එලිෆන්ටා ලෙන්
එලිෆන්ටා ලෙන් යනුවෙන් හැඳින්වෙන්නේ ප්‍රධාන වශයෙන් ශිව දෙවියන් උදෙසා කැපකළ ලෙන් දේවාල සමූහයක් වන අතර එය යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ද වේ.[1][2][3] මේවා පිහිටියේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මුම්බායි සිට 10 කිලෝමීටර (6.2 mi) පමණ නැගෙනහිරින් මුම්බායි වරාය අසල පිහිටි එලිෆන්ටා දූපත හෙවත් ඝරපූරි (අර්ථය "ගිරි නගරය") හි ය. ජවහර්ලාල් නේරු වරායට 2 කිලෝමීටර (1.2 mi) පමණ බටහිරින් පිහිටි මෙම දූපතේ හින්දු ලෙන් පහක් සහ ක්‍රි.පූ. 2වන සියවසට පමණ අයත් බෞද්ධ ස්තූප නටබුන් ගොඩැලි කිහිපයක්[4][2][5] මෙන්ම දිය පොකුණු සහිත කුඩා බෞද්ධ ලෙන් ද්විත්වයක් ද පිහිටා ඇත.[6][7]
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය | |
---|---|
පිහිටුම | එලිෆන්ටා දූපත, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව |
නිර්ණායකය | සංස්කෘතික: i, iii |
මූලාශ්‍ර | 244 |
අභිලේඛනය | 1987 (11 වන සැසිය) |
ඛණ්ඩාංක | landmark_region:IN 18°57′49″N 72°55′53″E / 18.96353606039862°N 72.93137752883608°Eඛණ්ඩාංක: landmark_region:IN 18°57′49″N 72°55′53″E / 18.96353606039862°N 72.93137752883608°E |
එලිෆන්ටා ලෙන්වල ඇති ශෛලකර්ම ගෘහනිර්මාණ සහ ප්‍රතිමා අංගවලින් හින්දු සහ බෞද්ධ සංකල්ප හා ප්‍රතිමා කලාවේ සම්මිශ්‍රණයක් පෙන්වයි.[5][8][9] මෙම ලෙන් සාරා ඇත්තේ ඝන බැසෝල්ට් පාෂාණයෙහි ය. කිහිපයක් හැරුණුවිට මෙහි බොහෝ කලා නිර්මාණ විනාශ වී ඇත.[10] ප්‍රධාන දෙවොලෙහි දිශානතිය සහ අනෙක් දේවාලවල සාපේක්ෂ පිහිටීම මණ්ඩල රටාවක් පෙන්වයි.[2] මෙහි වූ කැටයම් මඟින් හින්දු පුරාණෝක්ති කථාවන් නිරූපණය වන අතර, එහි වූ විශාල ඒකශිලාමය 20 අඩි (6.1 m) ත්‍රිමූර්ති සදාශිව, නටරාජ සහ යෝගීශ්වර කැටයම් ඉතා ප්‍රසිද්ධ ය.[2][11][12]
ආශ්‍රේයයන්
සංස්කරණය- ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;historic_places
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ a b c d Elephanta Island, Encyclopedia Britannica
- ^ Carmel Berkson; Wendy Doniger; George Michell (1999). Elephanta: The Cave of Śiva. Princeton University Press (Motilal Banarsidass, Reprint). pp. 3–5. ISBN 978-81-208-1284-0.
- ^ "There are remains of a brick built Buddhist stupa nearby which may belong to circa second century BC. Around it are seven smaller stupas, which may be votive. " in Dhavalikar, M. K. (Madhukar Keshav) (2007). Elephanta. Archaeological Survey of India. p. 75.
- ^ a b උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;geo
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ Brockman, Norbert (2011). Encyclopedia of Sacred Places (ඉංග්‍රීසි බසින්). ABC-CLIO. p. 153. ISBN 9781598846546.
- ^ Brunn, Stanley D. (2015). The Changing World Religion Map: Sacred Places, Identities, Practices and Politics (ඉංග්‍රීසි බසින්). Springer. p. 514. ISBN 9789401793766.
- ^ "Elephanta Caves" (PDF). Unesco. සම්ප්‍රවේශය 10 February 2010.
- ^ "Elephanta Caves". Works Heritage: Unesco.org. සම්ප්‍රවේශය 10 February 2010.
- ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Kramrisch1988p443
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ Constance Jones; James D. Ryan (2006). Encyclopedia of Hinduism. Infobase. pp. 148–149. ISBN 978-0-8160-7564-5.
- ^ Stella Kramrisch (1988). The Presence of Siva. Motilal Banarsidass. pp. 443–459. ISBN 978-81-208-0491-3.
බාහිර සබැඳි
සංස්කරණය- World Heritage Sites - Elephanta Caves, Archaeological Survey of India
- Elephanta Caves, Abhijna Museum
- Archive of historic Elephanta Caves ruins photographs සංරක්ෂණය කළ පිටපත 2021-06-24 at the Wayback Machine, British Library
- Archive of historic Elephanta Caves sketches and paintings, V&A Museum
- විකිචාරිකා තුළ එලිෆන්ටා ලෙන් සංචාරක මාර්ගෝපදේශනය
- Elephanta Caves Timings & Ferry Timetable
සැකිල්ල:Caves around Mumbai සැකිල්ල:Hindu inscriptions and arts