ගෝනිය මලිමගේ ජයසේකර අපෝන්සු, (උපත 1951 පෙබරවාරි 23), හෙවත් ජයසේකර අපෝන්සු, යනු ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නළුවෙකි. ඊට අමතරව, ඔහු අධ්‍යක්ෂකවරයෙක් සහ තිර රචකයෙක් ද වේ.[1]

ජයසේකර අපෝන්සු
Jayasekara Aponsu
උපත
ගෝනිය මලිමගේ ජයසේකර අපෝන්සු

23 පෙබරවාරි 1951 (1951-02-23) (වයස 73)
ජාතිකත්වයශ්‍රී ලාංකික
රැකියාවනාට්‍යකරුවෙක්, අධ්‍යක්ෂකවරයෙක්, නළුවෙක්, විකට නළුවෙක්, පිටපත් රචකයෙක්
සක්‍රීය වසර1973–වර්තමාන
කලත්‍රයා(යන්)ජයන්ති අපෝන්සු (වි. 1978 දික්. 2018)
සුජාතා ප්‍රියදර්ශනී (වි. 2018)
දරුවන්තමිර අපෝන්සු

පෞද්ගලික ජීවිතය සංස්කරණය

අපොන්සු උපත ලැබුවේ 1951 පෙබරවාරි 23 වන දින නුවරඑළිය හි ය. අපොන්සු විවාහ වී සිටින්නේ ජයන්ති අපොන්සු සමඟ වන අතර ඔවුන්ට තමිර අපෝන්සු නම් එක් පුතෙක් සිටී. අපොන්සුට ඔහුගේ බිරිඳ මුලින්ම මුණගැසෙන්නේ 1970 දශකයේ ඔහු විසින් ගල්කිස්ස පැවැත්වූ නාට්‍ය පාසලකදීය. ප්‍රේම සම්බන්ධයකින් පසුව 1978 දී ඔවුන් විවාහ විය. බොහෝ තත්වයන් සහ මුදල් ගැටළු හේතුවෙන්, ඔහු තම බිරිඳ සහ පුතා 2016 මාර්තු මාසයේදී එක්සත් වන තෙක් වසර 30 ක කාලයක් අතහැර දමා මග හැරියේය. ඔහු ඔවුන් අතහැර ගියද, ඔහුගේ සහෝදරියන් සහ සහෝදරයන් එම තීරණාත්මක තිස් වසර තුළ ඔහුගේ බිරිඳ සහ පුතා වෙත සමීප විය. කෙසේ වෙතත්, ඔහු අපොන්සුට වඩා අවුරුදු 42කින් බාල සුජාතා ප්‍රියදර්ශනී සමඟ 2018 දී විවාහ විය.[2]

ඔහුගේ සොයුරිය අවන්ති අපොන්සු ද ජනප්‍රිය නිළියකි.

වෘත්තීය ජීවිතය සංස්කරණය

ඔහු වේදිකා නාට්‍ය ජීවිතය ආරම්භ කළේ සම්මාන 12ක් දිනූ ‘‘පාතලේ සොළදදුවෝ’’ නාට්‍යයෙන්. ඔහුගේ වඩාත් ජනප්‍රිය වේදිකා නාට්‍ය වන්නේ තටු, 31, එරි, ගුරු, කිරා,[3] මහ සහ ශේන්, සකෝ,[4], සමනල්ලු, හතරේ වාට්‍ටුව, ගිජු, ප්‍රෝඩා, තරුව විකිනේ,[5] හොරු,[6] සහ මැඩම් ශෝබා රට පුරා 100 වතාවකට වඩා වේදිකාගත විය.[7] අපෝන්සු තරුණ කලාකරුවන්ට ඉගැන්වීම සඳහා "ශිල්ප කලා ගුරු සෙවණ" නමින් නාට්‍ය රංග පාසලක් ආරම්භ කළේය.[8][9]

ඔහුගේ ජනප්‍රියම ටෙලි නාට්‍ය රංගනය වූයේ නෝනාවරුණි මහත්වරුනි විකට නාට්‍යය රගපෑ "නිහාල් කරාපිටිය" චරිතයයි. ඔහුට මෙම චරිතය ලැබුණේ මෙම චරිතය මුලින් රගපෑ නළු ග්‍රැන්විල් රොද්‍රිගෝ ඛේදජනක අනතුරකින් මියයෑමෙන් පසුවය.[10] ඔහුගේ මුල්ම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කළේ 2007 වසරේ ස්වර්ණවාහිනියේ විකාශය වූ ‘‘සිල්’’ නාට්‍යය හරහාය.[11] 2021 දී ඔහු "උමා" කුඩා කතා මාලාව අධ්‍යක්ෂණය කළේය.

අපෝන්සු සිය සිනමා ජීවිතය ආරම්භ කළේ 1973 වසරේ සුහද පැතුම චිත්‍රපටියෙනි.[12] එතැන් පටන් ඔහු දශක තුනක් පුරා චිත්‍රපට 35කට වැඩි ප්‍රමාණයකට රඟපා ඇත. ඔහුගේ ප්‍රථම අධ්‍යක්ෂණය 1999 වසරේ රෑ රූ චිත්‍රපටිය හරහා සිදු විය.[13]

තෝරාගත් රූපවාහිනී කතාමාලා සංස්කරණය

අධ්‍යක්ෂකවරයෙක් ලෙස සංස්කරණය

  • රෑ රූ - 1999
  • සීතා මං ආවා - 2013[17]
  • තරු සෝබා - TBD[18]

යොමු කිරීම් සංස්කරණය

  1. "Aponsu : self made actor". The Sunday Times. සම්ප්‍රවේශය 11 March 2017.
  2. "Brother, Age is only a number - Aponsu". Sarasaviya. සම්ප්‍රවේශය 1 December 2018.
  3. "'Kira' comes to town". Sunday Times. සම්ප්‍රවේශය 16 December 2019.
  4. "අපොන්සු සකේ සමඟ". Sarasaviya. සම්ප්‍රවේශය 11 March 2017.
  5. "Tharuwa Vikine stage drama". Rangahala. සම්ප්‍රවේශය 21 September 2016.
  6. "Around the country with Horu". Sarasaviya. සම්ප්‍රවේශය 11 March 2017.
  7. "Kira goed to Elphinstone". Sunday Observer. 5 July 2009. සම්ප්‍රවේශය 21 September 2016.[permanent dead link]
  8. "Nihal Kumara in Gira". Daily News. 18 September 2010. සම්ප්‍රවේශය 21 September 2016.
  9. "jayasekara aponsu Speaks". Gossip Lanka Live. සම්ප්‍රවේශය 21 September 2016.
  10. "Screening of 2 new films". Sunday Times. සම්ප්‍රවේශය 17 November 2017.
  11. "'Sil' tells the tale of the good and the bad". Sunday Times. 16 September 2007. සම්ප්‍රවේශය 21 September 2016.
  12. "All about Suhada Pathuma". Sarasaviya. සම්ප්‍රවේශය 21 September 2016.
  13. "Jayasekara Aponsu filmography". Rate Your Music. සම්ප්‍රවේශය 21 September 2016.
  14. "Madam Shobha on Rupavahini". Sarasaviya. සම්ප්‍රවේශය 17 November 2017.
  15. "'Mati Kadulu' from Mondays to Thursdays". Daily News. සම්ප්‍රවේශය 2021-02-09. {{cite web}}: |archive-date= requires |archive-url= (help)
  16. "Sabawen Awasarai". Sunday Times. සම්ප්‍රවේශය 26 September 2019.
  17. "Film Seetha Man Awa". National Film Corporation. සම්ප්‍රවේශය 21 September 2016.
  18. "Latest film by Aponsu". Sarasaviya. සම්ප්‍රවේශය 11 March 2017.

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ජයසේකර_අපෝන්සු&oldid=592030" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි