දස්කොන් (රූපවාහිනී කතාමාලාව)

දස්කොන් නැතහොත් දස්කොන් හෙවත් කන්ද උඩ ගින්දර යනුවෙන් හැඳින්වෙන්නේ ශ්‍රී ලාංකික රූපවාහිනී කතාමාලාවකි. රොෂාන් රවීන්ද්‍ර විසින් මෙයට තේමා වූ දස්කොන් චරිතය නිරූපණය කරන අතර, පූජා උමාශංකර් සහ අඛිල ධනුද්ධර මෙහි සෙසු ප්‍රධාන චරිත නිරූපණය කරති. ජැක්සන් ඇන්තනි විසින් අධ්‍යක්ෂණය සහ රචනා කරන ලද මෙම ඓතිහාසික මාලා නාට්‍යයට පාදක වී ඇත්තේ වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ වල්ලභ රැජින වූ ප්‍රමිලා දේවිය සහ අමාත්‍ය දස්කොන් අතර ඇතිවූ ජනප්‍රවාදගත ප්‍රේම සම්බන්ධතාවයයි.[1] සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම ස්වර්ණවාහිනී නාළිකාව ඔස්සේ 20:30ට (SLST) මෙය විකාශය විය. 2014 සැප්තැම්බර් 6 දින විකාශය ඇරඹි මෙය 2015 ජූලි 5 දින අවසන් විය.

දස්කොන්
ප්‍රවර්ධන රුවක්
මෙලෙසද හැඳින්වේදස්කොන් හෙවත් කන්ද උඩ ගින්දර
ප්‍රභේදයඓතිහාසික
ප්‍රේම වෘත්තාන්ත
දේශපාලන
රචනය කලේජැක්සන් ඇන්තනි
අධ්‍යක්ෂණය කලේජැක්සන් ඇන්තනි
රඟපෑමරොෂාන් රවීන්ද්‍ර
පූජා උමාශංකර්
අඛිල ධනුද්ධර
තේමා සංගීත නිර්මාණකරුසමන්ත පෙරේරා
සම්භව රටශ්‍රී ලංකාව
භාෂාව(න්)සිංහල
කථාංග ගණන72
නිෂ්පාදනය
සංස්කාරක(යන්)තිවංක උඩගෙදර
ධාවන කාලයආසන්න. මිනිත්තු 22
නිෂ්පාදන සමාගමහෙලංකා ක්‍රියේෂන්
බෙදාහරින්නාස්වර්ණවාහිනී
ප්‍රචාරණය
මුල් නාලිකාවඊඒපී විකාශන සමාගම
මුල් ධාවනයසැප්තැම්බර් 6, 2014 (2014-09-06) – ජූලි 5, 2015 (2015-07-05)
බාහිර සබැඳි
වෙබ් අඩවිය

සාරාංශය සංස්කරණය

වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ අගබිසව වූ සුමිත්‍රා (ප්‍රමිලා දේවී) සහ ඔහුගේ ප්‍රධාන අමාත්‍ය දස්කොන් (පේද්‍රෝ ඩි ගැස්කොයින්) අතර ඇතිවූ ඛේදනීය ප්‍රේම වෘත්තාන්තය මෙම කතාමාලාව තුළින් නිරූපණය වේ. වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ යනු මහනුවර රාජධානියේ අවසන් සිංහල සම්භවයක් සහිත පාලකයායි. මාලිගයේ නොයෙකුත් බල අරගල සහ කුමන්ත්‍රණ මැදින් කථාව ගලා යයි.[2]

චරිත නිරූපණය සංස්කරණය

සම්මාන සහ නිර්දේශ සංස්කරණය

වර්ෂය සම්මාන උළෙල ප්‍රවර්ගය යෝජිතයා ප්‍රතිඵලය
2016 සුමති සම්මාන[3][4] හොඳම නැගී එන ටෙලිනාට්‍ය නළුවා රුවන් පෙරේරා දිනාගති
හොඳම නැගී එන ටෙලිනාට්‍ය නිළිය දිනූෂා රාජපතිරණ දිනාගති
හොඳම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක ජැක්සන් ඇන්තනි දිනාගති
හොඳම ටෙලිනාට්‍ය කලා අධ්‍යක්ෂණය ධම්මික හේවාදුන්න දිනාගති
හොඳම මාලා නාට්‍යය දස්කොන් දිනාගති
හොඳම ටෙලිනාට්‍ය කැමරාකරු ධම්මික රත්නායක දිනාගති
හොඳම ටෙලිනාට්‍ය සංස්කාරක තිවංක උඩගෙදර දිනාගති
හොඳම ටෙලිනාට්‍ය අංගරචනය හර්ෂ මංජුල දිනාගති
හොඳම ටෙලිනාට්‍ය සංගීත අධ්‍යක්ෂණය සමන්ත පෙරේරා දිනාගති
හොඳම ටෙලිනාට්‍ය පිටපත ජැක්සන් ඇන්තනි දිනාගති
හොඳම රූපවාහිනී පද මාලා ජැක්සන් ඇන්තනි දිනාගති
හොඳම ටෙලිනාට්‍ය ගායිකාව ඉන්දිකා උපමාලි දිනාගති
2016 රයිගම් ටෙලීස් සම්මාන [5] විශිෂ්ඨතම කලා අධ්‍යක්ෂක ධම්මික හේවාදුන්න දිනාගති
විශිෂ්ඨතම සංගීත අධ්‍යක්ෂක සමන්ත පෙරේරා දිනාගති
විශිෂ්ඨතම ටෙලිනාට්‍ය ගායකයා අසංක ධනංජය දිනාගති
විශිෂ්ඨතම ටෙලිනාට්‍ය ගායිකාව ඉන්දිකා උපමාලි දිනාගති
වසරේ නැගී එන නළුවා රුවන් පෙරේ‍රා දිනාගති
වසරේ නැගී එන නිළිය මාධවී වත්සලා දිනාගති
විශිෂ්ඨතම ටෙලිනාට්‍ය සංස්කාරක හිමාල් ධර්මරත්න දිනාගති
විශිෂ්ඨතම සහාය නළුවා ගිහාන් පෙරේරා දිනාගති
විශිෂ්ඨතම තිර රචකයා ජැක්සන් ඇන්තනි දිනාගති
විශිෂ්ඨතම නළුවා රොෂාන් රවීන්ද්‍ර දිනාගති
විශිෂ්ඨතම අධ්‍යක්ෂක ජැක්සන් ඇන්තනි දිනාගති
විශිෂ්ඨතම නාට්‍යය දස්කොන් දිනාගති

ආශ්‍රේයයන් සංස්කරණය

  1. "Daskon – Back story. Set in 1707 - 1721". October, 2014. සම්ප්‍රවේශය August 4, 2017. {{cite web}}: Check date values in: |date= (help)
  2. "Re-Narrating a tragic romance and rehabilitating a Playboy Monarch". The Island. 24 December 2013. සම්ප්‍රවේශය 4 August 2017.
  3. "Winners of the Year 2016". Sumathi Awards. සම්ප්‍රවේශය 4 August 2017.
  4. "Sumathi Awards 2016". Ceylon Today. 19 August 2016. 5 August 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 4 August 2017.
  5. "Raigam Tele'es Awards 2016". Gossip Lanka Hot News. 4 June 2016.

බාහිර සබැඳි සංස්කරණය