නාසාස්ථිය
නාසාස්ථි යනු කුඩා දිගටි අස්ථි දෙකක් වන අතර, පුද්ගලයා අනුව මෙහි ප්‍රමාණය සහ හැඩය වෙනස් විය හැක. මේවා මුහුණේ මැද සහ ඉහළ පෙදෙස්වල පිහිටන අතර, එය එහි සන්ධියේ දී නාසයේ "සේතුව" සෑදීමට දායක වෙයි.
නාසාස්ථිය | |
---|---|
තොරතුරු | |
ලතින් | os nasale |
හඳුන්වනයන් | |
ග්‍රේ ගේ | p.156 |
Dorlands /Elsevier | o_07/12598538 |
TA | A02.1.10.001 |
FMA | 52745 |
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව |
සෑම අස්ථියක් සතුවම පෘෂ්ඨ දෙකක් සහ දාර හතරක් පවතී.
ව්‍යූහය
සංස්කරණයපෘෂ්ඨ
සංස්කරණයමේවායේ පිටත පෘෂ්ඨය ඉහළ-පහළ අක්ෂය ඔස්සේ අව-උත්තල ස්වරූපයක් ගන්නා අතර, පාර්ශ්විකව උත්තල ස්වභාවයක් ගනී. එය ප්රසාරක සහ නාසික පේශිවලින් ආවරණය වී ඇත. එය එහි මධ්‍යයේ ජිද්රයකින් සමන්විත වන අතර, ඒ හරහා කුඩා ශිරාවක් දිවෙයි.
ඇතුළත පෘෂ්ඨය පාර්ශ්විකව අවතල වන අතර, එහි ඉහළ සිට පහළ දක්වා ඇලියක් පිහිටි අතර එය නාසාපක්ෂ්මීය ස්නායුවට ගමන් කිරීමට මාර්ගය සාදයි.
සන්ධානයන්
සංස්කරණයනාසාස්ථිය අස්ථි හතරක් සමග සන්ධානය වේ: ඉන් දෙකක් කපාල අස්ථි වන ලලාට සහ ජිද්‍රාස්ථිය වන අතර, අනෙක් දෙක වක්ත්‍ර අස්ථි වන යාබද නාසාස්ථිය සහ ඌර්ධවහනුක අස්ථිය වේ.
වෙනත් සතුන් තුළ
සංස්කරණයප්රාථමික අස්ථික මසුන් සහ සිව්පාවුන් තුළ, නාසාස්ථි හිස්කබලේ පියස්ස සාදන යුගලමය අස්ථි හතරෙන් වඩාත් පූර්වයෙන් පිහිටි අස්ථි වේ. එම සෙසු අස්ථි අතර ලලාට අස්ථි, පාර්ශ්වකපාල අස්ථි සහ අපරපාර්ශ්වකපාල අස්ථි වේ. ජීවී විශේෂවල ඒවායේ ස්වරූපය විවිධත්වයක් පෙන්වයි. හිසේ හැඩය අනුව එය වෙනස් වන අතර, සාමාන්‍යයෙන් ඒවා නාස්පුඩුවල සිට අක්ෂිකූප දක්වා පිහිටමින් හොම්බේ හෝ හොටයේ පියස්ස සාදයි. බොහෝ සතුන්ගේ මෙම අස්ථිය, මිනිසුන් සහ මහා වානරයින්ට වඩා ප්‍රමාණයෙන් සාපේක්ෂව විශාල ය. එයට හේතුව මිනිසුන් සහ මහා වානරයින්ගේ මුහුණ කෙටි වීමයි. කැස්බෑවුන්හට නාසාස්ථි නොමැති අතර, අක්ෂිකූපයේ පූර්වලලාට අස්ථි නාස් පුඩු තෙක් දිවෙයි.[1]
අමතර පින්තූර
සංස්කරණය-
නාසාස්ථි බිඳීමක X-කිරණ ඡායාරූපයක්
-
නාසාස්ථිය
-
අක්ෂිකූපය සාදන අස්ථි
-
නාසා කුටීරයේ පාර්ශ්වික බිත්තිය, ජිද්‍රාස්ථියේ පිහිටීම ද දැක්වේ.
-
ඌර්ධවහනුක අස්ථිය සමග නාසා සහ අශ්‍රැ අස්ථි සන්ධානය වීම.
-
දකුණු නාසාස්ථිය. පිටත පෘෂ්ඨය.
-
දකුණු නාසාස්ථිය. ඇතුළු පෘෂ්ඨය.
-
හිස්කබලේ පැති පෙනුමක සමීප දර්ශනයක්.
-
හිස්කබලේ පැතිපෙනුම.
-
හිස්කබලේ පූර්ව පෙසුව.
-
නාසාකුටීරය සහ අක්ෂීකූපවල හරස්කඩක්.
-
වම් අක්ෂිකූපයේ මධ්‍ය බිත්තිය.
-
හිස්කබලේ ශරීය කඩක්.
-
නාසාකුටීරයේ පියස්ස, පත්ළ, සහ පාර්ශ්වික බිත්තිය.
-
නාසාස්ථිය
-
අශ්‍රැ සහ නාසාස්ථි
-
නාසාස්ථිය
-
නාසාස්ථිය
-
නාසාස්ථිය
මේවාත් බලන්න
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- ^ රෝමර්, ඇල්ෆ්‍රඩ් ෂර්වුඩ්; පාසන්ස්, තෝමස් එස්. (1977). ද වර්ටිබ්‍රේට් බොඩි. ෆිලඩෙල්ෆියා, PA: හොල්ට්-සෝන්ඩර්ස් ඉන්ටර්නැෂනල්. pp. 217–241. ISBN 0-03-910284-X.
බාහිර සබැඳි
සංස්කරණය- Anatomy figure: 22:02-07 සංරක්ෂණය කළ පිටපත 2011-05-19 at the Wayback Machineට අදාළ හියුමන් ඇනටමි ඔන්ලයින් ගිණුම, SUNY ඩවුන්ස්ටේට් මෙඩිකල් සෙන්ටර්—"හිස්කබලේ පූර්ව පෙනුම."
- Anatomy photo:29:st-0206 සංරක්ෂණය කළ පිටපත 2007-10-24 at the Wayback Machineට අදාළ SUNY ඩවුන්ස්ටේට් මෙඩිකල් සෙන්ටර් ගිණුම—"ඇස් සහ අක්ෂීකූප: අස්ථි"
- Anatomy figure: 33:01-03 සංරක්ෂණය කළ පිටපත 2007-12-06 at the Wayback Machineට අදාළ හියුමන් ඇනටමි ඔණ්ලයින් ගිණුම, SUNY ඩවුන්ස්ටේට් මෙඩිකල් සෙන්ටර්—"පාර්ශ්වික නාසා බිත්තියේ අස්ථි."
- Anatomy diagram: 34256.000-1 සංරක්ෂණය කළ පිටපත 2009-08-13 at the Wayback Machineට අදාළ රොච් ලෙක්සිකොන් ගිණුම - සිතුවම් සහිත මාර්ගෝපදේශකය, එල්සිවියර්