එල්.කේ. ජගත් ප්‍රියංකර[2] (Jagath Priyankara, උපත 9 දෙසැම්බර් 1979), හෙවත් ජගත් ප්‍රියංකර, යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර ජාතික නිදහස් පෙරමුණේ වත්මන් පුත්තලම දිස්ත්‍රික් නායකයා ලෙස කටයුතු කරයි.[2] ඒ මහතා හිටපු පුත්තලම දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.[3]

ජගත් ප්‍රියංකර
Jagath Priyankara
පුත්තලම දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
In office
8 පෙබරවාරි 2024 – 24 සැප්තැම්බර් 2024
පූර්වප්‍රාප්තිකයාසනත් නිශාන්ත
Personal details
උපත
එල්.කේ. ජගත් ප්‍රියංකර

9 දෙසැම්බර් 1979 (1979-12-09) (වයස 45)[1]
ශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයජාතික නිදහස් පෙරමුණ
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
උත්‍ත‍ර ලංකා සභාගය
(2022–වර්තමානය)
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය
(2019–2022)
එක්සත් ජනතා නිදහස් සන්ධානය
(2004–2019)
කලත්‍රයාඑම්.වී. දේදුනු (වි. 2007)
ළමයි3
Alma materකැලණිය විශ්වවිද්‍යාලය
රැකියාවදේශපාලනඥ
වෘත්තියසමෘද්ධි කළමනාකරු

මුල් දිවිය සහ අධ්‍යාපනය

සංස්කරණය

ජගත් ප්‍රියංකර මහතා 1979 වසරේ දෙසැම්බර් 9 වැනිදා උපත ලැබීය.[1] ඔහු ප්‍රකට මාධ්‍යවේදියෙකු මෙන්ම සමාජ හා දේශපාලන ක්‍රියාකාරිකයෙකු වූ දිවංගත එල්.කේ. සැම්සන් මහතාගේ පුත්‍රයාය.[4] ජගත් ප්‍රියංකර මහතා ප්‍රථමයෙන් දික්වෙල රජයේ පාසලෙන් ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරූ අතර පසුව ද්විතීයික අධ්‍යාපනය නිම කිරීමට වෙන්නප්පුව ජෝශප් වාස් මධ්‍ය මහා විද්‍යාලයට ඇතුලත් කර ඇත. ඉන්පසුව කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ ඔහු එහිදී ශාස්ත්‍රවේදී උපාධියක් ලබා ගැනීමට සමත් වුණි.[4]

දේශපාලන දිවිය

සංස්කරණය

2015 වසරේ පැවැති මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කළ ජගත් ප්‍රියංකර මහතා ඡන්ද 31,424ක් ලබා ගනිමින් පුත්තලම දිස්ත්‍රික්කයේ පස්වැනි ස්ථානයට පත්වූ නමුත් පාර්ලිමේන්තුවට තේරී පත් නොවීය.[4] 2018 වසරේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරඟ කර නාගරික මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් විය. 2020 වසරේ පැවැති මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය යටතේ තරග කළ ඔහු ඡන්ද 40,724ක් ලබාගෙන දිස්ත්‍රික්කයේ හයවැනි ස්ථානයට පත් වූ අතර නැවත තේරී පත් නොවීය. කෙසේ වෙතත්, හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ අභාවයෙන් පසු ඔහුට පාර්ලිමේන්තුවට එක්වීමට අවස්ථාවක් ලැබිණි.[4] 2022 වසරේදී ශ්‍රී ලංකාව තුළ ඇති වූ අරගල සමයෙන් පසු ඔහු සහ ඔහු නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් ඉවත් වී උත්තර ලංකා සභාගය පිහිටුවා විපක්ෂයේ මන්ත්‍රීවරුන් බවට පත් විය.[2]

ඔහු 2024 ජනාධිපතිවරණයේදී එවකට ජනාධිපතිව සිටි රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළේය.[5]

පෞද්ගලික දිවිය

සංස්කරණය

ජගත් ප්‍රියංකර මහතා වෘත්තියෙන් සමෘද්ධි කළමනාකරුවෙකු වන අතර සමෘද්ධි ජාතික සංවිධාන මධ්‍යස්ථානයේ වත්මන් කැඳවුම්කරු ද වේ.[4] 2007 වසරේදී ජගත් ප්‍රියංකර මහතා එම්.වී. දේදුණු මහත්මිය සමඟ විවාහ වූ අතර ඔවුන්ට දරුවන් හතර දෙනෙක් සිටියහ.[4]

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ a b "ගරු ජගත් ප්‍රියංකර මහතා, පා.ම." මන්ත්‍රීවරුන්‌ගේ නාමාවලිය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. 29 පෙබරවාරි 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 29 පෙබරවාරි 2024.
  2. ^ a b c "ජගත් ප්‍රියංකර දිවුරුම් දෙයි". අද දෙරණ. 8 පෙබරවාරි 2024. 29 පෙබරවාරි 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 11 පෙබරවාරි 2024.
  3. ^ "ජගත් ප්‍රියංකර දිවුරුම් දෙයි". දිනමිණ. 8 පෙබරවාරි 2024. 29 පෙබරවාරි 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 11 පෙබරවාරි 2024.
  4. ^ a b c d e f "ජගත් ප්‍රියංකර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි". පාර්ලිමේන්තු පුවත්. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. 8 පෙබරවාරි 2024. 27 පෙබරවාරි 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 27 පෙබරවාරි 2024.
  5. ^ "ජගත් ප්‍රියංකරගේ සහාය රනිල්ට". අද දෙරණ. 13 අගෝස්තු 2024. සම්ප්‍රවේශය 17 නොවැම්බර් 2024.{{cite web}}: CS1 maint: url-status (link)
"https://si.wikipedia.org/w/index.php?title=ජගත්_ප්‍රියංකර&oldid=727056" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි