උදාගම් ව්‍යාපාරය සහ එවකට රණසිංහ ප්‍රේමදාස උපන්දිනය සමරනු වස් වාර්ශිකව ගම් උදාව සැනකෙලිය සහ වෙළඳ ප්‍රදර්ශනද සංවිධානය කෙරුණි. මිලියන ගණනක රට වටා ජනතාවක් එකල එම ප්‍රදර්ශන නැරඹූ බවද සඳහන් වේ. ප්‍රදර්ශනය පැවැත්වීම සඳහා ඌන සංවර්ධිත හා දුෂ්කර නොදියුණු ප්‍රදේශ තෝරා ගැණුනු අතර මෙමගින් සංවර්ධන කටයුතු ක්‍රියාවට නැංවුණි.

ගම් උදාව ප්‍රදර්ශනය
දළ විස්තරය
වර්ගයමහජන ප්‍රදර්ශනය
නමගම් උදාව
ස්ථානය
රටශ්‍රී ලංකාව

දින සංස්කරණය

සෑම වසරකම රණසිංහ ප්‍රේමදාස උපන්දිනය වන ජූනි 23 දින සවස සිට ජූලි 3 මධ්‍යම රාත්‍රිය දක්වා ගම් උදාව පැවැත්වුනි.

ගම් උදාව ප්‍රදේශ සංස්කරණය

යාපහුව සංස්කරණය

1979 ගම් උදාව යාපහුව ප්‍රදේශයේ පැවැත්විණි.

අම්පාර සංස්කරණය

1980 ගම් උදාව අම්පාරදී පැවැත්විණි.

තිස්සමහාරාමය සංස්කරණය

1981 වසරේ තිස්සමහාරාමය ප්‍රදේශයේ ගම් උදාව පැවැත්විණි.

දඹුල්ල සංස්කරණය

1982 වසරේ දඹුල්ලේදී ගම් උදාව පැවැත්විණි.

නිකවැරටිය සංස්කරණය

1983 ගම් උදාව නිකවැරටියේ පැවැත්විණි.

අනුරාධපුරය සංස්කරණය

1984 වසරේ අනුරාධපුරය ප්‍රදේශයේ ගම් උදාව පැවැත්විණි.

හිඟුරක්ගොඩ සංස්කරණය

1985 වර්ෂයේදී ගම් උදාව හිඟුරක්ගොඩදී පැවැත්විණි.

ඇඹිලිපිටිය සංස්කරණය

1986 ඇඹිලිපිටිය ගම් උදා ප්‍රදේශය, වර්ථමානයේදී ප්‍රජා සංවර්ධන වැඩසටහන් පැවැත්වීමටත්, ප්‍රධාන ගොඩනැගිලි පොදු කටයුතු ආදිය සඳහාත් භාවිතා කරනු ලැබේ. ව්‍යාපෘතිය හේතුවෙන් ඇඹිලිපිටිය නගරය සංවර්ධනයට ලක්විය.

කතරගම සංස්කරණය

1987 වර්ෂයේදී කතරගම, ගම් උදාව යටතේ සංවර්ධනයට ලක්විය. පිවිසුම් මාර්ග, පූජා නගරය ආශ්‍රිත ප්‍රදේශය හා පරිසරය සංවර්ධනය කෙරුණි.

ආණමඩුව සංස්කරණය

1988 වසරේ ගම් උදාව වැඩසටහනට[1] පළමුව ආණමඩුවේ බොහොමයක් කඩ දැව ලෑලි වලින් සාදා තිබුණු අතර, ගම් උදාව හේතුවෙන් ඒවා ගඩොලින් හා බදාමෙන් නිමවීමටත් විදුලිය ලබා දීමටත් හැකිවිය.

මහියංගනය සංස්කරණය

1989 වර්ෂයේදී ගම් උදාව මහියංගනයේ පැවැත්විණි.

පල්ලෙකැලේ සංස්කරණය

1990 වර්ෂයේදී මහනුවර පල්ලෙකැලේ ප්‍රදේශයද ගම් උදාව යටතේ සංවර්ධනයට ලක්විය.

කඹුරුපිටිය සංස්කරණය

1991 කඹුරුපිටිය ප්‍රදේශයද ගම් උදාව යටතේ සංවර්ධනයට ලක්විය.

බුත්තල සංස්කරණය

1992 වසරේදී බුත්තල ප්‍රදේශය ගම් උදාව යටතේ සංවර්ධනයට ලක්විය. විශාල ඇඟලුම් කම්හලක් හා ක්‍රීඩාංගනයක් ඉදිවීම ඒ අතරින් ප්‍රධාන වේ. මොණරාගල දිස්ත්‍රික්කයේ බොහොමයක් ගම්මාන සංවර්ධනයටද එය හේතුවිය.

මිහින්තලය සංස්කරණය

1993 වසරේ ජුනි මසදී ගම් උදාව ප්‍රදර්ශනය මිහින්තලයේ පැවැත්වීමට කටයුතු යොදා තිබුණි. එමගින් අනුරාධපුර පූජා නගරය ඇතුළු ප්‍රදේශ සංවර්ධනය අපේක්ෂාව විය. නමුත් එම වසරේ මැයි 1 වන දා කොටි ත්‍රස්ථවාදීන් විසින් ඒ වන විට ජනපතිධූරයට පත්ව සිටි ප්‍රේමදාස මහතාව මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් මගින් ඝාතනයට ලක් කෙරුණු අතර ගම් උදා ප්‍රදර්ශන ප්‍රදේශය, ඊලඟට පත්වූ රජය විසින් රජරට විශ්වවිද්‍යාලය පිහිටුවීමට යොදා ගන්නා ලදී.[2]

දිවුලපිටිය සංස්කරණය

1994 වසරේ ගම් උදාව සඳහා තෝරාගෙන සංවර්ධන කටයුතු අරඹා තිබූ ප්‍රදේශයයි.


ආශ්‍රිත ලිපි සංස්කරණය

ආශ්‍රිත සංස්කරණය

  1. "ගැංග්ස් එක්හෝටිං මනී". ceylontoday. 2013. සම්ප්‍රවේශය 19 ජනවාරි 2015.
  2. "ප්‍රසිඩන්ට් කුමාරතුංග ඇන්ඩ් ගම් උදාව". island.lk. සම්ප්‍රවේශය 11 ජනවාරි 2015.
"https://si.wikipedia.org/w/index.php?title=ගම්_උදාව&oldid=327044" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි