ඇඹිලිපිටිය, ශ්‍රී ලංකාවේ රත්නපුර පරිපාලන දිස්ත්‍රික්කයේ ඇති නගරයකි . 1970 ට ප්‍රථම ඇඹිලිපිටිය කුඩා නගරයක් වූ අතර කුඩා වෙළෙඳසැල් කිහිපයක් පමණක් එහි තිබුණි . මහවැලි ව්‍යාපාරයත් සමග උඩවලව ජලාශය ඉදිවූ පසු මෙම ප්‍රදේශය සංවර්ධනය විය. පසුව සංවර්ධන ව්‍යාපෘතීන් කිහිපයක්ම ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිදු වූ අතර ඒ අතරින් සෙවනගල සිනි කර්මාන්තශාලාව, උදාකළ ගම්මාන, චන්ද්‍රිකා වැව ජලාශය ප්‍රධාන වෙති. මේ වනවිට ඇඹිලිපිටිය කෙසෙල් වගාව වැඩි වශයෙන් සිදුකරන ප්‍රදේශයකි.

ඇඹිලිපිටිය
නගරය සහ නගර සභාව
රට ශ්‍රී ලංකාව
පළාතසබරගමුව පළාත
දිස්ත්‍රික්කයරත්නපුර දිස්ත්‍රික්කය
වේලා කලාප+5.30
"https://si.wikipedia.org/w/index.php?title=ඇඹිලිපිටිය&oldid=392504" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි