පාර්වතී (සංස්කෘත: पार्वती, IAST: pārvatī) හෙවත් උමා යනු හින්දු දෙවඟනක් වේ. ව්‍යසනයේ මෙන්ම පුනර්ජිවයේ ද බලසම්පන්න ශිව දෙවියන්ගේ තෙවන මෙහෙසිය පාර්වතී බව පිළිගැනීමයි. කෙසේ වෙතත් පාර්වතී දෙවඟන ශිව දෙවියන්ගේ පෙර මෙහෙසිය වූ “සති” දෙවඟනගේ පුනර්ජන්මයක් වන නිසා මේ දෙදෙනා අතර වෙනසක් ඇති බවක් නොසැලකේ. එසේම ඇය ගනේෂ සහ ස්කන්ධ (කාර්තිකේය) ගේ මව් තුමියද වේ. පාර්වතී විෂ්ණු දෙවියන්ගේ සොහොයුරියක බවට ද විශ්වාසයක් පවතී. එසේම ශක්ත බැතිමතුන්ගේ විශ්වාසය පරිදි පාර්වතී දේවිය මෙම විශ්වයේ පවතින සියලුම බලයන්ගේ එකතුව අවසානයේ රැස් කර ගන්නා සර්වබලධාරි දෙවඟන ආදි පරාශක්ති මාතාවගේ ප්‍රතීරූපයක් වේ.

පාර්වතී දේවිය
මව් දෙවඟන,[1] නිර්මාණ ශක්තිය සහිත දෙවඟන[2]
12වන සියවසට අයත් පාර්වතී ප්‍රතිමාවක්
දේවනාගරීपार्वती
සංස්කෘත පරිවර්තනයPārvatī
අනුබැඳියදුර්ගා, මහාදේවී, මහාකාලි , ත්‍රිදේවී
වාසභවනයකෛලාශ කූටය
පෞද්ගලික තොරතුරු
වල්ලභයාශිව
දෙමාපියන්හිමාවන් (දක්ෂ)
මේනා (මේනාවතී)[3][4]
දරුවන්ගනේෂ
කාර්තිකේය
අශෝකසුන්දරී
මානසා (දියණි ස්වරූපය)
වාහනයසිංහයා (මනස්ථල), ව්‍යාඝ්‍රයා (දාවොන්)සහ නන්දි

ශිව දෙවිඳුන් සමඟ සිටින විට ඇයව පිළිබිඹු කෙරෙන්නේ අත් දෙකක් සහිතව වුවද තනිව සිටින විට අත් සතරක් ඇතිව සිංහ හෝ ව්‍යාඝ්‍ර වාහනය මත ඉඳ සිටින ආකාරයෙන් දැක්වෙයි. සෞම්‍ය ගති ඇති කරුණාවන්ත දෙවඟනක් ලෙස පාර්වතී දේවිය පිළිබඳ සාමාන්‍ය පිළිගැනීම වුවද ඇය තුළින් දුර්ගා, කාලි, චන්ඩි සහ මහා විද්‍යා වැනි ස්වරූපයන් මතුවන අවස්ථා තිබෙන බවද දක්වා ඇත. එසේම මහාගෞරි, ශෛලපුත්‍රි, සහ ලලිතා වැනි දිව්‍ය අඟනන්ගේ මෘදු කරුණාවන්ත ස්වරූපයෙන් ද බොහෝ විට ඇගෙන් නිරූපනය වේ. පාර්වති උතුම් මාතෘ දෙවඟන ලෙස සලකන බැවින් අනෙකුත් දෙවඟනන් ඇයගේ ප්‍රතිබිම්භ ස්වරූපයන් හෝ වෙනත් වේශ නිරූපනයන් ලෙසද පිළිගැනීමක් ඇත. ශෛවන නිකාය හි දැක්වෙන පරිදි පාර්වතී සහ දුර්ගා එකම කෙනෙක් වේ. එහෙත් ශක්ති බැතිමතුන් උසස්ම දෙවඟනගේ පූර්ණ ප්‍රතිරූපයක් ලෙස පාර්වතී දේවිය සලකන අතර චන්ඩි, දුර්ගා සහ කාලි ඇගේ භයංකාර ස්වරූපයන් ලෙස පිළිගනී.

පාර්වතීගේ උපත හා විවාහය

සංස්කරණය
 
එලෝරා ගුහාවේ බිතු කැටයම් ශිව පාර්වතී විවාහය දැක්වෙන දර්ශනයක්

පුරාණයේ, කිහිපවරක් සඳහන් වන පරිදි සති දේවිය හා ශිව දෙවිඳුන්ගේ විවාහය "දක්ෂ" රජුගේ ගේ කැමැත්තට විරුද්ධව සිදු වුවකි. එසේම පසු කාලීනව ඇය කලකිරී ශිව අතහැර ගොස් "දක්ෂ" ගේ අග්නිහෝමයේදී ස්වයං බිලි පුජාවට ලක්වු අයුරු ද එහි සඳහන් වේ. බ්‍රහ්ම වෛවර්ථ පුර්ණයට අනුව සති, ශිව දෙවිඳුන් ඉදිරියේ පෙනී සිට තමන් නැවත ඉපදෙන බවත්, ඒ හිම වනයෙහි දියණිය ලෙස බවත් කියා සිටියේය. ති පාර්වතී නමින් නැවත උපන්නාය. රාමයණයේ කියැවෙන පරිදි "ගංගා" ගඟ ඇගේ වැඩිමහල් සොහොයුරිය වේ. නමුත් පාරිවම්සාවට අනුව පාර්වතීට ඒක් අපර්ණා හා ඒක්පාටාලා ලෙස බාල‍සොයුරියන් දෙදෙනක් සිටී. පාර්වතී දේවිය යොවුන් වියට එළඹෙත්ම ඇය තපසට යොමු විය. මේ ඇයගේ යටිසිත ඇයට බලකිරීම නිසායි. නමුත් ඇය නැවතත් ශිව සමඟ එක් විය. තපස් ගත වී අවුරුදු ගණනාවකට පසු ශීව ඇගේ ඉදිරියේ පෙනී සිටියේය. නමුත් ඒ තත්පර කිහිපයකට පමණි. මින් සිදුවුයේ පාර්වතී තවදුරටත් දුකට පත්වීමයි. පසුව ශිව මහලු මිනිසෙකුගේ වේශයෙන් පාර්වතී ඉදිරියේ පෙනී සිට ඇය වැනි රූමත් කාන්තාවක් දිවි හම අඳින, ඇග පුරා අළු තවරා සිටින පුරුෂයකු ගැන සිහින මවමින් කුමක් කරන්නේ දැයි ඇසීය. පාර්වතී මෙයින් බලවත් අමනාපයට පත්ව තම ආදරවන්තයාට එවැන්නක් කීම ගැන මහල්ලාට බලවත් ලෙස බැණ වැඳිණි. මෙම ක්‍රියාවෙන් පාර්වති තමන් කෙරෙහි දක්වන ආලය තේරුම් ගත් ශිව සිය සැබෑ ස්වරූපයෙන් පෙනී සිටියේය. මෙසේ තපස් රැක, පාර්වතී තම සැමියා නැවත ලබාගත්තාය. කාලිදාසයන්ගේ වීරකාව්‍යයක් වන " කුමරසම්භවම්" හි පාර්වතීගේ සුන්දරත්වය, ශිව ලබාගැනීමට තිබු කැපවීම, කාමදේව විනාශ කළ අයුරු, ස්කන්ධගේ අතිවිචිත්‍ර උපත (ශිවගේ පළමු පුත්‍රයා) හා කාම දේවගේ නැවත පැමිණිම ගැන සටහන් වේ. මොහොතකට ශිව දෙවිඳු පුරුෂයකු ලෙස නොව සියලු මනුෂ්‍යයාට දැනෙන දුක් පීඩා ඉක්මවු අයෙක් ලෙස ගතහොත් පාර්වතී නිර්වාණය ලබාගැනීමට උත්සාහ කරන්නකු ලෙස විද්‍යාමාන වේ. එසේම මෙම කථාව හුදෙක් ප්‍රේම වෘතාන්තයක් නොව ඊට වැඩියමක් බව පිළිඹිබු වේ. පාර්වතීගේ දේවියගේ තපස ශිව දෙවිඳු විවාහ කර ගැනීමේ අරමුණින් කරන ලද්දක් බව ඒත්තු ගැන්වීමට කතෘ ආචාර්යවරු දක්වා ඇත. මෙයට හේතුව තරුණ කාන්තාවන් පාර්වතී උදාහරණයට ගෙන ඇය මෙන් කටයුතු කර නිෂ්ක්‍රමණය කිරීම වැළැකීමයි. ඒ කෙසේ වෙතත් බොහෝ ස්ථාන වල පාර්වතී දේවියගේ තපස ගැන කියවේ.

පාර්වතී ප‍්‍රතිමා

සංස්කරණය
 
විවෘත ළැම පෙදෙසකින් සහ පැළද සිටින පූන නූලකින් ද යුතු පාර්වතී

පාර්වතී දෙවගනගේ ප‍්‍රතිමා නිර්මාණය කිරීමේදී විවිධ ස්වරූප අනුගමනය කර ඇති බැවින් ඇයට ම ආවේණික සුවිශේෂ ලක්ෂණ කවරේද යන්න තේරුම් ගැනීම පහසු නොවේ. ශිව දෙවියන් සමග පෙනී සිටින කල්හි ඇය සුපිපුණු පියුමක් දරයි. එහිදී ඇය අභය මුද‍්‍රාව දක්වන අතර සිය දරුවෙකු උකුල මත රදවාගෙන සිටින්නීය. රූමත් බවෙහි ලක්ෂණයක් සේ සැළකෙන බැවින් ඉදිරිය බලාසිටින විශාල නෙත්වලින් වෙනත් දෙවගනන්ගේ ප‍්‍රතිමා සමන්විත වන නමුදු ගැඹුරු භාවනාවක යෙදී සිට ඉන් නැගී සිටි අයෙකුගේ වැනි වූ පාර්වතියගේ නෙත්වල රැදී ඇති මදක් මලානික ස්වභාවය ගුප්ත බවක් දනවයි. හින්දු ආගමික ති‍්‍රත්වයට අයත් දෙවිවරුන් දෙදෙනෙකු වන බ‍්‍රහ්ම සහ ඊශ්වරගේ භාර්යාවන් සේ සැළකෙන සරස්වතිය සහ ලක්ෂ්මිය හුදෙකලාව නිරූපණය කිරීම දක්නට ලැබෙන අතර ඔවුන්ගේ ම වූ අනුගාමී බැතිමතුන් පිරිසක් ද සිටිති. එහෙත් පාර්වතිය එවැනි තත්වයකින් පසුගිය ශතවර්ෂ ගණනාව තිස්සේ වුව ද නිරූපණය වී නොමැත.

පාර්වතී දෙවගන ඉතා ශෝභාසම්පන්නවත් අලංකාරවත් නිරූපණය කෙරේ. ඇයගේ වස්ත‍්‍ර අවබෝධය පිළිබද වර්ණය සේ සැළකෙන කිරිසුදු පැහැය දරයි. සුදු පැහැය සියලූම වර්ණවල සංකලනයක් වන හෙයින් ඇය සියලූම ගුණවලින් සමන්විත බන බව එමගින් සංකේතවත් කෙරේ. මේ අනුව ඇය සත්ව, රජස්, තමස් යන ගුණ තුනෙන් යුතුවන හෙයින් ත්‍රෛගුණාත්මික ලෙස ද හැදින්වෙයි. අනෙක් අතට ඇය නිර්ගුණ ලෙස ද දැක්වෙයි. පාර්වතියට නෙත් තුනක් ඇත. ශිවගේ මෙන් හිස මුදුනෙහි කෙස් කළඹක් ද කේෂ කලාපයෙහි අඩසදක් ද පැළද සිටිනු දැකිය හැකි ය. 12 වන සියවස දක්වා කාලයට අයත්වන පල්ලව සහ චෝල ප‍්‍රතිමාවල පාර්වතී දෙවගන හැමවිට ම විවෘත ළැම පෙදෙසකින් සහ පැළද සිටින පූන නූලකින් ද යුතුව නිරූපණය කර ඇත. විවෘත ළැම දේවත්වයේ සළකුණක් ලෙස පැරණි ඉන්දියාවේ සළකනු ලැබීය. ඇදුම්වලින් සංකේතවත් කරනුයේ ශාරීරික සහ ලෞකික බන්ධන වන අතර නිරුවත් බව මගින් බන්ධනවලින් තොර දේවත්වය දැක්වෙයි. ඉන්දියානු ආගමික ප‍්‍රතිමා පිළිබද ශබ්ද කෝෂයෙහි සදහන්වන පරිදි පාර්වතිය සිය අත් සතරින් නවගුණවැලක් ද කැඩපතක් ද සීනුවක් සහ යම් පලතුරු විශේෂයක් ද දරන්නීය.

පාර්වතී දෙව`ගනගේ වාහනය ලෙස දක්වා ඇත්තේ දුර්ගා දෙවගනගේ මෙන් සිංහයෙකි. ඇතැම් විටෙක එය සිංහ ධෙනුවක් සේ ද නිරූපනය කර ඇත. කෙසේවෙතත් මහාගෞරී වැනි පාර්වතියගේ ඇතැම් ස්වරූපවලදී ඇයගේ වාහනය වනුයේ ශිවගේ වාහනය වන නන්දී නම් පූජනීය ගවයා ය.

ආශ්‍රේයයන්

සංස්කරණය
  1. ^ James D. Holt (2014). Religious Education in the Secondary School: An Introduction to Teaching, Learning and the World Religions. Routledge. p. 180. ISBN 978-1-317-69874-6.
  2. ^ David Kinsley (19 July 1988). Hindu Goddesses: Visions of the Divine Feminine in the Hindu Religious Tradition. University of California Press. pp. 49–50. ISBN 978-0-520-90883-3.
  3. ^ C. Mackenzie Brown (1990). The Triumph of the Goddess: The Canonical Models and Theological Visions of the Devi-Bhagavata Purana. SUNY Press.
  4. ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Maina නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි