ශ‍්‍රී වීර පරාක්‍රම නරෙන්ද්‍රසිංහ රජුගේ රාජසභා සභිකයෙක් ලෙස සැලකෙන දස්කොන්(Daskon) , පේද්‍රෝ ද ගැස්කොන් නම් නාමයෙන් සිංහලයට බිදී ආවකි. ප්‍රංශ ජාතික පියෙකුගේ හා පෘතුග්‍රීසී ජාතික මවකගේ[1] පුතු වන මොහු, සිංහල භාෂාව මැනැවින් හැදෑරූ අයෙකි. රජුගේ ඉන්දීය බිසවක වූ ප්‍රමිලා කුමරිය සමග අනියම් සම්බන්ධතාවක් ඔහුට තිබී යැයි ජනප්‍රවාදයෙහි එයි. එවකට (1709 දී) මොහු රජුගේ මහ අදිකාරම් ධුරයේ කටයුතු කරන්නට තරම් රජුගේ කුළුපග මිතුරෙක් විය.

ජනප්‍රවාදයට අනුව, ප්‍රමිලා බිසවට වැළදී තිබූ සාංකා දෝශයක් වෙනුවෙන් කල බලි යාගයක දී ඇගේ රුවට සමාන මැටියෙන් කළ රුවක් නිමවා ඇත. දස්කොන් එහි කලවයෙහි උපන් ලපයක් සලකුණු කළෙයි කියැවේ.ඒ දැනගත් නරේන්ද්‍රසිංහ රජු 1715 දී ඔහුගේ හිස ගසා දැමූ බවට කියැවේ.

ජනශැතියෙහි එන දස්කොන් ප්‍රමිලා පෙම් කවක් මෙසේ ය. මෙය දස්කොන්ගේ හිස්ගැසුම් කෑමට යන මොහොතේ කියන ලද්දක් යැයි කියැවේ.

සක්මන් කරන මලුවේ දී බැදි හාද
සිත් සන්තොසින් දුන් මුව මී බීවා ද
ඉක්මන් ගමන් අහො අද ඔබ යනවාද
දස්කොන් මගේ නමට ජීවීත දෙනවාද

  1. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ඉතිහාසය,තුන්වන කොටස

https://en.wikipedia.org/wiki/Daskon

"https://si.wikipedia.org/w/index.php?title=දස්කොන්&oldid=599333" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි