මෙරේ අන්ග්නේ මේන්

ඉන්දියානු රූපවාහිනී කතා මාලාව

මෙරේ අන්ග්නේ මේන්... යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු සෝප් ඔපෙරාවක් වන අතර එය ස්ටාර් ප්ලස් රූපවාහිනී නාළිකාව ඔස්සේ ලෝකය පුරා විකාශය කෙරිණි. 2015 ජූනි 15 දින මෙහි විකාශය ආරම්භ විය. සතියේ සෑම දිනකම ප.ව. 06:00ට මෙය විකාශය කෙරිණි. මෙම රූපවාහිනී කතාමාලාව රූගත කොට ඇත්තේ මුම්බායිහි වුවත්, කථාවට පසුබිම් වී ඇත්තේ මූඝල්සරායි නම් ප්‍රදේශයයි.

මෙරේ අන්ග්නේ මේන්
කතාමාලාවේ ප්‍රවර්ධන රූපයක්
ප්‍රභේදය
තැනුවේස්ෆියර් ඔරිජින්ස්
රචනය කලේ
  • අදහස සහ කථාව
  • විනෝද් රංග්නාත්
  • කථාංගික කථාව සහ තිර රචනය
  • ශිල්පා චෞබේ
  • සුෂිල් චෞබේ
  • පංකජ් මායිචි
  • දෙබස්
  • විනෝද් තාරනි
අධ්‍යක්ෂණය කලේපර්තෝ මිත්‍රා
නිර්මාණාත්මක අධ්‍යක්ෂක(වරු)ශිඛා විජ්
රඟපෑමපහළ බලන්න
Composer(s)ලලිත් සේන්
සම්භව රටඉන්දියාව
භාෂාව(න්)හින්දි
කථාවාර සංඛ්‍යාව1
කථාංග ගණන584 (2017 ජනවාරි 29 වන විට)
නිෂ්පාදනය
නිෂ්පාදක(යෝ)
  • සන්ජෝයි වාධ්වා
  • කෝමල් සන්ජෝයි වාධ්වා
සංස්කාරක(යන්)
  • ජනක් චෞහාන්
  • ෆිරෝස් ඛාන්
  • අනිල් වී.
ධාවන කාලයමිනිත්තු 23
නිෂ්පාදන සමාගමSphere Origins
ප්‍රචාරණය
මුල් නාලිකාවස්ටාර් ප්ලස්
රූප ආකෘතිය
මුල් ධාවනය15 ජුනි 2015 (2015-06-15) – වර්තමානය

එක්සත් රාජධානිය තුළ ස්ටාර් ප්ලස් නාළිකාවේ ප්‍රේක්ෂකයන් වැඩිම පිරිසක් නැරඹූ වැඩසටහන් අතුරින් එකක් වන මෙය, දිනකට ප්‍රේක්ෂකයින් 100,000ක සාමාන්‍ය ප්‍රේක්ෂක සංඛ්‍යාවක් හිමි කරගැනීමට සමත් විය.

ස්ෆියර් ඔරිජින්ස් යන නිෂ්පාදන සමාගමේ නිර්මාණයක් වන මෙය නිෂ්පාදනය කරන ලද්දේ සන්ජෝයි වාධ්වා සහ කෝමල් සන්ජෝයි වාධ්වා විසිනි. මෙය පාර්තෝ මිත්‍රාගේ අධ්‍යක්ෂණයකි. මෙහි සංකල්පය සහ කථාව විනෝද් රංග්නාත්ගෙනි. එහි කථාංගික කථාව සහ තිර රචනය සිදු කරන ලද්දේ ශිල්පා චෞබේ, සුෂිල් චෞබේ සහ පංකජ් මාව්චි යන පුද්ගලයින් විසිනි. මෙහි දෙබස් විනෝද් තාරනි විසින් නිර්මාණය කරන ලද ඒවා වේ. ජනක් චෞහාන්, ෆිරෝස් ඛාන් සහ අනිල් වී. යන අය මෙහි සංස්කරණයෙන් දායක වූහ. මෙහි එක් කථාංගයක් මිනිත්තු 23ක ධාවන කාලයකින් සමන්විත ය.

කථා පුවත සංස්කරණය

මෙරේ අන්ග්නේ මේන් නැමැති ස්ටාර් ප්ලස් නාළිකාවෙන් විකාශය වන මෙම රූපවාහිනී සෝප් ඔපෙරාව මගින් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි මූඝල් සරායි නගරයේ වෙසෙන දර්ශීය ධනවත් පවුලක දිවිය නිරූපණය කරයි. මෙම රූපවාහිනී කතාමාලාව ශ්‍රීවාස්ථවවරුන් නැමැති ධනවත් පවුල වටා ගෙතී ඇත. ශ්‍රීවාස්ථවවරුන්ගේ පවුලේ මාතෘ මූලිකාවිය වන්නේ ශාන්ති නැමැත්තියයි. ශාන්ති විසින් සිය පවුලේ සම්බන්ධතා සහ කටයුතු ඇගේ ශෛලියක් අනුව මෙහෙයවනු ලබන අතර, පවුලේ සෙසු සාමාජිකයින් සහ නිවස තුළ ඔවුන්ගේ ක්‍රියා කලාපය සම්පූර්ණයෙන් රැඳී ඇත්තේ ඇගේ පාලනය යටතේ ය. ඇගේ මුණුපුරකුගේ භාර්යාවක වශයෙන් නව මනාලියක් පවුලට ඇතුළු වන විට, මෙම නව සාමාජිකාවට නිවසේ ස්ථාපිත සම්ප්‍රදායයන් සමග ගැටීමට සිදුවන අයුරු මෙමගින් නිරූපිත ය. මීට අමතරව, ශ්‍රීවාස්ථවවරුන්ගේ සංඛීර්ණ පවුල ඇගේ දියණිය වන සර්ලාගේ දුෂ්කර පවුල සමග ද සම්බන්ධ ය. මේ නිසා කථාව ගලායාමේ දී, මෙම පවුල් දෙක අතර ඇති වන ආරවුල් මෙන්ම කුඩා සිදුවීම් පවා විශාල අර්බුදයකට හේතුවන අයුරු මැනවින් වටහා ගත හැක. මෙම කතාමාලාවේ ඇති උත්ප්‍රාසය සහ ව්‍යාංගය නිසා එය තවත් අර්ථවත් වී ඇත. ශාන්ති විසින් කෞශල්‍යා සහ රියා අතර ඇති සම්බන්ධතාව මෙන්ම, ෂිවම් අතර ඇති සම්බන්ධතාව ද බිඳදැමීමට උත්සාහ දරන්නී ය. මීට අමතරව, ශාන්ති දේවි සමග කටයුතු කිරීමේ දී රියා හට ග්‍රාම්‍ය ස්වරූපයකින් හැසිරෙන්නට සිදු වේ.

චරිත නිරූපණය සංස්කරණය

ප්‍රධාන චරිත සංස්කරණය

  • ඒක්තා කොවුල්, රියා ෂ්‍යාම් ශ්‍රීවාස්ථව්/බාහුරියා ලෙස; නූතන යුවතියකි‍. අනූපම් මාථූර්ගේ දියණියයි. ශිවම්ගේ භාර්යාවයි. කෞශල්‍යා-රාඝව්ගේ ලේලියයි. (ප්‍රධාන චරිතයකි) (2015-)[1][2]
  • කෘතිකා දේසායි ඛාන්, ශාන්ති ශ්‍රීවාස්ථව්/අම්මාජි/ශෂිකලා ලෙස; සර්ලා-රාඝව්ගේ මෑණියන් ය. කෞශල්‍යා-අශෝක්‍ගේ නැන්දණියයි. ශිවම්-ප්‍රීති-නාමිතා-අමිත්-පරිනීතා-සොනාල් යන අයගේ මිත්තණියයි. (ප්‍රධාන චරිතයකි) (2015-)[3]
  • කරම් රාජ්පාල්, ශිවම් රාඝව් ශිවාස්ථව්/බුලට් රාජා ලෙස; රියාගේ සැමියායි. (ප්‍රධාන චරිතයකි) (2015-)[4]

සහායක චරිත සංස්කරණය

  • අනන්‍යා ඛාරේ, සර්ලා අශෝක් අගර්වාල් ලෙස; ශාන්තිගේ දියණියයි. අශෝක්‍ගේ භාර්යාවයි. අමිත්-පරිනීතා-සොනාල් යන අයගේ මෑණියන් ය. (2015-)
  • සුචිතා ත්‍රිවේදි, කෞශල්‍යා රාඝව් ශ්‍රීවාස්ථව්/කුසියා ලෙස; ශාන්ති‍ගේ ලේලියයි. රාඝව්ගේ භාර්යාවයි. ශිවම්-ප්‍රීති-නාමිතා යන අයගේ මෑණියන් ය. (2015-)
  • වරුන් බදෝලා, රාඝව් ශ්‍රීවාස්ථව් ලෙස; ශාන්තිගේ පුත්‍රයායි. කෞශල්‍යාගේ සැමියායි. ශිවම්-ප්‍රීති-නාමිතා‍ යන අයගේ පියායි. (2015-)
  • චාරු අසෝපා, ප්‍රීති නන්දු මිෂ්රා/ප්‍රීත්‍යා ලෙස; ශිවම්ගේ සොයුරියයි. නන්දු‍ගේ භාර්යාවයි. (2015-)
  • දුෂ්‍යන්ත් වාඝ්, නන්දු මිෂ්රා/ලකී ලෙස; කෞශල්‍යා-රාඝව්ගේ බෑණායි. ප්‍රීතිගේ සැමියායි. (2015-)
  • ගරිමා පරිහාර්, නාමිතා ව්‍යොම් සිංහා/නිම්මි ලෙස; ව්‍යොම්ගේ වැන්දඹුවයි. ශිව්මගේ සොයුරියයි. (2015-)
  • රෝෂිනී රොස්තෝගි, රාණි අමිත් අගර්වාල්/රාණියා ලෙස; අමිත්ගේ භාර්යාවයි. (2015-)
  • පල්ලවි ගුප්තා, පරිනීතා සුජීව් සිංහා/පරි; සර්ලා-අශෝක්ගේ දියණියයි. සුජීව්ගේ භාර්යාවයි. (2015-)
  • නීරාජ් මාල්වියා, අමිත් අශෝත් අගර්වාල් ලෙස; සර්ලා-අශෝක්ගේ පුත්‍රයායි. රාණිගේ සැමියායි. (2015-)
  • ශ්‍රේයා ලහේරි, සොනාල් අශෝක් අගර්වාල් ලෙස; සර්ලා-අශෝක්ගේ දියණියයි. (2015-)
  • ආදිති දාදිච්, බන්ටි ලෙස; රියාගේ මිතුරෙකි.
  • අශීෂ් රෝයි, අශෝක් අගර්වාල් ලෙස; සර්ලාගේ සැමියායි. ශාන්තිගේ බෑණායි.
  • අභිලාෂ් චෞධරි, රමේෂ් ලෙස

හිටපු චරිත සංස්කරණය

සම්මාන සහ නිර්දේශ සංස්කරණය

වර්ෂය සම්මානය ප්‍රවර්ගය යෝජිතයා ප්‍රතිඵලය
2016 ස්ටාර් පරිවාර් සම්මාන ප්‍රියතම සාසුර් වරුන් බදෝලා දිනාගති
ප්‍රියතම සාස් කෘතිකා දේසායි ඛාන්
ප්‍රියතම මසේදාර් සදස්‍යා (කාන්තා)
ප්‍රියතම නායා සදස්‍යා - කාන්තා ඒක්තා කොවුල් නිර්දේශිත
ප්‍රියතම නායා සදස්‍යා - පිරිමි කරම් රාජ්පාල්
ප්‍රියතම මසේදාර් සදස්‍යා අනන්‍යා ඛාරේ
ප්‍රියතම සාස් සුචිතා ත්‍රිවේදි
ප්‍රියතම මසේදාර් සදස්‍යා (පිරිමි) වරුන් බදෝලා

ආශ්‍රේයයන් සංස්කරණය

  1. "Ekta Kaul missing in action - Times of India". Times of India. 4 November 2016.
  2. "Is Mere Angne Mein beauty Ekta Kaul aka Riya planning to tie the knot this year?". India.com. 20 August 2016.
  3. "How Krutika Desai got the cast and crew of her show to turn vegetarian - Times of India". Times of India. 14 October 2015.
  4. "Mere Angne Mein actor Karam Rajpal gets second time lucky in love". Bollywoodlife.com. 19 August 2016.
"https://si.wikipedia.org/w/index.php?title=මෙරේ_අන්ග්නේ_මේන්&oldid=410041" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි