කල්‍යාණම් මුදල් කාදල් වරෛ

කල්‍යාණම් මුදල් කාදල් වරෛ (සිංහල: විවාහයේ සිට ප්‍රේමය දක්වා) යනු විජයි ටීවී නාළිකාව ඔස්සේ විකාශය වූ දෙමළ සෝප් ඔපෙරාවකි. 2014 නොවැම්බර් 3 සිට 2017 ජනවාරි 27 තෙක් කථාංග 583කින් යුක්තව විකාශය වූ මෙය සඳුදා සිට සිකුරාදා දක්වා විකාශය විය.[1] මුලින් මෙය ප.ව. 07:00ට (IST) විකාශය විය.[2] කෙසේනමුත්, මෙහි ජනප්‍රියත්වය වැඩිවීම සහ ප්‍රේක්ෂකයන් වෙතින් ලැබුණු යහපත් ප්‍රතිචාර හේතුවෙන් 2016 ජනවාරි 4 සිට මෙය ප.ව. 9:00ට විකාශය කරන ලදී. වැඩසටහනේ නැවත විකාශයක් එයට පසු දින ප.ව. 1:30ට (IST) විකාශය විය. 2016 ජූලි 17 දින විජයි ටීවී නිවේදනය කළේ සඳුදා සිට සිකුරාදා දක්වා වෙනුවට කල්‍යාණම් මුදල් කාදල් වරෛ සඳුදා සිට සෙනසුරාදා තෙක්ම විකාශය කරන බවයි. 2016 නොවැම්බර් 12 දින විජයි ටීවී තවදුරටත් නිවේදනය කළේ වැඩසටහන සඳුදා සිට සිකුරාදා තෙක් ප.ව. 9:30ටම (IST) විකාශය කරන බවයි.

කල්‍යාණම් මුදල් කාදල් වරෛ
මෙලෙසද හැඳින්වේKMKV
ප්‍රභේදයදෙමළ සෝප් ඔපෙරා
ප්‍රේම වෘත්තාන්ත
නාට්‍ය
මත පදනම්වයේ හේ මොහබ්බතයින්
අධ්‍යක්ෂණය කලේතායි සෙල්වම්
නිර්මාණාත්මක අධ්‍යක්ෂක(වරු)එස්. රාමනා ගිරිවාසන්
රඟපෑමප්‍රියා භවානි ශංකර්
අමිත් භාර්ගව්
නිවාශිනී
ම‍නෝජ්
සධානා
වන්දනා
කවිතා
ඊශ්වර්
සම්භව රටඉන්දියාව
භාෂාව(න්)දෙමළ
මලයාලම්
කථාවාර සංඛ්‍යාව1
කථාංග ගණන583
නිෂ්පාදනය
නිෂ්පාදක(යෝ)වේන්කටේෂ් රාමචන්ද්‍රන්
ඒක්තා කපූර්
ස්ථානය(න්)තමිල් නාඩු
සිනෙමාරූපණයරමේශ් කුමාර්
කැමරා සැලැස්මබහු-කැමරා
ධාවන කාලයආසන්න. මිනිත්තු 19–22
නිෂ්පාදන සමාගමබාලාජි ටෙලිෆිල්ම්ස්
ප්‍රචාරණය
මුල් නාලිකාවවිජයි ටීවී
රූප ආකෘතිය576i (SDTV)
1080i (HDTV)
පළමුව ප්‍රදර්ශනය කෙරුණේඉන්දියාව
මුල් ධාවනය2014 නොවැම්බර් 3 – 2017 ජනවාරි 27

මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ප්‍රියා භවානි ශංකර්, පසුව 2017දී ඇගේ චරිතය විස්ථාපනය කළ චෛත්‍රා රෙඩ්ඩි සහ අමිත් භාර්ගව් විසිනි. මෙය අධ්‍යක්ෂණය කරන ලද්දේ තායි සෙල්වම් විසින් වන අතර, දෙබස් රචනය මරුදු ශංකර් විසින් සිදුකරන ලදී. සංගීතය නිමවන ලද්දේ අරුන් ප්‍රභාකර් විසිනි. මෙම කතාමාලාව සම්පූර්ණයෙන්ම ස්ටාර් ප්ලස් නාළිකාවෙන් විකාශය වන යේ හේ මොහබ්බතයින් හින්දි කතාමාලාව පාදක කොටගෙන නිර්මාණය වූවකි. එය ද අර්ධ වශයෙන් මංජු කපූර්ගේ කස්ටඩි නවකථාව ඇසුරෙන් නිමවූවකි. චෙන්නායි පසුබිමෙහි නිර්මිත මෙමගින් මලයාලි කාන්තාවක වන ප්‍රියා සහ ඇගේ අසල්වැසි අර්ජුන් නම් දෙමළ ජාතිකයා අතර ඇතිවන ප්‍රේම සම්බන්ධතාවය නිරූපණය වේ. 2016 ඔක්තෝබර් 8 දින කතාමාලාව එහි කථාංග 500 සම්පූර්ණ කළේ ය. පසුව මෙහි ප්‍රධාන චරිත වෙනස් කිරීම හේතුවෙන් මෙම වැඩසටහනේ ජනප්‍රියත්වය නැති වූ අතර, නිෂ්පාදකයෝ යේ හේ මොහබ්බතයින් කතාමාලාවෙන් වෙනස්ව අවසන් කිරීමට තීරණය කළහ. ඒ අනුව 2017 ජනවාරි 27 දින කථාව සමාප්ත විය.

කථාපුවත සංස්කරණය

සිය ප්‍රධානියා වන අශෝක් (නාතන් ශ්‍යාම්) සමග අයථා සම්බන්ධයක් ඇති කරගත් සිය ද්‍රෝහී බිරිඳ වන වන්දනාගෙන් (වන්දනා) අර්ජුන් ස්වාමිනාතන් (අමිත් භාර්ගව්) දික්කසාද වේ. අර්ජුන්‍ මෙම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියායි. නමුත් ඔහු සිය දියණිය වන පූජාට සෙනෙහස දක්වයි. ඔහුගේ අසල්වැසියා වන වෛද්‍ය ප්‍රියා උන්නික්‍රිෂ්ණන් (ප්‍රියා භවානි ශංකර්) ද පූජාට සෙනෙහස දක්වන්නී ය. නමුත් ඇයට සහකරුවකු සොයාගත නොහැකිව ඇත්තේ ඇය නිසරු ස්ත්‍රියක නිසාවෙනි. වන්දනා සහ අශෝක් අර්ජුන්ගේ වැඩිමහල් පුත්‍රයා වන ආදිත්‍යගේ (ආදි) භාරකාරීත්වය ලබාගන්නා අතර, පූජාගේ භාරකාරීත්වය ද අර්ජුන්ගෙන් ලබාගැනීමට උත්සාහ දරති. සිය අමනාපකම් අත්හැර ප්‍රියා සහ අර්ජුන් විවාහ වන්නේ කුඩා දැරියගේ ආරක්ෂාව පතා වන අතර, ඔවුහු දැරියගේ භාරකාරීත්වය ලබා ගනිති. පළිගන්නට සිත අශෝක් පූජා යනු අර්ජුන්ගේ දියණියක නොවන බවට ඒත්තු ගන්වන්නට උත්සාහ දරන නමුක් ප්‍රියා DNA පරීක්ෂාවක් සිදුකොට අර්ජුන්ගේ සැකය දුරුකරයි.

මින් පසුව, ප්‍රියා අර්ජුන්ගේ නැගණිය වූ සුකන්‍යාගේ සැමියා වන ඊශ්වර් නම් සල්ලාලයාගේ නෙත ගැටෙයි. ඊශ්වර් සුකන්‍යාට මවා පෙන්වන්නේ ප්‍රියා තමන් වෙත ආකර්ෂණය වන බවයි. මේ හේතුවෙන් ප්‍රියාගේ පවුල ඇයව රැගෙන යති. ප්‍රියා අහිංසක බව වටහා ගන්නා අර්ජුන් ඊශ්වර්ව සිරගත කරයි. නමුත් අශෝක් සහ සුකන්‍යා ඔහුව නිදහස් කරගැනීමට තැත් කරති.

මේ අතර, අර්ජුන්ගේ පාසල් මිතුරකු සහ හොඳම මිතුරා ද වන ජයි කාව්‍යාව විවාහ කරගන්නට සූදානම් වෙයි. ඔහු සහ ප්‍රියාගේ ඥාති සොයුරිය වූ වෛශාලි (හෙවත් වෛශු) අතර සම්බන්ධය බිඳී ගියේ පවුල් ආරවුලක් හේතුවෙනි. ඔවුන්ගේ මිතුරන් මේ දෙදෙන නැවත එක් කරන්නට උත්සාහ දරයි. රංගනයක් සිදුවන අතර, ජයි සහ වෛශාලි විවාහ ගිවිස ගනිති. කාව්‍යා අර්ජුන්ගේ නීතිඥයා වන කාර්තිට පෙම් කරයි. කාව්‍යා ඔහු සමග විවාහ ගිවිස ගනියි. ප්‍රියාගේ මව වන මංජු ආදිගේ අතින් අනතරුට ලක්වේ. මෙම අනතුරට වගකිව යුත්තේ ආදි බව අර්ජුන් සොයාගනියි. සිය පුත්‍රයාව ආරක්ෂා කරගැනීමට වන්දනා මෙහි වරද තමන්ට පවරා ගැනීමට සූදානම් වේ. අර්ජුන් වන්දනාට සහාය වන අතර, මෙය ප්‍රියාව දැඩි ලෙස පීඩාවට පත්කරයි. කෙසේනමුත්, මෙම අනුතර සිදුකළේ ආදි බව සොයාගන්නා ප්‍රියා අර්ජුන්ට සමාව දෙයි. අර්ජුන් ආදිට දඬුවම් ලෙස ඔහුව ළමා පුනරුත්ථාපන ආයතනයක් වෙත යොමු කරයි.

අර්ජුන් ප්‍රියාව විනෝද චරිකාවක් රැගෙන යාමට සැලසුම් කරයි. අවාසනාවට, ප්‍රියාගේ අත බි‍ඳී යන අතර, අර්ජුන් ඇයව රැක බලා ගනියි. අර්ජුන් දකුණු ඉන්දියා CEO සංවිධානයේ සභාපති බවට පත්වේ. අශෝක්ගේ සොහොයුරා වන අරවින්ද් සැත්කමක් සඳහා ප්‍රියාගේ සායනය වෙත පැමිණෙයි. අර්ජුන් ඔහුට පහර දෙන්නේ ඔහු ප්‍රියා ඉදිරියේ රළු අයුරින් හැසිරෙන නිසායි. පළිගැනීමක් වශයෙන් අරවින්ද් ප්‍රියාගේ වෛද්‍ය බලපත්‍රය අහෝස කරයි. ඇගේ බලපත්‍රය නැවත ලබාගැනීමට අර්ජුන් පොරොන්දු වේ. ඇගේ බලපත්‍රය නැවත ලබාදීමට සභාපති පදවිය අත්හරින ලෙස අශෝක් අර්ජුන්ට තර්ජනය කරයි. කෙසේනමුත් තමන්ට බලපත්‍රය ලබාගැනීමට අර්ජුන් අශෝක් එම පදවිය පිරිනමා ඇති බව ප්‍රියා සොයාගනියි. කෙසේ හෝ එම පදවිය නැවත අර්ජුන් ලබාගැනීමට ප්‍රියා සමත් වේ. මේ අතර පූජාට රක්ෂා බන්ධන් උත්සවය සිය ‍වැඩිමහල් සොයුරා වන ආදි සමග සැමරීමට අවැසි වේ. ඇයව අශෝක්ගේ නිවස වෙත කැඳවාගෙන යාමට අර්ජුන් පොරොන්දු වේ. ආදි සහ වන්දනා දිවි ගෙවන්නේ එහි ය. එහි දී ඔහු අශෝක්ගේ මිතුරා වන්දනාට අතවර කරන්නට සැරසෙනු අර්ජුන් දකියි. අර්ජුන් වන්දනාය මුදවා ගන්නා අතර, පූජා රාදිගේ අතෙහි රාඛි බඳියි. අරවින්ද්ගේ පැමිණීමෙන් පසු, අශෝක් වන්දනාව නිවසින ඇද දමන්නට සැලසුම් කරන්නේ සිය සේවිකාවක වෛශාලිව විවාහ කරගැනීමටයි. මේ අතර ඊශ්වර් දික්කසාදය අයදුම් කරයි. සුකන්‍යා නැවත නිවසට පැමිණෙයි. අර්ජුන්ගේ පියා වන ස්වාමිනාතන් සුකන්‍යාට ඇනුම් පද පවසන්නේ ඊශ්වර් පිළිබඳ නිවසේ කලබලයක් ඇතිකිරීම හේතුවෙනි. සුකන්‍යා පිළිබඳ කථා කිරීමට පැමිණෙන ප්‍රියාට ඊශ්වර් අපහාස කරයි.

‍ජයි සහ වෛශු විවාහ වීමට සැලසුම් කරති. කෙසේනමුත්, ලියාපදිංචි කාර්යාලයේ දී ජයිගේ සොයුරිය විවාහයට විරුද්ධව ලිපියක් ලබා දෙයි. සැමදෙනාම කලබල වන්නේ ජයි තමන් අනාථයකු බව පවසා තිබූ හෙයිනි. ජයිගේ සොයුරිය පිළිබඳ වෛශාලි අර්ජුන්ගෙන් ප්‍රශ්න කරයි. ප්‍රියා රහසේම ජයිගේ සොයුරිය පිළිබඳ සොයාගන්නා අතර, මෙය විවාහ දිනයේ දී සැමදෙනාටම හෙළි කිරීමට අදහස් කරයි. කෙසේනමුත් එම දිවයේ දී විශාල නාටකයක් රඟදැක්වෙන අතර, එහි දී ජයි පාපොච්චාරණය කරන්නේ දිය සොයුරිය අන් කිසිවකු නොව වන්දනා බවයි. පසුව හෙළිවන්නේ මේ සියල්ල වන්දනා නිර්මාණය කළ මුලාවක් බවයි. ඇයට අවශ්‍ය වූයේ තමන් ඔහුගේ සොයුරිය බව ඒත්තුගැන්වීමටයි.

ඉන් පසුව, ප්‍රියාට සිය පැරණි මිතුරකු වන අභිජීත් (හෙවත් බිජූ) මුණගැසෙයි. මෙය අර්ජුන්ගේ ඊර්ෂ්‍යාවට හේතු වේ. ප්‍රියා බිජූව අර්ජුන්ට හඳන්වා දෙයි. පූජාවක දී ප්‍රියා සිහිමූර්ඡා වේ. අර්ජුන්ගේ බාල සොහොයුරා ඇයව රැකබලා නොගැනීම පිළිබඳ දොස් නගයි. වෛද්‍යවරයා ඇගේ අතීත වෛද්‍ය වාර්තා පිළිබඳ බිජූ සහ අර්ජුන්ගෙන් ප්‍රශ්න කරයි. අර්ජුන් විමතියට පත්වන්නේ ප්‍රියා 12වන ශ්‍රේණියේ පසුවූ කාලයේ සිට ඇයට ක්ෂය රෝගය පැවිත බව ඇසීමෙනි. පසුව ප්‍රියා යලි සිහිය ලැබෙයි. හොඳ ස්වාමිපුරුෂයකු වන අයුරු පිළිබඳ බිජූ අර්ජුන්ට උපදෙස් දෙන අතර, එය අර්ජුන්ගේ කෝපයට හේතු වේ. මේ අතර අර්ජුන් මැරයකුගේ සහාය ලබාගන්නේ බිජූට තර්ජනය කිරීමටයි. ඔහුගේ සියලු සැලසුම් අසාර්ථක වන අතර, අර්ජුන්ගේ මුග්ධ ක්‍රියාව දැක ප්‍රියා කෝපයට පත්වේ.

ප්‍රියාගේ සායනික සහායිකාව වන අනූ මනෝජ් නිසා ගර්භනියකව සිටියි. දරුවාව ගබ්සා කරන මෙන් ම‍නෝජ් ඇයට පවසයි. වික්ෂිප්ත වන ඇය ම‍නෝජ්ගේ දිවිය විනාශ කිරීමට සිතා මනෝජ්ට උසාවි ආඥාවක් නිකුත් කරවයි. අර්ජුන් සහ ප්‍රියා අනූ ඇ‍ගේ වර්තමාන තත්ත්වය පිළිබඳ පැහැදිළි කිරීමට උත්සාහ කළ ද, අනූ එයට සවන් නොදේ. ඇය දරුවාව ගබ්සා කිරීම ප්‍රතික්ෂේප කරයි. මෙම අවස්ථාවේ වාසිය ලබාගන්නා අශෝක් ඇයට උපකාර කරයි. අනුතරුව සිදුවීම් මාලාවක් සිදුවන අතර අර්ජුන් ප්‍රියා සහ බිජූව සැක කිරීමට පෙ‍ළඹේ. තමන් අනූ සහ මනෝජ්ට කථා කරන බවට බිජූ ප්‍රියා හට පොරොන්දු වේ. බිජූගේ උ‍පදෙසින් පසු විවාහ වීමට අනූ සහ මනෝජ් එකඟ වෙති. අතිශයින් ප්‍රීතියට පත්වන ප්‍රියා කඳුළු සලමින් "මම ඔයාට ආදරෙයි බිජූ" යැයි පවසයි මෙය අර්ජුන්ගේ සවන් වැකෙයි. මින් ඔහු කලබලයට පත්වන්නේ වන්දනා මෙන් ප්‍රියා ද තමන්ව හැරයනු ඇතැයි සිතා ය. අර්ජුන් බීමත්ව මාර්ගයේ සිටිය දී හමුවේ. ප්‍රියා සහ බිජූ ඔහුව නිවසට රැගෙන එති. මේ දෙදෙනා සමීප වීම කෙරෙහි අර්ජුන් කෝප වේ. අශෝක් සහ අරවින්ද් කුමන්ත්‍රණ කරන අතර, ඔවුහු ඊශ්වර්ගේ මාර්ගයෙන් සුකන්‍යා ලවා මනෝජ්ට සිය තීරණය වෙනස් කරගැනීමට බලපෑම් කරති.

මේ අතර, අග්නිදිග ආසියානු CEO සංවිධානයේ සභාපති ලෙස තේරීපත් වේ. බිඩූ සහ ප්‍රියා මෙම උත්සවය අනූට ද ආරාධනා කරති. අනූට සහාය වීම පිළිබඳ ම‍නෝජ්ට සුකන්‍යා තරවටු කරයි. ඔහුට දින කිහිපයකට නගරයෙන් පිටවන ලෙස ඇය පවසයි. මනෝජ් සිය ඇමතුමට ප්‍රතිචාර නොදැක්වීමෙන් අනූ ශෝකයට පත්වෙයි. පසුව ඇය ම‍නෝජ්ගේ සිදුවීම දැනගනියි. උත්සවේ සිය කථාවේ දී, අර්ජුන් සිය සාර්ථකත්වය වෙනුවෙන් වන්දනාට පමණක් ප්‍රශංසා කරන අතර, ඇයට තුති පුද කරයි. මේ නිසා කම්පාවට පත්වන ප්‍රියා එතැනින් පිටව යයි. ප්‍රියා සහ බිජූ අත් අල්ලාගෙන සිටිනු දකින් අර්ජුන් ඔවුන් පිළිබඳ සැක කරයි. ඔහු ඔවුනට අපහාස කරයි. අශෝක් ද කෝපයට පත්වන්නේ වන්දනාට ද්‍රෝහී වීම පිළිබඳ බිජූ ඔහුට දෝෂාරෝපණය කළ නිසාවෙනි. ඔහු වන්දනාව විවාහ කරනොගතහොත් තමන් ඔහුගේ සමාගමට ලබාදුන් කොන්ත්‍රාත්තුව අවසන් කරන බැව් ඔහු පවසයි. අර්ජුන්ට එරෙහිව අශෝක් සිදුකරන කුමන්ත්‍රණ අනූ සුකන්‍යාට හෙළි කරයි. අනූගේ ගැටලුව විසඳීමට ප්‍රියා සහ බිජූ උපකාරී වූ අයුරු ඇය අර්ජුන්ට පවසයි. ප්‍රියාව සැක කිරීම සම්බන්ධයෙන් පසුතැවෙන අර්ජුන් ඇගෙන් සමාව ඉල්ලා සිටියි. මේ අතර පූජා පාසලේ දී නවක වධයට ලක්වන බව බිජූ ප්‍රියාට පවසයි. අර්ජුන් බිජූට දැක්වූ මිත්‍රශීලී ස්වභාවය හේතුවෙන් ප්‍රියා ඔහුට සමාව දේ. වන්දනාගේ විවාහ මංගල්‍ය සාදයට අර්ජුන්ව කැඳවාගෙන එන ලෙස වෛශාලි ප්‍රියාට පවසයි. අර්ජුන් ප්‍රියාට රන් මාලයක් ත්‍යාග කරන අතර ඇය සතුටට පත්වේ. ඔහු ද ප්‍රියා ත්‍යාග කළ අත් පළඳනාව පැළඳ ගනියි. අර්ජුන් ප්‍රියාට ඇඳුමක් තෝරාගන්නා අතර, වන්දනා ද එම වස්ත්‍රයටම ප්‍රිය කරයි. ප්‍රියාට එය ත්‍යාග කරන අර්ජුන් එය සාදයට අඳින ලෙස යෝජනා කරයි. වන්දනා ද මෙම ඇඳුමට ප්‍රිය කරන බව දැනගන්නා ප්‍රියා එය වන්දනාට ලබා දී සාරියකින් සැරසී සාදයට පැමිණෙයි. තමන් ප්‍රියාට ත්‍යාග කළ ඇඳුම හැඳසිටින වන්දනා දැක අර්ජුන් කෝප වේ. බිජූගේ බලකිරීම හේතුවෙන් අශෝක් සැමදෙනා ඉදිරියේ වන්දනාට විවාහ යෝජනා කරයි. සිය නවාතැනේ දී අර්ජුන් වෙනුවෙන් ප්‍රියා නර්තනයේ යෙදෙන අතර, අර්ජුන් එය අගය කරයි.

මේ අතර අශෝක්ගේ බලපෑම් නිසා කෝපයට පත්වන වෛශාලි අශෝක්ගේ සැබෑ ස්වභාවය වන්දනාට හෙළි කිරීමට තීරණය කරයි. කෙසේනමුත්, විවාහ ගිවිස ගැනීමේ සාදයේ දී, නොදැනුවත්වම ජයිට සතුරු වේ. අශෝක් සහ වන්දනාගේ සාදයේ සිටින ඊශ්වර් දැක සුකන්‍යා කෝප වේ. පූජා වන්දනාගේ සිරැරේ ගැටෙන අතර, වන්දනාගේ දෑතේ වූ මෙහෙන්දි අශෝක්ගේ ඇඳුමෙහි තැවරේ. පූජාට අතුල් පහරක් ගැසීමට තැත් කළ වන්දනා දැක ප්‍රියා කෝපයට පත්වේ. ප්‍රියාට සමීප වීමට අර්ජුන් බාලාගේ සහාය ලබාගනියි. අශෝක් සමග විවාහ වීමෙන් පසු ආදිත්‍යගේ භාරකාරීත්වය අර්ජුන්ට ලබාදීමට වන්දනා ප්‍රතික්ෂේප කරයි. මේ අතර වන්දනා අශෝක්ට පවසන්නේ තමන් ඔහු සමග විවාහ වන්නේ ඔහු ආදිත්‍යව නීත්‍යානුකූලව ඔහු භාරයට ගන්නේ නම් පමණක් බවයි. ඊශ්වර් විසින් ආදිත්‍යව ප්‍රියාට වරුද්ධව පොළඹවයි. මේ නිසා ආදිත්‍ය ප්‍රියාට විරුද්ධව ව්‍යාජ පැමිණිල්ලක් කරයි. උත්සව ශාලාවේ පොලීසිය සිටිනු දැක බිජූ විමතියට පත්වේ. ආදිත්‍ය විසින් චෝදනාවක් ගොනු කර පොලීසිය ගෙන්වා ඇති බව බිජූ ප්‍රියාට හෙළිකරයි. ඊශ්වර්ගේ කුමන්ත්‍රණ දැනගන්නා සුකන්‍යා ඔහුට බැණවදියි. අර්ජුන් ආදිත්‍යව බියගන්වා ඔහුගේ වරද පාපොච්චාරණය කරවයි. ඉන් අනුතරුව ප්‍රියා පොලිස් භාරයෙන් නිදහස ලබයි. ප්‍රියා කටයතු කළ නැණවත් ආකාරය පිළිබඳ අර්ජුන් ප්‍රශංසා කරයි. පසුව ප්‍රියාගෙන් සමාව ඉල්ලන වන්දනා ඇයට සිය සමුගැනීමේ සාදයට ආරාධනා කරයි. මේ අතර ඊශ්වර් නැවතත් ආදිත්‍යව ප්‍රියාට එරෙහිව මෙහෙයවයි. ආදිත්‍ය ප්‍රියාට වැරදි ආරාධනාවක් ලබාදෙයි. නොදැනුවත්ව ප්‍රියා අශෝක් විසින් පැවැත්වූ සාදයකට ගමන් කරයි. එහි දී ඇයට එහි සිටින මිනිසුන්ගේ අඩන්තේට්ටම්වලට ලක්වන්නට සිදුවන අතර, බිජූ සහ අර්ජුන් පැමිණ ඇයව බේරාගනිති. ප්‍රියා මානසිකව වැටී සිටිය ද, අර්ජුන්ගේ රැකවරණය මධ්‍යයේ සුවය ලබයි.

අශෝක්ගේ විවාහ දිනය පැමිණෙයි. ඔහුට වන්දනා සමග සිය විවාහය නැවැත්වීමට අවශය වේ. අශෝක්ගේ සැබෑ මුහුණ වන්දනාට හෙළිකිරීමට වෛශාලි උත්සාහ දරයි. නමුත් වෛශුගේ සැලසුම වටහාගන්නා අශෝක් ඇගේ පානය නිදි පෙති මුසු කරයි. අනතුරුව තමන් හා වෛශාලි අතර ලිංගික සම්බන්ධයක් පැවති බව අන්‍යන්ට පෙන්වීමට ඔහු උත්සාහ දරයි. විවාහය අවලංගු කෙරේ. ප්‍රියා සහ වෛශාලි එක්ව සිය විවාහය විනාශ කළ බවට වන්දනා වියරු වී සිටියි. මෙම සිදුවීමෙන් වෛශු වික්සිප්ත වී සිටියි. සුකන්‍යා ඇතුළු සැමදෙනාම මෙහි වරදකරුවා කවුරුන්දැයි සොයා බලති. වෛශු තවමත් කන්‍යාවක බව සුකන්‍යා ඊශ්වර්ගෙන් දැනගනියි. මෙය අශෝක් වන්දනා සමග සිය විවාහය අහෝසි කරගැනීමට සිදුකළ නාටකයක් බව ඇය දැනගනියි.

පූජාගේ පාසලේ දී සටනක දී ජයිගේ පහරදීමකින් අරවින්ද් රෝහල්ගත කෙරේ. ජයිට එරෙහිව පැමිණිල්ලක් ගොනු කරන මෙන් අශෝක් වෛශුට බලපෑම් කරයි. එසේම තමන්ව විවාහ කරගන්නා මෙන් ඔහු ඇයට තර්ජනය කරයි. මෙය දැනගැනීමෙන් පසු අර්ජුන් සහ ප්‍රියාගේ පවුල් කලබලයට පත්වේ. අශෝක් විසින් වන්දනා සහ ආදි සිය නිවෙසන් ඇද දමනු ලබයි. ඔවුන්ව විථියක දී දකින ප්‍රියා සහ අර්ජුන් ඔවුන්ව සිය නිවසට රැගෙන එති. මේ අතර ප්‍රියාව නිවසෙන් පලවා හැර අර්ජුන් සමග යළි එක්වීමට වන්දනා කුමන්ත්‍රණ කරයි. මේ අතර උන්නික්‍රිෂ්ණන්ට මූල්‍ය ගැටලුවක් පැන නගියි. මේ නිසා අර්ජුන් උන්නික්‍රිෂ්ණන්ට රැකියාවක් ලබා දීමට තීරණය කරයි. මේ අතර නැවතත් ප්‍රශ්න පැනගනින්නේ ම‍නෝජ්ට පියකු විය නොහැකි බවට වෛද්‍යවරුන් විසින් සිදුකළ පරීක්ෂණයකදී හෙළිවීමත් සමගයි. අවාසනාවට, මෙයට ප්‍රතිකාරයක් නොමැති බව වෛද්‍යවරු පවසති. මෙය දැනගන්නා වන්දනා ව්‍යාජ වෛද්‍යවරයකුගේ නොම්මරයක් ඔහුට ලබා දී ප්‍රතිකාර ලබාගන්නා මෙන් බවසයි. මෙම ප්‍රතිකාරය සඳහා මනෝජ්ගෙන් ලක්ෂ 5ක මුදලක් ඉල්ලා සිටියි. වන්දනාගේ උපදෙස් මත එම මුදල් කාර්යාලයෙන් සොරකම් කිරීමට පෙළඹෙන මනෝජ් ප්‍රතිකාර පිණිස බැංගලෝරය වෙත යයි. මෙහි දී මූල්‍ය වංචාව හේතුවෙන් උන්නික්‍රිෂ්ණන්ව සැක‍කෙරෙන අතර, පොලීසිය උත්සවයක දී ඥාතීන් ඉදිරියේ ඔහුගෙන් මේ පිළිබඳ විමර්ශනය කිරීම හේතුවෙන් ඔහු අසීරු තත්ත්වයකට මුහුණපායි. සත්‍ය හෙළිවීමෙන් පසු, ම‍නෝජ්ව ඔහුගේ පවුල සහ නිවසෙන් පලවා හැරෙයි. මේ අතර, අර්ජුන්ගේ සොයුරිය වෙනුවෙන් ප්‍රියා මනාලයකු සොයයි. මෙම මනාලයා විවාහයක අයකු බව සොයාගන්නා වන්දනා ඔහුගේ බිරිඳ ද සමගින් පැමිණ මංගල ශාලාවේ දී අපහාස කරන්නේ අර්ජුන්ගේ පවුල අසීරු තත්ත්වයකට ඇද දමමිනි. අනතුරුව මනාලයාව පලවා හැරෙයි. මේ අතර මනෝජ් විසින් වන්දනාගේ ක්‍රියා කලාපය හෙළිකරන අතර, ඇයව ද නිවසෙන් පිටමං කෙරේ. වියරුවෙන් යුතුව වන්දනා තමන් පළිගන්නා බවට ශපථ කරයි. ඇගේ ක්‍රියා කලාපය දැක ආදිගේ භාරකාරීත්වය නීත්‍යානුකූලව තමන්ට ලබාගැනීමට අර්ජුන් තීරණය කරයි. මෙය වන්දනාගේ කෝපයට හේතු වේ. ඇය ගිවිසුමක් සකසන අතර, ඒ අනුව ගිවිසුම් ප්‍රකාරව ආදි අර්ජුන්ට හිමිවුව ද, පූජාව තමන්ට ලබා දිය යුතු යැයි ව්‍යංගයෙන් හැඟ වේ. එය ‍පරීක්ෂා කර නොබලන අර්ජුන්ගේ නීතිඥ කාර්තික් එය අර්ජුන්ට ලබා දෙයි. අර්ජුන් එහි අත්සන් කරයි. මෙම ප්‍රකාශය පෙන්වමින් වන්දනා සිය දියණිය වන පූජාව ඉල්ලා සිටියි. මින් ප්‍රියා කම්පාවට පත්වන අතර, ඇය වන්දනාට පූජා ලබානොගන්නා ලෙස ඉල්ලා සිටින්නේ පූජාට තමන් නොමැතිව සිටිය නොහැකි බැවිනි. වන්දනා එය ප්‍රතික්ෂේප කරයි. මෙම කරුණ සම්බනධයෙන් වන්දනා සාර්ථක නීතිඥවරයකු සම්බන්ධ කරගනියි. මින් කම්පාවට පත් ප්‍රියා නපුරු සිහින දැක බියට පත්වන අතර, කිසිවක් නොදත් පූජා ද රැගෙන ඇය පලා යයි. මෙය දැනගන්නා වන්දනා ප්‍රියාට එරෙහි අපරාධ නඩුවක් ගොනු කරයි. සිදුවීම් ගණනාවකින් පසු ප්‍රියා නැවත අර්ජුන් වෙත පැමිණෙන අතර, ඇගේ පාදයේ අස්ථි බිඳීමකට ලක්ව සිටියි. ඊළඟ දිනයේ, වන්දනා සාර්ථකව පූජා සිය භාරයට ලබා ගනියි. මේ අතර සිය පාසලේ දී වන්දනාගේ නීතිඥයා දකින ආදි, ඔහුගේ පුත්‍රයා සමග රණ්ඩුවක් ඇති කරගන්නේ ප්‍රියා සහ පූජා වෙන් කිරීමට වන්දනාට උපකාර කළේ ඔහුගේ පියා බව පවසමිනි. නමුත් ඔහු පවසන්නේ සිය පියා සාධාරණ, දක්ෂ සහ අවංක නීතිඥයකු බවයි. මේ වනවිට සිය පුත්‍රයා තමන් පිළිබඳ සිතන අයුරු දැක වන්දනාගේ නීතිඥයා පසුතැවෙයි. අනතුරුව ඔහු දරුවාව නැවත ප්‍රියා වෙත ලබාගැනීමට පොරොන්දු වෙයි. මේ අතර වන්දනා මෙන්ම අර්ජුන්ගේ පවුලට ද තමන් අනවශ්‍ය යැයි සිතමින් ආදි මානසික පීඩාවකට පත්වේ. ම‍නෝචිකිත්සකවරයා උපදෙස් දෙන්නේ ආදිව ප්‍රියාගේ භාරයේ තැබීම යෝග්‍ය බවයි.

පූජා සන්සුන් කිරීමට සිතා ප්‍රියා නගරයෙන් පිටතට පැමිණෙයි. මිතුරියකගේ නිවසේ සිටින ප්‍රියාව සොයාගන්නා අර්ජුන් ඇයව නැවත චෙන්නායි වෙත රැගෙන එයි. ඔහු චෙන්නායිහි නිවසක් කුලියට ගෙන එහි ඇයව රඳවයි. මේ අතර, ආදි ප්‍රියාට ප්‍රියාමා යනුවෙන් අමතන අතර, ප්‍රියාට නැවත පූජාගේ ආදරය දිනා ගැනීමට ඔහු උදව් වෙයි.

ප්‍රියා, පූජා සහ අර්ජුන් විනෝද චාරිකාවක යෙදෙන අතර, මල්ලි (අමිත් භාර්ගව්) නම් චරිතය කථාවට හඳුන්වා දේ. මෙය යේ හේ මොහබ්බතයින් කථාවෙන් අපගමනය වීමකි. කතාව අවසන් වන්නේ අර්ජුන් සහ ප්‍රියා එකිනෙකාට ‍විවාහ යෝජනා කරන අතරතුර වන අතර, පූජා සහ ආදි ඔවුන්ගේ භාරකාරීත්වයේ පසුවේ.

චරිත නිරූපණය සංස්කරණය

  • අමිත් භාර්ගව්, අර්ජුන් ස්වාමිනාතන් සහ මල්ලි ලෙස (ද්විත්ව රංගනය); ප්‍රියාගේ සැමියායි.
  • ප්‍රියා භවානි ශංකර් (2014–2017)/ චෛත්‍රා රෙඩ්ඩි (2017), ප්‍රියා අර්ජුන් ලෙස; අර්ජුන්ගේ බිරිඳයි.
  • නිවාශිනී, පූජා අරුන් ලෙස; අර්ජුන් සහ වන්දනාගේ දියණියයි. ප්‍රියාගේ සුළු දියණියයි.
  • වන්දනා, වන්දනා ලෙස; අර්ජුන්ගේ හිටපු බිරිඳයි. පූජා සහ ආදිගේ මවයි.
  • ඒ. අනාධ්, ආදිත්‍ය (ආදි) ලෙස; අර්ජුන් සහ වන්දනාගේ පුත්‍රයායි.
  • නාතන් ශ්‍යාම්, අශෝක් ලෙද; අර්ජුන්ගේ ව්‍යාපාර ප්‍රතිවාදියායි. වන්දනාගේ හිටපු පෙම්වතායි. වෛශාලිගේ සැමියායි.
  • ලෝකේශ් භාස්කරන්, ජයි ලෙස; වන්දනාගේ සොහොයුරායි. වෛශාලිගේ හිටපු පෙම්වතායි.
  • වෛශාලි/ වනිතා හරිහරන්, වෛශාලි (වෛශු) ලෙස; ප්‍රියාගේ නෑනායි. ජයිගේ හිටපු පෙම්වතිය සහ අශෝක්ගේ බිරිඳයි.
  • විශ්වම්, උන්නික්‍රිෂ්ණන් ලෙස; ප්‍රියාගේ පියායි.
  • ශාරි (සාධනා), මංජුලා උන්නික්‍රිෂ්ණන් ලෙස; ප්‍රියාගේ මවයි.
  • රවිශංකර්, ස්වාමිනාතන් ලෙස; අර්ජුන්ගේ පියායි.
  • කූයිලි/ රේවතී ශංකර්, ධනලක්ෂ්මී ස්වාමිනාතන් ලෙස; අර්ජුන්ගේ මවයි.
  • මනෝජ්, මනෝජ් ස්වාමිනාතන් ලෙස; අර්ජුන්ගේ බාල සොහොයුරායි.
  • සමන්තා, සුකන්‍යා ඊශ්වර් ස්වාමිනාතන් ලෙස; අර්ජුන්ගේ නැගණිය සහ ඊශ්වර්ගේ බිරිඳයි.
  • ඊශ්වර්, ඊශ්වර් ලෙස; සුකන්‍යාගේ සැමියා සහ අර්ජුන්ගේ මස්සිනායි.
  • කවිතා, කවිතා බාලා ලෙස; ප්‍රියාගේ වැඩිමහල් සොයුරිය සහ බාලාගේ බිරිඳයි.
  • රීමා අශෝක්/ නන්දිනී, ශ්‍රැති ලෙස; අර්ජුන්ගේ සොයුරියයි.
  • කාර්තික් සසිධරන්, අරවින්ද් ලෙස; අශෝක්ගේ සොහොයුරායි.
  • බඩේක්කිලා ප්‍රදීප්, අභිජිත් (බිජූ) ලෙස; ප්‍රියාගේ හොඳම මිතුරායි.
  • හරිප්‍රියා විග්නේෂ් කුමාර්, අනූ ලෙස; ප්‍රියාගේ සායනික සහායිකාවයි.
  • ඌෂා එලිසබෙත්, බාලාගේ මව ලෙස
  • ප්‍රියා මජුවාතන්, රම්‍යා ලෙස
  • අනීස් ෂා, සුබ්බු ලෙස
  • අප්සරා, රාගිනී ලෙස
  • රේඛා සුරේෂ්, වෛශාලිගේ මව ලෙස
  • අනූ, අනූ ලෙස (මනෝජ්ගේ පෙම්වතිය)
  • පවිත්‍රා, කාව්‍යා ලෙස (ජායිගේ හිටපු පෙම්වතිය)

පිළිගැනීම සංස්කරණය

ප්‍රියා භවානි ශංකර් සහ අමිත් 2015 වර්ෂයේ විජයි ටෙලි සම්මාන උළෙලේ දී වසරේ හොඳම සොයාගැනීම සම්මානය හිමි කරගත්තේ මෙම කතාමාලාවේ ඔවුන්ගේ චරිත වෙනුවෙනි. කතාමාලාවේ ජනප්‍රියත්වය හේතුවෙන් ඔවුනට නොයෙකුත් රූපවාහිනී වෙළඳ දැන්වීම් සඳහා පෙණී සිටීමට අවස්ථාව සැලසිණි. යූටියුබ් තුළ කල්‍යාණම් මුදල් කාදල් වරෛ කතාමාලාවේ නාළිකාවට 2016 නොවැම්බර් වන විට අනුසන්කරුවන් 20,184ක් වාර්තා වී තිබිණි. 2016 නොවැම්බර් වන විට සියලුම කථාංග සැලකූ විට නාළිකාව මිලියන 2.3 දෙනකු විසින් නරඹා තිබේ. 2017 ජනවාරියේ දී ප්‍රියාගේ ගිවිසුම් කාලසීමාව අවසන් වූ අතර, ඇය වැඩසටහන හැරගියා ය. මේ හේතුවෙන් නව නිළියක ආදේශ කෙරුණු නමුත්, මෙහි ජනප්‍රියත්වය විශාල වශයෙන් පහත වැටිණි.[තහවුරු කර නොමැත] අවසානාවට, 2017 ජනවාරියේ දී නිෂ්පාදකයෝ කතාමාලාව අවසන් කළහ.

සම්මාන සහ නිර්දේශ සංස්කරණය

වර්ෂය සම්මාන උළෙල ප්‍රවර්ගය යෝජිතයා චරිතය ප්‍රතිඵලය
2015 විජයි රූපවාහිනී සම්මාන[3] ප්‍රියතම සෙවීම අමිත් භාර්ගව් අර්ජුන් දිනාගති
ප්‍රියතම සෙවීම ප්‍රියා භවානි ශංකර් ප්‍රියා දිනාගති
ප්‍රියතම සහාය නිළිය කූයිලි ධනම් දිනාගති
ප්‍රියතම නළුවා අමිත් භාර්ගව් අර්ජුන් නිර්දේශිත
ප්‍රියතම නිළිය ප්‍රියා භවානි ශංකර් ප්‍රියා නිර්දේශිත
ප්‍රියතම තිරයේ යුවළ අමිත් භාර්ගව් සහ ප්‍රියා භවානි ශංකර් අර්ජුන් සහ ප්‍රියා නිර්දේශිත
ප්‍රියතම ප්‍රබන්ධ කතාමාලාව කල්‍යාණම් මුදල් කාදල් වරෛ නිර්දේශිත
ප්‍රියතම සහාය නළුවා ලෝකේශ් ජායි නිර්දේශිත
හොඳම පසුබිම් සංගීතය කල්‍යාණම් මුදල් කාදල් වරෛ නිර්දේශිත
2017 විජයි රූපවාහිනී සම්මාන[4][5] ප්‍රියතම නළුවා අමිත් භාර්ගව් අර්ජුන් දිනාගති
ප්‍රියතම මාමියාර් ශාරි (සධානා) මංජුලා උන්නික්‍රිෂ්ණන් නිර්දේශිත
හොඳම මව ශාරි (සධානා) මංජුලා උන්නික්‍රිෂ්ණන් නිර්දේශිත
හොඳම පවුල කල්‍යාණම් මුදල් කාදල් වරෛ නිර්දේශිත
හොඳම ළමා නළුවා නිවාශිනී පූජා නිර්දේශිත
ප්‍රියතම තිරයේ යුවළ අමිත් භාර්ගව් සහ ප්‍රියා භවානි ශංකර් අර්ජුන් සහ ප්‍රියා නිර්දේශිත
‍හොඳම අධ්‍යක්ෂක තායි සෙල්වම් නිර්දේශිත
ප්‍රියතම ප්‍රබන්ධ කතාමාලාව කල්‍යාණම් මුදල් කාදල් වරෛ නිර්දේශිත

අන්තර්ජාතික විකාශය සංස්කරණය

මෙය 2014 නොවැම්බර් 3 දින සිට විජයි ටීවී ඔස්සේ මුදාහැරිණි. අන්තර්ජාතිකව නාළිකාවේ අන්තර්ජාතික බෙදාහැරීම ඔස්සේ ද මෙය විකාශය විය.

ආශ්‍රේයයන් සංස්කරණය

  1. "Kalyanam Mudhal Kadhal Varai Promo 1". Vijay TV You Tube. සම්ප්‍රවේශය 2014-11-21. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  2. "Kalyanam Mudhal Kadhal Varai on Vijay TV – Times of India". සම්ප්‍රවේශය 2016-07-21.
  3. "Vijay Television Awards 2015: Complete list of winners". www.ibtimes.co.in.
  4. "Vijay Television Awards 2017: Watch Vijay Awards at 3 pm today". timesofindia.indiatimes.com.
  5. "Vijay Television Awards 2017 Winners". totalreporter.com.

සටහන් සංස්කරණය

1.^" Official Website". සම්ප්‍රවේෂණය 2016-07-21 2.^"KMKV set to witness interesting twists -The Times of India". සම්ප්‍රවේෂණය 2016-07-21 3.^"Vijay TV set to strengthen prime time band"- Indian Television. සම්ප්‍රවේෂණය 2016-07-21 4.^"This recognition is very special:Amit Bhargav" – The Times of India. සම්ප්‍රවේෂණය 2016-07-21

බාහිර සබැඳි සංස්කරණය