බාලාජි ටෙලිෆිල්ම්ස්

බාලාජි ටෙලිෆිල්ම්ස් යනු නළු ජීතේන්ද්‍ර හිමිකාරීත්වය දරන ඉන්දියානු සමාගමකි. මෙමගින් විවිධ ඉන්දියානු භාෂාවලින් ඉන්දියානු සෝප් ඔපෙරා, රියැලිටි ටීවී, ප්‍රහසන, ක්‍රීඩා වැඩසටහන්, විනෝදාස්වාද සහ වාර්තා වැඩසටහන් නිෂ්පාදනය කරනු ලබයි. 1997 සිට 2006 දක්වා බාලාජි සහ වයිට් ලීෆ් ප්‍රොඩක්ෂන්ස් අතර හවුල්කාරීත්වයක් පැවතිණි.

බාලාජි ටෙලිෆිල්ම්ස්
වර්ගයමහජන
ප්‍රභේදයවිනෝදාස්වාදය
ස්ථාපිතය1994
ප්‍රාරම්භකජීතේන්ද්‍ර
මූලස්ථානයමුම්බායි, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව
සේවා සරියඉන්දියාව
ප්‍රධාන පුද්ගලයන්ඒක්තා කපූර්
ශෝභා කපූර්
තුෂාර් කපූර්
කර්මාන්තයවිනෝදාස්වාදය
නිෂ්පාදිතයන්රූපවාහිනී වැඩසටහන්,
සල රූ
ආදායමINR4.2544 බිලියන (US$66 මිලියන) (2014)
මෙහෙයුම් ආදායමINR4.0746 බිලියන (US$64 මිලියන) (2014)
ශුද්ධ ආදායමIncreaseINR0.10 බිලියන (US$1.6 මිලියන) (2014)
කොටඨාශ3
උපාංගයන්බාලාජි මෝෂන් පික්චර්ස්
ALT ඩිජිටල් මීඩියා එන්ටර්ටේන්මන්ට්
BOLT මීඩියා ලිමිටඩ්
වෙබ්අඩවියbalajitelefilms.com
විකුණනු ලබන්නේසැකිල්ල:BSEසැකිල්ල:NSE
BSE SENSEX Constituent
CNX Nifty Constituent

බාලාජි ටෙලිෆිල්ම්ස් ප්‍රවර්ධනය කරනු ලබන්නේ ඒක්තා කපූර් සහ ශෝභා කපූර් විසින් වන අතර එය බොම්බේ කොටස් වෙළඳපොල සහ ඉන්දියාවේ ජාතික කොටස් වෙළඳපොල තුළ ලැයිස්තුගත මහජන සමාගමකි. එහි නිර්මාණ අතරට[1][2][3][4][5] ක්‍යුන්කි සාස් භි කබි බාහු ති, කහානි ඝාර් ඝාර් කී, කසෞතී සින්දගී කේ, කාහින් කිසී රොස්, කහීන් තෝ හෝගා, කොහි අප්නා සා, කුසුම්, කුටුම්බ්, කසම් සේ, පවිත්‍ර රිෂ්තා[6][7][8], බඩේ අඡේ ලග්තේ හේන්[9][10][11], ඉත්නා කරෝ නා මුජේ ප්‍යාර්[12], ප්‍යාර් කී යේ ඒක් කහානි, මෙරි ආෂිකි තුම් සේ හි, පවිත්‍ර බන්ධන්, යේ හේ මොහබ්බතයින්[13][14][15] , කුංකුම් භාග්‍යා[16][17], නාගින්, බ්‍රහ්මරාක්ෂස්, කසම් තේරේ ප්‍යාර් කි, චන්ද්‍ර නන්දිනී[18][19] සහ පර්දේස් මේන් හේ මේරා දිල් වැනි කතාමාලා අයත් වේ.

ඉතිහාසය සංස්කරණය

1994 නොවැම්බර් 11 දින මුම්බායිහි දී ඒක්තා කපූර් සහ ශෝභා කපූර් විසින් 'බාලාජි ටෙලිෆිල්ම්ස් ප්‍රයිවට් ලිමිටඩ්' ලෙස ලියාපදිංචි කෙරුණු මෙම සමාගමේ පරමාර්ථය කතාමාලා සහ විනෝදාස්වාද අංග වැනි රූපවාහිනී මෘදුකාංග නිර්මණය කිරීමයි. ආකෘතික වැඩසටහන්කරණය සඳහා ප්‍රවීණයන් වන මෙම සමාගමේ නිර්මාණ ලොව පුරා විවිධ භාෂාවලට ද අනුවර්තනය වේ. මෙහි වැදගත් සන්ධිස්ථානයක් වන ක්‍යුන්කි සාස් භි කභි බාහු ති කතාමාලාව සියලු ඉන්දියානු ‍සෝප් ඔපෙරා සඳහා මූලාදර්ශයක් වෙමින් ඉන්දියානු රූපවාහිනිය සඳහා ස්වර්ණමය යුගයක් උදාකළේ ය. සෙසු නිදසුන් අතරට කහානි ඝාර් ඝාර් කී, කසෞතී සින්දගී කේ, කාහින් කිසී රොස්, කහීන් තෝ හෝගා, කුසුම්, කුටුම්බ්, කොහි අප්නා සා, කසම් සේ, පවිත්‍ර රිෂ්තා, පරිචේ, යේ හේ මොහබ්බතයින් (මෙය ඉන්දියාව පුරා විවිධ භාෂාවලින් හඬකැවීම සහ ප්‍රතිනිර්මාණය සිදු විය), බඩේ අඡේ ලග්තේ හේන්, ක්‍යා හුවා තෙරා වාඩා, සහ ජෝධා අක්බර් අයත් වේ. මෑතක දී මෙම සමාගම සෝනි ටීවීහි බොක්ස් ක්‍රිකට් ලීගය වැනි රියැලිටි වැඩසටහන් නිර්මාණය කෙරෙහි උනන්දු වී ඇත.

2000 පෙබරවාරි 29 දින බාලාජි මහජන සමාගමක් ලෙස නීතිගත කෙරිණි. 2000 අප්‍රේල් 19 දින එහි නම 'බාලාජි ටෙලිෆිල්ම්ස් ලිමිටඩ්' ලෙස වෙනස් කෙරිණි.[20] මෙම සමාගම  10 සම කොටස් 28,00,000ක්  120ක අධි මිලට නිකුත් කිරීමෙන්   කෝටි 36.40ක් රැස් කොටගෙන ඇත.[20] එම වර්ෂයේම, නයින් බ්‍රෝඩ්කාස්ටිං ඉන්ඩියා ප්‍රයිවට් ලිමිටඩ් අතිරේකී පූර්ණ හිමිකාරීත්වය දරන 'නයින් නෙට්වර්ක් එන්ටර්ටේන්මන්ට් ඉන්ඩියා ප්‍රයිවට් ලිමිටඩ්' සමාගම බාලාජි ටෙලිෆිල්ම්ස් ලිමිටඩ් සමග සම්බන්ධ විය.[20] 2000-2004 කාලයේ කොටස් වෙළඳපොල ප්‍රාග්ධනායනය දහසය ගුණයකින් වර්ධනය වී   කෝටි 571ක අගයයක් වාර්තා කළ අතර, 'ස්ටාර් ඉන්ඩියා' ව්‍යාපාරයේ 21%ක් අවස්ථා තැන්පතු කොට තිබිණි.

2007ද, මෙම සමාගම සිය පූර්ණ හිමිකාරීත්වය සහිත බාලාජි මෝෂන් පික්චර්ස් අතිරේක සමාගම නීතිගත කළේ ය. එමගින් බොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදනය සිදුවේ. 2010දී මෙම සමාගම විසින් ALT එන්ටර්ටේන්මන්ට් ලිමිටඩ් නීතිගත කරන ලදී. එය චිත්‍රපට සහ රූපවාහිනියේ යොවුන් තේමා නිෂ්පාදනය කෙරෙහි අවධානය යොමුකළ බැනරයකි.

2012දී බාලාජි ටෙලිෆිල්ම්ස් විසින් සිය පූර්ණ හිමිකාරීත්වය යටතේ ඇති BOLT මීඩියා ලිමිටඩ් නීතිගත කරන ලදී. මෙමගින් ලව් බයි චාන්ස්, යේ ජවානි තා රා රි රි සහ ධර්මක්ෂේත්‍ර යන වැඩසටහන් සහ දැන්වීම් නිපදවන ලදී.

2014 නොවැම්බරයේ දී, මෙය පූර්ණ හිමිකාරීත්වය දරන අනු-සමාගමක් වන බාලාජි මෝෂන් පික්චර්ස් බොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදන සමාගමක් වන B4U සමග සම්බන්ධ වූයේ බොලිවුඩ් චිත්‍රපට සම-නිෂ්පාදනය කිරීම සඳහායි.

2014දී, මෙම සමාගම සහ ඒක්තා කපූර් ජයිපූර්හි දී ශ්‍රී රාජ්පුත් කර්ණි සේනා (SRKS) නම් හින්දුත්ව කණ්ඩායම විසින් මෙහෙයවූ විරෝධතාවන්ට මුහුණපෑවේ ය. එයට හේතුව ඇගේ ජෝධා අක්බර් රූපවාහිනී කතාමාලාවේ අන්තර්ගත වූ ඇතැම් වර්ගවාදී කරුණු ය.[21][22] 2015දී මෙම බැනරය විසින් සීමිත කතාමාලාවක් වූ නාගින් නිෂ්පාදනය කරන ලදී. මෙය එහි ආරම්භයේ සිටම ඉන්දියානු රූපවාහිනී වඩාත්ම නැරඹූ වැඩසටහන බවට පත් විය. අතිශයින් ජනප්‍රිය වූ මෙම වැඩසටහන සම්මාන ඝනනාවක් දිනාගත් අතර, එහි දෙවන කථාවාරය දැවැන්ත ජනමෝදකයක් විය. 2017 නොවැම්බ‍රයේ දී එහි තෙවන කථාවාරය දියත් කිරීමට සමාගම සැලසුම් කොට ඇත.[23][24][25][26]

2017දී රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් ආයතනය විසින් බාලාජි ටෙලිෆිල්ම්ස්හි 25%ක තැන්පතු තමන් සතු කරගත්තේ රුපියල් කෝටි 413ක මුදලකටයි. මෙම ගනුදෙනුව හේතුවෙන් RIL වෙත බාලාජි ටෙලිෆිල්ම්ස්හි අන්තර්ගතයනට ටෙලිකොම් ඒකකය වූ රිලයන්ස් ජියෝහි භාවිතයට ගතහැකි විය.[27]

වත්මන් නිෂ්පාදන සංස්කරණය

කලර්ස් ටීවී

ස්ටාර් ප්ලස්


සී ටීවී

පසුගිය නිෂ්පාදන සංස්කරණය

මේවාත් බලන්න සංස්කරණය

  • ALT බාලාජි – 2017 අප්‍රේල් මස බාලාජි ටෙලිෆිල්ම්ස් වෙතින් මුදාහළ වීඩියෝ අන්තර්ගත ඇප් එක.

ආශ්‍රේයයන් සංස්කරණය

  1. "rediff.com: 'Kyunki deserved a glorious ending'".
  2. "Alongwith Kyunki, Saas Bahu saga comes to an end". News18.
  3. "Kyunki Saas Bhi...ends in a soapsaga style". News18.
  4. "What K-serials really convey". The Times of India.
  5. "Saas, bahu and 'The End'". The Times of India.
  6. Pavitra Rishta to go off air after a run of 5 years
  7. Ekta Kapoor's longest running show on Zee TV, Pavitra Rishta to go off air
  8. It's good bye to Ekta Kapoor's Pavitra Rishta
  9. Bade Achhe Lagte... kissing scene my biggest learning: Ekta Kapoor
  10. Ekta Kapoor: Showing kissing scene in Bade Achhe Lagte Hain a mistake; says TV should only provide conservative content
  11. Ekta Kapoor on showing kissing scene in Bade Achhe
  12. Ronit Roy & Pallavi Kulkarni in Ekta Kapoor's Itna Karo Na Mujhe Pyaar
  13. 13.0 13.1 Ekta Kapoor launches her show 'Yeh Hai Mohabbatein' on Star Plus
  14. 14.0 14.1 Another generation leap in Ekta Kapoor's Yeh Hai Mohabbatein?
  15. 15.0 15.1 Ekta Kapoor's most popular show 'Ye Hain Mohabbatein' completes 1000 episodes
  16. 16.0 16.1 Zee TV's Kumkum Bhagya launches on April 15
  17. 17.0 17.1 Kumkum Bhagya – The Biggest Fiction Launch of 2014
  18. 18.0 18.1 Star Plus to launch Balaji Telefilms' show 'Chandra Nandini' on 10 Oct, http://www.televisionpost.com/television/star-plus-to-launch-chandra-nandini-on-10-oct/, ප්‍රතිෂ්ඨාපනය 2017-09-18 
  19. 19.0 19.1 Ekta Kapoor introduces Rajat Tokas and Shweta Basu as Chandra Nandini
  20. 20.0 20.1 20.2 "The Economic Times".
  21. "Rajput Karni Sena Shout Slogans at Ekta Kapoor During Jaipur Lit Fest". The New Indian Express. IANS. 21 January 2014. 2014-01-22 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2015-04-14.
  22. Singh, Mahim Pratap (27 February 2014). "Journalists demand arrest of Karni Sena president". The Hindu. සම්ප්‍රවේශය 2015-04-15.
  23. 23.0 23.1 Ekta Kapoor's Naagin launched: Mouni, Adaa, Arjun bring saga of love and revenge
  24. Naagin soon to be back with season 2
  25. All you need to know about Naagin season 2!
  26. Ekta Kapoor's Naagin (Season 2) will be back in October
  27. Choudhary, Vidhi. "RIL buys 25% stake in Balaji Telefilms for Rs413 crore". LiveMint. සම්ප්‍රවේශය 21 July 2017.
  28. Chandrakanta replaces Naagin Season 2 on Colors
  29. Colors launches Balaji telefilms - Chandrakanta - A magical tale of love, passion and revenge
  30. Naagin (season 3) to come to screens in Diwali 2017
  31. Naagin gets a shocking twist! Find out who’s the new vamp in season 3
  32. Dhhai Kilo Prem from the house of Balaji Telefilms to launch on April 3, 2017
  33. Kundali Bhagya review: At least better than Abhi-Pragya's over-stretched love story
  34. Kundali Bhagya: Ekta Kapoor reveals the reason behind doing a spinoff of Kumkum Bhagya
  35. Zee TV launches Kumkum Bhagya’s spin-off ‘Kundali Bhagya’
  36. "Kyunki Saas Bhi Kabhi Bahu Thi comes to a tragic end". 7 November 2008. සම්ප්‍රවේශය 11 February 2017.
  37. "Strike off but channels hold back fresh episodes - Livemint". සම්ප්‍රවේශය 11 February 2017.
  38. Kahaani Ghar Ghar Kii a path breaking soap on Indian Television
  39. 'Kawach... Kaali Shaktiyon Se' gets an extension
  40. Mona Singh-Vivek Dahiya Starrer ‘Kavach…Kaali Shaktiyon Se’ to Go Off-air
  41. Zee Tv's popular supernatural drama to soon go off air
  42. 'Brahmarakshas' to end on February 18
  43. Naagin 2 season finale: Yamini and Shesha are killed by Ardhanareshwar
  44. Why did Rocky kill Shivangi? Naagin 2 climax is ridiculous but might be inspired from Baahubali
  45. Mouni, Karan and Adaa shoot for the last episode of Naagin 2
  46. It's a wrap up for Pardes Mein Hain Mera Dil, https://www.pinkvilla.com/tv/news-gossip/it-s-wrap-pardes-mein-hai-mera-dil-be-replaced-iss-pyaar-ko-kya-naam-doon-381277, ප්‍රතිෂ්ඨාපනය 2017-09-18 

බාහිර සබැඳි සංස්කරණය

සැකිල්ල:Major Indian companies

"https://si.wikipedia.org/w/index.php?title=බාලාජි_ටෙලිෆිල්ම්ස්&oldid=633004" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි