නග්මා

ඉන්දියානු නිළිය

නග්මා අර්වින්ද් මොරාර්ජී[1] (උපත නන්දිතා අර්වින්ද් මොරාර්ජී; 25 දෙසැම්බර් 1970) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු දේශපාලනඥවරියක සහ නිළියකි. ඇයගේ සිනමා ප්‍රවිෂ්ටය සිදුවූයේ 1990 බාඝි චිත්‍රපටය තුළින් සල්මාන් ඛාන් සමඟ ය. මෙය එම වර්ෂයේ සත්වන ඉහළම ආදායම ලද හින්දි චිත්‍රපටය විය.[2] ඇය වඩාත් ප්‍රචලිත වූයේ ඝරන මොගුඩු (1992), කිං අන්කල් (1993), සුහාග් (1994), කාදලන්(1994), බාෂා (1995) සහ ලාල් බාද්ෂා (1999) වැනි චිත්‍රපටවල ඇය නිරූපණය කළ චරිත හේතුවෙනි. බොලිවුඩය වෙතින් සිය රංගන දිවිය ආරම්භ කළ ද, නග්මා තෙලිඟු, හින්දි, දෙමළ, භෝජ්පූරි, මලයාලම්, කන්නඩ, බෙංගාලි, පන්ජාබි සහ මරාඨි යන ඉන්දීය භාෂා චිත්‍රපටවලට සිය දායකත්වය සපයා ඇත.

නග්මා
මොරාර්ජි 2015 දී
උපත
නන්දිතා අර්වින්ද් මොරාර්ජි

25 දෙසැම්බර් 1970 (1970-12-25) (වයස 53)
බොම්බේ (වර්තමාන මුම්‍බායි), මහාරාෂ්ට්‍ර, ඉන්දියාව
වෙනත් නම්නග්මා සදානා
උගත් ශාස්ත්‍රාලයමුම්බායි විශ්වවිද්‍යාලය (B. Com)
රැකියාව
  • නිළිය
  • දේශපාලනඥවරිය
සක්‍රීය වසර1990–වර්තමානය (නිළියක ලෙස)
2004-වර්තමානය (දේශපාලනික)
දේශපාලන පක්ෂයඉන්දියානු ජාතික කොන්ග්‍රසය
ඥාතීන්රෝෂිණී (අර්ධ-සොයුරිය)
ජ්‍යෝතිකා (අර්ධ-සොයුරිය)

ආශ්‍රේයයන් සංස්කරණය

  1. "Morarji Nagma Arvind(Indian National Congress(INC)):Constituency- MEERUT(UTTAR PRADESH) - Affidavit Information of Candidate". myneta.info. සම්ප්‍රවේශය 16 August 2020.
  2. Baaghi: A Rebel for Love සංරක්ෂණය කළ පිටපත 7 අප්‍රේල් 2007 at the Wayback Machine

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=නග්මා&oldid=474500" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි