එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාව 2334

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාව 2334 2016 දෙසැම්බර් 23 දිනදී සම්මත කරගන්නා ලදි. එය අදාළ වූයේ "නැගෙනහිර ජෙරුසලෙම ඇතුළු 1967 වසරෙහි සිට අධිවාසිත පලස්තීන භූමිප්‍රදේශ තුල" ඊශ්‍රායෙල ජනාවාසකරණය පිළිබඳව වෙයි. යෝජනාව පවසන්නේ ඊශ්‍රායෙලයෙහි ජනාවාසකරණ ක්‍රියාවලිය වෙතින් ජාත්‍යන්තර නීතිය "අතිශයින් නින්දිත ලෙසින් උල්ලංඝනය කිරීමක්" සිදුවන අතර ඒ සඳහා "කිසිදු නෛතික වලංගුතාවයක් නොමැති බවයි". එය තදින් ඉල්ලා සිටින්නේ ඊශ්‍රායෙලය එවන් ක්‍රියාකාරිකම් නැවැත්විය යුතු බවත් අධිවාසිත බලවතෙකු ලෙසින් සතරවන ජිනීවා ප්‍රතිඥාව යටතේ එහි බැඳීම් ඉටු කරන ලෙසත්ය.[1][2]

එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලය
2334 වන යෝජනාව
දිනය23 දෙසැම්බර් 2016
රැස්වීම් අංකය.7853
කේතයS/RES/2334 (Document)
----
ඡන්දයපක්ෂව: 14 — වැලකී. 1 — විරුද්ධව: 0
විෂයයමැද පෙරදිග පවතින තත්ත්වය
ප්‍රතිඵලයසම්මත කෙරිණි
ආරක්ෂන මණ්ඩල සංයුතිය
ස්ථීර සාමාජිකයෝ
ස්ථීර-නොවන සාමාජිකයෝ

2009 වසරෙන් පසු ඊශ්‍රායෙලය සහ පලස්තීන බලප්‍රදේශ පිළිබඳ සම්ම්තවූ පළමුවන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාව එය වූ අතර ,[3] 1980 වසරෙහි යෝජනාව 465 ට පසුව මෙතරම් විශේෂත්වයකින් ඊශ්‍රායෙල ජනාවාස පිළිබඳ ගැටළුව ආමන්ත්‍රණය කල පළමුවැන්න විය.[4] [5]

  1. "ඊශ්‍රායෙල්ස් සෙට්ල්මන්ට්ස් හෑව් නෝ ලීගල් වැලිඩිටි, කන්ස්ටිට්‍යුට් ෆ්ලේග්රන්ට් වයලේෂන් ඔෆ් ඉන්ටර්නැනල් ලෝ, සෙකියුරිට් කවුන්සිල් රිඇෆර්ම්ස්: 14 ඩෙලිගේෂන්ස් ඉන් ෆේවර් ඔෆ් රෙසලූෂන් 2334 (2016) ඈස් යුනයිටඩ් ස්ටේට්ස් ඇබ්ස්ටේන්ස්". එජා. 23 දෙසැම්බර් 2016. සම්ප්‍රවේශය 25 දෙසැම්බර් 2016.
  2. "ඊශ්‍රායෙලි සෙට්ල්මන්ට්ස්: යූඑන් සෙකියුරිටි කවුන්සිල් කෝල්ස් ෆො ඇන් එන්ඩ්". බීබීසී නිවුස්. 23 දෙසැම්බර් 2016. http://www.bbc.co.uk/news/world-middle-east-38421026. සම්ප්‍රවේශය කෙරුණු දිනය 23 දෙසැම්බර් 2016. 
  3. "යූඑන් පාසස් රෙසලූෂන් ඔන් එන්ඩිං ඊශ්‍රායෙලි සෙට්ල්මන්ට්ස්". www.aljazeera.com. http://www.aljazeera.com/news/2016/12/passes-resolution-israeli-settlements-161223192709807.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 23 දෙසැම්බර් 2016. 
  4. රාවිඩ්, බැරක්; කොවුරි, ජැක් (10 දෙසැම්බර් 2016). "පැලස්ටීනියන්ස් ට්‍රයි ටු ස්වේ ඔබාමා නොට් ටු වීටෝ යූඑන් රෙසලූෂන් ඔන් ඊශ්‍රායෙලි සෙට්ල්මන්ට්ස්". හාරෙට්ස්. http://www.haaretz.com/israel-news/.premium-1.758139. සම්ප්‍රවේශය කෙරුණු දිනය 24 දෙසැම්බර් 2016. 
  5. රාවිඩ්, බැරක්. "ඇනලිසිස් අන්ඩර්ස්ටෑන්ඩිං දි යූඑන් රෙසලූෂන් ඔන් ඊශ්‍රායෙලි සෙට්ල්මන්ට්ස්: වට් ආ දි ඉමීඩියට් රැමිෆිකේෂන්ස්?", හහාරෙට්ස් (දෙසැම්බර් 24, 2016): "එනමුදු වසර 35 මුළුල්ලේ මෙතරම් විශේෂත්වයකින් ජනාවාස පිළිබඳව ආශ්‍රය වූ පළමුවැන්න මෙය විය. පෙරදී මෙවන් යෝජනාවක් වශයෙන්, යෝජනාව 465, ආරක්ෂක මණ්ඩලය විසින් 1980 මාර්තු මාසයෙහිදී සම්ම්ත කර ගන්නා ලදි (එය සම්පූර්ණයෙන් මෙහිදී ඔබට කියවිය හැකිය). මෙය සැලකිල්ලට ගත් පසුව, 1980 වසරෙහි සිට, විස්මයජනක වෙනස්කම් වලට ඊශ්‍රායෙල-පලස්තීන ගැටුම ලක්වී ඇති බවත්, ඊශ්‍රායෙල ජනාවාසීකරණ ව්‍යපෘතිය විස්මයජනක ලෙසින් වර්ධනය වී ඇති බවත්, රාජ්‍ය-දෙක විසඳුම නොනැසී පවත්වාගෙන යෑම කෙරෙහි තර්ජනයක් ලෙසින් මෙම ජනාවාස සැලකෙන ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානයද වර්ධනය වී ඇති බවත් කිව මනාය."