කේ. එස්. චිත්‍රා

ඉන්දියානු පිළිවැයුම් ගායිකාව

ක්‍රිෂ්ණන් නායර් ශාන්තකුමාරී චිත්‍රා (උපත 1963 ජූලි 27) හෙවත් කේ. එස්. චිත්‍රා හෙවත් චිත්‍රා යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු පිළිවැයුම් ගායිකාවක සහ කර්ණාටක සංගීතඥවරියකි. ඇය විසින් ගීත 25,000 කට අධික සංඛ්‍යාවක් පටිගතකොට ඇති අතර, එහි දී ඇය මලයාලම්, තෙලිඟු, දෙමළ, කන්නඩ, හින්දි, බෙංගාලි, ඔරියා, පන්ජාබි, ගුජරාටි, තුලු, රාජස්ථානී, උර්දු, සංස්කෘත, සහ බදාගා වැනි භාරතීය භාෂා මෙන්ම මැලේ, ලතින්, අරාබි, සිංහල, ඉංග්‍රීසි සහ ප්‍රංශ වැනි විදෙස් භාෂාවන්ගෙන් ද ගීත ගායනාකොට තිබීම විශේෂත්වයකි.[3] ඇය වඩාත් කීර්තියට පත්ව ඇත්තේ යුග ගණනාවක සංගීතඥයක් සමග ඇය කටයුතු කොට ඇති නිසාවෙනො. මේ අතරට ඒ. ආර්. රහ්මන්, ඉලෛයරාජා, එම්. එම්. කීරවානි වැනි සංගීත අධ්‍යක්ෂකවරුන් සේම, එස්පී බාලසුබ්‍රමණියම් සහ කේ ජේ යේසුදාස් වැනි පිළිවැයුම් ගායකයින් ද ඇතුළත් වේ. ඇගේ මියුරු කටහඬ නිසාම ඇයව දකුණු ඉන්දියාවේ ගීත කෝකිලාවිය ලෙස හඳුන්වනු ලබයි.

කේ. එස්. චිත්‍රා
උපත
ක්‍රිෂ්ණන් නායර් ශාන්තකුමාරී චිත්‍රා

27 ජූලි 1963 (1963-07-27) (වයස 60)
වෙනත් නම්දකුණු ඉන්දියාවේ ගීත කෝකිලාවිය[1]
උතුරු ඉන්දියාවේ පියා බසන්තී[1]
කේරළයේ වානම්බඩි[2]
තමිල් නාඩුවේ චින්න කුයිල්[2]
ආන්ධ්‍ර ප්‍රදේශ් හි සංගීත සරස්වතී[1]
කර්ණාටකයේ කන්නඩ කෝගිලේ[1]
උගත් ශාස්ත්‍රාලයකේරළ විශ්වවිද්‍යාලය
රැකියාව
  • ගායිකාව
  • සංගීත නිෂ්පාදිකාව
සක්‍රීය වසර1979–වර්තමානය
කලත්‍රයා(යන්)විජයශංකර්
(වි. 1988-වර්තමානය)
ගරු සම්මානපද්ම ශ්‍රී (2005)
පද්ම භූෂණ (2021)
සංගීත වෘත්තිය
ප්‍රභේද
වාද්‍ය භාණ්ඩහඬ
ලේබලAudiotracs
වෙබ් අඩවියkschithra.com

ආශ්‍රේයයන් සංස්කරණය

  1. 1.0 1.1 1.2 1.3 "Wishing "Nightingale of South India" – Chitra a Very Happy Birthday". Telugu Film Nagar. සම්ප්‍රවේශය 27 July 2016.
  2. 2.0 2.1 "One more feather in her cap". The Hindu. සම්ප්‍රවේශය 21 July 2005.
  3. Article (5 March 2016). "Chithra in concert and workshop". The Hindu.

බාහිර සබැඳි සංස්කරණය

සැකිල්ල:PadmaBhushanAwardRecipients 2020–2029 සැකිල්ල:Padma Shri Award Recipients in Art

"https://si.wikipedia.org/w/index.php?title=කේ._එස්._චිත්‍රා&oldid=478170" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි