එයාර් චීෆ් මාර්ෂල් ගගන් බුලත්සිංහල (තවද ගගන් පුලස්ථි බුලත්සිංහල ඉංග්‍රීසි: Gagan Bulathsinghala) VSV, USP, RWP, RSP, ndc, psc යනු ශ්‍රී ලංකා ගුවන් හමුදා හිටපු නිලධාරියෙක් වන අතර ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 15 වැනි ගුවන් හමුදාපතිවරයාවෙයි. තවද ඔහු විශිෂ්ට ගුවන් නියමුවෙකු ලෙස ගරු සම්භාවනාවට පාත්‍රව ඇත. වර්තමාන ගරු ශ්‍රී ලංකා තානාපති ඇප්ගනිස්තානය.

ගගන් බුලත්සිංහල
සේවය/ඛණ්ඩයශ්‍රී ලංකා ගුවන් හමුදාව
සේවය කළ වසර1981 - 2016
පදවියඑයාර් චීෆ් මාර්ෂල්
අණදීම්ගුවන් හමුදාපති
සටන්/යුද්ධශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය
ප්‍රදානඋත්තම සේවා පදක්කම
රණ වික්‍රම පදක්කම
රණ ශූර පදක්කම
Other workවර්තමාන ගරු ශ්‍රී ලංකා තානාපති ඇප්ගනිස්තානය

ශිෂ්‍ය අවදිය සංස්කරණය

ගගන් 12 සැප්තැම්බර් 1961 දී උපත ලදී. පියා නීතිඥ බුලත්සිංහලගේ පර්සි මාර්කස් පෙරේරා වූ අතර මව දෝනා බ්‍රියට්‍රිස් පෙරේරා විය. ගගන්ගේ පියා කලක් රාජකීය ගුවන් හමුදාවේ (රාජකීය ගුවන් හමුදාවේ දහඅටවැනි නිලධාරියා) පියාසර ලුතිනන්වරයකු ලෙස නීති අංශයේ රාජකාරි කළ ඇත.

එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. මේජර් ජෙනරාල්වරුන් වන උභය මඩවල, අජිත් වික්‍රමසිංහ, ස්නායු වෛද්‍ය විශේෂඥ උදය රණවක, ක්‍රිකට් ක්‍රීඩක සනත් කලුපෙරුම යන මිතුරන් නාලන්දා විද්‍යාලයයේ ඔහුගේ සමකාලීනයෝ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සංස්කරණය

12 පෙබරවාරි 1981 දී නිලධාරී බඳවා ගැනීම් පාඨමාලා අංක නවය යටතේ ගගන් දියතලාව ගුවන් විද්‍යා පීඨයට ඇතුළු විය. ඔහු ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, ඩී.බි. විජේතුංග හා චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනපතිවරුන් හතර දෙනකුගේ ගුවන් නියමුවාද විය.

නාලන්දා කීර්තී ශී‍්‍ර ගෞරව සම්මානය සංස්කරණය

වසර 2015 දී ගගන් ඉගෙන ගත් නාලන්දා විද්‍යාලය ඔහුට නාලන්දාවේ වැදගත්ම ආදි සිසුවාට පිරිනමන නාලන්දා කීර්ති ශ්‍රී සම්මානය පිරිනැමුවේය.

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ගගන්_බුලත්සිංහල&oldid=591867" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි