එයාර් චීෆ් මාර්ෂල් කපිල ජයම්පති (තවද කපිල වීදිය බණ්‌ඩාර ජයම්පති ඉංග්‍රීසි: Kapila Jayampathy තවද Kapila Jayampathi) WWV, RWP, RSP යනු ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරියෙක් වන අතර ඔහු අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 16 වැනි ගුවන් හමුදාපතිවරයාවෙයි. ගරු ශ්‍රී ලංකා තානාපති මැලේසියාව. [1]

කපිල ජයම්පති
එයාර් චීෆ් මාර්ෂල් කපිල ජයම්පති
සේවය/ඛණ්ඩයශ්‍රී ලංකා ගුවන් හමුදාව
පදවියඑයාර් චීෆ් මාර්ෂල්
අණදීම්ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 16 වැනි ගුවන් හමුදාපතිවරයා
ගරු ශ්‍රී ලංකා තානාපති මැලේසියාව
සටන්/යුද්ධශ්‍රී ලාංකික සිවිල් යුද්ධය
ප්‍රදානවීර වික්‍රම විභූෂණය
රණ වික්‍රම පදක්කම
රණ ශූර පදක්කම

මුල් අවදිය සංස්කරණය

29 මාර්තු 1963දී අම්පාරේදී පියා සෙනරත් ජයම්පති ඉංජිනේරු වූ අතර මව සුමනාවතී ජයම්පතිට දාව උපත ලද කපිල, හැදී වැඩුනේ කොළඹ කොළොන්නාවේය. එයාර් මාර්ෂල් කපිල ජයම්පති කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. ගරු නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, මේජර් ජෙනරාල්වරුන් වන මිලින්ද පීරිස්, ජානක වල්ගම, ජීවක රුවන් කුලතුංග, එයාර් චීෆ් මාර්ෂල් ගගන් බුලත්සිංහල යන මිතුරන් නාලන්දා විද්‍යාලයයේ ඔහුගේ සමකාලීනයෝය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සංස්කරණය

මාර්තු මස 05 වන දින 1982 වසරේ අංක 10 කැඩෙට් නිලධාරී පාඨමාලාවේ කැඩෙට් නිළධාරියෙකු වශයෙන් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට එක් විය. 1985 වසරේ අපේ‍්‍රල් මස 01 වන දින නියමු පොදු රාජකාරී ශාඛාවේ පයිලට් ඔෆිසර් නිළයේ අධිකාරීත්වයට පත්වන ලදී. ඔහු 1993 වසරේදී ස්කොඞ්රන් ලීඩර් නිළයට උසස්වීම්.1 994 වසරේ සැප්තැම්බර් මස 17 වන දින හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ පිහිටා ඇති අංක 07 හෙලිකොප්ටර් බලඝණයේ අණදෙන නිළධාරීවරයා. 1996 වසරේදී විංග් කමාන්ඩර් නිළයට උසස් වීම්. 2000 වසරේ ගෲප් කැප්ටන් නිළය දක්වා උසස් වීම් ලබා වව්නියාව ගුවන් හමුදා කඳවුරේ ස්ථාපිත, රුසියාවේ නිශ්පාදිත එම් අයි 17 බර ප‍්‍රවාහන හෙලිකොප්ටර් යානා ඇතුළත් වූ අංක 06 බළඝණයේ අණදෙන නිළධාරීවරයා වශයෙන් වැඩ භාරගන්නා ලදී. 2002 වසරේ හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී.

2005 වසරේ පාකිස්ථානයේ, ඉස්ලාමාබාද් හි ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක තනතුරේ වැඩ භාරගන්නා ලදී. 2007 වසරේ පෙබරවාරි මස ඔහු එයාර් කොමඩෝර් නිළයට උසස් වීම් ලදී. 2007 ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ විශාලතම ගුවන් හමුදා කඳවුර වන කටුනායක ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරීවරයා වශයෙන් එයාර් කොමඩෝර් කපිල ජයම්පති වැඩ භාර ගන්නා ලදී. 2008 බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන් තොටුපලේ ආරක්‍ෂාව සම්බන්ධව නිසි බළධාරියා වශයෙන් අතිගරු ජනාධිපතිතුමන් විසින් පත්කරන ලදී.

2009 වසර තුලදී ඔහු චීනයේ ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ ජාතික ආරක්‍ෂක පාඨමාලාව හදාරන ලදී. ඔහු ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් මෙම පාඨමාලාව හදාරන ලද පළමු නිළධාරියා විය. ඔහු වර්ණ සහ සම්මාන සහිතව චීන ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ උපාධිය ලබාගන්නා ලදී. 2009 එයාර් වයිස් මාර්ෂල් නිළයට උසස්වීම් ලැබීය.

2010 ජනවාරි මස 01 වන දින චීන වරාය ගුවන් හමුදා කඳවුර ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවේ ප‍්‍රථම හා එකම විද්‍යා පීඨය බවට පත්කරන ලදී. විද්‍යා පීඨයක් බවට පත් කිරීමෙන් අනතුරුව ඔහු එහි ප‍්‍රථම පීඨාධිපති වශයෙන් පත්විය.

එයාර් වයිස් මාර්ෂල් කපිල ජයම්පති, 2011 සැප්තැම්බර් මස 05 වන දින ගුවන් හමුදා සැපයුම් අධ්‍යක්‍ෂක තනතුරට පත්විය. 2014 පෙබරවාරි මස 28 වන දින තම සැපයුම් අධ්‍යක්‍ෂක තනතුරට අමතරව ගුවන් හමුදා ගුවන් මෙහෙයුම් අධක්‍ෂක තනතුරේද වැඩ භාරගන්නා ලදී. මෙලෙස සැපයුම් අධ්‍යක්‍ෂක තනතුර සහ ගුවන් මෙහෙයුම් අධ්‍යක්‍ෂක තනතුරු දෙකම එකවර දැරූ ගුවන් හමුදාවේ එකම අධක්‍ෂකවරයා වන්නේද එයාර් වයිස් මාර්ෂල් කපිල ජයම්පති මහතායි.

කපිල 1995 වසරේ අපේ‍්‍රල් මස සිට ගුවන් හමදාවේ ජේ්‍යෂ්ඨතම හෙලිකොප්ටර් පුහුණු උපදේශකවරයා විය. එසේම මොහු තම දේශයට සිදු කරන ලද මෙහෙවර උදෙසා දේශපුත‍්‍ර සම්මානයෙන්ද පිදුම් ලබා තිබේ. ඔහු ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ යුද්ධයෙන් තුවාල ලැබූ පළමු නිළධාරියා වන අතර හෙලිකොප්ටර් පියාසැරියක් අතරතුර එල්ටීටීඊ ප‍්‍රහාරයකට ලක්වූ මොහු සිය හෙලිකොප්ටරය මගීන් සමග නිරුපද්‍රිතව කඳවුර වෙත රැගෙන එන ලදී.

කපිල ආර්. ප්‍රේමදාස හා චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනපතිවරුන්ගේ ගුවන් නියමුවාද විය.

නාලන්දා කීර්තී ශී‍්‍ර ගෞරව සම්මානය සංස්කරණය

වසර 2016 දී කපිල ඉගෙන ගත් නාලන්දා විද්‍යාලය ඔහුට නාලන්දාවේ වැදගත්ම ආදි සිසුවාට පිරිනමන නාලන්දා කීර්ති ශ්‍රී සම්මානය පිරිනැමුවේය.

සම්මානයන් සංස්කරණය

  • පූර්ණ භූමි පදක්කම - 1988
  • දේශ පුත‍්‍ර සම්මානය - 1989
  • රණ වික‍්‍රම පදක්කම - 1996
  • වීර වික‍්‍රම විභූෂණ පදක්කම - 1998
  • රණ සූර පදක්කම හතර වතාවක් හිමිකරගෙන ඇත (03 Bars) - 1992, 1994, 1996, 1998
  • උතුරු නැගෙනහිර මෙහෙයුම් පදක්කම - 1999
  • රිවිරැස මෙහෙයුම් සේවා පදක්කම - 1999
  • 50 වන සංවත්සර සැමරුම් පදක්කම - 2001
  • උතුරු මානූෂීය මෙහෙයුම් පදක්කම - 2011
  • නැගෙනහිර මානූෂීය මෙහෙයුම් පදක්කම - 2011

ආශ්‍රිත සංස්කරණය

  1. දූත මණ්ඩල ප්‍රධානීන් 13 දෙනාට පාර්ලිමේන්තු කාරක සභා අනුමැතිය
"https://si.wikipedia.org/w/index.php?title=කපිල_ජයම්පති&oldid=591633" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි