උත්තරන්

ඉන්දියානු රූපවාහිනී සෝප් ඔපෙරාව

උත්තරන් (අර්ථය: ප්‍රතික්ෂේපිත, දිරාපත් වූ, ඉවත ලූ / හින්දි: उतरन) යනු ඉන්දියාවේ කලර්ස් ටීවී නාලිකාව මගින් විකාශය කරන ලද සෝප් ඔපෙරාවකි. එය සතියේ දිනවල විකාශය විය.

උත්තරන්
උත්තරන් තේමා පාඨය
ප්‍රභේදයනාට්‍ය
ප්‍රේම කථා
රචනය කලේඅජේ
අසීම් අරෝරා
කුමාර් අභිෂේක්
අධ්‍යක්ෂණය කලේකේතන් දුබේ
රඟපෑමටිනා දත්තා
රෂාමි දේසායි
සම්භව රටඉන්දියාව
භාෂාව(න්)හින්දි
කථාවාර සංඛ්‍යාව01
කථාංග ගණන1549[1]
නිෂ්පාදනය
නිෂ්පාදක(යෝ)කල්‍යාන් ගුහා
රූපාලි ගුහා
ස්ථානය(න්)මුම්බායි
නිෂ්පාදන සමාගමෆිල්ම් ෆාම් ඉන්ඩියා
ප්‍රචාරණය
මුල් නාලිකාවකලර්ස් ටීවී
මුල් ධාවනය1 දෙසැම්බර් 2008 (2008-12-01) – 16 ජනවාරි 2015 (2015-01-16)
බාහිර සබැඳි
නිල වෙබ්අඩවිය

මෙම කතාමාලාව දෙමළ බසින් හඬකවා සින්දු භෛරවී ලෙස රාජ් ටීවී ඔස්සේ විකාශය විය. 2016 ජූනි 4 දින එය නිමා වන තෙක්ම TRP සටහන්වල ප්‍රමුඛත්වයක් හිමි කරගැනීමට එය සමත් විය.

කථා පුවත සංස්කරණය

උත්තරන් කථාව ගෙතී ඇත්තේ වෙනස් සමාජ පසුබිම් දෙකක් සහිත මිතුරියන් දෙදෙනකු වටායි: එනම් සේවිකාවකගේ දියණියක වූ ඉච්ඡා (ටීනා දත්තා) සහ ධනවත් ජෝගි තාකුර්ගේ දියණිය වූ තපස්‍යා (රෂාමි දේසායි) ය. ඔවුහු දෙදෙනාම වීර් (නන්දිශ් සන්ධු) සමග ප්‍රේමයෙන් බැඳෙති. තපස්‍යා වීර් සමග විවාහ වීමත් සමග ඔවුහු සතුරන් බවට පත්වෙති. (සැබවින්ම වීර් පෙම්කළේ ඉච්ඡාටයි) පසුව වීර් ඉච්ඡා සමග නැවත විවාහ වන අතර තපස්‍යා, රතෝර් සමග විවාහ වීමෙන් පසු ඔවුහු නැවත මිතුරියන් බවට පත් වෙති. පසුව ඉච්ඡා මිය යයි. අනතුරුව මෙම කතාමාලාව මගින් ඔවුන්ගේ දරුවන් වන මීති සහ මුක්තාගේ කථාපුවත නිරූපණය වෙයි. [2]

චරිත නිරූපණය සංස්කරණය

අන්තර්ජාතික විකාශය සංස්කරණය

  • සර්බියාව, මොන්ටෙනෙග්‍රෝ, බොස්නියාව සහ හර්සෙගොවිනා තුළ සර්බියානු භාෂාවෙන් TV Prva නාළිකාවෙන් Odbačena ලෙස 2012දී විකාශය ඇරඹි මෙය 2015දී අවසන් විය.[3]
  • කසකස්ථානය තුළ කසාඛ් භාෂාවෙන් අස්ටානා ටීවී ඔස්සේ Қыз ғұмыры ලෙස 2013දී විකාශය ඇරඹි මෙය 2016දී අවසන් විය.[4]
  • තමිල් නාඩුවේ දෙමළ භාෂාවෙන් සින්දු භෛරවී ලෙස හඬකැවූ මෙය රාජ් ටීවී ඔස්සේ විකාශය වේ.
  • ආර්මේනියාව තුළ ආර්මේනියානු භාෂාවෙන් ෂැන්ට් ටීවී ඔස්සේ 2016 සිට Merjvace (Մերժվածը) ලෙස විකාශය වේ.[5]
  • ඉන්දුනීසියාව තුළ ඉන්දුනීසියානු භාෂාවෙන් හඬකැවූ මෙය 2015 සැප්තැම්බර් 21 සිට ANTV නාළිකාවෙන් විකාශය විය. 2016 සැප්තැම්බර් 18 දින,කතාමාලාව අවසන් විය.
  • දකුණු ඉන්දියාව තුළ මලයාලම් බසින් හඬකැවූ මෙය වල්සාල්‍යම් යන තේමාව යරතේ සූර්යා ටීවී නාළිකාවෙන් විකාශය වේ.
  • ශ්‍රී ලංකාව තුළ දෙමළ භාෂාවෙන් හඬකැවූ සින්දු භෛරවී කතාමාලාව සිංහල උපසිරැසි සමගින් විකාශය වේ. 2014 සිට එය නේත්‍රා ටීවී නාළිකාවෙන් විකාශය කෙරේ.
  • ලිතුවේනියාව තුළ ලිතුවේනියානු භාෂාවෙන් LNK නාළිකාවෙන් "Dvi širdys" (සිංහල: ද්වි හදවත්) ලෙස 2017දී විකාශය ඇරඹිණි.
  • රුමේනියාව තුළ නැෂනල් ටීවී නාළිකාවෙන් "Dragoste si Ura" (සිංහල: ප්‍රේමය සහ වෛරය) ලෙස විකාශය වේ. මෙය 2015 සැප්තැම්බර් 11 දින විකාශය ඇරඹිණි.

මූලාශ්‍ර සංස්කරණය

  1. "Uttaran episodes". Uttaran. 14 November 2014. සම්ප්‍රවේශය 15 November 2014.
  2. "Uttaran TV Serial All Episodes Online". Colors.in.com. සම්ප්‍රවේශය 2013-07-10.
  3. "Odbačena krenula na Prvoj TV". Prva.rs. සම්ප්‍රවේශය January 7, 2017.
  4. "Odbačena krenula na Astana TV". Astana.kz. සම්ප්‍රවේශය January 7, 2016.
  5. "Նոյեմբերի առաջին տասնօրյակում Հայաստանում ամենաբարձր դիտելիությունն ունեցել է "Շանթ" հեռուստաընկերությունը". National.am. November 14, 2016. සම්ප්‍රවේශය November 27, 2016.
"https://si.wikipedia.org/w/index.php?title=උත්තරන්&oldid=412548" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි