පරිශීලක සාකච්ඡාව:Lee/Archive/2015/පෙබරවාරි

ආපසුපෙරලීම සංස්කරණය

පරිපාලක තුමනි, කරුණාකර සිංහල ජාතිය පිටුව බලන්න. මට හිතෙන්න ඒ පිටුව CommonsDelinkerගේ අවසන් සංශෝධනයට ආපසුපෙරලන්න ඕනෙ කියල. ඒ පිටුවේ නිර්නාමිකයෙකු කරපු සංස්කරණ කිහිපයක් (කිසි මූලාශ්‍රයක් නැති) නිසා ගැටලුවක් ඇති වෙලා වගෙයි. -- හරිත සාකච්ඡාව 04:28, 2 පෙබරවාරි 2015 (යූටීසී)Reply

හරිත, මේ වෙනස නම් ඔබටත් කරන්න පුළුවන්. පරිපාලක අවශ්‍ය නෑ.--Lee (talk) 04:48, 2 පෙබරවාරි 2015 (යූටීසී)Reply
මම එය බොහෝ දුරට වෙනස් කළා. ඔබෙන් උපකාරයක් ඉල්ලුවෙ ඔහු සංස්කරණයන් කිහිපයක් ම කරලා තිබුණ නිසා පසු පෙරලුමකින් ඒවා පහසුවෙන් ඉවත් කළ හැකි නිසයි. එය බාධාවක් වුණා නම් සමාවෙන්න. ස්තුතියි. -- හරිත සාකච්ඡාව 07:50, 2 පෙබරවාරි 2015 (යූටීසී)Reply
නෑ, බාධාවක් නම් නෙමේ. පිටුවක් පෙර අනුවාදයකට ගෙනියන්න පරිපාලක තත්වය අවශ්‍ය නෑ නේද? මම පිටුව ආරක්ෂණය කළා. --Lee (talk) 09:08, 2 පෙබරවාරි 2015 (යූටීසී)Reply
මම කලින් සංස්කරණ කිහිපයක් එකවර අහෝසි කරන්න, අතරමැද සංස්කරණයක් අහෝසි කරන්න ගියවිට පරස්පර විරෝධී අතරමැදි සංස්කරණ හේතුවෙන් මෙම සංස්කරණය අහෝසි කල නොහැක කියන පණිවිඩය ආවා. දැන් තමයි තේරුණේ ඒකට අග සිට සංස්කරණ එකින් එක අහෝසි කළ යුතුයි කියල. ඒ නිසයි මම හිතුවෙ ඒකට පසුපෙරලීමේ බලය හෝ පරිපාලක තත්ත්වය අවශ්‍යයි කියලා. ඒක වැරදි අදහසක් තමයි. -- හරිත සාකච්ඡාව 12:46, 3 පෙබරවාරි 2015 (යූටීසී)Reply
Return to the user page of "Lee/Archive/2015/පෙබරවාරි".