බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ (BIA) (කටුනායක ගුවන්තොටුපළ) ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් පහෙන් ප්‍රධානතම ගුවන්තොටුපළවේ. හිටපු අග්‍රාමාත්‍ය S.W.R.D. බණ්ඩාරණායක මහතා නමින් නම් කර ඇති මෙම ගුවන් තොටුපළ කොළඹ සිට කිලෝමීටර 32.5 ක් දුරින් බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ කටුනායක හි පිහිටා ඇත. මෙම ගුවන්තොටුපළ ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවයේ ( ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ) සහ අභ්‍යන්තර ගුවන් ගමන් සේවා සපයන සිනමන් එයාර් ගුවන් සේවයෙහි මෙහෙයුම් මධ්‍යස්ථානය ලෙස ක්‍රියා කරයි.
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ Bandaranaike International Airport | |||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Summary | |||||||||||||||
ගුවන්තොටුපොළ වර්ගය | පොදු / යුධමය | ||||||||||||||
හිමිකරු | ශ්‍රී ලංකා ආණ්ඩුව | ||||||||||||||
ක්‍රියාකරු | Airport and Aviation Services (Sri Lanka) Ltd | ||||||||||||||
සේවාව සපයන්නේ | කොළඹ | ||||||||||||||
Location | කටුනායක, ශ්‍රී ලංකාව | ||||||||||||||
මේවාට නැබ | |||||||||||||||
Elevation AMSL | 26 ft / 8 m | ||||||||||||||
Coordinates | 07°10′52″N 79°53′01″E / 7.18111°N 79.88361°Eඛණ්ඩාංක: 07°10′52″N 79°53′01″E / 7.18111°N 79.88361°E | ||||||||||||||
Website | airport.lk | ||||||||||||||
Runways | |||||||||||||||
| |||||||||||||||
Statistics (2018) | |||||||||||||||
| |||||||||||||||
Statistics from Airport & Aviation Services Sri Lanka[1] |
ඉතිහාසය
සංස්කරණය1944දී රාජකීය ගුවන් හමුදාවට අයත් ගුවන් පථයක් ලෙසින් ඇරඹුණු මෙම ගුවන් තොටුපල RAF Station Negombo යනුවෙන් හඳුන්වන ලදී. 1957 දී S. W. R. D. බණ්ඩාරණායක මහතා විසින් ලංකාව තුළ වූ සියළුම බ්‍රිතාන්‍ය හමුදා ගුවන් පථ ඉවත් කරන ලද අතර මෙම ගුවන් පථය රාජකීය ලංකා ගුවන් හමුදාව යටතට පත් කර කටුනායක ගුවන් පථය ලෙස නම් කරන ලදී. කටුනායක ගුවන් පථයේ සමහර කොටස් තවමත් ගුවන් හමුදාව සතුව පවතී. 1964 දී සන්නීවේදන කටයුතු අමාත්‍ය අනිල් මුණසිංහ මහතා විසින් කැනඩා ආධාර ඇතිව රත්මලාන අන්තර්ජාතික ගුවන් තොටුපල වෙනුවට නව අන්තර්ජාතික ගුවන් තොටුපලක් තැනීම ආරම්භ කරන ලදී. 1967 දී වැඩ කටයුතු නිමවූ ගුවන් තොටුපල මෙහෙයුම් කටයුතු එයා සිලෝන් (Air Ceylon) විසින් ආරම්භ කරන ලදී. හෝකර් සිඩ්ලි ට්‍රයිඩන්ට් (en:Hawker Siddeley Trident) යානයක් හා බද්දට ගන්නා ලද වයිකර්ස් VC-10 (Vickers VC-10) වර්ගයේ යානයක් භාවිතා කරමින් ගුවන් සේවා පවත්වාගෙන යන ලදි. 1970 දී ගුවන් තොටුපල S.W.R.D. බණ්ඩාරණායක මහතා නමින් නම් කරන ලදි. 1977 දී එය කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපල වශයෙන් නම් කරන ලද අතර නැවත 1995 දී බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපල වශයෙන් නම් කරන ලදි.
1971 නොවැම්බර් මස 07 වන දින පළමු බෝයිං 747 (en:Boeing 747) ගුවන් යානා ගොඩබැස්ම සිදු කෙරුණ අතර එය කොන්ඩෝර් (en:Condor) ගුවන් සමාගමට අයත් වූවක් වන අතර ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ට් සිට සංචාරකයින් පිරිසක් රැගෙන ආවක් විය. 1990 මුල භාගයේ දී ගුවන් පථය මදක් උතුරු දිශාවට ගෙන යන ලද අතර මුලින් තිබූ ගුවන් පථය (04/22) taxiway එකකට පරිවර්තනය කරන ලදී. ගුවන්තොටුපල සංවර්ධන සැලැස්මක් ක්‍රියාවට නැඟුණු අතර එහි පළමු අදියර ලෙස ගුවන් යානා වලට කෙළින්ම ඇතුළු වීමට පහසුකම් සලසන මගී පාලම් 8ක් සහිත ජැටියක් (pier) ඉදි වූ අතර එය 2005දී විවෘත කෙරුණි. මෙහි දෙවන අදියර ලෙස තවත් මෙවැනිම පර්යන්තයක් ගොඩනැගීමට යෝජනා වී තිබේ. එහි ඉදිකිරීම් 2017 වසර තුළ ඇරඹීමට නියමිත අතර 2020දී වැඩ අවසන් වීමට නියමිතයි.
2007 මැයි මස 07 වන දින ශ්‍රී ලංකා රජයේ තීරණයක් අනුව සිවිල් ගුවන් සේවා වලට වැඩි ඉඩක් ලබා දෙමින් ගුවන් හමුදාමට ක්‍රියාකාරකම් සමහරක් හිඟුරක්ගොඩ ගුවන් හමුදා පරිශ්‍රයට ගෙන යන ලදී. ගුවන් තොටුපල සංවර්ධන සැලැස්මේ කොටසක් ලෙසින් කොළඹ මහ ලේකම් කාර්යාල දුම්රිය නැවතුම්පළ හා ගුවන්තොටපල අතර නව දුම්රිය සේවයක් 2010 ජූනි මසදී ආරම්භ කෙරුණි. එම දුම්රිය සේවය රත්මලාන අන්තර්ජාතික ගුවන් තොටුපල දක්වා දීර්ඝ කිරීමට සැලසුම් ඇති බව එහිදී අනාවරණය කෙරුණි. බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපල එමිරේට්ස් ගුවන් සේවයේ AirBus A380 ගුවන් යානා හදිසි නැවතුම් සඳහා කිහිපවිටක් භාවිතා කරන ලදී. 2012 ජනවාරි 08 වන දින ඩුබායි සිට සිඩ්නි දක්වා EK 413 අංක දරණ ගුවන් ගමනේ යෙදී සිටිය දී ඉන්ධන නැවත පිරවීමක් සඳහා කටුනායකට ගොඩබස්වන ලද අතර එය ලෝකයේ විශාලතම මගී ගුවන් යානය මෙහි ගොඩබස්වන ලද පළමු අවස්ථාව විය.
ශ්‍රී ලන්කන් ගුවන් සේවය මෙහි ප්‍රධාන මෙහෙයුම්කරුවා වන අතර ගුවන් යානා 29ක ඇණියක් සහිතව යුරෝපයේ ලන්ඩන්, මැදපෙරදිග, ඉන්දියානු උප මහද්වීපය, ගිණිකොණ දිග ආසියාව සහ ඈත පෙරදිග දක්වා වූ රටවල් 48ක් පමණ ගමනාන්ත 114කට පමණ ගුවන් ගමන් පවත්වයි.
පහසුකම්
සංස්කරණයපර්යන්ත
සංස්කරණයකටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපල (කේතය CMB) ශ්‍රී ලංකාවේ අගනුවර වන කොළඹ සිට කිලෝමීටර 32.5ක් දුරින් පිහිටා ඇත. ගුවන් සමාගම් 37ක් පමණ ගුවන්තොටුපල වෙත සේවා සපයනු ලබන අතර ගුවන් තොටුපල වසරකට ගුවන් මගීන් මිලියන 10.79කට පමණ සේවා සපයයි.
ගුවන් තොටුපල මගී පර්යන්ත තුනකින් සමන්විත අතර පර්යන්ත අංක එක (1) 1967දී විවෘත විය. පර්යන්ත අංක දෙක (2) 2020 වසරේ දී ඉදිකිරීම් නම වීමට අපේක්ෂිත අතර පර්යන්ත අංක තුන (3) 2012 වසරේ නොවැම්බර් මාසයේදී විවෘත කරන ලදී.
පර්යන්ත අංක 1
සංස්කරණයපැරණිම හා විශාලතම පර්යන්තය වන මෙය 1967 වසරේදී විවෘත කරන ලදී. දොරටු 12කින් සමන්විත මෙහි පැමිණීම් හා පිටත්වීම් තිරස්ව වෙන් කර ඇත. පර්යන්ත අංක 2 විවෘත වන තුරු සියලුම අන්තර්ජාතික ගුවන් ගමන් මෙම පර්යන්තය භාවිතා කරනු ලබයි. මෙම පර්යන්තය ප්‍රධාන ගොඩනැගිල්ලට කෙළින්ම සම්බන්ධ වන අතර එක් මගී ප්‍රවේශ ශාලාවකින් සියලුම දොරටු වලට ගමන් කළ හැකියි. ආරක්ෂක පරීක්ෂාවෙන් අනතුරුව එල් හැඩැති ප්‍රවේශ ශාලාවට ඇතුල් වන මගියාට ඉහළ මාලයේ දොරටු අංක 6 සිට 14 දක්වා වන දොරටු වලට ප්‍රවේශ විය හැකි අතර අනෙක් දොරටු සඳහා පහළ මාලයෙන් ප්‍රවේශ විය හැකියි.
ඉහළ මාලයේ මගී විවේකාගාර (lounges) කිහිපයක් ඇති අතර ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් සෙරෙන්ඩිබ් (Serendib) සහ පාම් ස්පිරිට් ( Palm Spirit) විවේකාගාර එයින් විශේෂයි.
පර්යන්ත අංක 2
සංස්කරණයමෙය වසර 2020දී විවෘත කිරීමට නියමිත අතර එහි දොරටු 8ක් සිරස්ව බෙදා වෙන් කළ පිටත්වීම් හා පැමිණීම් සහිතව ගොඩ නැංවීමට නියමිත වේ. මෙය ගුවන්තොටුපල පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ දෙවන කොටසේ දෙවන අදියරේ ප්‍රධාන අරමුණ වෙයි. ඉදිකිරීම් කටයුතු 2017 අප්‍රේල් මස ආරම්භ වීමට නියමිතව තිබූ අතර ඉදිකිරීම් 2020 වසරේ නිම වීමට නියමිතයි. අලුත් පර්යන්තය මගී දොරටු 8ක් හා මගී ගුවන් පාලම් 14කින් සමන්විත වීමට නියමිතයි.
මෙම දොරටු 8න් දෙකක් ලොව විශාලතම මගී ගුවන් යානය වන A380 ගුවන් යානා සඳහා සේවා සැපයීමට පහසුකම් ඇති දොරටු වනු ඇත.
පර්යන්ත අංක 3
සංස්කරණය2012 නොවැම්බර් මස විවෘත කෙරුණු මෙය දේශීය ගුවන් ගමන් සඳහා පහසුකම් සපයනු ලබයි. මෙහි පැමිණීම් හා පිටත් වීම් තිරස් ලෙස වෙන් කර ඇත.
භාණ්ඩ පර්යන්තය
සංස්කරණය2009 ඔක්තෝම්බර් මස ඇරඹුණු මෙම පර්යන්තය සියලුම ගුවන් භාණ්ඩ ප්‍රවාහනය සඳහා පහසුකම් සපයයි. මෙහි පැමිනීම් හා පිටත්වීම් තිරස්ව වෙන් කර ඇත.
ගුවන් යානා නැවතුම් පථ (Aprons)
සංස්කරණයApron Alpha
සංස්කරණයදැනට පවතින පැරණිතම ගුවන් යානා නැවතුම් පථයයි. මෙහි නැවතුම් ස්ථාන නවය (9)ක් ඇති අතර ඉන් පහ (5)ක් දුරස්ථ නැවතුම් වන අතර අනෙක් හතර (4) මගී ගුවන් පාලම් මගින් ගුවන් යානයට කෙළින්ම මගීන් නංවා ගත හැකි (aerobridges) පාලම් වලින් සමන්විතයි. මෙහි බොයින් 747 (Boeing 747) යානා 4ක් හා එයාබස් A330-200 යානා 5ක් එකවර නවතා තැබිය හැකියි. අවස්ථානුකූලව Alpha 9 දරණ දොරටුව A380-800 වර්ගයේ යානා නැවැත්වීමට පහසුකම් සලසා ඇත.
Apron Bravo
සංස්කරණයමෙහි නැවතුම් ස්ථාන 8ක් ඇති අතර ඉන් 4ක් දුරස්ථ එවා වන අතර ඉතිරි 4 මගී පාලම් සහිත නැවතුම් ස්ථාන වෙයි. මෙහි එකවර ඕනෑම පුළුල් බඳ ගුවන් යානා 8ක් (A380 හැර) නවතා තැබිය හැකියි. මෙහි මගී පාලම් 4ක් A380 යානා සඳහා පහසුකම් ඇති ස්ථාන බවට පරිවර්තනය කර ඇත.
Apron Charlie
සංස්කරණයමෙහි නැවතුම් ස්ථාන 8ක් ඇති අතර මේ වන විට ඒවා සියල්ල දුරස්ථ නැවතුම් ස්ථාන වෙයි. මෙහි එක වර ඕනෑම පුළුල් බඳ ගුවන් යානා 8ක් නවතා තැබීමට හැකි අතර මින් Charlie 22 සහ Charlie 26 යන නැවතුම් ස්ථාන A380 ගුවන් යානා නැවැත්වීම සඳහා පහසුකම් සලසා ඇත.
Apron Delta
සංස්කරණයමෙහි කුඩා බඳ සහිත ගුවන් යානා 4ක් නවතා තැබීමට පහසුකම් ඇත.
Apron Echo
සංස්කරණයමෙය ඉදිරියේදී විවෘත වීමට නියමිත වන අතර එහි වැඩ නිමවූ පසු නැවතුම් ස්ථාන 17ක් තිබෙනු ඇත.
ධාවන පථය
සංස්කරණයබණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපල එක් ධාවන පථයකින් (04/22) පමණක් සමන්විත වන අතර එය ඇස්ෆල්ට් ආවරණිත ගුවන් පථයකි. ගුවන් යානා ගුවන් ගත වීම සඳහා මීටර 3441ක දුරකුත් ගොඩබැස්වීම සඳහා මීටර 3350ක දුරකුත් සපයා ඇත. මීට අමතරව A380 යානා සඳහා පහසුකම් සැපයීමට දෙවන ධාවන පථයක් හා taxiway එකක් ඉදිකිරීම කෙරෙහිත් රජයේ අවධානය යොමු වී ඇති බව ප්‍රකාශ වී ඇත.
පුළුල් කිරිම හා සංවර්ධනය
සංස්කරණයව්යපෘතියේ අදියර
සංස්කරණය2017 වර්ෂයේ ජනවාරි සිට අප්‍රේල් දක්වා දිනකට පැය 8ක් ධාවන පථය වසා තබමින් ධාවන පථ අලුත්වැඩියාවක් සිදු කෙරුණු අතර ඉදිරියේදී කෙරෙන සංවර්ධන වැඩසටහන් හරහා ලොව විශාලතම ගුවන් යානය සඳහා දෛනික සේවා සැපයිය හැකි මට්ටමට වැඩි දියුණු කෙරෙනු ඇති.
බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපල සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියරේ දෙවන කොටසේදී පර්යන්ත අංක දෙක නමින් පැමිණීම් හා පිටත්වීම් සිරස්ව වෙන් කෙරෙන නව මගී පර්යන්තයක්, නව මගී දොරටු අටක් (8), මගී පාලම් දාහතරක් (14)ක්, A380 යානා සඳහා වෙන් වූ දොරටුවක්, මහල් පහකින් සමන්විත රථගාලක් හා තරු පහේ හෝටලයක් ස්ථාපිත කිරීමට නියමිතයි. මෙම ව්‍යාපෘතිය 2017 වර්ෂයේ අරඹා 2020 වර්ෂයේ වැඩ අවසන් කිරීමට නියමිතය. මෙහි වැඩ අවසන් වූ පසු පැරණි පර්යන්තය දේශීය හා කලාපීය ගුවන් ගමන් සඳහා වෙන් කෙරෙනු ඇත. ක්ෂණිකව ගුවන්තොටුපල අධිවේගී මාර්ගයට ප්‍රවේශ විය හැකි පිටවීම් මාර්ගයක්ද ඇතුළත්වනු ඇත.
මීට අමතරව තදබදය අවම කිරීම සඳහා නැවතුම් ස්ථාන නවයකින් (9) සමන්විත දුරස්ථ නැවතුම් අංගනයක්ද ඉදිකිරීමට නියමිතය. තවද ව්‍යාපාරිකයන් ආකර්ෂණය කරගැනීම සඳහා බදු රහිත සාප්පු සංකීර්ණයක් කටුනායක වෙළඳ කලාපය තුල ස්ථාපිත කිරීමද යෝජනා වී ඇත. මෙය පැමිණීම් පර්යන්තයට යාබදව තැනෙන අතර ගුවන් පාලමක් හරහා සම්බන්ධ වනු ඇත.
දෙවන අදියරට හෙකටයාර 600ක ඉඩම් ප්‍රමාණයක් පවරාගැනීඹට නියමිත අතර නව පරපුරේ ගුවන් යානා ගොඩබැස්වීමට හැකි ආකාරයේ ධාවන පථයක් ඉදි කිරීමට නියමිතය. මීට අමතරව ගුවන් යානා අලුත්වැඩියා සහ නඩත්තු සේවා මධ්‍යස්ථානයක්, තවත් මගී පර්යන්තයක්, වාහන නැවතුම් අංගනයක් හා සාප්පු සංකීර්ණයක් ගොඩනැංවීමට අපේක්ෂිතය.
ව්‍යාපෘති අදියර හා ඉදිකිරීම්
සංස්කරණයවර්ෂ 2020දී අවසන් වීමට නියමිත දෙවන අදියර සඳහා ජපන් රජයේ ආධාර හිමි වෙයි.
2007 නොවැම්බර් - 2017 අගෝස්තු - සංවර්ධන අදියර (දෙවන අදියර)
2014 ජූලි මාසයේ දී නව පරිසර හිතකාමී පර්යන්තයේ සැලැස්ම ඉදිරිපත් කරන ලදි.
2014 සැප්තැම්බර් 7 වන දා ජපාන අගමැතිතුමන් අතින් ව්‍යාපෘතියේ දෙවන අදියරේ දෙනව කොටසේ ඉදිකිරීම් ඇරඹුණි
2017-2020 නව මගී පර්යන්තය ඉදිකිරීම් 2017 අප්‍රේල් මස සිට 2020 වර්ෂය දක්වා සිදු කිරීමට නියමිතය.
ගුවන් සේවා සහ ගමනාන්ත
සංස්කරණයPassenger flights
සංස්කරණයNote 1: ^ Although some of these flights make an intermediate stop en route to their listed destination, they do not have rights to carry traffic solely between Colombo and the intermediate city.
Cargo flights
සංස්කරණයබණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ හා එ ආශ්‍රිත සිද්ධින්
සංස්කරණය1970 දශකය
සංස්කරණය1980 දශකය
සංස්කරණය2000 දශකය
සංස්කරණය2010 දශකය
සංස්කරණයප්රථම වරට A380 ගුවන් යානයක් ගොඩබෑම
සංස්කරණය- එමිරේට්ස් ගුවන්ඦ්ස්ේවයට අයත් EK 413 යානය 9 ජනවාරි 2012 දින අළුයම් කාළඦය් කටුනායක ගුවන්ඦතාටුපලට ගොඩබස්වා තිබෙනවා.ඦමම යානය ඕස්ට්‍රේලියාවේ සිට ඩුබායි දක්වා ගමන් කරන අතරේ ඉන්ධන ලබා ගැනීම සඳහා මෙසේ ගොඩබස්වා තිබෙනවා
.
කෙසේ නමුත් ගුවන් ධාවන පථඦය්් දිග අඩු නිසා (යානයට ගැලපෙන පරිදි) සාමාන්‍ය තත්වයන්ට වඩා තිරිංග යෙදීමට සිදුවූ අතර ඉන්පසුව නැවැත්වීම සඳහා ගෙන ඒමේදී පිටත එන්ජින් ක්‍රියා විරහිත කිරීමට සිදු වී තිබෙනවා. ඒ වගේම වැඩිපුර තිරිංග යෙදීම නිසා රත්වු ටයර සිසිලනය කිරීමද සිදු කර තිබෙනවා. විශේෂයෙන් සඳහන් කළ යුතු දෙය වන්නෙ මේ සියළු ක්‍රියාකාරකම් සාමාන්‍ය දේවල් බවයි.
[2]
ආශ්‍රිත ලිපි
සංස්කරණය
මූලාශ්‍ර
සංස්කරණය- ^ "Bandaranaike International Airport - Annual Report" (PDF). Airport.lk. සම්ප්‍රවේශය 2013-08-13.
- ^ [1], අපේ අහස.