සුභ නව වසරක් වේවා සංස්කරණය

එසේම වේවා! --Lee (talk) 16:16, 1 ජනවාරි 2016 (යූටීසී)Reply

සුබ නව වසරක් වේවා සංස්කරණය

ඔබ සැමට සුබ නව වසරක් වේවා! සිංහල විකිපීඩියාව දියුණුවට පත් වේවා! එහි අන්තර්ගතය මෙන්ම තත්ත්වයද දියුණු වේවා! ----- Shwetha (talk) 02:17, 2 ජනවාරි 2016 (යූටීසී)Reply

එසේම වේවා! --Lee (talk) 04:57, 4 ජනවාරි 2016 (යූටීසී)Reply

විකිපීඩියාව තුල සංස්කාරකවරුන්ට අඩන්තේට්ටම් (harassment) සිදුවීම සංස්කරණය

ගරු Lee මහතාණෙනි,

සිංහල විකිපීඩියාව තුල පරිශීලකයින්ගේ පුද්ගලික හඳුනාගැනීම සිදුකිරීමත් (විකිපීඩියාවෙහි බලධරයෙකු වන Shwetha මහතා විසින් මෙහි දැක්වෙන 1928 කටුකුරුන්ද දුම්රිය අනතුර යටි ඡේදයේ මා සම්පූර්ණයෙන් හඳුනාගති යන්න පිළිගෙන ඇති නිසා), විකිපීඩියාවෙහි අන්තර්ගතය ගැන සංවාද නොකොට සංස්කාරකවරයාගේ/වරුන්ගේ පුද්ගලික ගතිපැවතුම් තමන්ගේ පදනම් මත යැපෙමින් අවඥාවට සහ සමච්චලයට ලක් කිරීමත්, ඔවුන්ට අනාරාධිත ලෙස පීඩාවට ලක්වන ආකාරයේ අවවාද ලබා දීමත්, නිශ්චිත පුද්ගලයෙකු හෝ පුද්ගලයන් කිහිපදෙනෙකු අරමුණු සහගත ලෙස ඉලක්ක කොට ගනිමින් එම සංස්කාරකවරුන්ට විකිපීඩියාව අප්‍රසන්න ස්ථානයක් බවට පත්කිරීමට උත්සාහ දැරීමත් හා මා ලවාම සංස්කරණ සිදුකරවීමේ (කොකාවිල් සම්ප්‍රේෂණ කුළුණ) විකීලුහුබැඳීම් (WIKIHOUNDING) වැනි දෑ දක්නට ලැබෙන නිසාත්, පරිශීලක අවකාශයන්හී නොමනා "අවවාද" ස්ථාපනය කිරීම් ආදිය පිහිටුවීමත් (Miran27 පිටුවට අවවාද කිරීම), එවැනි අඩන්තේට්ටම් (harassment) විකිපීඩියා සුසිරිත් වලට අදාල නොවන නිසාත්, මෙවැනි භාහිර පුද්ගල ගතිපැවතුම් අපහාසයට පත්කිරීම වැනි ක්‍රියාවන් ඉදිරියට සිදු නොවීම පිණිසත්, සිංහල විකිපීඩියාවේ වගකීමක් සහිත බලධාරී මහත්වරුවන් වශයෙන් මෙවැනි සිදුවීම් සම්බන්ධව යම් කිසි ක්‍රියා මාර්ගයක් ගනු ඇතැයි මා විශ්වාස කරමි.

මේ සම්බන්ධ පොදු සංවාදයක්, පරිපාලකවරුන් වන ඔබතුමන්ලා විසින් පරිශීලකයන් සියළු දෙනාට අදහස් දැක්විය හැකි ස්ථානයක ඇති කරයි යැයි මා බලාපොරොත්තු වෙමි. මෙවැනි සිදුවීම් තව දුරටත් වර්ධනය වීම, සිංහල විකිපීඩියා ව්‍යාපෘතිය කඩාකප්පල් වීම හා නවක පරිශීලකයින් සිංහල විකිපීඩියාව හැරයන තත්වයක් ගොඩනැංවීම පිණිස හේතුකාරක විය හැකි බව විකිපීඩියා අඩන්තේට්ටම් කිරීම් (Wikipedia:Harassment) හී දක්වා තිබෙයි. --- L Manju (talk) 06:38, 17 මැයි 2014 (යූටීසී)ප්‍රකාශය ඉවත් කර ගනිමි--L Manju (talk) 14:21, 7 ජනවාරි 2016 (යූටීසී)Reply

ඔබ දෙදෙනාම මා ගරු කරනා සංස්කාරකවරුන්. අපි පුළුවන් විදිහකට හොඳින් ප්‍රශ්නය විසඳගන්න බලමු. මට තව ටිකක් කලක් දෙන්න වෙලා තියෙන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. --Lee (talk) 08:39, 25 මැයි 2014 (යූටීසී)Reply
කරුණු අවබෝධය කාලය සමග සිදුවීමත් සහයෝගය සියල්ලටම වඩා වටිනා බැවිනුත් මගේ ඉහත ප්‍රකාශ මින් ඉවත් කර ගනිමි. මෙයින් ඔබතුමන්ටද අපහසුතාවයක් සිදුවූවානම් සමාවන්න.--L Manju (talk) 14:21, 7 ජනවාරි 2016 (යූටීසී)Reply
ස්තූතියි. ----Shwetha (talk) 14:48, 7 ජනවාරි 2016 (යූටීසී)Reply
Return to the user page of "Lee/Archive/2016/ජනවාරි".