ජාත්‍යන්තර කාන්තා දිනය

ජාත්‍යන්තර කාන්තා දිනය, මුලදී හැඳින්වුනේ ජාත්‍යන්තර කම්කරු කාන්තා දිනය ලෙසිනි, සැමරෙන්නේ සෑම වසරකම මාර්තු 8 වන දිනයෙදීය.[2]

ජාත්‍යන්තර කාන්තා දිනය
ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් තැනූ පෝස්ටරයක් (ජර්මනිය- 1914 මාර්තු 8)[1]
Observed byලොව වටා
Typeජාත්‍යන්තර
Significance
  • සිවිල් දැනුම්වත් කිරීමේ දිනය
  • කාන්තා හා ගැහැණු දරුවන්ගේ දිනය
  • Anti-sexism day
  • Anti-Discrimination Day
Dateමාර්තු 8
Next timeප්‍රකාශන දෝෂය: අනපේක්‍ෂිත < මෙහෙයුම්කාරකය
Frequencyවාර්ෂික
Related to

ජාත්‍යන්තර කාන්තා දිනය (IWD) මාර්තු 8 වන දින ලොව පුරා සමරනු ලැබේ. එය කාන්තා අයිතිවාසිකම් සඳහා වන ව්‍යාපාරයේ කේන්ද්‍රස්ථානයකි. 1909 පෙබරවාරි 28 වන දින ඇමරිකානු සමාජවාදී පක්ෂය නිව්යෝර්ක් නගරයේ කාන්තා දිනයක් සංවිධානය කිරීමෙන් පසුව, ජර්මානු නියෝජිතයින් වන ක්ලාරා සෙට්කින්, කෝට් ඩන්කර්, පෝලා තීඩ් සහ තවත් අය 1910 ජාත්‍යන්තර සමාජවාදී කාන්තා සමුළුවේදී යෝජනා කළේ වාර්ෂිකව “විශේෂ කාන්තා දිනයක්” සංවිධානය කළ යුතු බවයි. 1917 දී සෝවියට් රුසියාවේ කාන්තාවන් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුව, මාර්තු 8 එහි ජාතික නිවාඩු දිනයක් බවට පත්විය. 1967 දී පමණ ස්ත්‍රීවාදී ව්‍යාපාරය විසින් එය සම්මත කර ගන්නා තෙක් සමාජවාදී ව්‍යාපාරය සහ කොමියුනිස්ට් රටවල් විසින් මෙම දිනය ප්‍රධාන වශයෙන් සමරනු ලැබීය. එක්සත් ජාතීන් 1977 දී ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම ආරම්භ කළේය. අද ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම සමහර රටවල රජයේ නිවාඩු දිනයක් වන අතර වෙනත් රටවල් නොසලකා හරිනු ලැබේ. සමහර රටවල් වල එය විරෝධතා දිනයකි. තවත් රටවල් එය ස්ත්‍රීත්වය සමරන දිනයකි.

අමතර අවධානයට

සංස්කරණය

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ "ගිව් අස් විමෙන්'ස් සෆ්‍රේජ් (මාර්ච් 1914)". ජර්මන් හිස්ට්‍රි ඉන් ඩොකියුමන්ට්ස් ඇන්ඩ් ඉමේජ්. සම්ප්‍රවේශය ජනවාරි 26, 2014.
  2. ^ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-03-08.
  3. ^ "Holidays and Observances in February". The Spruce (ඉංග්‍රීසි බසින්). September 16, 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය September 15, 2020.

භාහිර සබැඳි

සංස්කරණය