ගම්පහ අස්ගිරිය රජ මහා විහාරය

ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කය තුල පිහිටා තිබෙන ගම්පහ අස්ගිරිය රජ මහා විහාරය මෙරට වැදගත් ඓතිහාසික බෞද්ධ පුදබිමක් වෙයි. එය ගම්පහ - මිනුවන්ගොඩ මාර්ගයේ, ගම්පහ සිට කිලෝමීටර් 2 ක් පමණ ඈතින් පිහිටා තිබේ.

ගම්පහ අස්ගිරිය රජ මහා විහාරය
විහාරයේ වූ ස්ථූපය
විස්තර
පිහිටුම් තොරතුරු
රටශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව
ද්වාරය:බුද්ධාගම

නිරුක්තිය

සංස්කරණය

මෙම විහාරස්ථානයට අස්ගිරිය යන නාමය ලැබීමට හේතු සාධක වූ කරුණු ජනප්‍රවාදයේ පවතී.[තහවුරු කර නොමැත]

අශ්වයෙකුගේ ගිරිය වැනි පිහිටීමක් විහාර කන්දේ දැක ගත හැකි වීම නිසා.

කෝට්ටේ යුගයේ මෙහි පැවති ප්‍රාදේශීය රාජධානියක, රජ කෙනකුගේ නැතිවූ අශ්වයෙක් මේ ප්‍රදේශයෙන් සොයා ගැනීම හා එම අශ්වයා හිටපු ගිරිය (ගිරිය - කැලය) නැතහොත් අස්ගිරිය, වීම නිසා.

කැලණිතිස්ස රජුගේ සොහොයුරු වූ උත්තිය කුමාරුගේ අශ්වයා මෙම ප්‍රදේශයේදී අභිරහස් ලෙස අතුරුදන් වීම නිසා.

ඉතිහාසය

සංස්කරණය

අඩි 500 ක් පමණ උස් අස්ගිරිය කන්දේ වූ ලෙන මූලික කර ගනිමින් ආරණ්‍ය සේනාසනයක් ලෙස මෙම විහාරය ආරම්භ වූ බැව් පැවසෙයි. පසුකාලීනව ග්‍රාමවාසී භික්‍ෂුන් වහන්සේ වැඩවසන විහාරස්ථානයක් බවට පත්වූ මෙම විහාරයේ කඳු මුදුනේ වූ පුරාණ ගල් ලෙන්, අතීතයේ සංචාරක භික්‍ෂුන් වහන්සේ සඳහා වාසස්ථාන සැළසූ බව සඳහන් වෙයි.[1]

ක්‍රි.පූ. 103 දී ඇති වූ ද්‍රවිඩ ආක්‍රමණ නිසා රජරටින් මායාරටට පලා ආ වළගම්බා රජු තැනින් තැන සැඟවෙමින් සිටි සමය තුල, මේ ස්ථානයේද සැඟවී වාසය කල බවටද ජනප්‍රවාදවල කියැවේ.[2]

16 වන සියවසේ, කෝට්ටේ 6 වන පරාක්‍රමබාහු රාජ්‍ය සමයෙහි කලාපීය රජෙකු වූ සකළ කලාවල්ලභ රජුගේ අනුග්‍රහය මෙම විහාරයට ලැබී තිබේ.

විහාරය

සංස්කරණය
 
ප්‍රථිමා ගෘහයෙහි වූ නුවර යුගයේ සිතුවම්

විහාරස්ථානයේ ප්‍රධානතම කටාරම් සහිත ලෙන ආශ්‍රයෙන් ලෙන් විහාරය නිර්මාණය කොට තිබේ. එහි වූ බුදු මැදුර තුල මහනුවර යුගයට අයත් සිතුවම් දැක ගත හැකිවේ.[3] ලෙන් විහාරයට දකුණු පසින් ලෙන තුල දේවාල ගෘහය ඇත. පිළිමගෙය සහිත කොටස, පොළොවෙන් මදක් උස්වන සේ නිර්මාණය කොට තිබේ.[4] ඊට ඇතුළුවීම සඳහා කුඩා දැවමය සෝපානයක්ද පවතී.[1]

ක්‍රිස්තු වර්ෂ 4 -5 පමණ සමයට අයත් පැරණි සෙල් ලිපියක් හා සිරිපතුලක සටහනක් විහාර භූමිය තුලදී දැකගත හැකිවේ.[2][1] මීට අමතරව පිහිටි ගලේ නිර්මාණය කරනු ලැබූ පොකුණක් හා මිනින්දෝරු දෙපාර්තමේන්තුවට අයත් පැරණි කුකුල් අඩි සලකුණක්ද කඳු මුදුනෙහි වේ.[1]

මේ විහාරයේ වූ ගල්ලෙනක සිට පිළිකුත්තුව රජ මහා විහාරය දක්වා (තවත් තැන්හී එය වාරණ රජ මහා විහාරය ලෙස දැක්වේ[3]) විහිදුනු උමගක් තිබෙන බැව් ජනප්‍රවාදයකින් කියැවේ.

මේවාද බලන්න

සංස්කරණය

ආශ්‍රිත

සංස්කරණය
  1. ^ a b c d "අශ්ව රුවින් නම් ලද අස්ගිරිය". මව්බිම. 2013-01-23. 2015-07-15 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2015 ජනවාරි 6. {{cite news}}: Check date values in: |accessdate= (help)
  2. ^ a b "ගම්පහ අස්ගිරිය රජ මහා විහාරයේ පැරැණි බුදු මැදුර". බුදු සරණ. 2009 අගෝස්තු 13. 2013-02-02 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2015 ජනවාරි 6. {{cite news}}: Check date values in: |accessdate= and |date= (help)
  3. ^ a b "ගම්පහ අස්ගිරිය රජමහා විහාරය". minuwangodacity. 2016-03-06 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2015 ජනවාරි 6. {{cite news}}: Check date values in: |accessdate= (help)
  4. ^ "ගම්පහ අස්ගිරිය රජමහා විහාරයේ ලෙන් සිතුවම් විනාශවීමේ අවදානමක්". දිනමිණ. 2010-09-25. සම්ප්‍රවේශය 2015 ජනවාරි 6. {{cite news}}: Check date values in: |accessdate= (help)[permanent dead link]