.in (9 October 2015). Retrieved on 21 October 2015.
  58. Son Of Sardar Review. Indicine.com (14 November 2012). Retrieved on 2015-10-21.
  59. South director SS Rajamouli wants to direct Aamir Khan – Express India සංරක්ෂණය කළ පිටපත 15 ඔක්තෝබර් 2014 at the Wayback Machine
  60. Patalay, Avinash (30 July 2009). "Magadheera (2009)". IMDb.
  61. "Microsoft Word - 57th_NFA_Press_Release.doc" (PDF). සම්ප්‍රවේශය 28 April 2012.
  62. SS Rajamouli about Maryada Ramanna interview – Telugu Cinema interview – Telugu film director. Idlebrain.com (20 July 2010). Retrieved on 21 October 2015.
  63. Singh song | Rajeev Masand – movies that matter : from bollywood, hollywood and everywhere else සංරක්ෂණය කළ පිටපත 2013-03-12 at the Wayback Machine. Rajeevmasand.com (13 November 2012). Retrieved on 21 October 2015.
  64. Mee Star : S.S.Rajamouli Part 2. YouTube. 30 July 2012.

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=එස්._එස්._රාජමෞලි&oldid=601517" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි