හලාස්ථිය
හලාස්ථිය (Vomer - /ˈvoʊmər/[1][2]) යනු හිස්කබලේ ඇති යුගලමය නොවූ වක්ත්‍ර අස්ථි අතරින් එකකි. එය පිහිටා ඇත්තේ මධ්‍ය ශරීය රේඛාවේ වන අතර, එය කීලාස්ථිය, ජිද්‍රාස්ථිය, වම් හා දකුණු තාලව අස්ථි සහ වම් හා දකුණු උර්ධ්වහනුක අස්ථි යන අස්ථි සමග සන්ධානය වේ. හලාස්ථිය මගින් නාසා ආවාරයේ අධර පෙදෙස සාදන අතර, එහි උත්තර පෙදෙස ජිද්‍රාස්ථියේ ලම්බ තලය මගින් සෑදේ.[3] මෙහි ඉංග්‍රීසි නාමය වන “Vomer” යන්න එම අස්ථියේ හැඩය ඇති, නගුල් දැත්තට යෙදෙන ලතින් වදනකින් සම්භවය වී ඇත.
හලාස්ථිය | |
---|---|
තොරතුරු | |
ලතින් | Vomer |
හඳුන්වනයන් | |
ග්‍රේ ගේ | p.170 |
MeSH | A02.165.407.600 |
TA | A02.1.11.001 |
FMA | 9710 |
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව |
ව්‍යූහය
සංස්කරණයහලාස්ථිය මිනිස් සිරුරේ මධ්‍ය තලයේ පිහිටා ඇත. නමුත් එහි පූර්ව පෙදෙස සාමාන්‍යයෙන් එක් පැත්තකට නැවී ඇත.
මෙය සිහින්, තරමක් චතුරස්රාකාර අස්ථියකි. එය නාසා ආවාරයේ පසුපස සහ පහළ කොටස් සාදයි. මෙය සතුව පෘෂ්ඨ දෙකක් සහ දාර හතරක් ඇත.
මෙහි පෘෂ්ඨයේ රුධිර වාහිනී සඳහා ඇගිලි වැනි ප්‍රදේශ ඇති අතර, ඒ සෑම එකකම නාසාතාලව ඇලිය පිහිට අතර එය හරස්ව ඉදිරියට සහ පසුපසට විහිදෙමින්, නාසාතාලව ස්නායුව සහ වාහිනී සඳහා අවකාශ සපයයි.
දාර
සංස්කරණයඋත්තර දාරය, ඝනකම්ම දාරය වන අතර, එහි ගැඹුරු ඇගිලියක් ඇත, එය එක්පසෙකින් අස්ථියේ පිහිටි තිරස්ව විහිදෙන නෙරුමකින් සීමා වේ. – මෙය හලාස්ථි පියාපත නම් වේ. මෙම ඇගිලිය කීලාස්ථියේ තුණ්ඩය තෙක් විහිදේ.
අධර දාරය ඌර්ධ්වහනුක අස්ථිය සහ තාලව අස්ථිය මගින් සාදන ශිඛාව සමග සන්ධානය වේ.
පූර්ව දාරය දිගම දාරය වන අතර, පහළට සහ ඉදිරියට විහිදේ. එහි ඉහළ අර්ධය ජිද්‍රාස්ථියේ ලම්බ තලය සමග සම්බන්ධ වේ. එහි පහළ අර්ධය නාසාවාරික කාටිලේජය සඳහා ඇලියක් තනයි.
අපර දාරය අස්ථි සමග සන්ධානය වී නොමැති අතර, පේශී සන්ධානයන් ද නොමැත. එය අවතල ය. එය අන්තෝන්යාසය වෙන් කරයි. එය ඝනකම් වන අතර, ඉහළින් ද්වීභින්න සහ පහළින් සිහින් ව්‍යූහයකි.
සන්ධානයන්
සංස්කරණයහලාස්ථිය අස්ථි හයක් සමග සන්ධානය වේ:
- කපාල අස්ථි දෙකක් වන, කීලාස්ථිය සහ ජිද්‍රාස්ථිය සමග ද,
- වක්ත්‍ර අස්ථි හතරක් වන, ඌර්ධ්වහනුක අස්ථි යුගල; සහ තාලව අස්ථි යුගල සමග ද එය සන්ධානය වේ.
කෘත්‍යය
සංස්කරණයහලාස්ථිනාසා අවයවය, හෙවත් ජේකබ්සන් අවයවය, යනු රසායනික ප්රතිගාහකයක් වන අතර, එය හලාස්ථියට සහ නාසාස්ථිවලට සමීපව පිහිටි නිසා මෙසේ හඳුන්වයි. මෙය විශේෂයෙන්ම බළලුන් වැනි සතුන්ගේ (මොවුන්ගේ එම අවයවය භාවිතකරන විට ලාක්ෂණික ප්‍රතිචාරයක් වන ෆ්ලෙමෙන් ප්‍රතික්‍රියාව හෙවත් ෆ්ලෙමිං යන ක්‍රියාව දැකගත හැක) දක්නට ඇති අතර, එය ඇතැම් පෙරමෝන මගින් සංජානනය වේ යැයි සැලකේ.
වෙනත් සතුන් තුළ
සංස්කරණයඅස්ථික මසුන්ගේ, හලාස්ථි පැතලි, වෙන් වූ අස්ථිවන අතර ඒවා පූර්වෝර්ධ්වහනු අස්ථිය අස්ථියට වහාම පිටුපසින්, පිහිටා මුඛයේ පියස්ස සාදයි. බොහෝ විශේෂවල හනුවට අමතරව මේවායේ දත් දක්නට ඇත. ඇතැම් නෂ්ට වූ විශේෂවල, හලාස්ථියේ දත් ප්‍රාථමික දත් කට්ටලයට වඩා විශාල ය. උභයජීවීන් සහ උරගයින් තුළ, විශාල අන්තෝන්යාසයක් (නාසාවිවරවල ඇතුළු කොටස) පැවතීම හේතුවෙන් හලාස්ථි පටු වී ඇති අතර, එය හනුවේ පිටුපසට වැඩිදුරක් දක්වා විහිදේ. නමුත් පක්ෂීන් තුළ මේවා සාමාන්‍යයෙන් කුඩා ය. ඒවා හොටෙහි ඉහළ පිටුපස පෙදෙස සාදන අතර, අන්තෝනාසය අතර පිහිටා ඇත.[4]
ක්ෂිරපායීන් තුළ, හලාස්ථි තවත් පටු වී ඇති අතර, එය තනි සිරස්ව දිශානත වූ අස්ථියක් දක්වා ක්ෂීණ වී ඇත. හලාස්ථියට පහළින් දැඩි තල්ල වර්ධනය වන විට සිදුවන්නේ නාසා කුහරයේ දැන් පිහිටි අස්ථිය මුඛයෙන් වෙන් වීමයි.[4]
අමතර පින්තූර
සංස්කරණය-
වම් නාසා කුහරයේ මධ්‍ය බිත්තිය ස්ථානීයව හලාස්ථිය නිරූපණය කොට ඇත.
-
හලාස්ථිය.
-
හිස්කබලේ පාදම. අධර පෘෂ්ඨය.
-
හිස්කබලේ ශරීය කඩක්.
-
හලාස්ථිය
-
හලාස්ථිය
මේවාත් බලන්න
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- ^ OED 2වන සංස්කරණය, 1989.
- ^ ප්‍රවේශය "vomer" යන්න මීරියම්-වෙබ්ස්ටර් මාර්ගස්ථ ශබ්දකෝෂය තුළ.
- ^ ඉලස්ට්‍රේටඩ් ඇනටමි ඔෆ් ද හෙඩ් ඇන්ඩ් නෙක්, ෆෙහ්රෙන්බැච් සහ හෙරිං, එල්සිවියර්, 2012, පිටුව 52
- ^ a b රෝමර්, ඇල්ෆ්‍රඩ් ෂර්වුඩ්; පාසන්ස්, තෝමස් එස්. (1977). ද වර්ටිබ්‍රේට් බොඩි. ෆිලඩෙල්ෆියා, PA: හෝල්ට්-සෝන්ඩර්ස් ඉන්ටර්නැෂනල්. pp. 220–243. ISBN 0-03-910284-X.
බාහිර සබැඳි
සංස්කරණය- Anatomy photo:33:st-0232 සංරක්ෂණය කළ පිටපත 2016-03-03 at the Wayback Machineට අදාළ SUNY ඩවුන්ස්ටේට් මෙඩිකල් සෙන්ටර් ගිණුම - "නාසා කුහරය: අස්ථි"
- Anatomy figure: 33:02-03 සංරක්ෂණය කළ පිටපත 2016-03-03 at the Wayback Machineට අදාළ හියුමන් ඇනටමි ඔන්ලයින්, SUNY ඩවුන්ස්ටේට් මෙඩිකල් සෙන්ටර් ගිණුම - "මධ්‍ය (ආවාරික) නාසාබිත්ති අස්ථියේ රූපසටහන්."
- lesson9ට අදාළ වෙස්ලි නෝමන්ගේ (ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලය) ව්යූහවිද්යා පාඩම ("nasalseptumbonescarti" සංරක්ෂණය කළ පිටපත 2007-02-12 at the Wayback Machine)
- Atlas image: rsa1p7ට අදාළ මිචිගන් සෞඛ්‍ය පද්ධති විශ්වවිද්‍යාලයේ ගිණුම - "නාසා ආවාරය, පාර්ශ්ව දර්ශනය"
- Anatomy diagram: 34256.000-1 සංරක්ෂණය කළ පිටපත 2009-08-13 at the Wayback Machineට අදාළ රොෂ් ලෙක්සිකන් - සිතුවම් සහිත මාර්ගෝපදේශකය, එල්සිවියර්
- Anatomy diagram: 34257.000-1 සංරක්ෂණය කළ පිටපත 2009-11-23 at the Wayback Machineට අදාළ රොෂ් ලෙක්සිකන් - සිතුවම් සහිත මාර්ගෝපදේශකය, එල්සිවියර්