නිල්මිණි තෙන්නකෝන්

ජනප්‍රිය ලෙසින් නිල්මිණි තෙන්නකෝන් ලෙසින් හැදින්වෙන, තෙන්නකෝන් පතිරණලාගේ නිල්මිණි (උපත ජනවාරි 23, 1965) යනු, ශ්‍රී ලාංකික සිනමාවෙහි[1] සහ රූපවාහිනියෙහි සම්මාන-ලාභී නිළියකි.[2] විශේෂයෙන් රූපවාහිනියෙහි සක්‍රීය, අතිශයින් නිපුණතා සපිරි නිළියක් වන ඇය, බොහෝ දේශීය සම්මාන උළෙලන්හිදී හොඳම නිළිය සම්මානයෙන් කිහිප අවස්ථාවන්හිදී පිදුම් ලැබුවාය.[3] සිංහල සිනමාවෙහි "කඳුලු බිංදුව" ලෙසින්ද ඇය බොහෝ විට හැඳින්වෙයි.[4]

නිල්මිණි තෙන්නකෝන්
Nilmini Thennakoon
උපත
තෙන්නකෝන් පතිරණලාගේ නිල්මිණි

ජනවාරි 23, 1965 (1965-01-23) (වයස 59)
ජාතිකත්වයශ්‍රී ලාංකික
අධ්‍යාපනයවේල්ස් කුමරි විදුහල
රැකියාවනිළිය
සක්‍රීය වසර1987–වර්තමානය
කලත්‍රයා(යන්)මධුමාධව අරවින්ද (වි. 1996)
දරුවන්ශ්වෙතා මන්දාකිණි
සම්මානහොඳම නිළිය

පුද්ගලික ජීවිතය

සංස්කරණය

මොරටුවෙහිදී ඇය උපත ලද්දේ 1965 ජනවාරි 23 දිනදීය. ඇය සතුව උරෝජාතයන් දෙදෙනෙකු වන අතර, වැඩිමහල් සොහොයුරෙක් සහ බාල සෙහොයුරියක් ලෙසිනි.[5] ඇයගේ පියා ව්‍යාපාරිකයෙක් විය. ඇයගේ වයස අවුරුදු 13 ක් වෙත්ම ඔහු මිය ගියේය.[6] වේල්ස් කුමරි විදුහලෙන් ඇය අධ්‍යාපනය සම්පූර්ණ කලාය.

ජනප්‍රිය ගායක මධුමාධව අරවින්ද සමග ඇය විවාහ වී සිටි අතර, ඔවුනට ශ්වෙතා මන්දාකිණි නමින් එක් දියණියක් සිටියි.[7] ඇයට මධු හමුවූයේ 1992 වසරෙහිදී පිණි බිඳු ටෙලි නාට්‍යය තුලදීය. ඔවුහූ 1996 මැයි 5 දිනදී විවාහ වූහ.[8] 2000 ගණන් වල මුල් භාගයෙහිදී ඔවුහූ දික්කසාද වූහ. ඇයගේ දෙවන විවාහය යෝජනාවක් ඔස්සේ සිදුවූ අතර එයද දික්කසාදයෙන් කෙළවර විය.[9]

වෘත්තිය

සංස්කරණය

1980 ගණන් වලදී, 7 වන ශ්‍රේණියෙහි උගෙනුම ලබද්දී ඇය පාසැල් වේදිකාවෙහි රඟ දැක්වීමට පටන් ගත් අතර වජිරා චිත්‍රසේන මහත්මිය යටතේ නැටුම් හැදෑරුවාය. ඉන්පසු ඇය මොරටුවෙහිදී ගුවන්විදුලි ශීල්පිණි චිත්‍රා කුමාරි කළුබෝවිල යටතේ "පහත රට" සහඋඩරට නැටුම් පුහුණුව ලද්දාය. චිත්‍රාගේ මගපෙන්වීම යටතේ ඇය රූපවාහිනියෙහි පෙන්වුණු සසර නම් මුද්‍රානාට්‍යයක රංගන දායකත්වය දැක්වූවාය.[2]

ජනප්‍රිය අධ්‍යක්ෂක රෝයි ද සිල්වා සහ නිළි සුමනා අමරසිංහ විසින් ඇය සිනමාවට හඳුන්වා දෙන ලදි.[4] හිත හොඳ චණ්ඩියා චිත්‍රපටයෙහි නැටුම් දර්ශනයක ඇය රඟ දැක්වූවාය. ඒම කාල සීමාවෙහිදීම, ඩී. බී. නිහාල්සිංහ විසින් ඔහුගේ රූපවාහිනී වෙළෙඳ දැන්වීම් වල තෙන්නකෝන් භාවිතා කොට ඉන්පසුව දිමුතු මුතු නාට්‍යයෙහි "අමරාවතී" චරිතයද ඉන්පසුව කෙළි මඬල 1991 චිත්‍රපටයෙහි චරිතයක්ද ඇයට ලබා දුනි.[8] ඇගේ ප්‍රධාන රූපවාහිනී රඟපෑම එළිදැක්වුණේ නාලන් මැන්දිස් අධ්‍යක්ෂණය කල පස්සෙ ගෙනා මනමාලි වෙතිනි.[2] ඉන්පසු ඇය ඉරිදා දිනවල රූපවාහිනී නාලිකාවෙහි වසර ගණනක් තුල ප.ව. 8.30ට දර්ශනයවූ දූ දරුවෝ ජනප්‍රිය රූපවාහිනී කතාමාලාවෙහි රඟදැක්වූවාය. මෙම දූ දරුවෝ කතා මාලාවෙහි ඇයගේ '"දීප්ති" නම් චරිතය ඇගේ අභිවෘත්තියෙහි ප්‍රධාන සාර්ථකත්වයක් විය.[4]

ඇයගේ මංගල සිනමා අත්දැකීම වූයේ ලූවී වැන්ඩර්ස්ට්‍රැටන් අධ්‍යක්ෂණය කල මව්බිම නැත්නම් මරණය 1985 චිත්‍රපටයෙහි සුළු චරිතයක් තුලිනි. ඇයගේ පළමු ප්‍රධාන චරිතය පණගැන්වුනේ සුනිල් සෝම පීරිස් අධ්‍යක්ෂණය කල 1990 චිත්‍රපටය යුක්තියට වැඩ වෙතිනි.[10] ඇය දායකත්වය සැපයූ ජනප්‍රිය චිත්‍රපට අතර කෙළි මඬල, නගරන් සහලේ කිරි කඳුල වෙති.[11]

1992 වසරෙහිදී, හොඳම නැගී එන නිළිය වෙනුවෙන් සරසවිය සම්මානය ඇය විසින් දිනා ගන්නා ලද්දේ සුරනිමල චිත්‍රපටයහෙි ඇයගේ භූමිකාව වෙනුවෙනි. ලේ කිරි කඳුළු චිත්‍රපටයෙහි "වීණා" භූමිකාව වෙනුවෙන් ඇය හොඳම නිළිය සඳහා සරසවිය සම්මානය දිනුවාය.[4] ඉන්පසුව වඩාත් ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළිය වෙනුවෙන් සම්මානය ඇය අඛණ්ඩව වාර්තාගත වසර හයක් තිස්සේ දිනා ගති.[2] 2008 රයිගම් ටෙලීස් සම්මාන උළෙල තුලදී, ෂර්ලි. පී. දෙලන්කාවල විසින් අධ්‍යක්ෂණය කෙරුණු හැන්දෑව කතා මාලාවෙහි "ටිකිරි මැණිකා" භූමිකාව වෙනුවෙන් හොඳම නිළිය සම්මානය තෙන්නකෝන් දිනුවාය.[12] 2016 වසරෙහිදී ඇය විසින් හොඳම නිළිය වෙනුවෙන් සුමති සම්මානය දිනුවේ අම්මා තුල ප්‍රධාන නිළි-භූමිකාව සඳහාය.[13]

ශාක්‍යන්ස් කණ්ඩායමෙහි නායිකාව ලෙසින් හිරු මෙගා ස්ටාර්ස් රියැලිටි වැඩසටහනෙහිද ඇය සහභාගී විය.[14][15] ටීවී දෙරණ වෙතින් ප්‍රචාරය කෙරුණු සිත් ගිමන් හල රූපවාහිනී වැඩසටහනද ඇය විසින් මෙහෙයවන ලදි.[4] නුගේගොඩ ඇය සතුව රූපලාවන්‍ය ව්‍යාපාරයක්ද ඇත.

තෝරාගත් රූපවාහිනී කතාමාලා

සංස්කරණය
  • බෝඩිම
  • දිය සුළිය[16]
  • දිය යට ගිනි[17]
  • දූ දරුවෝ
  • ගිරිකුළ
  • හිරු දහසක් යට[18]
  • නිදිකුම්බා මල්[19]
  • පස්සෙ ගෙනා මනමාලි[20]
  • පාට සරුංගල්[20]
  • සාගරය පරදා
  • සඳ පිණි වැස්ස [21]

චිත්‍රපටශිල්පය

සංස්කරණය
වසර චිත්‍රපටය භූමිකාව ආශ්‍ර.
1985 මව්බිම නැත්නම් මරණය
1990 යුක්තියට වැඩ කුංචු
1990 පෙම් රජදහන
1991 කෙළි මඬල ශාරිකා [22]
1992 සුරනිමල
1993 වැලි සුළඟ නිල්මිණි රණසිංහ
1994 එකදා වැහි
1995 අයෝමා
1999 නගරන් සෝමා
2003 ලේ කිරි කඳුළු වීනා ජයවීර [23]
2016 මධුර චාරිකා ආරාධිත භූමිකාව [24]
2016 හෙරෝ නෙරෝ ප්‍රියා සේනාරත්න
2017 බන්ධනය නන්දාවතී [25]
2019 ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර් [26]
තීකයු ආකාස පාලම

සම්මාන

සංස්කරණය
වර්ෂය නිර්දේශිත පුද්ගලයා/කෘතිය සම්මානය ප්‍රතිඵලය
1992 සුරනිමල හොඳම නැගීඑන නිළිය දිනාගති
2003 ලේ කිරි කඳුළු හොඳම නිළිය දිනාගති
වර්ෂය නිර්දේශිත පුද්ගලයා/කෘතිය සම්මානය ප්‍රතිඵලය
2000 ඉසිදාසි හොඳම නිළිය දිනාගති
1995 මහජන මනාපය වඩාත් ජනප්‍රිය නිළිය[27] දිනාගති
2015 ගිරිකුළ හොඳම සහාය නිළිය[28] දිනාගති
2016 අම්මා හොඳම නිළිය[29] දිනාගති
වර්ෂය නිර්දේශිත පුද්ගලයා/කෘතිය සම්මානය ප්‍රතිඵලය
2009 හැන්දෑව හොඳම නිළිය දිනාගති

ආශ්‍රිත

සංස්කරණය
  1. ^ "ඇක්ට්‍රස් ඉන් ශ්‍රී ලංකන් සිනමා - නිල්මිණි තෙන්නකෝන්". IMDb. සම්ප්‍රවේශය 15 ඔක්තොම්බර් 2019.
  2. ^ a b c d "ඩෙඩිකේෂන් ලෙඩ් ටු මයි සක්සස් - නිල්මිණි". සන්ඩේ ඔබ්සර්වර්. සම්ප්‍රවේශය 15 ඔක්තොම්බර් 2019.
  3. ^ "නිලිමිණීස් ටෆ් ටෝක් ඔන් ටෙලිඩ්‍රාමාස්". ලංකාහිට්ගොසිප්. සම්ප්‍රවේශය 15 ඔක්තොම්බර් 2019.
  4. ^ a b c d e "'අයි රිග්‍රෙට් මයි පාස්ට් ඩිෂිසන්ස්' – නිල්මිණි තෙන්නකෝන්". magazine.lankahelp.com. සම්ප්‍රවේශය 15 ඔක්තොම්බර් 2019.
  5. ^ "අමතක නොවන මතක". සිළුමිණ. සම්ප්‍රවේශය 11 මාර්තු 2017.
  6. ^ "අදර්ස් ජෙලස් එබවුට් අවර් මැරේජ් ලයිෆ්". එල්කේඇක්ට්‍රස්. සම්ප්‍රවේශය 15 ඔක්තොම්බර් 2019.
  7. ^ "වී කැන් බී ක්ලෝස් අගේන් (සිංහල සිරැස සොයා ගත නොහැක)". සරසවිය. සම්ප්‍රවේශය 11 මාර්තු 2017.
  8. ^ a b "නිල්මිණි තෙන්නකෝන් ටෝක්ස් අබවුට් මැරේජ් ලයිෆ්". telelk. සම්ප්‍රවේශය 15 ඔක්තොම්බර් 2019.
  9. ^ "නිල්මිණි තෙන්නකෝන් විත් හර් ඩෝටර්". Lanka Help. සම්ප්‍රවේශය 15 ඔක්තොම්බර් 2019.
  10. ^ "නිල්මිණි තෙන්නකෝන් - නිලිමිණි තෙන්නකෝන් ෆිල්මොග්‍රෆි". සිංහල සිනමා ඩේටාබේස්. සම්ප්‍රවේශය 15 ඔක්තොම්බර් 2019.
  11. ^ "නිල්මිණි තෙන්නකෝන් ෆිල්ම්ස්". රේට් යුවර් මියුසික්. සම්ප්‍රවේශය 15 ඔක්තොම්බර් 2019.
  12. ^ "ආෆ්ටර් කර්ට්න්ස් ෆෙල් ඔන් රයිගම් ටෙලි එවෝර්ඩ්ස් 2008." ඩේලි නිවුස්. සම්ප්‍රවේශය 15 ඔක්තොම්බර් 2019.
  13. ^ "ගොසිප් චැට් විත් නිල්මිණි තෙන්නකෝන්". gossiplankahotnews. සම්ප්‍රවේශය 15 ඔක්තොම්බර් 2019.
  14. ^ "පොපියුලර් ඇක්ට්‍රස් නිල්මිණි තෙන්නකෝන් සෙලිබ්‍රේට්ස් හර් බර්ත්ඩේ". Hiru FM. සම්ප්‍රවේශය 15 ඔක්තොම්බර් 2019.
  15. ^ "පොපියුලර් ඇක්ට්‍රස් නිල්මිණි තෙන්නකෝන් - නිල්මිණි තෙන්නකෝන්". හිරු ටීවීV. සම්ප්‍රවේශය 15 ඔක්තොම්බර් 2019.
  16. ^ "දිය සුළිය". ටොරානා වීඩියෝ. සම්ප්‍රවේශය 15 ඔක්තොම්බර් 2019.
  17. ^ "දිය යට ගිනි ටෙලි-ඩ්‍රාමා සීරීස්". සන්ඩේ ටයිම්ස්. සම්ප්‍රවේශය 15 ඔක්තොම්බර් 2019.
  18. ^ "'හිරු දහසක් යට' - අ ස්ටෝරි ඔෆ් ලොස්ට් ඇන්ඩ් ෆවුන්ඩ්". සන්ඩේ ටයිම්ස්. සම්ප්‍රවේශය 15 ඔක්තොම්බර් 2019.
  19. ^ "නිදිකුම්බා මල්". පාරාදීසය. සම්ප්‍රවේශය 15 ඔක්තොම්බර් 2019.
  20. ^ a b "නාලන් මෙන්ඩිස් ටෙලිඩ්‍රාමාස්". නාලන් මෙන්ඩිස් නිල පිටුව. සම්ප්‍රවේශය 15 ඔක්තොම්බර් 2019.
  21. ^ "මම සංවේදී වෙන තැන් එයා හදනවා". rasagossip. සම්ප්‍රවේශය 15 ඔක්තොම්බර් 2019.
  22. ^ "කෙළි මඬල සිංහල මූවි". vodtv. සම්ප්‍රවේශය 15 ඔක්තොම්බර් 2019.
  23. ^ "'ලේ කිරි කඳුළු' ඊස් නවු ඕන් ඇට් සීඊඑල්". ඩේලි නිවුස්. සම්ප්‍රවේශය 11 මාර්තු 2017.
  24. ^ "ට්‍රිප් ඔන් ප්‍රසන්ට් ටුවර්ඩ්ස් ද ජර්නි ඉන් පාස්ට් (සිංහල සිරැස සොයා ගත නොහැක)". සරසවිය. සම්ප්‍රවේශය 5 ඔක්තොම්බර් 2017.
  25. ^ "උදයකාන්ත ඔන් 'බන්ධනය'". ඩේලි මිරර්. සම්ප්‍රවේශය 17 අප්‍රේල් 2017.
  26. ^ "හතර දෙනෙකු තරග වදින ජනාධිපති වේදිකාව ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර්". සරසවිය. සම්ප්‍රවේශය 10 අගෝස්තු 2019.
  27. ^ "සුමති අවෝඩ් විනර්ස් ඉන් ඊච් ඉයර්". www.sumathiawards.lk.
  28. ^ "සුමති ටෙලි අවෝඩ්ස් හෙල්ඩ් අන්ඩර් ප්‍රසිඩන්ට්ස් පැට්‍රනේජ්". අයිටීඒන් නිවුස්.
  29. ^ "සුමති අවෝඩ්ස් 2016". සිලෝන් ටුඩේ.

බාහිර සබැඳි

සංස්කරණය


"https://si.wikipedia.org/w/index.php?title=නිල්මිණි_තෙන්නකෝන්&oldid=698951" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි