කසම් තේරේ ප්‍යාර් කි

(කසම් - තේරේ ප්‍යාර් කි වෙතින් යළි-යොමු කරන ලදි)

කසම් — තේරේ ප්‍යාර් කි (සිංහල: ඔබේ ප්‍රේමය ගැන දිව්රන්න) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු හින්දි ප්‍රේමකථා රූපවාහිනී කතාමාලාවකි. 2016 මාර්තු 7වන දින විකාශය ඇරඹි මෙය කලර්ස් ටීවී නාළිකාව ඔස්සේ සඳුදා සිට සිකුරාදා දක්වා ප.ව. 10.00ට විකාශය කෙරේ. මෙම කතාමාලාව නිෂ්පාදනය කරන ලද්දේ බාලාජි ටෙලිෆිල්ම්ස් වෙනුවෙන් ඒක්තා කපූර් විසිනි. මෙම කතාමාලාව දෙමළ බසින් "එන් කාදලේ" ලෙස හඬකවා පොලිමර් ටීවී නාළිකාව ඔස්සේ විකාශය කිරීමට නියමිත ය.

කසම් — තේරේ ප්‍යාර් කි
මෙලෙසද හැඳින්වේකසම්
ප්‍රභේදයප්‍රබන්ධ
නාට්‍ය
ප්‍රේම කථා
රඟපෑමචරිත නිරූපණය බලන්න
සම්භව රටඉන්දියාව
භාෂාව(න්)හින්දි
කථාවාර සංඛ්‍යාව2
කථාංග ගණන235 (2017 ජනවාරි 27 වන විට)
නිෂ්පාදනය
නිෂ්පාදක(යෝ)හස්නායින් රිස්වි
ශෝභා කපූර්
කැමරා සැලැස්මතනි-කැමරා
ධාවන කාලයආසන්න. මිනිත්තු 22
නිෂ්පාදන සමාගමබාලාජි ටෙලිෆිල්ම්ස්
බෙදාහරින්නාViacom 18
ප්‍රචාරණය
රූප ආකෘතිය576i (PAL)
1080i (HDTV)
මුල් ධාවනය7 මාර්තු 2016 (2016-03-07) – වර්තමානය
බාහිර සබැඳි
නිල වෙබ්අඩවිය

ක්‍රාතිකා සෙන්ගාර් සහ ෂාරද් මල්හෝත්‍රා විසින් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබයි. පන්ජාබය පසුබිමෙහි නිර්මාණය වී ඇති මෙම කතාමාලාව මගින් විවිධ කාල පරාසයන්හි ඔවුන්ගේ ප්‍රේමය ජයගන්නා ආකාරය නිරූපණය වේ.[1][2]

කථාපුවත

සංස්කරණය

මෙම කථාව ගෙතී ඇත්තේ ළමා වියේ මිතුරන් වන තනුශ්‍රී ඛුරානා හෙවත් තනු (ක්‍රාතිකා සෙන්ගාර්) සහ රිෂි (ෂාරද් මල්හෝත්‍රා) වටා ය. එක් දිනෙක, රිෂි ගං ඉවුරේ ඇද වැටෙයි. තනු ඔහුව බේරා ගනියි. පසුව ඔවුන් දෙදෙනා මා කාලි දේවාලය වෙත රැගෙන යනු ලැබෙයි. එහි සිටින කත්‍යායණි නැමැති පූජකවරියක තනු සහ රිෂිගේ කුණ්ඩලි හොඳින් ගැළපෙන බවටත්, තනු විසින් රිෂිව සියලු බාධාවන්ගෙන් රැකගන්නා බවටත් අනාවැකියක් බවසයි. නමුත් රිෂිගේ මව වන රානෝ (විභා චිබ්බර්) තනු සහ ඇගේ පවුලට ප්‍රිය නොකරයි. රානෝ සිය සැමියාට ඇමරිකාව කරා සංක්‍රමණය වන ලෙස ඉල්ලා සිටියි.

වසර 17ක් ගෙවී යයි. රිෂි නැවත එනතෙක් තනු මහත් ආශාවෙන් බලා සිටියි. රිෂි සහ ඔහුගේ පවුල තනු ජීවත් වන පාටියාලා වෙත පැමිණති. එම දිනයේම, ත්‍රස්තවාදී ප්‍රහාරයකින් තනුගේ දෙමාපියන් මියයන්නේ ශෝකජනක අයුරිනි. රිෂිගේ පවුල තනුගේ නිවස වෙත පැමිණෙන අතර, සිය මිතුරා මියගොස් ඇති බව ඔවුන් දැන ගනී. තනුගේ නැන්දණිය වන බානි, රිෂි සහ ඔහුගේ පවුල මුම්බායි වෙත රැගෙන යයි. එහි බානිගේ දියණියන් වන ස්වාති සහ නේහා ජීවත් වේ. නමුත් ඇය පවසන්නේ සිය දියණිය වන නේහා යනු තනු බවයි. මේ අතර තනු සහ අහානා ද මුම්බායි වෙත පැමිණෙන නමුත්, බානි පවසන්නේ ඇය සිය ඥාතිවරියක වන තාන්වි බවයි. එම රාත්‍රියේ රිෂි සහ තනු හමුවෙයි. සැබෑ තනු කවුරුන්දැයි නොහඳුනන රිෂි නේහා වෙත ආකර්ෂණය වේ. දැන් රිෂිගේ සහ නේහාගේ (තනු ලෙස පෙනී සිටින) විවාහය යෝජනා වී තිබේ. විවාහ ගිවිස ගන්නා දිනයේ, තමන් නේහා සමග විවාහ ගිවස ගෙන ඇති බව දැනගැනීමෙන් පසු රිෂි කම්පාවට පත්වේ. මෙය ඔහුට දැඩි ශෝකයක් වන්නේ ඔහු තාන්වි (සැබෑ තනු) ට ප්‍රිය කරන බැවිනි. මේ වනවිට, තාන්විගේ විවාහය පවන් සමග සිදු කිරීමට යෝජනා වී තිබේ. රිෂි පවන්ට ප්‍රිය නොකරන්නේ ඔහු තාන්වි පෙම් කරන බැවිනි. මේ වනවිටත් පවන් සලෝනි සමග විවාහ වී ඇති බව රිෂි සොයා ගනියි. මෙම සම්බන්ධය නතර කරවීමට ඔහු නොයෙකුත් ප්‍රයත්න දැරුව ද එය අසාර්ථක වේ. නමුත් තාන්වි සහ පවන්ගේ විවාහ දිනයේ ඔහු තාන්විට නිද්‍රාකාරක ඖෂධයක් ලබා දී දේවාලයක් වෙත ඇයව රැගෙන යන්නේ ඇය සමග විවාහ වීමටයි. නැවත සිහිය ලබන විට, රිෂි තමන් සමග සිටිනු දැකීමෙන් ඇය මවිතයට පත්වේ. මඳ වේලාවකින් එතැනට පැමිණෙන කත්‍යායණි තාන්වි යනු තනු බව හෙළිකරවයි. තානු සිය සැබෑ අනන්‍යතාව හෙළි කරන්නී ය. රිෂි මවිතයට පත්වේ. ඔවුන් දෙදෙන විවාහ වෙති. නමුත් පවන් ඔවුන් පසුපසින් සිටියි. සිදුවීම් ගණනාවකින් පසු, ඔවුහු යළි නිවස බලා පිටත් වෙති. සිය විවාහය දෙදරා යාම පිළිබඳ කෝපයෙන් පසුවන නේහා සිය පෙම්වතා වන සැන්ඩි හට රිෂි තමන්ට අතවර කරන්නට තැත් කළ බව පවසයි. මින් කෝපයට පත්වන සැන්ඩි රිෂිව මරාදැමීමට අදහස් කරයි. තනු සහ රිෂි සිටින ස්ථානය වෙත සැන්ඩි ගමන් කරයි. ඔහු සිය ගිනිඅවිය රිෂි වෙත එල්ල කොට වෙඩි තබයි. නමුත් තනු දිව එන අතර, ඇයට වෙඩි වැදේ. රිෂිගේ දෙඅත් මත තනු සිය අවසන් හුස්ම හෙළයි. තනුගේ මරණය පිළිබඳ නේහා ප්‍රීතියෙන් පසුවෙයි.

මඳ කලකින්ම බේදි පවුල සත්‍යය දැනගනියි‍. ඔවුන් වහාම රිෂි සහ තනු වෙත දිව යයි. තනුගේ නිසල දේහය රිෂිගේ දෑත් මත තිබෙනු දැක ඔවුහු කම්පාවට පත් වෙති. රිෂි සියදිවි නසා ගැනීමට තැත් කරයි. නමුත් තනුගේ ආත්මය ඔහුව ඉන් වළකයි. සිය මරණයෙන් පසුව පවා, තනු රිෂිගේ දිවි බේරයි. සිය මරණය සිදුවූ දින, තනු සැන්ඩිගේ සොයුරාගේ දියණිය වන තනූජා ලෙසින් යළි උපත ලබයි.

වසර 20කට පසු

සංස්කරණය

රිෂි දැන් ධනවත් සාර්ථක ව්‍යාපාරිකයකුව සිටියි. නමුත් ඔහු ප්‍රේමය අගය නොකරයි. සිය සේවකය්නට ඔහු කෲර අයුරින් සලකයි. යුව්රාජ් දිව්‍යා සමග විවාහ වී නකුල් නැමැති පුත්‍රයකු සිටියි. මන්ප්‍රීත් සහ අහානා යුවළට ද ස්මයිලී සහ චින්ටු නැමැති දරුවන් දෙදෙනකු වේ. රිෂි හට මලිකාගෙන් විවාහ යෝජනාවක් පැමිණිය ද, ඔහු එය ප්‍රතික්ෂේප කරයි. බානි තවත් රුදුරු වී සිටින්නී ය. රානෝ වෙත ලිපියක් ලියන ඇය තමන් සහ සිය සැමියා පිළිකාවකින් පීඩා විඳින බවත්, සිය අවසන් දින කිහිපය ගතකරන බවත් දන්වා සිටියි. මේ අතර අනතුරකට ලක්ව නේහා සහ සැන්ඩි කෝමා තත්ත්වයෙන් පෙළෙන අතර, නේහාගේ දියණියන් වන විධි සහ නිධි මෙන්ම සැන්ඩිගේ ලේලිය වන තනූජා පිළිබඳ සොයා බැලීමට කිසිවකුත් නැත. රානෝට ලිපිය ලැබෙන නමුත්, ඇය ඔවුන්ව සිය නිවසේ තබා ගැනීමට අකමැති වන්නී ය. නමුත් පසුව, ඇය ඔවුනට සිය ගබඩා කාමරයේ විසීමට අවසර දෙන්නී ය.

තනූජා සහ රිෂි කිහිප වරක් මුණගැසුණ ද, ඔවුන් එකිනෙකා හඳුනා නොගනී. එක්දිනෙක තනූජා මුහුණ තදබල ලෙස පිළිස්සෙයි. ඇයට ප්ලාස්ටික් සැත්කමක් සිදු කිරීමට නිර්දේශ වන අතර, බිජි තනූගේ ඡායාරූපයක් රැගෙන එයි. තනූජාට තනූගේ මුහුණ හිමි වන අතර, සෑම දෙනාම ඇයව වරදවා වටහා ගනියි. ක්‍රමයෙන් ඇයව ඇගේ නිවසෙන් පලවා හැරෙයි. රිෂිට පෙම් කරන මලයිකා නැමැති තරුණියක් රිෂිගේ නිවසට පැමිණෙයි. එක් දිනක, තනූජා පාරේ ඇවිදිමින් සිටිය දී, ඇයව මලයිකාගේ කාරයේ ගැටේ. මලයිකා තනූජාව බේදි නිවස වෙත රැගෙන එයි.

තනූජා සහ රිෂි එකිනෙකාට සමීප වන අතර, එකිනෙකාගෙන් ඈත්ව විසීමට සිදුවේ. රිෂිට මිලයට ගැනීම පිණිස හෝටලයක් සෙවීමට තනූජා, රිෂි සහ මලයිකා පිටත් වේ. නමුත් එම හෝටලයට ත්‍රස්තවාදීන් පහර දෙන අතර කිහිප දෙනකු මරණයට පත්වේ. රිෂිව බේරා ගැනීමට ගොස් තනූජාට වෙඩි වැදෙයි. රිෂි ඇයව රෝහල වෙත රැගෙන යන අතර, කනූජාගේ දිවි බේරෙයි. රිෂි හට මලයිකා සමග විවාහ වන මෙන් රානෝ බල කරයි. ඔහු ඇයට යෝජනා කරන අතර, සිය තීරණය පවුලට දැනුම් දෙයි. තමන් රිෂිට පෙම් කරන බව වටහා ගන්නා තනූජා ඉන් ශෝකයට පත්වේ...

චරිත නිරූපණය

සංස්කරණය
  • ෂාරද් මල්හෝත්‍රා, රිෂි රාජ් සිං බේදි ලෙස - නිදහස් මිනිසකු වන මොහු, සිය භාර්යාව වන තනුගේ මරණය හේතුවෙන් සිත් තැවුලට පත්ව සිටියි. නමුත් තනූජා සමග විවාහයෙන් ඔහු යථා තත්ත්වයට පත්වේ.
  • ක්‍රාතිකා සෙන්ගාර්, තනු /තනූජා රිෂි සිං බේදි ලෙස - සරල දැරියක වන මැය රිෂිගේ භාර්යාවයි. නමුත් රිෂිව බේරා ගැනීමට ගොස් ඇය මියයයි. ප්ලාස්ටික් සැත්කමකින් තනූජා තනූගේ මුහුණ ලබන්නී ය. මුලින් තනුගේ මරණයත් සමග, ඇගේ නැවත උපත ෂිවානි තොමර් විසින් නිරූපණය කරන ලදී. නමුත් ප්‍රේක්ෂක ඉල්ලීම අනුව, පසුව එම චරිතයට තොමාර් ප්ලාස්ටික් සැත්කමකට ලක්වූයේ යැයි පවසා සෙන්ගාර්ව යළි යොදවා ගැනිණි.[3]
  • ෂිවානි තොමාර්, තනූජා ලෙස - සෙන්ගාර් යළි කතාමාලාවට පිවිසීමට ප්‍රථම තොමාර් විසින් මසක පමණ කාලයක් තනූජාගේ චරිතය නිරූපණය කරන ලදී. තොමාර් සහ මල්හෝත්‍රා අතර රසායන විද්‍යාව මඳ වීම හේතුවනේ ප්‍රේක්ෂක ප්‍රතිචාර දුර්වල වීම මීට හේතු වන්නට ඇත.[4]
  • ප්‍රාණව් මිෂ්රා, නකුල් යුව්රාජ් සිං බේදි ලෙස - යුව්රාජ්-දිව්‍යා යුවළගේ පුත්‍රයායි. බොක්සිං ක්‍රීඩකයෙකි‍.
  • ස්මෘති ඛන්නා, මලයිකා මල්හෝත්‍රා - ඇය ඇමරිකාවේ සිට පැමිණෙන්නේ රිෂි සමග විවාහ වීමටයි. නමුත් ඇගේ සැබෑ සැලසුම රිෂිගේ පවුල විනාශ කොට සිය පෙම්වතා වූ ශේඛර් සමග විවාහ වීමටයි.
  • සුබර් කේ. ඛාන්, මන්ප්‍රීත් රාජ් සිං බේදි ලෙස - රිෂිගේ සොයුරායි. අහානාගේ සැමියායි. ප්‍රීතිමත් පුද්ගලයෙකි. චින්ටු සහ ස්මයිලීගේ පියායි.
  • ආදිති ෂර්මා, අහානා මන්ප්‍රීත් සිං බේදි ලෙස - තනුගේ සොයුරිය වන මැය නිර්භීත දැරියකි. මන්ප්‍රීත්ගේ භාර්යාවයි. ස්මයිලී සහ චින්ටුගේ මෑණියන් ය.
  • ෆර්හාඩ් ඛාන්/චාන්ද්නි කොවුර්, ස්මයිලී මන්ප්‍රීත් සිං බේදි ලෙස - (මන්ප්‍රීත් සහ අහානාගේ දියණියයි) යහපත් දැරියක වන ඇය ඇගේ පෙම්වතා නිසා ගැබ් ගෙන සිටියි.
  • දේවාර්ෂ් නිර්මාල්, චින්ටු මන්ප්‍රීත් සිං බේදි ලෙස - අහානා සහ මන්ප්‍රීත්ගේ පුත්‍රයායි.
  • ලලිත් බිෂ්ත්, යුව්රාජ් රාජ් සිං බේදි ලෙස - රිෂිගේ හදාගත් සොහොයුරායි. දිව්‍යාගේ සැමියායි. නකුල්ගේ පියායි.
  • විජේ කාශ්‍යප්, රාජ් සිං බේදි ලෙස - රිෂි, මන්ප්‍රීත් සහ යුව්රාජ්ගේ ආදරණීය පියායි.
  • විභා චිබ්බර්, රානෝ රාජ් බේදි ලෙස - ආදරණීය මවක් වන මැයි විටෙක රළු වන්නී ය.
  • සාබා මිර්සා, බිජි ලෙස - රිෂිගේ මිත්තණියයි.
  • චේත්නා කයින්තුරා, දිව්‍යා යුව්රාජ් සිං බේදි ලෙස - යුව්රාජ්ගේ භාර්යාවයි. නිඛිල්ගේ මෑණියන් ය.
  • රෝමා බාලි, බානි කුල්ජීත් ඛුරානා ලෙස - කුරිරු ස්ත්‍රියකි. මුදල් පසුපස හඹා යයි.
  • චන්දන් කක්රෝෂ්, කුල්ජීත් ඛුරානා ලෙස - බානිගේ සැමියායි.
  • සුමන් ජායින්, ස්වාති කුල්ජීත් ඛුරානා ලෙස - නේහාගේ සොයුරියයි.
  • රෙනී ද්‍යානි, නේහා සංදීප් සිකන්ද් ලෙස - බානිගේ දියණිය වන මැය ද කුරිරු තැනැත්තියකි.
  • ෂර්හාන් සිං, සංදීප් සිකන්ද්/ සැන්ඩි ලෙස - නේහාගේ සැමියායි.
  • හේමා සූද්, නිධි සංදීප් සිකන්ද් ලෙස - සැන්ඩි සහ නේහාගේ දියණියයි.
  • ශ්‍රේයා ගුප්තා, විධි සංදීප් සිකන්ද් ලෙස - සැන්ඩි සහ නේහාගේ දියණියයි.
  • මල්හාර් පාණ්ඩ්‍යා, පවන් මල්හෝත්‍රා ලෙස - තනුගේ හිටපු ආදරවන්තයායි.
  • සෙහ්රිෂ් අලි, සලෝනි පවන් මල්හෝත්‍රා ලෙස - පවන්ගේ භාර්යාවයි.
  • පර්වීන් කුමාර්, සාවිත්‍රි මල්හෝත්‍රා ලෙස - පවන්ගේ මෑණියන් ය.
  • මනෝරමා භාටිෂ්‍යාම්, කත්‍යායණි ලෙස - රිෂි සහ තනුගේ ප්‍රේම දෛවඥවරියයි.
  • වීරු ඛුරානා, වීරේන්ද්‍ර ඛුරානා ලෙස - තනුගේ පියායි.
  • ජ්‍යෝති ගෞබා, ෂර්දා වීරේන්ද්‍ර ඛුරානා ලෙස - තනුගේ මවයි.
  • රෝහිත් ෂර්මා, ශිඛර් ලෙස - මලයිකාගේ පෙම්වතායි.
  • රිෂානා සාමි, මාම්තා ලෙස - නේහා සහ ස්වාතිගේ මිතුරියයි.
  • ප්‍රවීන් කොවුර්, සාවිත්‍රි ලෙස - පවන්ගේ මෑණියන් ය.
  • රෝහිත් ඛුරානා, වෛද්‍ය මානය් ගරේවාල් ලෙස

අන්තර්ජාතික විකාශය

සංස්කරණය

මෙම කතාමාලාව කලර්ස් ටීවී නාළිකාව හා සමගාමීව පාකිස්ථානයේ ෆිල්මේසියා නාළිකාව ඔස්සේ 2016 ඔක්තෝබර් 15 දින තෙක් විකාශය කරන ලදී.[5]

ආශ්‍රේයයන්

සංස්කරණය
  1. ^ "Yuvika Chaudhary to pair up with Sharad in Kasam". The Times of India. 6 February 2016. සම්ප්‍රවේශය 7 February 2016.
  2. ^ "Vibha Chibber and Jyoti Gauba in Balaji's Kasam". The Times of India. 5 February 2016. සම්ප්‍රවේශය 7 February 2016.
  3. ^ "Kasam Teri Pyaar Ki:Kratika Sengar aka Tanu to return on popular demand". India Today. 7 September 2016. සම්ප්‍රවේශය 7 September 2016.
  4. ^ http://www.ibtimes.co.in/kasam-tere-pyaar-ki-ssharad-malhotra-aka-rishi-upset-shivani-tomar-aka-tanujas-exit-693455
  5. ^ "Pemra enforces blanket ban on Indian content in Pakistan". DAWN. 19 October 2016.

බාහිර සබැඳි

සංස්කරණය
"https://si.wikipedia.org/w/index.php?title=කසම්_තේරේ_ප්‍යාර්_කි&oldid=412173" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි