එස්ටෝනියා–ශ්‍රී ලංකා සබඳතා

ශ්‍රී ලංකාව සහ එස්ටෝනියාව අංශ ගණනාවකින් සිය සම්බන්ධතා පවත්වා ගෙන යයි. ශ්‍රී ලංකාව එස්ටෝනියාවේ ටුලින් (Tullinn) හී පිහිටුවා තිබෙන සිය කොන්සල් කාර්යාලය හරහා එස්ටෝනියාව සමග ගණුදෙනු කරයි.[1] එස්ටෝනියාවද 2001 පෙබරවාරි 24 දින දී ශ්‍රී ලංකාවේ කොළඹ නගරයේ කොන්සල් කාර්යාලයක් විවෘත කරන ලදී.[2] 2004 වසරේදී එස්ටෝනියාව යුරෝපා සංගමයට ප්‍රවේශ වීම නිසා, ශ්‍රී ලංකාව සමග තුබූ එස්ටෝනියානු සම්බන්ධතා තව දුරටත් පුළුල් විය. ඊට හේතුව වූවේ, යුරෝපා සංගමය යනු ශ්‍රී ලංකාවට සිටිනා එක් විශාලතම වෙළඳ හවුල්කරුවෙකු වීමයි.[3]

එස්ටෝනියානු - ශ්‍රී ලාංකික සබඳතා
Map indicating locations of එස්ටෝනියා and ශ්‍රී ලංකාව

එස්ටෝනියා

ශ්‍රී ලංකාව

ඉතිහාසය සංස්කරණය

ශ්‍රී ලංකාව 1991 ඔක්තෝම්බර් 10 වන දින එස්ටෝනියාව නිල වශයෙන් පිළිගත් අතර, 1996 ජනවාරි 31 වන දින රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාව ආරම්භ කරන ලදී.[3][4]

2009 අප්‍රියෙල් 30 වන දින එවකට එස්ටෝනියාව වෙනුවෙන් වූ ශ්‍රී ලංකා තානාපතිවරයා එරට ජනපති Toomas Hendrik Ilves මහතා හමුවූ අවස්ථාවේ, පාර්ලිමේන්තුවේ කථානායකවරයාට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස ආරාධනා කරන ලදී.[5]

සංචාර සංස්කරණය

2013 පෙබරවාරි මසදී එස්ටෝනියානු විදේශ කටයුතු අමාත්‍ය Urmas Paet මහතා, වෙළඳ නියෝජිතයන් පිරිසක් සමග ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය. සංචාරයේ ප්‍රධාන අරමුණු වූවේ ශ්‍රී ලංකාව සමග පවතින ද්විපාර්ශවික සබඳතා, නාවුක සබඳතා, යටිතල පහසුකම්, සංචාරක, ආරක්ෂක සහ වෙළඳ කටයුතු ශක්තිමත් කිරීමයි.[6] සංචාරය අතරතුර නියෝජිත පිරිස ගෝඨාභය රාජපක්ෂ,[7] බැසිල් රාජපක්ෂ යන මහත්වරුද හමු වූහ.[8][9]

ආර්ථික සබඳතා සංස්කරණය

ශ්‍රී ලංකාව සහ එස්ටෝනියාව අතර සිදුවන වෙළඳ ගණුදෙනු වල අගය ඉතා අවම අගයක පවතියි. එස්ටෝනියා වෙළඳපලට කළු තේ සපයන විශාලම සැපයුම්කරුවා සහ හරිත තේ සපයන දෙවන විශාලතම සැපයුම්කරුවා වන්නේ ශ්‍රී ලංකාවයි.

2000–2012 අතර කාලය තුල ශ්‍රී ලංකාව සහ එස්ටෝනියාව අතර සිදුවූ වෙළඳ ගණුදෙනු වල වටිනාකම. (යූරෝ දහසේ ගුණාකාර වලින්):[3][10]

වසර එස්ටෝනියාවට කල අපනයන එසටෝනියාවෙන් සිදුකල ආනයන
2000 1.5 0.8
2001 1.5 0.92
2002 2.0 1.9
2003 2.0 1.5
2004 0.45 1.2
2005 1.0 0.37
2006 1.4 0.3
2007 1.4 0.5
2008 1.5 0.5
2009 1.3 3.2
2010 1.9 3.1
2011 2.4 2.3
2012 2.5 2.9

එකඟතා සංස්කරණය

  • 2005 වසරේදී දෙරට අතර සංස්කෘතික, අධ්‍යාපනික සහ තාක්ෂණ යන අංශ වල සහයෝගීතා ගිවිසුමක් ඇතිකර ගන්නා ලදී." [3]
  • 2000 වසරේදී ශ්‍රී ලංකාවේ, සිලෝන් චේම්බර් ඔෆ් කොමර්ස් (Ceylon Chamber of Commerce) හා එස්ටෝනියාවේ, එස්ටෝනියන් චේම්බර් ඔෆ් කොමර්ස් (Estonian Chamber of Commerce) අතර සහයෝගීතා ගිවිසුමක් ඇතිවිය.[3]


මේවාද බලන්න සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. http://sri-lanka.visahq.com/embassy/estonia/
  2. http://estonia.visahq.com/embassy/sri-lanka
  3. 3.0 3.1 3.2 3.3 3.4 "Estonia and Sri Lanka Bilateral Relations". Estonia. සම්ප්‍රවේශය 2009-12-16.
  4. Sri Lanka foreign affairs. Ministry of Foreign Affairs, Sri Lanka. 1998. {{cite book}}: Cite has empty unknown parameter: |coauthors= (help)
  5. "Sri Lanka – Estonia to establish friendly relationship". Asian Tribune. May 14, 2009. සම්ප්‍රවේශය 2009-12-16. ...
  6. සංරක්ෂිත පිටපත, http://www.news360.lk/other/diplomacy/news-sri-lanka-18-02-2013-estonian-delegation-visits-sri-lanka-to-explore-trade-and-investment-opportunities-900871, ප්‍රතිෂ්ඨාපනය 2014-01-29 
  7. සංරක්ෂිත පිටපත, http://www.defence.lk/new.asp?fname=Foreign_Affairs_Minister_of_Estonia_calls_on_Secretary_Defence_20130214_05, ප්‍රතිෂ්ඨාපනය 2014-01-29 
  8. සංරක්ෂිත පිටපත, http://www.colombopage.com/archive_13A/Feb18_1361173075CH.php, ප්‍රතිෂ්ඨාපනය 2014-01-29 
  9. සංරක්ෂිත පිටපත, http://www.news.lk/news/sri-lanka/4359-estonia-helps-to-promote-sri-lanka-tourism, ප්‍රතිෂ්ඨාපනය 2014-01-29 
  10. http://www.vm.ee/?q=en/node/133

භාහිර සබැදි සංස්කරණය